Thursday 10 December 2009

දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල් - Visa on Arrival


සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු කතන්දර කීපයක් තමා මං මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස "අයි ඩෝන්ට් නෝ වයි?" බලන්න මෙතනින්. දන්නවනෙ, ඒ මුල්කොටස මං එඩිට් කළ බව ළමා කෂ්ටියගෙ සිත් සතුටු කරන්න.

දුටුගැමුණු රජතුමා තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම් කියල මං කිව්වනේ. ඒකට හේතුව පොර ගැන අපිට කියල දීල තියෙන, තාමත් අපේ මතකයේ තියෙන කතන්දරයි.

ඕනැම කතන්දරකාරයෙක් කියන්නෙ තමන්ට කියන්න අවශ්‍ය, තමන් කැමති කතන්දර, තමන්ට ඕනැ විදියටයි. එදත් එහෙමයි. අදත් එහෙමයි.

දීපවංස, මහාවංස, චූලවංශ ඔය කොයි කොයි වංසෙ අය වුනත් කතන්දරකාරයෝ කතන්දරකාරයෝ ම යි.

මෙතනදි අපි මතක තියාගන්න ඕනැ දෙයක් තමයි කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන. ඇත්තම කියනව නං මං ඔය කියමන මුලින්ම ඇහැව්වෙ ළමා කාලෙදි අපේ ආච්චිගෙන්. මසුරං කතාව. හැබැයි අර එඩ්වඩ් ජයකොඩි කියනවා වගේ "හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා"!

මං මේ කතන්දරේ මුල් කොටසින් කිව්ව වගෙ අපි නොදැනුවත්වම අමතක කරන සත්‍යයක් තමයි දුටුගැමුණු ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2200 කට විතර ඉස්සරයි කියන එක. ඒ දවස්වල සමාජ දේශපාලනික තත්වය අදින් කොච්චර වෙනස්ද? අද තියෙන සංයුතියේ සිංහල ජනකොටසක් වත් අද ලංකාවෙ කතා කෙරෙන සිංහල භාෂාවක්වත් එදා තිබුණ කියල හිතන එක විහිළුවක්.

ඒ දවස්වල ලංකාව නිකං කටුනායක වගේ. ඔන්න විජය ල එනව, ඊලඟට පඬුවස්දෙව් ල එනව, බද්දකච්ඡායනා ල එනව, පස්සෙ මිහිඳු ල එනව, සංඝමිත්ත ල එනව. හරියට අද සුද්දො, යුරෝපාකාරයො, ඕස්ටේ්‍රලියන්කාරයො, ඇමරිකානුවො ලංකාවට එනව වගේ.

වීසා ඔන් ඇරයිවල්.

ඇත්තටම කියනව නං වීසා තියා "පාස්පෝට්" වත් නෑ. කෙලින්ම ගොඩ බහිනව. සමහර විට "පූස්-පාට්" එකෙන්. සමහර විට "රැස්පොට්" එකෙන්. නමුත් බොහෝ විට "බයි-ෆෝස්" එකෙන්.

මේ කෂ්ටිය ආවෙ මුළුමනින්ම ඉන්දියාවෙන් බව කියන්න ඕනැ නෑනෙ. ඉන්දියාවෙත්, ඒ කියන්නෙ ඒ දවස්වල තිබුනු ජම්බුද්වීපයෙත්, එදා සමාජ දේශපාලන තත්වය අද වගේ නෙමේනෙ. කොහොමටත් ඉන්දියාව විවිධ ජනවාර්ගික කොටස් ඉන්න රටක්. වීසා ඔන් ඇරයිවල් අරගෙන ජම්බුද්වීපයෙ ඉඳල ලංකාද්වීපයට ගොඩබැස්ස විවිධ කොටස් සමහර විට මව් රටේ ඉඳිද්දිම වලි දාගත්තු වලියට බර අය වෙන්න ඕනැ.

ඇයි ඒ මදිවට මෙහෙ හිටපු කෂ්ටිය. සුමන සමන් ල වගෙ උපාසක පොරවල් හිටිය තමා. නමුත් චුලෝදර ල, මහෝදර ල, මණිරක්ඛිත ල වැනි අති බහුතරය කවදත් වලියට බර පොරවල් නේ.

ඒ දවස්වල වලියක් ආවොත් ඔස්ලෝ යන්නෙ නෑ. කෙලින්ම කඩු ෆයිට් තමා.

ඉතිං මට හිතෙන හැටියට වෙන්න ඇත්තෙ මේකයි. විජය ඉන්දියාවෙන් ඇවිල්ල කුවේණිව ඩබල් ක්‍රොස් කරල රටෙන් කොටසක් අල්ලගත්ත. එදා ඉඳල කවදත් එහෙං මෙහෙං වලි තිබුණ රටේ එක එක පැති පාලනය කරපු අය අතර. සුභ සහ යස කොමඩියෙන් පස්සෙ සේන ල ගුත්තික ල වීසා ඔන් ඇරයිවල් අරං ලංකාව ට ඇවිත් රටේ රජකමට සෙට්වුනා.

අවුලක් නෑ, විජය ල, පඬුවස්දෙව් ල ත් කළේ එහෙමනෙ.

ටික කාළෙකට පස්සෙ එලාර සීන් එකට එන්ටර් වෙලා දැහැමෙන් සෙමෙන් ඒ පැත්ත පාලනේ කරන්න පටන්ගත්ත. එලාර රටේ අනෙකුත් පලාත්, ඒ කියන්නෙ, කැලණිතිස්ස ල ගෙ කැලණිය යි, කාවන්තිස්ස ල ගෙ මාගම යි යටත් කරගන්න හැදුවයි කියල නං මං අහල නෑ. කෂ්ටිය සාමකාමී සහජීවනයෙන් ද මොකක්ද එකෙන් ඉන්න ඇති.

අම්මගෙ පැත්තෙන් සීයයි, තමන්ගෙ තාත්තයි තම තමන්ගෙ පාඩුවෙ රජ කරගෙන හිටියට අපේ ගැමුණු කොල්ල පොඩිකාලෙ ඉඳලම ඒකට කැමති වුනේ නෑ.

දන්නවනෙ තාත්තට බ්‍රෙෂියර් යවපු කතාව?

අන්තිමේදි කොහොම හරි පොර ඉස්සෙල්ල රජවෙලා පස්සෙ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය එක් රැස්කරගෙන විජිතපුරය වට කළා. බර අවි යොදා ගෙන සම්ප්‍රදායානුකූල යුද්ධයක් කළොත් සිවිලියන් කැෂුවලිටීස් වැඩි වෙන නිසා එලාරයි දුටුගැමුණුයි ද්වන්ධ සටනක් කරල වැඩේ අවසානයක් කලා.

නමුත් එලාරව පරදල මුළු රටම අල්ලගත්ත කියල වීසා ඔන් ඇරයිවල් වැඩේ නැවතුනේ නෑ. චෝරනාග, මහානාග ල, නිශ්ශංකමලල ල, කන්දසාමි ල විතරයැ ලොරෙන්සෝ ද අල්මේද ල, වී.ඕ.සී ල, ජුසේ වාස් ල, ටොරිංටන් ල,.. ... ...

බුදු අම්මෝ ලැයිස්තුවෙ දිග.

අනික ඔය ආපු අය ආවෙ ට්‍රෑන්ගල් එකයි, බීච් එකයි බලල තැඹිලි ගෙඩියක් බීල ආපහු යන්න නෙමේ.

වීසා ඔන් ඇරයිවල් විතරක්යැ, ඒ දවස්වල ආපු ගමන් ග්‍රීන් කාඩ් එකත් දෙනව!

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ!

දුටුගැමුණු ල ගෙ වැඩ කිඩ ගැන තව කතන්දරයක් දෙකක් තියෙනව. ඒවත් ලඟදීම ලියන්නං.

මෙන්න තුන්වෙනි කොටස:
http://kathandara.blogspot.com/2009/12/3.html

කතන්දරකාරයා

- December 19 සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ සාදයේ දී හමුවෙමු.
http://groups.google.com/group/sinhala-bloggers

18 comments:

  1. එල එල මචං . . නියම විෂ්ලේශනය . . අම්මපා හැබෑට ඔන්න ඔහොම තමයි වෙන්න ඇත්තේ . . .

    ReplyDelete
  2. හැමදාම දුටුගැමුණුව අල්ලගෙන බ්ලොග් එකට කට්ටිය අද්ද ගන්නවා.. ඔහොම යං

    ReplyDelete
  3. අවුලක් නෑ..!! දැන් ඉතින් චන්ද ගන්නෙත් දුටුගැමුනු ව විකුනලනේ

    ReplyDelete
  4. හප්පටසිරි... මරු අයිඩියාස් ටික... ඇයි ඉතිං සාර්ජහාන් මුම්ටාස් ගේ මාළිගේට කිරිගරුඩ මෙහෙන් ගෙනිච්චා කියන්නේ.. එහෙම බලද්දි සෙල්ලන් නෑ... ‍ජාත්‍යන්තර කුමන්ත්‍රණ සේරම..!!!

    ReplyDelete
  5. thamuseta an awilla den thamusege thaththath ohomada danne nee ahala balapan poragen an thiyanwada nethnam mata aawe ara sammane gaththata passeda kiyala

    ReplyDelete
  6. thaamuseta an awella den balanawa thathagen ahala poratath an thiyanwada nethnam mata an thiyenne ara sammane gaththata passeda kiyala

    ReplyDelete
  7. මෙන්න ආපහු පොර වෙලා.
    කතාවෙ මුල පොඩ්ඩක් ආපහු බලන්න

    ReplyDelete
  8. @ Chanaka Aruna M
    ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ!

    @ Mr. Anonymous
    Ekama comment eka depaarak daannae - ohaeta nam අං dekak aethi naeda?

    @Dukaa @Malee
    Thanks for the comments.

    ReplyDelete
  9. නියම පෝස්ට් එක. අපේ සමහර ඇත්තන්ට මහාවංශෙ ත්‍රිපිටකයටත් වඩා ලොකුයිනෙ. ඒ අය තමා ඔය බර බරේ දාන්නෙ. කතන්දර අය්යගෙ පෝස්ට් වලට මම එකඟ උනා හෝ නැතා, හිනා වෙලා ලේ ටික නම් පිරිසිඳු වෙනවා. ඒකම මදෑ. තැන්කූ වේවා.

    ReplyDelete
  10. @ Podda:

    දුක්වෙන්න ඕනැ තරම් හේතු සාධක තියෙන මේ රටේ බ්ලොග් වලිනුත් දුක් වෙන්ණෙ ඇයි? That's my moto!

    තෑන්ක්ස් කමෙන්ට් එකට.

    කකා

    ReplyDelete
  11. අද තමයි නිදහසේ කියෙව්වෙ. ඇත්ත තමයි. ලියන්න. අපි කියවන්නම්.

    ReplyDelete
  12. "සුමන සමන් ල වගෙ උපාසක පොරවල්"
    රටේ මිනිස්සු දේවත්වයෙන් අදහන දේවල් වලට සහාසික ලෙස ගරහන්න එපා. විවේචනයක් තියනව නං ඒක ඔයිට වඩා වැදගත් විදියට කියන්න. එතකොට ඕන කෙනෙක් ඒක ගැන දෙපාරක් හිතයි. මේ විදියට අපහාස කරන කොට ඔයාගෙ ජාතියෙ අය විතරයි පෝස්ට් එක බලන්නෙ.

    ReplyDelete
  13. දොඩන්,

    අදහස් දැක්වුවාට තෑන්ක් යූ වේවා!

    බූදු සාදු මෙහෙ ආවෙ අර වූලෝදර මහෝදර කියන පොරවල් දෙක දාහත්තු වලිය ෂේප් කරන්නනෙ. ඔය කාලෙ වලි ණැතුව සමාදානෙනුත් හිටිය ලංකාවෙ සමහර පොරවල් ඔය සුමන සමන් වගෙ. මං උපාසක කියල කිව්වෙ වීසා නැතුව මෙහෙට ආපු බුදු සාදුට වලි නොදා මල් පුජා කලේ සුමන සමන් විතරක් හින්දයි.

    සුමන සමන් ල දේව කුලේ කෂ්ටිය. හොඳ වැඩ කරපු හින්ද ඒ දවස්වල හිටපු උන් කිව්වෙ අදහන්න ඕනැ පොරවල් කියලයි. මැරුණට පස්සෙ ඉතින් ඇත්තටම අදහන්න පටන් ගත්ත.

    අර අයියනායක, ගලේ බණ්ඩාර, රිටිගල ජයසේන ඔය හැමෝම ජීවත්ව ඉන්න කාලෙ හොඳ පොරවල්.

    රාසිං දෙයියො නං, මුලිං හොඳ පොරක් වුනාට පස්සෙ පෙරුමාල් ල එක්ක සෙට් වුනාට පස්සෙ මිනිස්සුන්ට එපාවුනා. නැත්තං පොරත් අද වෙනකොට දෙයියෙක්.

    හැබැයි එදා වාතයො උනාට, ඒ සූරියප්පෙරුම ලා, කාරියප්පෙරුම ලා, තෙවරප්පෙරුම ලා, ඉලේපෙරුම ලා, දේවප්පෙරුම ලා, සෙන්දුප්පෙරුම ලා අද හොඳ පොරවල්.

    අර වරදරාජපෙරුම විතරයි වාතයා.

    අපේ ආච්චිලත් ඉලේපෙරුම ලා.

    කතන්දර

    ReplyDelete
  14. ආයුබෝවන්ඩ. මම අලුත්. කොහෙන්දෝ මන්ද අන්තර්ජංජාලෙ කරක්ගහනකොට මේ බොලොගයට කඩාපාත්වුනා. ඔය සිද්දිය වුනේ ඊයෙ දවසෙනොවැ. ඉතින් කතන්දර කියෙවුවා, කියෙවුවා, කියෙවුවා. ඇත්තටම මාර ජොලි. හොඳ වැඩක්. ඒත් දැන් තමයි මේ ලිපි ටික කියෙවුවෙ. මේ ගැන මගේ අදහස මේකයි. අපි ඉතින් සිංහල කොල්ලොනෙ. කිව්වට තරහ වෙන්න එපා ඔයාගෙ කතන්දර ෂෝක්, ඒත් මිනිස්සුන්ට (හිටපු සහ සිටින ) කතා කරන විදිහනම් හරි කැතයි නේද? අපේ ශ්‍රේෂ්ට අයට ඔයා කතාකරල තියෙන්නෙ රස්තියාදු භාෂාවෙන්. හරි අපි උදාහරනයක් ගමුකො. අපි අපේ අම්මට, තාත්තට ගරු කරනවනෙ(මමනම් කරනව හොඳේ). ඉතිං අපි එයාලටත් කියනවද "පොර" එහෙම කියල? දැන් තාක්ෂණය දියුණුයි. අපේ කාලෙ වගේ නෙවි. පොඩි උන් පවා මේවට එනව. එහෙම නොතේරෙන පොඩි එවුන්ට අපේ ශ්‍රේෂ්ඨ නායකයො, අතීතය ගැන කියල දෙන්න ඕන මෙහෙමද? අනේ මන්ද සහෝදරය පුලුවන්නම් යමක් ගන්න මගේ මේ සටහනෙන්. හානිය තියෙන්න අනාගතේට. ඔබේ දරුවන් ඔබට "පොර" කියල හඳුන්වනවට ඔබ කැමතිද? අනේ මමනම් කොහෙත්ම කැමති නෑ.
    ඔබට ජය

    ReplyDelete
  15. Malli
    Kathawa nam Gu 7 Wali 1.
    Kisima awasthawaka ape Rate Great rajawarunta apahasa wena widihata wesa katha nam liyanna epa please.
    malli eka Api Ape Sanshuthiyata agaurawa kirimak.
    Thanks

    ReplyDelete
  16. Malli
    Mata Umbe kathawata Mala Panala Inne puthe.
    Kisima Harayak Na. Balu Kathawak. Please oya wage Katha Katha Liyanna Epa ban., mama Jiwitheta me blog eka Balanne na.
    Malli Mama lankawe hitiyanam Umbata Nau Guti Puthe. umba Danne Na Ma gana. Mama Masthan kenek!

    ReplyDelete
  17. ඇනෝ ට සහ ලොලා ට

    විවේචනය හොඳයි, නමුත් ඉතිං ඕගොල්ලන් ගේ අදහස් මට බලෙන් දාන්න බෑනේ. මේ කතාවේ කොතනද වැරදි? පොර කියන වචනේද වැරුද්ද තියෙන්නේ?
    තමුසේ, ඔහේ වගේ වචන සමහරුන්ට හොඳයි, සමහරුන්ට නරකයි.

    තමන් ගේ අදහස් වලට ගැලපෙන්නේ නැති දෙයක් කියන කෙනෙකුට ගහන එක නං මාර තියරියක්. ඔයා හොඳයි ලංකාවේ රජ කමට. අනේ ලොලා ඔහෙටම වෙලා ඉන්න සුදෝ.

    මොකක්ද බං මස්තැන් කියන්නේ?

    ReplyDelete
  18. කතන්දරත් සන්ස්කෘතියට(o type karana hati danne na) බය නෑ වගේ.පොඩි කලේ ගෙදරින් තදේට ඔලුවට විකාර පුරවල නෑ වගේ.wel done!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.