
අලි ගැට පේර හෙවත් ඇවකාඩෝ ගැන ඉතිං අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෑ නෑනේ. නුවර පැත්තේ හැදෙන පලතුරු වලින් මං කැමතිම ජාතියක් තමයි මේවා.
පේරාදෙනිය-නුවර පැත්තේ යන එන කොට පාර දෙපැත්තේ කඩවල පුරෝලා තිබුණත් හොඳට පැහිච්ච, ගෙදර ගිහින් හෙට විතර කන්න පුළුවන් ගෙඩියක් තෝරා ගන්න එක තමයි අපිට නොතේරෙන දේ.
හැබැයි කොළඹ අවට කඩවල නම් සමහර වෙලාවට උදේ බලන කොට කඩේ තියෙන අමු ගෙඩි හවස් වෙන කොට හොඳ ගානට මෙලෙකට ඉදිලා.
ඒ වෙන හේතුවක් හින්දා නෙමේ, දවස තිස්සේම කඩේ ලඟින් යන එන නෝනලා අලි ගැට පේර ගෙඩි ටික චුට්ට චුට්ට වගේ මිරිකලා බලනවානේ ඒවා ඉදිලා ද කියලා. අන්න ඒකයි ඒ.
සමහරු ඉඳුණු අලිගැට පේර, හුරලා අරගෙන ඩෙසරට් එකක් වගේ කෝප්පෙකට දාලා සීනි දාලා කනවා.
ඇත්තටම කියනව නං, කෝප්ප වල ගාන්න ඕනෑ නෑ. තැඹිලි කුරුම්බා බීලා, ලොඳ කනවා වගේ ආණ්ඩුවෙන් දීල තියෙන කෝප්පෙම කන්නත් පුළුවනි.
තවත් සමහරු කැමති, කිරි, අයිස් ක්‍රීම් හෙමත් දාලා, අලිගැට පේර බීමක් වගේ හදාගෙන බොන්න, නිකං අයිස් කෝපි බොනවා වගේ.
සැන්විචස් වල ගාන්නත් හොඳයි ලු. මං නං ට්‍රයි කරලා නෑ.
අද කතන්දරේ, මීට අවුරුදු ගණනාවකට කලින් මං කතන්දර කුමාර කාලේ වෙච්ච එකක්.
ඔන්න මායි, මගේ ඇන්ටි කෙනෙකුයි, තවත් ඇන්ටි කෙනෙකු ගේ ගෙදර ගියා. පහුවදා මගුල් ගෙදරක යන්න සෙට් වෙන්නද කොහෙද වගෙයි මතක.
අපි එහේ ඉන්න අතරේ, තවත් අපේම ඇන්ටි කෙනෙක්, එයා බැඳපු අංකල් කාරයාත් එක්ක ඒ ගෙදරට නෑගම් ආවා.
ඔන්න ඉතිං ගෙට ගොඩ වෙලා කතා බහ පටන් ගෙන ටික වෙලාවක් යන කොට මේ ඇන්ටි තමන් ගේ බෑග් එකෙන් ගත්තා පොඩි පහේ බ්‍රව්න් පේපර් බෑග් එකක්.
"මෙන්න මං ඔයාට ගෙනාවා නංගී හොඳ ගුණදායක බඩුවක්" එයා කිව්වේ ඒ බෑග් එක මේ ගෙදර ඇන්ටි ට දෙන ගමන්.
"මොනවද අක්කී?"
"බලන්නකෝ, ඔය අලි ගැට පේර වගයක්. මං කැමතිම පලතුරු ජාතිය."
"කොහෙන්ද අක්කී මේවා?"
"අපි ඊයේ නුවර ගියා නේ නංගී. එහෙන් ගෙනාවේ. අනේ නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි නංගී. මට හිතුණා ගෝනියක් ම ගේන්න. ඒ තරමට ලාබයි කොළඹ එක්ක බලන කොට."
ඔය කතාව අහගෙන හිටපු මට හිතුනේ මගුල් ගෙදර ඉවරවෙලා ආපහු යන ගමන් අපිටත් ගෙදර ගෙනියන්න තරමට ඇන්ටි අලි ගැට පේර ගෙනත් ඇති කියලයි.
හැබැයි බ්‍රව්න් පේපර් බෑග් එක නං එච්චර ලොකුවට පෙනුනේ නෑ.
මං කියන්නං කෝ මේව හදන හැටි. ඇන්ටි බෑග් එකත් අරගෙන ගෙදර ඇන්ටිත් එක්ක ගියා කුස්සියට.
පැය කාලකට විතර පස්සේ ඔන්න ඇන්ටිලා දෙන්නා කුස්සියෙන් එලියට ආවා වීදුරු වගයක් අරගෙන. ඒවායේ තිබුනේ අලිගැට පේර බීම!
අලිගැට පේර මදය අරගෙන ක්‍රෂ් කරලා, කිරිපිටි දිය කරලා දාලා, ඊට උඩින් වැනිලා අයිස් ක්‍රීම් දාලා.
හරියට අර පිටකොටුව බස් ස්ටේෂන් එක හරියේ කඩවල්වල තියෙන පලතුරු බීම වගේ. එකම වෙනස ගස් ලබු නෑ!
මං රහ කර කර බිව්වා. හරිම රහයි, වැනිලා අයිස් ක්‍රීම් නේ වැඩි හරිය තිබුනේ. එකම ප්‍රශ්ණය වුනේ මට හම්බ වුනේ එක පොඩි වීදුරුවක් විතරක් වීමයි.
එදා හවස ඇන්ටියි, අංකලුයි ආපහු ගියාම තමයි මං දැන ගත්තේ, හරිම ලාබයි, හරිම ලාබයි කියලා කයිය ගැහැව්වට එයා නුවර ඉඳලා ගෙනත් තියෙන්නේම අලිගැට පේර ගෙඩි දෙකක් විතරයි කියලා.
ඒ ගෙඩි දෙකයි මේ නෑගම් එනකොට අරං ඇවිත් තියෙන්නේ. ඇන්ටිලා තුන් දෙනායි, අංකලුයි, සීයයි, ආච්චියි, ඒ මදිවාට මායි, අපි සේරම වැලඳුවේ ඒ අලිගැට පේර ගෙඩි දෙක තමයි.
වෙරලු ගෙඩියකුත් හත් දෙනෙක් බෙදා ගෙන කෑවයි කියනවනේ. ඉතිං, ඕක මොකක්ද නේද?
ඒත් මට හිතාගන්න බැරිවුනේ, අලි ගැට පේර නුවර හරිම ලාබයි කියලා දහ පාරක් විතර කියපු ඇන්ටි ඇයි එහෙම නං, ගෙඩි දෙකක් විතරක් ගෙනාවේ කියලයි!
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතන්දරේ වැඩි ගතියක් නැති හින්දා -කියවන සමහර අයට හිතෙයි මෙලෝ රහක් නෑ කියලා.
අලි ගැට පේර ගැන කතන්දරේ මෙහෙම වුණාට හැබැයි අලි ගැට පේර නං මට හැමදාම මාර රහයි!
කෝකටත් ඉතිං මෙන්න උඩින් දාගන්න වැනිලා අයිස් ක්‍රීම් ටිකක්.
තොටගමුවේ රාහුල ලියපු සැලළිහිණි සන්දේශයේ ද කොහෙද ඒ කාලේ ලංකාවේ උන්නු ගෑනුන් ගේ රූපය විස්තර කරන්නේ "සිසි වන වුවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රිය සක'යුරු, තිසර තන" කියලයි.
ඒ කියන්නේ ඉඟෙන් පහල කොටස කරත්ත රෝදයක් වගේ!
අද කාලේ නං ගෑනු කෙනෙක් ගේ ඉඟෙන් පහල ටයර් එකක් වගේ කිව්වොත් ගුටි කන්නයි වෙන්නේ. මොකද එදා ටයර් එක තිරසට, අද සිරසට නේ අපේ හිතේ මැවෙන්නේ.
සාමාන්‍යයෙන් කාන්තා රූපය ගැන ඉංගිරිසියෙන් කතා කරන කොට උපයෝගී කර ගන්නා උපමාවක් තමයි -පෙයාර්ස් ගෙඩිය. ඒ පෙයාර්ස් ගෙඩියේ හැඩය නිසායි. ඒ කියන්නේ "ඉඟ සුඟ ගත හැකි මිටින, රිය සක'යුරු නිසි පුළුලුකුල" වගේ කේස් එකක් ම තමයි!
හැත්තෑ ගනං වල ආපු සුළි සුලඟින් පස්සේ ලංකාවේ කාලයක් තිස්සේ පොයාර්ස් හැදුණු නුවර-එලියේ තව දුරටත් පොයාර්ස් හැදෙන්නේ නෑ. හැදෙන ඒවයෙත් මේ කියන නාරී දේහ විලාශය නෑ. නිකං රවුං ඒවා -නාසි පෙයාර්ස්!
මට මේ නිකමට හිතුනේ ඇයි අපි නාරී දේහය අලි ගැට පේර වලට සමාන නොකරන්නේ කියලයි.
අලි ගැට පේර ඩෙසට් එකක් විදියට කන්නේ ලංකාවේ විතරද මන්දා. හුඟක් රටවල ඒවා පාවිච්චි කරන්නේ බටර් වගේ. සැන්විචස්, බර්ගර්ස්, සබ්ස්, සුෂි වගේ එවාට එහෙම පොඩ්ඩක් දාලා ඩොලර් කීපයක් වැඩි කරලා තමා විකුනන්නේ. හැබැයි මටනම් එහෙම කන එක වැඩිය අල්ලන්නේ නෑ.
ReplyDeleteප/ලි:
අලි ගැට පේර ගැන කිව්වට කසූ දාලා තියෙන්නේ පෙයාස් ගෙඩියක පින්තූරයක්නේ.
අලි ගැට පේර ගස් තුනක් තියෙනවා අපේ වත්තේ...මොකෝ කියන්නේ...ලාබෙට දෙන්නම්,,,
ReplyDelete@රන්
ReplyDeleteපෙයාර්ස් එක දැම්මේ -හේතුවක් ඇතුව. ප/ලි කොටසේ එය සඳහන් වෙනවා.
@රත් ගමයා
ReplyDeleteඉන්ට, මං අපේ ඇන්ටි ගේ මොබයිල් අංකේ එවඤ්ඤං!
අනේ කොලුවො උබට අලිපේර පෙයාස් එකවගෙද පේන්නෙ බන්.වරකො නිකන් ඉන්න වෙලාවක අපෙ ගෙවල් පැත්තෙ මම උබට ඔවා 1ක් නෙවෙය් වර්ග 2ක් කියලා පෙන්නන්ට
ReplyDeleteසොරි වෙන්ට ඔනේ කතන්දර උබ පහලින් පෙයාස් දැම්මෙ ඇයි කියල දාල තියනවනේ .අනේ බන් මම ඒක ඉසෙල්ලා දැක්කෙ නෑනෙ ආයෙත් සොරි වෙන්ට ඕනෙ හරිද බන්
ReplyDeleteසොරි වෙන්ට ඔනේ කතන්දර උබ පහලින් පෙයාස් දැම්මෙ ඇයි කියල දාල තියනවනේ .අනේ බන් මම ඒක ඉසෙල්ලා දැක්කෙ නෑනෙ ආයෙත් සොරි වෙන්ට ඕනෙ හරිද බන්
ReplyDelete@ Theekshana
ReplyDeleteඑකක් නෙමේ ජාති දෙකක් තමයි...!!!
පෙයාර්ස් වලට තමයි යුරෝපීය ගෑනුන් ගේ යට බාගේ සමාන කරන්නේ.
මගේ යෝජනාව පෙයාර්ස් නැති අපේ රටේ ගෑනුන්ගේ යට බාගේ අලි-පේර වලට උපමා කරන්නයි.
@Theekshana
ReplyDeleteනෑ, නෑ, තීක්‍ෂණ ඔබට ස්තුතියි.
ඒ ප්‍රශ්ණය නිසා මට ඉඩ ලැබුණා මගේ ෆයිනල් පොයින්ට් එක තවත් විස්තර කරන්න.
Thanks, අනේ.
//ඇයි අපි නාරී දේහය අලි ගැට පේර වලට සමාන නොකරන්නේ කියලයි.//
ReplyDeleteඉතින් කතන්දර පටන් ගන්නකෝ අනුන් කියනකල් බලාන ඉන්නේ...
මම නම් කරන්නේ අලිගැට පේරමූනේ ගාන එක. අනික් කට්ටියත් පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවා නං. හැබැයි ඉතින් ගෑවට පස්සේ එලියට පහලියට බනින්ට එහෙම එපා.
එහෙම අපිට බෑනෙ ලංකාවෙ දේකට දෙයක් උපමා කරන්න. ආයෙ පිටරටින් ආව දෙයක් නම් කිසිම ගැටළුවක් නෑ. පෙයාස් ෆිගර් එකක් කිව්වම උඩ යන ගෑණු, නිකං අලිපේර ෆිගර් එකක් කියල කිව්වොත් මූණත් බෙරි කරන් කියාපු එකාටත් ගස්සයි. හැබැයි ඇවකාඩෝ ෆිගර් එකක් කිව්වොත් යාන්තම් ශේප් වෙන්නත් බැරිකමක් නෑ.
ReplyDeleteඇතුල්කෝට්ටෙ අලිපේර ගෙඩියක් රුපියල් හතලිහයි. නුවර ගෙඩියක් රුපියල් දහයේ ඉඳල තියෙනව.
@Podi Kumarihami
ReplyDeleteමේ පොඩි කුමාරිලා මොකද ඔච්චර රූප ලාවන්‍යයට බර?
නැචූරල් බියුටි නේද සැබෑ ලස්සන?
@Nawam Mawatha
ReplyDeleteමං උඩින් දාල තියෙන පින්තූරෙ දැක්කහම නං නවම් වුනත් කැමති වෙයි පෙයාර්ස් වලට.
ඔය ඇතුල්කෝට්ටෙ හරිය තමයි අර මං කියපු විදියට උදේ අමු ගෙඩි හවස් වෙනකොට ඉදෙන්නනේ!
**මොකද එදා ටයර් එක තිරසට, අද සිරසට නේ අපේ හිතේ මැවෙන්නේ.********
ReplyDeleteඅද කතාව නම් මෙලෝ රහක් නැහැ තමයි... නිකම්ම නිකම් කාලා දාපු , බොහොම බාල අලි ගැට පේර කතාවක්...
ඒත් ප/ලි කොටස නම් සිත් ගන්නා සුළුයි.
ගැහැණූන්ගෙ ෆිගර් එකත් ඉස්සර කාලයේ ඉදල දැන් වෙන කොට සෑහෙන වෙනස් වෙලා තියනවා....
හරියට ,අලි ගැට පේර එන්න එන්න සාරවත් බවින් අඩුවට හැදුන ඒව වගේ වෙලා.
කාලයෙන් කාලයට ලෝකයේ , බටහිර - ආසියාතික,හෝ රටින් රටට , හෝ පුද්ගලයාගෙන් පුද්ගලයාට වුනත් ගැහැණියගේ ෆිගර් එක ලස්සන වෙන විදිහ කොච්චර වෙනස් වෙනව ද?
@සොඳුරු සිත
ReplyDeleteමං පුනම් ගෙන් අහලා කියන්නං.
තව පැය කීපයයි නේ.
කාගෙන් වත් අහන්නෙ මොට ද? තමන්ට ලස්සන ෆිගර් එක දන්නෙ තමන්...
ReplyDeleteකතන්දරට අවවාදයක්, වැඩිය අලි ගැට පේර කන්න එපා . කොලොස්ට්‍රෙරෝල් වැඩියි..පූනම් පොලිසියට අරන් ගිහින්...
රාම- රාවණා යුද්ධයෙන් මෙදා සැරේ කවුරු දිනයි ද?
සීත වෙනුවට “ පූනම් ‘ කෙනෙක් ආවෙ කොහොම ද?
@Wath
ReplyDeleteවැඩේ බකල්!
පුනම් ට විරුද්ධව කෝට් රූලින් එකක් අරං.
ඉන්දියන් කාරයෝ පැරදෙනවාමයි!!!
හොඳ වැඩේ.
අනේ කාලේ වනේ වාසේ මෙහෙමත් ඇන්ටිලා....
ReplyDeleteදෑන් ඉන්න ගෑණු රූපය ටිකක් ස්ථුල පෑත්තට බර නිසා පළතුරු හරි යයිද මන්දා....
http://aluthkolla.blogspot.com
ලොල්ය.. අලිගැට පේරත් නරකම නෑ ඉතින්.. :D ඊටත වඩා සිරා ඇතුලෙ පනුවො හිටියම. :D :D කිරි රහට.. නියමයිනෙ.. හික් ය.
ReplyDelete@අළුත් කොල්ලා
ReplyDeleteබලමු, බලමු, ඇන්ටිලා මොකද කියන්නේ ඒ ගැන කියලා.
@සුළඟිල්ල
ReplyDeleteඒ කියන්නේ අලි පේර වල විටමින් ඊ විතරක් නෙමේ, ප්‍රෝටීන් පවා තියෙනවා?
මගෙත් ප්‍රියතම කෑමක් අලිගැට පේර... :D
ReplyDeleteකාපං කසූ කාපං දැං අලි පේර....
ReplyDelete(මැච් එකට කෙලවුණි. මලබාරියෝ අපේ රෙදි හෝදති..)
@කොට ජීවිතේ
ReplyDeleteකාල තියෙනවද, පාන් පෙති වල ගාලා?
@Jeew
ReplyDeleteමලබාරයින් පරදන්නෙමු එන පාර!
නුවර කොහෙද අලිගැට පේර ලාබ. මම එහෙම හිතලා ගන්න ගියාම කොළඹට වඩා රුපියල් දෙකක්වත් ගණං.
ReplyDelete@isthoppuwa
ReplyDeleteමං ඇන්ටි ගෙන් අහල කියන්නං.
පහුගිය දෙසැම්බර්වල නුවර ගිය වෙලේ මං නං ගත්තේ කඩුගන්නාවේ කන්ද මැද්දේ තැනකින්.
ali peera good good
ReplyDeleteඑහෙම බැලුවම අලිපේරත් නිකං රටේ උන්දැලගෙ ෂේප් එකම තමයි. දැං ඔය කෙන්යාවෙ අලිපේර අපේ ඇඹරැල්ල වගේ හැඩේ, එහෙ ගෑනුත් ඒ වගේ. නවසීලන්තෙ ඒව අපේ ඒවගෙ තරං යට ලොකු නැති දිගටි (වැල ) ගතියයි!
ReplyDeleteමැච් එක පැරදීමෙන් ඔට්ටු නොඅල්ලා ලාභ ලැබූ එකම ලාංකිකයා මා විය හැක!
ඉන්දියාව පකිස්තානෙට ගැහුව වෙලේ අපේ "මලයො" මුලු ෆැක්ටරියෙම උන්ට (200 කට විතර ) පෙප්සි දුන්න. දින්නොත් බිරියානි දෙනව කියල තිබ්බෙ. ඉතිං අපි දින්නනං ගෝලයො ටිකට අඩු ගානෙ බිරියානි කෙසේ වෙතත් පෙප්සි 200ක් වත් දෙන්න වෙන්න තිබ්බ චාන්ස් එක (එකම ශ්‍රී ලාංකිකයා හැටියට ) මිස් වීමෙන් රුපියල් දහ දාහක් විතර ඉතුරු කරගත්ත.
තැන්කූ සංග මේ කරපු උදව්ව්ට. අද නොමිලෙ ලන්ච් එකත් ආව. රෙදි ඇඳන් කාල වරෙං!
ඕක හරියන්නෙ නෑ බං, දැං ඉන්නෙ මෙගාවතීල නෙව.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Megawati_Sukarnoputri
අලි පේර කන/බොන තව විදියක් තියෙනවා.
ReplyDeleteගෙඩිය සෝදලා ලෙලි ගහලා,දෙකට කපා ගන්න, ඊට පස්සේ වට්ටක්කා කපනවා වගේ කුට්ටි කපලා උයා ගන්නවා. බොහොම ගුන කෑමක්ලු, හබය් හෑබෑය් සුවන්ද නුහුරු අයට ටිකක් කන්න අමාරුය්.