Thursday 14 April 2011

කතන්දරකාරයා ගේ අළුත් අවුරුදු පැතුම - තේරවිල්ලක්මත් නොවේ : My new year wish (not just a riddle)!



සිතෙන් මෝහ අනුවණ කම් දුරුවේවා
ගමන් කළ යුතුවු නිසි මග වැටහේවා
සමන් පිච්ච සුවඳෙන් ලක නැහැවේවා
ලබන්නාවු අවුරුද්දම ජයවේවා!

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න ගිය අවුරුද්දේ අළුත් අවුරුදු ග්‍රීටින් එක.
http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html

(image: http://www.types-of-flowers.org/pictures/jasmine_plant.jpg)

40 comments:

  1. කතන්දරටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!!!!!!!

    ReplyDelete
  2. පින්තූරය සමන් පිච්ච ද .. ගැට පිච්ච ද.මම දැන් නෙව දැක්කෙ. ගිය අවුරුද්දට මම සුබ පතල නැහැනෙ.. ඉස්සෙල්ලම ඒකට සුබ පතල ඉන්නම්.

    මේක මේ ටැබූට කියපු කවියක් නෙව...

    අද අලුත් වෙයි
    හෙට පරණ වෙයි
    අලුත් අවුරුදු අසිරි එය වෙයි
    නමුදු නුඹ නැත එසේ ගිලිහෙන
    හෙටත් අද ඊයෙත් අගෙයි මට නම්........
    සුබ දිනක් අද මෙන් හෙටත්
    නුඹටත් මටත්
    මේ ලෝකයේ සැමටත්................

    ReplyDelete
  3. එසේම වේවා

    ReplyDelete
  4. ක.සූ ටත් සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  5. මේ අළුත් අවුරුදු පැතුමේ අමුතුම ගතියක් එක්ක පුංචි උපහාසයක් දාලා තියෙනවා.දෙපැත්ත කැපෙන බවකුත් තියෙනවා.කුඩා දරුවන්ට වඩා වැඩිහිටි අයට ගැලපෙන පැතුමක්.හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. බඩුමිළ වගේ සතුට වැඩිවෙන
    අනර්කලීගෙ ඇදුම වගේ දුක කොටවෙන
    ජෙනරාල්ට වගේ කරදර නැතිවෙන
    රජතුමාට වගේ සැප ලැබෙන
    කතන්දරටත් කතන්දර හාමිනේටත් කතන්දර පැටවුන්ටත්....
    කරදර ජරමර බර බර නැති
    රසබර හරබර මනහර අවුරුද්දක්වේවා !!!

    ReplyDelete
  7. කතන්දරටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  8. ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  10. සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  11. කතන්දරටත්, කතන්දර හාමිනේටත්, කතන්දර දුවට හා කතන්දර පුතාටත් (පුතාගේ නම තෝරපු කතන්දර හාමිනේට කොහොම ස්තූති කරන්නද මන්දා ) හැමදේකින්ම පිරුනු, ඉතිරුනු නව වසරක් වේවා!!!

    ReplyDelete
  12. එසේම වේවා..........!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  13. සතුට සිනහව සපිරුන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කකා..!!

    @වත්,
    පින්තූරෙ තියෙන්නෙ නං ගැට පිච්ච මල්..

    ReplyDelete
  14. සුභ අළුත් අවුරුද්දක් වේවා කතන්දර අයියේ !!

    ReplyDelete
  15. @වත් සහ බුරාතිනෝ

    ඔන්න මං පින්තූරේ වෙනස් කළා. මේකත් සමන් පිච්ච නෙමේද මන්දා? මට ඕනෑ වුනේ Jasmine මලකුයි.

    ReplyDelete
  16. සිතෙන් මෝහ අනුවණ කම් දුරුවේවා kiyala kiwwe Budhu dhahama/Baudhdha dharshanaya wage dhewal gAna thiyena wishwasaya/ blog rajawaru kiyana widhiyata andha bhakthiya nAthi karala danna wage adahasak da?

    ReplyDelete
  17. @ Muditha,
    @ සොඳුරු සිත,
    @ බීටා,
    @ නිර්මල,
    @ JHOTHISHALANKA,
    @ පොඩි man නොහෙත් කසියා,
    @ priyantha,
    @ නදී,
    @ nawammawatha,
    @ Ansh Lucky Sri Jay,
    @ Podi Kumarihami,
    @ මාලින්ද,
    @ Buratheno,
    @ හිස් අහස

    නැවතත් මගෙන් සුභ පැතුම් සුභ නව වසරකට.
    මං නං කෑවේ වැලිතලප, කොකිස්, කිරිබත් සහ ලුණුමිරිස් විතරයි.
    ඔබේ අවුරුදු මේස ඊට වඩා සරුවේවා!

    ReplyDelete
  18. @Sam

    "සිතෙන් මෝහ අනුවණ කම් දුරුවේවා" කියන්නේ ඝනසාරප්පදිත්තේන හි කියනවාක් මෙන් සිතේ තියෙන මෝහය ද - ඒ සමගම අණුවන කම් ද දුරු වේවා යන්නයි.

    ReplyDelete
  19. පින්තූරේ තියෙන්නේ ගැටපිච්ච මල් මම හිතන්නේ Jasmine කීවාම සමන්පිච්ච ගැටපිච්ච දෙකම අයිති ඇති. අපි ලංකාවේදී සමන්පිච්ච කියන්නේ නම්
    http://www.types-of-flowers.org/pictures/jasmine_plant.jpg

    ReplyDelete
  20. @ priyantha

    ජැස්මින් කියන්නේ ලෝකේ පුරාම වගේ තියෙන මලක්. අරාබි බසෙන් යැස්මින්. යැස්මින් ගුණරත්න කියලා පොත් ලියල තියෙන මහාචාර්යවරියෙකුත් ඉන්නවා.

    ප්‍රියන්ත ස්තුතියි. ඔන්න මං ආයෙත් මල වෙනස් කළා!

    ReplyDelete
  21. @කතන්දර

    මල සෙට් කරගන්නම මෙච්චර ගේමක් දෙන්න වෙනවා නම්, විප්ලවේ කරන්න කොච්චර ගේමක් දෙන්න වේවිද...?

    රස බර කතන්දර ඉතිරෙන සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  22. ඔබටත් ලබන්නා වූ අවුරුද්දම ජය වේවා....

    ReplyDelete
  23. සියලු පැතුම් ඉ‍ටු වන සුබම සුබ නව වසරක් වේවා ක.සූ


    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  24. අම්මප ජයියො . . . ඔන්න මං මේ කතාවෙං හොඳ ආදර්ශයක් ගත්තා

    ReplyDelete
  25. ප්‍රියන්තට පිං සිද්ධ වෙන්න දැන් තමයි හරිම ලස්සන , නියමම , සුවඳම සමන් පිච්ච මලේ පින්තූරයක් ඇවිත් තියෙන්නේ........

    ReplyDelete
  26. හිතේ හැටියට රසබර කතන්දර කන්දරාවක් ලියාගන්න පුලුවන්වෙන ඉසුරුබර සුභ අලුත් අවුරුද්දක් කතන්දරටත් පවුලේ සැමටත්

    ReplyDelete
  27. සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  28. කරන කරන දේ නිරතුරු සිදු වේවා
    යනෙන යනෙන තැන නිති ජය අත්වේවා
    සිතන පතන හැම හොඳ දේ ඉටු වේවා
    ලැබුවා වූ නව වසරම සුබ වේවා.......!!

    ReplyDelete
  29. කතන්දර අයියාට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!

    ReplyDelete
  30. කතන්දරසූරින් ඇතුලු සැමට නීරෝගී සම්පත්තියත් සෞභාග්‍යයත් අලුත් අවුරුද්දේ නිබඳව රැඳේවා...!

    ReplyDelete
  31. කතන්දර අයියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  32. මට ඊයෙ ෆුල් බිසී දවසක් උනා නෙ. මේ පැත්ත මිස් වෙලා. :(
    කතන්දර අයියා ඇතුළු පවුලේ සැමට සුභ නවවසරකට ආසිරි මගෙනුත් !!!!

    ReplyDelete
  33. කතන්දර ඇතුලු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  34. @All

    මේ කවිය තේරවිල්ක්මත් නෙමේ කියන එකෙන් මං අදහස් කලේ තේරවිල්ලක් තියෙන බවයි. අනේ මන්දා!

    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  35. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ඔය කවිය ඉරහඳ තියෙනකං පාවිච්චිකරන්න පුලුවන් අවුරුදු සුභපැතුමක්නෙ. ඕවට සිංහලෙන් කියන්නෙ "සදා සොත්ති කතා" කියල.

    ReplyDelete
  36. කතන්දර ශූරීන්ටත්, කතන්දර හාමිනේ ඇතුළු පවුලේ සියළුම දුවා දරුවන්ටත් ලැබුවාවු මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් පමණක් නොව, සිංහල බ්ලොග් අවකාෂයට කතන්දර බර තොගයකින් පිරී ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  37. @All

    සියළු දෙනාටම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  38. මොනවා හිතෙන්නද ? default එසේම වේවාවත් කියමු.
    එව්ව මෙව්ව වැඩක් නෑ
    අපිට තව කතන්දරයි ඕනි හරිද!
    හහ් හහ් හා

    ReplyDelete
  39. කතන්දර හා පවුලේ සැමටත්, බ්ලොගට ගොඩ වදින හැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    >> ජැස්මින්

    කල් යයි.

    ලංකාවේ ඕවා කරන්නේ ජෝකර් ලා.

    ReplyDelete
  40. මේ ඉංගිරිසි ජැස්මින් උනාට සමන් පිච්ච නෙමෙයි.. Jasminum cultivar එකක්..

    හොඳා පටලැවිල්ලකින්ම වැඩ අල්ලපු එක!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.