
ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයැයි මට සිතේ.
මෙය නිකං විහිළු කතන්දරයක් නොවේ. සිරාම සිරා ටෝක් එකකි.
පොඩ්ඩක් සිතා බලන්න.
ලංකාවේ දේශපාලනය අද වැටී ඇති මඩ ගොහොරුව ගැන සුනිල් පෙරේරා තරම් හොඳින් සොයා බලා, විශ්ලේෂණය කර, එය ඉතා සරලව නමුත් ප්‍රභල ලෙස ජනතාව අතරට ගෙන ගිය වෙනත් කෙනෙක් ලංකාවේ අද සිටිනවාද?
සුනිල් පෙරේරා මෑත ඉතිහාසයේ ලියු, සංගීතය, තනුව සකසා ගායනා කළ, රඟ පෑ සියළුම ගීත සහ රංගන සැමෙකක්ම පාහේ පදනම කොට ගෙන තිබුනේ ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව ගැනම නොවේද?
මේ ගැන ඔහු ඉදිරිපත් කළ මතවාදය සමග රටේ බහුතරයක් ජනතාව එකඟ වෙනවා නොවේද?
දූෂිත යැයි පැවසෙන අද දේශපාලනය පිරිසිදු කර ටර නිසි මාර්ගයට යොමු කිරීම සඳහා ජිප්සීස් නායක සුනිල් පෙරේරා තරම් සුදුස්සෙක් නොමැති තරම්ය.
කොටින්ම සුනිල් සොමි පොරකි. නායකයෙකි. රුවුල ද තිබේ.
ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි මා පවසන්නේ එනිසාය.
ඔබ මා සමග එකඟ නම් ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට යන මූණු පොත් (Facebook) අඩවිය හා එකතු වන්න.
http://www.facebook.com/n/?group.php&gid=219679882151&mid=186eb45G28bf1e60G4337077G6
නිර්පාක්‍ෂික සුනිල් පෙරේරා ට ජයවේවා!!!
අපි සුනිල් ට සුනිල් අපි ට!!!
කතන්දරකාරයා
පුරවැසියෙක් වශයෙන් ඕනෑම අයෙකුට ජනාධිවරණයට ඉදිරිපත්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.
ReplyDeleteනමුත් සුනිල් පෙරේරා ජනාධිපතිවූ විගස කාන්තාවන්ට දෙනෝදාහක් පිරිමින් ඉදිරියේ බීමතින් නිර්වස්ත්‍රව නැටීම නීතිගතවනු ඇත.
එය කොල්ලන් වන අපට නියම Chance එකක් නිසා අනිවාර්යයෙන්ම සුනිල් පෙරේරා ජනාධිපති කරමු....... ජය ශ්‍රී.........
පුරවැසියෙක් වශයෙන් ඕනෑම අයෙකුට ජනාධිවරණයට ඉදිරිපත්විය නොහැකිය .
Deleteඑයට සෑම රටකම මෙන් ශ්‍රී ලංකාව තුලද සුදුසු කම් කීපයක්ම සපුරා තිබිය යුතුමය .
අර හොටු අපේක්ශකයට වඩා සිය ගුනයක් වටිනවා
ReplyDeleteදෂුන් මදුසංක වානගුරුගේ සාධක අපේක්ශකයට වඩා දහ ගුනයක් වටිනවා ඔය ඇබ ඇට මොල කෑල්ලට නොතේරුණාට.
ReplyDeleteවනගුරු ඇබ ඇට මොලේට නොතේරුණාට සාටක අපේක්ශකයට වඩා දහස් ගුනයක් වටිනවා
ReplyDeleteAccording to your theory..
ReplyDeleteRohan Gunarathne (head of the International Center for Political Violence and Terrorism Research - Singapore)
is good for Politics or Army (Not for Terrorism :) ).. am I correct Mr. Kathandara ?
මෝඩම මෝඩ කතාවක් නේද?
ReplyDelete"අලි නාවන තඩි වලවල් පාරේ ඇත්තේ මොන රටේද . . .???"
ReplyDeleteඕවා ඇහුවාමනම් මටත් හිතුනා මෙයා ඔය තනතුරට සුදුසුයි කියලා hiks
නියම කතන්දරේ......
ReplyDeleteසුනිල් පෙරේරාට පියල් පෙරේරා අගමැති ලෙස පත් කරගෙන ලහිරු පෙරේරා ලොකු වී එනකල් ජනාධිපති පදවිය දැරිය හැකි ය.
ReplyDeleteGayan perera ban mahaloku editor :P
Deleteඒක එල කතාව එඩිටර් මහත්තයෝ
ReplyDeleteසුනිල් පෙරේරා ජන්දේ ඉල්ලන්න හොදයි තමා.. ඒ මනුස්සයා දින්න කාලේ හෙන වැඩ ගොඩක් කලා කියලා සිංදුවෙන්ම කියනවානේ..
ReplyDeleteමං කිව්වේ සිංනෝරේ සිංදුව ගැන.. (අනේ හරි වචනේ ලියන්න මම දන්නේ නැහැ)
අපේ කෙලීට හොඳනම් පළාත් සභාව සුනිල්ට මොකෑ නරක
ReplyDeleteසුනිල් පෙරේරාට අන්න නියම පොරක්.. මාත් දෙනවා මගේ මනාපෙ පොරට. :D
ReplyDelete