Saturday 14 November 2009

කතන්දර කාරයා පෙම් කවියක් ලියූ වගයි!


ඔය ළමා ගායකයො ඉන්නව නේද? උදාහරණයක් විදියට හර්ෂන දිසානායක වගේ අය. (මට මතකයි ඉස්සර කාලෙ හිටිය රුවන් දල්පතාදු කියල පොඩි කොල්ලෙකුත් ලස්සනට සින්දු කියන.)

ළමා ගායකයින් ට තියෙන එක ප්‍රශ්ණයක් තමයි හැමදාම ළමා කාලෙ ඉන්න බැරි එක. කවුරු කවුරුත් ලොකු වෙනවා නේ. ඉතිං ලොකු උනාට පස්සෙ, අර පොඩි කාලෙ වගේ ළමා ගී කියන්න බැරි වෙනවා තව දුරටත්.

අකමැත්තෙන් වුනත් පෙම් ගී තමයි කියන්න වෙන්නෙ. හැබැයි පරණ ළමා ගී රසිකයින් ට ඉතිං මේක අල්ලන්නෙ නෑ.

අනික උගුරු ගැටේ කැඩිල කටහඬ වෙනස් වුනාට පස්සෙ කියන සින්දු වලින් මේ ගොල්ලන්ව කෙලින්ම අඳුනගන්නත් බැරි වෙනව. ඉතිං ජනප්‍රිය ළමා ගායකයො වැඩිහිටි ගායකයො විදියට වැඩිය නැගල යන්නෙ නෑ. ඉස්සර ජනප්‍රියව හිටපු ළමා ගායකයො වැඩි දෙනෙක් ගැන දැන් දැන් අහන්නවත් නැත්තෙ මේ හින්ද වෙන්න ඇති.

ළමා ගී වලින් පෙම් ගී වලට පනින්න තියෙන පිම්ම ලේසි පාසු පිම්මක් හෙම නෙමේ!

මටත් ඔය වගෙ වැඩක් වුණා. පොඩි කාලෙ සින්දු කියල නෙමේ. කවි ලියල. ඒ කතන්දරේ මෙන්න මෙහෙමයි.

මං තුනේ පන්තියෙදි ලියපු මුල්ම කවිය මිහිර පත්තරේ පලවුනු හැටි ගැන කියපු කතන්දරේ මතකයි නේද? මෙතන බලන්න අමතක නම්.
http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html

ඒ කවිය ලිව්වෙ මුහුදු වෙරල ගැන. ඊට පස්සෙ මං කවි ලියන්න ගියේ නෑ. හයේ පන්තියෙදි ලොකු ඉස්කෝලෙට ගියාට පස්සෙ සිංහල පාඩමට අවුරුද්දකට එක සිව්පද කවියක් විතර ලියන්න උනත් ආයෙත් කවි ලිවීම ගැන සීරියස් උනන්දුවක් ඇතිවුනේ අවුරුදු දාසයේ දී එකලොස් වෙනි වසරෙ ඉගෙන ගන්න කාලෙයි.

අර මීට කලින් ලියපු කතන්දර වලින් කියපු පහේ හයේ පන්තිවල සංසිද්ධි වුන කාලෙට වඩා ලොකු වෙනසක් තිබුණ.

මේ, ටෙස්ටෙස්ටොරන් හෝමෝන ටික ටික මෝරලා ඇවිත් හිතට වද කරන කාලෙ.

කෝච්චියෙ යද්දි එද්දි දකින කෙල්ලන් ගැන අමුතු සිතුවිලි එන කාලෙ.

ආදර සිතුවිලි හොඳටම සිතට වදින කාලෙ වීම.

උදේ හවස කෝච්චියෙ යන එන කොට දකින සම වයසෙ කෙල්ලෙක් ගැන කතන්දරගෙ හිත ගියා. ඉතිං ඒක පාර්ශවික ආදර කතන්දරයක් ඇරඹුනා.

මෙන්න බොලේ දන්නෙම නැතුව කතන්දර අතින් ලියවුනා කවියක්. පෙම් කවියක්. මෙන්න ඒ කවිය.

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය

ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය

මුහුදු වෙරළ ගැන මිහිර පත්තරේට කවි ලියපු කතන්දර කාරයා පෙම් කවියෙක් වුනේ ඔන්න ඔහොමයි. ඔය මුල්ම පෙම් කවිය ලියන කොට වයස කියනව නම් හරියටම අවුරුදු දාසයයි මාසයයි!

මේ කවිය පත්තරේට දැම්මට උන් පල කළේ නෑ!

ඉතිං කතන්දරගෙ මේ මුල්ම පෙම් කවියට වස්තු බිජය සපයපු ඒ බාලිකාවිය ගැනත්, අත් දෙකේ ඇඟිලි මදිවෙන තරමේ ගණනාවක් තවත් මානවිකාවියන් ගැනත් තවත් කවි ටොන් ගණනාවක් ලියවුනා.

ඒ කවි ටීනේජර් අකුරෙන් ලියපු පරණ ඇක්සයිස් පොත් ටික විතරක් තාම මා ලඟ තියෙනවා!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා හමුවෙමු.

10 comments:

  1. හික් හික් කතන්දර කාරයා අයියා නරකම නෑ නේ.. මොකෝ මේ ආයේ දෙ.19 අම්බෝ... මාසෙකට වැඩිනේ?

    ReplyDelete
  2. කතන්දරේ මේකත් පොඩ්ඩක් බැලුවනං...! :)
    http://lishwish.blogspot.com/2009/11/blog-post_14.html

    ReplyDelete
  3. මගෙ ලඟත් ඔය වගේ ඒක පාර්ශවීය පෙමකට ලියපු කවි ගොඩක් තියෙනවා............

    ReplyDelete
  4. katandara kaarayaagea preamaya . . . ela ela . .

    ReplyDelete
  5. දෙයියනේ මම ඉස්සර මුල්ම පෙම් පතට ලීවේ ආවාට තිබුනට නිසසල සඳමත එය හරි ප්‍රියංකරයි...කියල.

    මගේ මූනේ හරියට කුරුළෑ ඒ කාලේ ...මම ලව් වැඩ වලින් හැමදාම පරාදයි...

    ඒකට කමක් නෑ

    මෙන්න මම අලුත් කතාවක් ලියල තියෙනවා. දැනටමත් හොඳ හොඳ ප්‍රතිචාර වැටිලා තියෙනවා මෙතනට යන එන අයගෙනුත්...

    Comment by හෂිත on November 14, 2009 6:39 PM
    මේක කියවන කොට මතක් වෙන්නේ බර්ටි බී කුඩාහෙට්ටි ගෙ 'සමනල්ලු සහ මැෂින් තුවක්කු (1979).

    Comment by malee_msg on November 14, 2009 9:33 PM
    ඇත්තම කියනවා නම් මට මේක ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ.. හකාවතී ඇත්තටම අපිව ගොළු කරනවා.

    Comment by Palitha on November 15, 2009 12:26 AM
    නියමයි නියමයි..! ඔහොම යං..
    හැබැයි මැජිකල් රියැලිස්ම් පැත්තට යනවනම් තවත් හොදයි..!

    Comment by Vasilissa on November 15, 2009 2:48 AM
    ප්‍රශ්න කරනවා , විශ්ලේෂනය කරනවා මුළු system එකම...

    BUNTI on November 15, 2009 7:16 PM
    marayi machan?
    meka liyana oya kawuda manda
    but this is simply brilliant........

    ඇවිල්ලම බලන්නකෝ
    http://teraki.blogspot.com/2009/11/on-line.html

    ReplyDelete
  6. mage ratakaju kaviya matak una...

    kochchiye yana kello gena kavi liyanawa kiyapu nisa...

    hehe.... :D :D

    ReplyDelete
  7. මට තියනව ලොකූ ගැටළුවක්, කතන්දර අයියෙ, ඔය ගෑනු ළමයත් දැන් මෙඩ්ඩියෙක් ද? නැත්නම් දැන් ඩොකියෙක් වෙලාද? හෙ හෙ අයියාගෙ කෙල්ලො ඔක්කොම සැර බ්‍රයිට් සීන් නෙ

    ReplyDelete
    Replies
    1. මං වන්න තරමින් ඇය දැන් රසායනවිද්‍යාඥවරියක්.

      Delete
  8. Kathandaree real jokiya..hehehe

    kawi weda karapu welawal ehema nedda aiye?

    ReplyDelete
  9. ඒ කෙල්ලගේ හදවතේ පල කොර ගන්නත් බැරි උනාද ......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.