
මට මේ ළඟදී හම්බ වුණා හද්ද පරණ සටහන් පොතක්. මේක මං ඒ ලෙවල් කරන කාලේ ලියපු එක කවි එකතුවක්. අර ඇන්තලොජි ඔෆ් පොයම්ස් කියන්නේ. අන්න ඒවායිං එකක්.
මට පරණ පවක් පළ දීලා නිරපරාදේ දෙවෙනි පාරට ඒ-ලෙවල් කරන්න වුණු කතාව කලින් දවසක කිව්වානේ. මේ කාලයේ දවස් හයක් ඇතුලත ලියපු කවි (වගේ ඒවා) හැට තුනක් මේ පොතේ තියෙනවා.
පොතේ නම- වසන්ත පුර්ව නිර්මාන සංග්‍රහය හෙවත් සය දිනක සටහන්.
මෙන්න ඒකේ මං ලියලා තියෙන කවියක් උණ පුරුකක දාලා, ඇද ඇරලා, දිග හැරලා, මං අද හදාගත්තු පඬිවදනක්.
රසායන විද්‍යා පාඩමකි
ජිවිතය සැදී ඇත්තේ
දුක් සුසුම්
සෝ තැවුල්
කනගාටුව
පරාජය
කඳුළු බිඳු
ඉකි බිඳුම්
නම් වූ අපි හොඳින් හඳුනන මූල ද්‍රව්‍යයන්ගෙන් ය.
ජීවිතය කැඩුණු බිඳුණු පසු ඒ මූල ද්‍රව්‍ය බවට පෙරළේ.
යළිදු ජීවිත සංයෝගය හදා ගත හැක්කේ ඒ මූල ද්‍රව්‍යවලින් පමණකි.
සතුට
සැනසුම
මිහිර
යනුවෙන් හැඳින්වෙන්නේ අස්ථායි සංයෝග කීපයක් පමණි.
ඉතා සුළු කම්පනයකින් පවා ඒ සංයෝග බිඳී ගොස්
දුක් සුසුම්
සෝ තැවුල්
කනගාටුව
පරාජය
කඳුළු බිඳු
ඉකි බිඳුම්
යනාදී වූ
මූල ද්‍රව්‍යවලට පෙරළේ.
ඒ වගත් මෙසේම,
-කතන්දරකාරයා
ප/ලි
මෙන්න පඬිවදන-1: Nothing else to do today!
පඬිවදන-2: හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න?
තවත් කෙමිස්ට්‍රි කවියක්: http://kathandara.blogspot.com.au/2012/09/point-of-no-return.html
(image: http://www.bazaardesigns.com/6958-basic-nature-elements/)
මම මේ කල්පනා කරන්නෙ මොන කෙහෙල්මලකට සාහිත්‍ය මාසයක් තියෙනවද කියලා?
ReplyDeleteමටත් ඕකමයි හිතුනේ...:D:D:D
Deleteනෑ වගේ පෙනුනට ගෑණුන්ටත් මොලේ ටිකක් තියෙනව වගේ නෙ..
Deletehikz..
Deleteඔහේලා වගේ තව එක්කෙනෙක් කාලෙකට ඉස්සර හිටියා - ජේ ආර් - උන්නැහේ හිටියනන් කියයි සාහිත්‍ය මාසේ කන්නද කියලා
Delete- සනාත
@ සනාත,
Deleteහැබැයි දැන් උන්දෑ ආවොත් කියාවි සාහිත්‍යය ඕනෙ කියලා.. ඒක කොච්චර මාකට් එකක්ද?
Kavi liyanawanam harayak, rasayak ethi kavi liyanna oone. Kavi lianna beri nam noliya inna eka hondai. Iskole yana kale liyapuwa kiyala wachana peliwalata liyala kaviyak karanna behe. Honda kavi liyana hati igenaganna, (eg.) Marayage horawa, 13th Sept. & W 3 Lanka 12th Sept. balanna. Kaka ge kavi nam pal. Latest Ex. dekak. Ihathin liwwe.
ReplyDeleteඇනෝ.., මෙතන "කවි" කියන තැනට "නිසඳැස්" කියලා දාල බලන්න...
Deleteමං හිතන්නේ එතකොට හරියයි!!!
බලාගෙන යනකොට කතන්දරත් grouch කෙනෙක්!
ReplyDeletehttps://www.youtube.com/watch?v=q8IHMctrKCg
Grouches of the world unite!
Stand up for your grouchly rights!
Don't let the sunshine spoil the rain
Just stand up and complain (heheheh)
Let this be the grouches' cause:
Point out everybody's flaws!
Something is wrong with everything
Except the way I sing!
:-(
ReplyDeleteසරච්චන්ද්‍ර මහත්තයා එයාගේ මනමේ නාට්‍යයට සිංදු කියන අය තෝරන කොට එතෙන්ට සිංදු කියන්ට ආපු එක ලමයෙක් සිංදුව කියනවා අහන් ඉඳලා ඇහුවලු
ReplyDelete"කවුද ලමයෝ ඔයාට සිංදු කියන්ට පුලුවන් කියලා කිව්වේ? "කියලා.
මේ සිද්දිය වුනේ ප්‍රසශ්ත කලාකරුවෙක් වන ජයලත්මනෝරත්නයන්ට පේරාදෙණිය සරසවියේදීය.
Deleteජයලත් මනෝරත්න ගේ ගායනය අසා සිටි සරත්චන්ද්‍රයෝ අතරමග එය නවත්වා අසා ඇත්තේ "කවුද තමුසෙට සින්දු කියන්න පුලුවන් කිව්වේ" කියාය.
දැන් සෑහෙන කාලයක් තිස්සේ කියෙව්වත් ඕන් අද තමා පලවෙනි කොමෙන්ටුව දාන්නේ!!!
ReplyDeleteමේ පොස්ටුව ගැන කෙටියෙන්ම කියනවානම් "එළ"...!!!
ඔබට ජය!!!
තාමත් සැප්. 13 යන්නේ.. !!!! අපොයි... !
ReplyDeleteKolaVeri.D =kiyanneth Kakama thami, oya post eka gena warnana kara ganne. Lajja nadda manda.
ReplyDeleteනෑ සහෝ.., මම කකා නෙවෙයි...
Deleteනමුත් මම මේ බ්ලොගේ සෑහෙන කල ඉඳං බලන කෙනෙක්...
කොහොමින් හරි මගේ ඉස්සෙල්ලා කොමෙන්ටුව බැලුවොත් පෙනේවි මම කියල තියෙන්නේ මේ "පොස්ටුව එළ" කියලායි.., මේ කවිය හරි මොකක් හරි එකේ "අන්තර්ගත අදහස එළ" කියලා... මටත් මේක කවියක් කියලා පේන්නෑ.., ඒකයි මම කියුවේ "කවිය" කියන තැනට "නිසඳැස" කියලා දාගන්න කියලා...
ඒ වගේම මට පෙන්නේ කකාත් මේ පොස්ටුව "කවියක්" කියලා අර්ථකතනය කරලා නෑ.., පඬිවදනක් කියලා නේද තියෙන්නේ???
පාඩම නම් පට්ට ඇත්ත
ReplyDeleteඅප්පා රසායන විද්‍යාව අරහං මට නම් ඒ නිසා මේ කවියේ මෙලෝ දෙයක් තේරුනේ නෑ වගේ . . :D
ReplyDeleteඅද කවිය නොතේරුන අයට මෙන්න ජොකා කතාවක් !!!
ReplyDeleteසරම් අස්සේ ජොකා බලකාය
Me wage wachana tikak liyanna adv.level nove 3ne lamayekutath puluwan. Nisadas / Pandiwadanak kiyannath oone ELA gawayekuta puluwan.
ReplyDeleteප්ලීස් කකා.. අපට කෙමෙස්ට්‍රි තේරෙන්නේ නෑ..
ReplyDeleteඒ නිසා වෙන කවි ලියමු.
ඒ ලෙවල් වලට කෙමෙස්ට්‍රි තිබුනේ නැත්තම් අපිත් මිනිස්සු!:)
ReplyDeleteමන් මේ අදහසට බොහොම කැමතියි . රසායන විද්‍යාවට ලොකු අකමැත්තකුත් නැහැ . භෞතික විද්‍යාව නම් එච්චර ඇල්ලුවේ නැහැ . ඔය දෙකම ඉතින් දැන් අත්හදා බැලෙන්නේ කුස්සියේදී තමයි . උද්භිද විද්‍යාවයි සත්ව විද්‍යාවයි වුනත් නැහැ කියන්න බැහැ. එළවලු මාළු උයන නිසා ...D .
ReplyDelete