
දැන් අවුරුදු හත අටකට කලින් නිකං ඉන්න වෙලාවක මා අතින් පොඩි කයි-කෑල්ලක් ලියවුණා. ඒක පොඩ්ඩක් විතර දුක් ගීතයක්.
ඊට ටික කාලෙකට පස්සේ (2005) මං පටන් ගත්තු ගී පදමාලා බ්ලොග් එකේ මේක දාලා තියෙනවා දැකපු ඉතාලියේ හිටිය වෙන්ඩ ගායක ලෝලිත විජේසිංහ තනුවක් දාලා මියුසික් දාලා රෙකෝඩ් කරලා මට එව්වා 2007 ජූලි මාසයේ.
පොර ගේ වොයිස් එක නං මරු. ඒත් මට හිතුනේ සින්දුවේ තනුව සහ සංගීතය අනුව නං මේකට දුක් ගිතයක් කියලා කියන්න බෑ කියලයි.
මුලින් කියවන්න කවිය.
සමුගැනීම
දුර හන්තානේ උස් කඳු මුදුනේ
පායා දිලෙනා පුංචි තාරුකා
කාටද පාර කියන්නේ
මහවැලි ඉවුරේ මදනල අතරේ
මුසුවී ඇසෙනා මියුරු ගීතිකා
කා වෙනුවෙන්ද ගැයෙන්නේ
සරසවි උයනේ මන්දිර සෙවනේ
ගතකළ සමයක සොඳුරු නිමේෂය
නෙත් ඉදිරියෙහි මැවෙන්නේ
පෙර සංසාරේ කළ පින් මදිදෝ
හදවත මඩිනා විරහ වේදනා
මේ ලෙස දෑස තෙමන්නේ
මේ ගංගාවේ සුදු මල් පාවේ
මිය ගිය සෙනෙහස නටඹුන් අභියස
කණ කොක් සුදය දිලෙන්නේ
විහඟ ගීතයේ වැයෙන තාලයේ
ජීවිතයේ කොටසක් ලියවුනිදෝ
හෙට ඇයි හිරු පායන්නේ
දැන් අහන්න ලෝලිත තැනූ සින්දුව. මේක රියල් ඕඩියෝ ට්‍රැක් එකක්.
http://www.divshare.com/download/18244260-604
ලෝලිත මියුසික් දාලා ගායනා කරපු අනිත් සින්දුව ගැන ගැන තමයි මං "එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක්" කියන කතන්දරේ ලිව්වේ!
-කතන්දරකාරයා
ප/ලි:
අද මේ ගීතය පලවෙන්නේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් ලෙසිනි.
(image: http://grahamf-art.blogspot.com.au/2010/05/sad-sad-song.html)
එහෙනං...තනු රචකයෙක් උනා ඈ....!
ReplyDelete@ වීපොකුර
Deleteකතන්දර තනු රචකයෙක් වෙලා හුඟක් කල්
දෙන්නම නිවරදි නෑ.
Deleteතනුව කියන්නේ මෙලඩි එක හෙවත් තාලය නේද?
මං ලිව්වේ පදමාලාවයි. සමහරු ගේය පද කියා කියනවා.
වැරැද්ද පාපිල්ලක වෙනස!
Deleteපද මාලාව මරු අයියේ... සිංදුවත් බානවා...
ReplyDeleteඅප්පට සරි හොඳ නැගලා යන මෙලඩි එකක්නේ තියෙන්නේ.... ඔන්න බලන්න සිංදුව වෙන කෙනෙක් ලියලා එයා ලඟ නැතුව සිංදුව හැදෙන කොට තියෙන වෙනස...
ReplyDeleteමට නං හිතුනේ දුක් ගීයකට වඩා ජොලි ගීයකට සුදුසු තනුවක් කියලායි!
DeleteNAKI GAMA RALAGE KATIN LO LO HANDA NAGEE.
ReplyDeleteAH, MENNA GAMA MAHAGE EVITH!
Deleteපට්ට... !!!
ReplyDeleteසිංදුවත් බාගෙනම අහලා බලන්ඩ ඕනා.
හොඳයි, හොඳයි!
Deleteඅහලා බලමුකෝ එහෙනං.... :)
ReplyDeleteහොඳයි, හොඳයි!
Deleteමොකදෑ තවමත් සරසවි කාලේ
ReplyDeleteවියෝ ගීත ලියැවෙන්නේ
නැති දෝ කවුරුත් දන්නේ
වියෝ ගීම ලියැවෙන්නේ
ඇයි ඔහේට විතරද පුළුවන් විරහ ගී ලියන්න, හහ්!
Delete;)
sindu bandanam ba habei pada tika nam kiyewwa.
ReplyDeletehondai, hondai!
Deleteපිංතූරෙත් කතාවක්ද..? මල්සරාට මිස් ෆයර් එකක් වෙලා පෙනහැල්ලට නේද හාට් එක කියලා විදලා තියෙන්නේ..? :D
ReplyDeleteසිංදුව බෑවත් එකපාර අහන්න බෑ... MP3 කියලා රීනේම් කරගෙන තමයි අහන්න ඕනේ.. ඒක හදන්ඩෝ..
ReplyDeleteබීට්ල් මේක රියල් ඕඩියෝ එකක්. රියල් ප්ලේයර් එකේ ප්ලේ වෙනවා.
Deleteආ... මගේ ගාව ඒ ප්ලේයර් එක නෑ... එක්ටෙන්ෂන් එක .MP3 කියලා රීනේම් කරගත්තම ඕකේ කැසට් එකක ප්ලේ වෙනවා :D
DeleteVLC එකෙන් ප්ලෙයි කරගන්න පුළුවන්
Deleteසමාවෙන්න කසු....! වචන පෙළ කෙසේ වෙතත් මේ තනුව, ගායනය නම් මෙලෝ රහක් නෑ......! අහගෙන ඉන්න නම් බැරිම තරම්...!
ReplyDeleteසිරා වොයිස් එකක් කිව්වට තමන් දාපු තනුව වත් හරියට පිච් කරගන්න බැරි නම් වැඩක් නෑනේ.....!
මං කිව්වේ මරු වොයිස් එක කියලයි. හොඳ තරුණ කට හඬක්. මගේ ඇසෙස්මන්ට් එක මට සාපේක්‍ෂකවයි නේ. මං කිව්වා නං බල්ලෝ බත් කන එකක් නෑ.
Deleteමේක කම්පියුරරෙන් ප්ලේ කරලා, ගෙදරදී පටිගත කරපු එකක්. නැගී එන ගායකයෙක් නේ.
කසූගේ යාළුවව අධෛර්ය්‍යය කරන්න කිව්ව නෙමෙයි. ගායකයෙක් කියන්නෙ තවත් කෙනෙක්ගෙ කර්ණ සංඛ පිනවන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්ව. සමහර අයට උපතින්ම ඒ හැකියාව තියෙනවා. සමහර අයට වොයිස් ට්‍රේනින් කරලා ඒ හැකියාව ලබා ගන්න පුළුවං.
Deleteමම හිතන්නෙ ලෝලිතට ඔය මම කිව්ව දෙවනින් ක්‍රමයෙන් ගොඩ යන්න් පුළුවං වේවි අවුරුද්දක් හමාරක් හරි විදිහට වොයිස් ට්‍රේනින් එකක් කලොත්.
හැබැයි කසූගේ පද පෙලට දාල තියෙන තනුව නම් නිකං පැණි වරකා මදුලක් වටේ කටු කම්බි රෝලක් එතුවා වගේ....
විස්කිරිඥ්ඥයක් කෝෆ් සිරප් එකක පොගවලා ගත්තා වගේ කියන්නත් පුළුවන්... :)
Deleteඅදහස් ටික ගොනු කරලා තියෙන විදිය මරේ මරු අප්පා... ඒ වුනාට කියන කෙනාට ජොලියක් ගියේ කොහොමෙයි... හැඟීමෙන් නෙමෙයි කියන්නේ කකා ශූරි කිව්වනම් මේක මීට වඩා හැඟීමකින් කියයි
ReplyDeletelyrics ela !
ReplyDeleteබාගතිමි.ඇසුවෙමි. වින්ඳෙමි.
ReplyDeleteගීතය විඳින්න පුළුවන් තව ටිකක් හැගීම්බරව ගායනා කලානම්.
තනුව ගීයට ගැලපෙන්නේ නෑ තමා.
ReplyDeleteකියෙව්වා. ලස්සන පද ටික. අහන්න විදියක් නෑ මෙහේ. ගෙදර ගිහින් අහන්නම්...
ReplyDeleteඅනේ මන්ද කතන්දර, ඔය දුක් ගීත ලියන හුඟක් අයට මතක් වෙන්නෙ හන්තානමනේ. මේ විරහ වේදනාව ඇතිවුණේ ඉස්සර හිටපු, වෙන්ඩ කතන්දර හාමිනේ කෙනෙක් ගැන හිතනකොට ද?
ReplyDeleteකකාට හන්තාන නොසෑහෙන්න හේතුපාදක වෙලා තියනවානේ කයි කතන්දරවලට!
ReplyDeleteපද රචනය හොඳයි..
ReplyDeleteපද රචනය හොදයි
ReplyDeleteඒත් තනු හරි නැහැ මට නම් සෙට් වෙන්නේ නැහැ.
Back to Blue Mood Month ... SANE and Feeling Gloomy have asked lots of lovely celebs for their favourite 'sad songs that make you happy' in support of Blue Mood Month. These ... Listen to the soul singing superstars gloomy tune choices.
ReplyDeleteයකඩො! සුද්දොත් කියවනවනෙ කකාගෙ බොලොගේ. කාටද ආඩම්බර? දැන් ගහගත්තොත් නරකද ලේබලයක් සුද්දන්ද කියවන එකම සිංහල බ්ලොග් එක කියලා?
Deleteමගේ ඇත්තම අදහස කියන්නම් ඔබ අමනාප නොවේවි.. මම නම් මේක කවිය විදිහට කියවන්න කැමති.. ගායනය අහනවට වඩා...
ReplyDeleteපද ටික නම් ලස්සනයි ඒත් මගේ කණට තනුව අමිහිරියි වගේ..
ReplyDeleteතනුව නම් ටිකක් කේස් .... කොහොමත් ඒකෙ තාරුකා නෙවී.. චාරුකා ය සිංදුව කියන්නෙ. ඇනි වේ. ඔයාගෙ වචන ටික ලස්සනයි. හැබෑ ඉතින් මේක මට හන්තානෙ කඳුමුදුන සිංදුවත් එක්ක හුඟක් සමයි වගේ.
ReplyDeleteපේරාදෙනි බුවාලගෙ තියන එකම ලෙඩේ තමයි උන් කවදාවත් කැම්පස් එකෙන් අවුට් වෙන්නෙ නැති එක.
ReplyDeleteලෝකෙ ඊට වඩා පලල් කියලා හිතන්නම බෑ, කොයි දේ කලත් මේ කට්ටිය 1970 ගනන් වලින් එලියට එන්නෙම නෑ.
ඒක හොඳ වෙන්නත් පුලුවන්. ඒත් ඉතින් හන්තානට මෙච්චර වද දෙන්නෙ මොකද් අප්පා ! වෙන කඳු ඇත්තෙම නැද්ද අප්පා!