Friday 7 August 2009

ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! මගේ බ්ලොග් එක උස්සලා!

අද අන්තිම ජොලි දවසක්.

මගේ බ්ලොග් එක උස්සලා කියල දැනගන්න ලැබුනා. ඉස්සුව විතරක් නං මදෑ. කොලම් එකක් විදියට මාසික සඟරාවකත් අරං. මෙතන කිසි අවුලක් නෑ. ලස්සනට මගෙ නමයි, බ්ලොග් එකේ URL එකයි දාලා තියෙනවා.

ගිහිං බලන්නකෝ මෙන්න URL එක: http://sannasa.net/27.pdf

මං නොදැන උනාට මොකෝ, මේක හරිම ෂෝක් වැඩක්. ඒකයි ප්‍රීතියි, ප්‍රීතියි කිව්වෙ. සන්නස කාරයාට ජයවේවා. මිනිහා කොහොමටත් අපි වගෙ අයට තැන දෙන හොඳ පොරක් කියලයි ආරංචිය.

මට තියෙන්නෙ එක ප්‍රශ්ණයයි.

සන්නස සඟරාවට දිගටම කතන්දර බ්ලොග් එකෙන් උස්සලා දායිද? නැත්තං මේක වන් ඕෆ් එකක් වෙයි ද කියන එකයි.

කොහෙම උනත් දැනටම කතන්දර කාරයාගෙ කොම්පියුටරේ කතා තිස් ගානක් (30+) තියෙනව. ඔක්තෝම්බර් යනකං අඩුවක් නැතුව දාන්න සතියට දෙක ගණනේ.

මගේ බ්ලොග් එකට සන්නසෙන් සපෝර්ට්. මගෙනුත් මෙන්න සපෝර්ට් එක.

සන්නස වෙබ් අඩවිය මෙන්නඃ http://www.sannasa.net/

සන්නස අවුරුදු පහක සඟරා බලන්න යන්න මෙතෙනටඃ http://sannasa.sinhalajukebox.org/

ඉදිරියටත්, සන්නස කාරයාට ඔන්නං කතන්දර කාරයාගෙ බ්ලොග් එකෙන් හොඳ කෑලි ගත්තාවෙ. මට මොකෝ.

මේ සයිබර් අවකාසෙට මේ කතන්දර දාන්නෙ බදාගන්න නෙමේ බෙදාගන්නනෙ!

(ඒ අන්තිම කෑල්ල මං වෙන තැනකින් - http://www.boondi.lk/ - උස්සපු එකක්, හික්!)

15 comments:

  1. Ravaya has flicked some of my posts too. It isn't an issue for me, but not done. Unlike us they do a business. We provide free and quality content for them. The least they could do is to inform us.

    ReplyDelete
  2. උන් හොඳයි මචං, අනිත් අය උස්සන්නේ Credit නැතිව.

    ReplyDelete
  3. "සන්නස සඟරාවට දිගටම කතන්දර බ්ලොග් එකෙන් උස්සලා දායිද?"

    උස්සලා කියලා කියන්න බෑ නේද මේක ඒ වුණාට?

    ReplyDelete
  4. එල එල
    ජය වේවා කිව්වා එහෙනම්

    ReplyDelete
  5. good luck macho . . . . Congrats !

    ReplyDelete
  6. කෙහොම නමුත් උපුටා ගැනීම කියල දාල තියනවනෙ. පසුගිය සතියක මං ලියපු ලිපියක් ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවියක් විසින් ගෙඩි පිටිං කොපි කරල තිබුනා. හැබැයි මගේ නම දාල තිබුනා. මං මගේ වෙබ් අඩවියට ලින්ක් එකක් දාන්න කිවුවම ලිපිය අයින් කරල තිබ්බා.

    ReplyDelete
  7. නම දානවනම ලින්ක් එක දානවනම එක copyright නිතිය යටතේ අව්ලක් නැ...

    ReplyDelete
  8. හික්! අපේ පෝස්ට් කවුරු උස්සනවද දන්නෙ නෑ. ඇත්තට කොහොමද සන්නසේ ඕක තිබුණය කියල හොයාගත්තෙ?

    ReplyDelete
  9. ප්‍රීති! ප්‍රීති !! ප්‍රීති!!!

    ReplyDelete
  10. නියමයි..! නියමායි.. නියමායි...!

    ReplyDelete
  11. Kathadara machan,
    Karunakarala podi podi images add karanawada blog posts walata. ethakota apita puluwan dingak attractive widihata FB eke share karanna.

    Mokek hari liyana ewuwa ussala damanawa kiyanne, Jayagrahanayak!

    ReplyDelete
  12. Mokakda ban Elephenthouse ad ekak nam thiyanawa :\

    ReplyDelete
  13. අපි නොදන්න - මොනරතැන්න කිව්වලු හෙහ් හේ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.