
ආලය අන්ධයි කියලා කිව්වේ කවුද 'විලියොං සකුරුපිය' ද නැත්තං ස්ටීව් වොන්ඩර් ද?
මොකා කිව්වත් කතාව ඇත්තයි!
ඕකට විද්‍යාත්මක හේතුව මගේ හිතේ, ඇහැට වැටෙන ආලෝක කදම්භ විශ්ලේෂණය කරලා අතාත්වික ප්‍රතිබිම්භ ඇහැ ඉස්සරහ මවන්න අවශ්‍ය මොලේ ශෛල ටික, මොලේ අයිතිකාරයා ලව් කේස්වල පැටලුනාම කරන්න සිද්ධ වෙන අමතර වැඩවලට යොදවන්න වෙන එක වෙන්න ඕනෑ.
හිටපු බ්ලොග්කරු ටැබූකාරයා හිටියා නම් පැහැදිලි කරලා අහගන්න තිබුණා!
"ආලය අන්ධයි!" කියන කතාව, කවියකින් කියන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ කවියේත් හඳ ගැන සඳහනක් තියෙන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?
පියවි ලොව
දෙසිත එකසිත වූ සඳෙහි
ලෝකයම සොඳුරු විය
බැලු බැලූ හැම අතම
සුන්දරත්වය
වැපිරී තිබුණි
එක සිත දෙසිත වුවහොත්
ලෝකය
කටුක වෙතැයි සිතුවෙමි
එනමුදු
අද ද ලෝකය
පෙර සේම සුන්දරය
එදා බැසයන හිරු
නැග එන සඳු
රෝසමල් සොඳුරු විය
අද නැග එන හිරු
බැස යන සඳු
නිදිකුම්බා මල් ඊට වඩා සොඳුරුය!
අරුමයක් නොවේ
ආදරය යනු
ලොව අඩක් වැසෙන
අර්ධ පාරදෘෂ්‍ය
උපැස් යුවලකි
-කතන්දරකාරයා
ප/ලි:
මේ කවිය මං පේරාදෙනිය යුනිවසිටියේ දෙවන වසරේ කල්මරන කාලේ ලිව්වට, ඇත්තටම කණ්ණාඩි දෙකක් නං දැම්මේ සිව්වන වසරේදීයි.
ඒ කණ්ණාඩි දෙකක් දාපු කේස් එකත් හොඳ කතන්දරේ. දවසක ලියලා දාන්න ඕනෑ!
(මේ කවිය පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)
(image: http://e-shirt.com/item/Love-is-Blind-+_0_AT-LoveisBlind)
මම කණ්නාඩි දාන්න ගත්තේ මේ ලඟදී......
ReplyDeleteවිද්‍යාත්මක පැහැදිලි කිරිම නම් නියමයි ක.කා
ReplyDeleteපට්ට අන්ධයි කියන්නෙ සමහර ඒවා ඉවර වෙලත් ඒත් තවම ඇස් පෙනෙන්නෙ නෑ නෑ වගෙයි !
ReplyDeleteඕකනම් ඔය වයසට එන ලෙඩක් වෙනී අයියේ! :D
Deleteමම දැක්කනෙ බුකියෙ දාල තියෙනව කන්නාඩි දෙකක් දාගෙන ඉන්න ෆොටෝ එකක්...
Deleteවෙනී ද වැල්
අන්ධ ආලය නෙමේ ආලය කරන අය.
ReplyDeleteආදරය යනු
ReplyDeleteලොව අඩක් වැසෙන
අර්ධ පාරදෘෂ්‍ය
උපැස් යුවලකි
හ්හ්ම්ම් හ්හ්ම්ම්ම් සහතික ඇත්ත . . .
'විලියොං සකුරුපිය' නෙමේ පොරගෙ හරි නම 'සෙක්කුපේරුගේ විලියොං'
ReplyDeleteඅනේ ඔබා මාමේ කවිය ගැන මොකක් හරි අදහසක් කියලා යන්ඩකො තරහා නැතුව...:p
Deleteකවි වලට එච්චර 'මෙව්ව' එකක් නෑ බං
Deleteඅඩක් ම කියන්න බැ කියලයි මට නං හිතනේනෙ.... ඒක එක එක්කෙනාට සාපේක්ෂයි කියලායි මට හිතෙන්නෙ...
ReplyDeleteමොකක්ද අප්පෙ මෙ උනේ
ReplyDeleteදැන් අර්ධ පාරදෘෂ්‍ය උපැස් යුවල ක් වැටෙන්නේ ආදරේ කරන කාලේද, කරන්නේ නැති කොටද කියල අපි හරියටම කියන්නේ කොහොමද?
ReplyDeleteආදරේ අන්ධයි විතරක් නෙමෙයි ආදරේට නහයකුත් නෑ කියල හිතෙනව කාලෙකට බේරෙ වැව වටේ වාඩිවෙලා ලව් කරන උන් දැක්කම.
ReplyDeleteඅර්ධ පාරදෘශ්‍ය නෙමේ... පූර්ණ අපාරගම්‍යයි...
ReplyDeleteපාරාන්ධ වෙන්නැති නියම වචනේ මයේ හිතේ එහෙම නේද අක්කේ
Deleteඅර්ධ පාරදෘශ්‍ය කන්නාඩ් කියන්නේ සූර්ය ග්‍රහණ බලන්න දාන ඒවද එහෙම් නැත්නම් 3ඩි බලන ඒවද??? :-)
ReplyDeleteසම්පූර්ණයෙන් සත්‍ය කතාවක්. පෙමින් වෙලී සීටින පෙම්වතුන් අහඹු ලෙස තෝරා මා කළ සමීකෂනයකින් මේ බව සොයාගත්තා. පෙම්වතා පෙම්වතීගේ ඇදුම් අස්සේ පවා නැති වූ රුපියල් දෙකක් හොයනවා. පෙම්වතිය එය පෙම්වතාගේ සාක්කූ ඇති ප්‍රදේශයේ ඇතිදැයි සොයනවා. ඔවුන් අන්ධභාවයට පත් වී පමණක් නොව නෙතු පවා ඇරෙන්නේ නෑ. අවසානයේ දෙදෙනා කනවැල අල්ලාගෙන ගමන් කරනවා. මේ පිළිබඳ නිබන්ධය ළඟදීම ...
ReplyDelete"..........ඕකට විද්‍යාත්මක හේතුව මගේ හිතේ, ඇහැට වැටෙන ආලෝක කදම්භ විශ්ලේෂණය කරලා අතාත්වික ප්‍රතිබිම්භ ඇහැ ඉස්සරහ මවන්න අවශ්‍ය මොලේ ශෛල ටික, මොලේ අයිතිකාරයා ලව් කේස්වල පැටලුනාම කරන්න සිද්ධ වෙන අමතර වැඩවලට යොදවන්න වෙන එක වෙන්න ඕනෑ........."
ReplyDeleteමේක නම් ඇත්ත වෙන්නෝන...හික්ස්...
නැතැව නැතුව ලව් කරද්දි අහසේ මාලිගා හදාගෙන ඒවායේ ලමයිනුත් හදාගන්න ගියාම අර්ධ වශයෙන් පාරදෘෂ්‍ය නෙමෙයි සම්පූර්ණයෙන් පාරාන්ධ වෙනවා හි හි
Deleteaaalaya anda natha
ReplyDeleteaalaya wimasilimathya
aaath sama deyakma nosalaka harinawa ...
හැම තිස්සෙම ඒක අර්ධ පාරදෘෂ්‍ය උපැස් යුවලක් කියන්න බෑ නේද ඒක වෙන්නේ පෙම්වතී ලඟින් ඉන්නකොට විතරයි නේද හි හි මියුරු අක්කා කියපු කතාව සහතික ඇත්ත
ReplyDeleteඅන්ධ ආලය නෙමේ කාකා, අලය කරන් අයයි. සමහර වෙලාවට බේරෙ වැව ලඟ ඉන්නකොට හොඳට බලා ගන්න පුලුවනි අන්ධ වෙලා ඇත්තෙ ඇයි ? කියල.
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි!