Wednesday 23 May 2012

ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) - Eliyakanda Torture Camp


සමහරවිට ඌරොත් අඬනවා ඇති.

ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.

වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.

එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.

මම ඊරියක් සේ ඇඬුවෙමි.

මට එලෙස ඇඬුණේ රෝහිත මුණසිංහ ලියූ "එළියකන්ද වද කඳවුර" පොත කියවද්දීය.

එළියකන්ද වද කඳවුර වනාහී 1989-90 කාලයේ මාතර ප්‍රදේශයේ තිබූ කූප්‍රකට වධකාගාරයකි. ජවිපෙ යැයි සැක කළ අය රඳවා තබාගෙන දෙතිස් වධයට ලක් කළ, මැරූ, නොමරා මැරූ හිර කඳවුරකි.

ඇමෙරිකානුවන් පවත්වාගෙන ගිය අබූග්‍රේ සහ ගන්තනමෝ වධ කඳවුරු ගැන විවිධ මාධ්‍ය ඔස්සේ අප අසා ඇති වුවද, ඊජිප්තුවේ පවත්වාගෙන ගිය වධකාගාර ගැන අප බොහෝ දෙනෙකු තවමත් නොදන්නවා විය හැක. ඒ ආකාරයටම, බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.

එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.

1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.

2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.

3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.

4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.

5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.

කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.

ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.

තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.

එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.

දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.

-කතන්දරකාරයා

ප/ලි:
නැවත කියමි. දුබල සිත් ඇත්තන්ට නොවේ!

ප/ප/ලි:
මේ වධකාගාර භූමියේ දැන් ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකි.

(image: http://rmunasinghe.voila.net/)

263 comments:

  1. හෙහ් ..හෙහ්..සෑර්, ඔය වගේම වධකාගාරයක් කොලඹ ලෝ පැකල්ටියෙත් තිබුනයි කියල කියනව නේද? ඒ කොහොම වුනත් අර ප්‍රා, කහ බල්ලු වගේ රාජ්‍ය-පාක්ෂික මිනීමරන හමුදා එදත් අදත් තිබේ නම් වදකාගාරත් ඇති. ප්‍රා කියන මිනීමරන කන්ඩායමේ එකෙක් ලීවා නේද "නොමියෙන දෙවිවරු" කියල ආටිකල් වගයක් ලංකාදීපෙට?

    ReplyDelete
    Replies
    1. කතන්දරකාරයා පොන්නයෙක්ද?

      Delete
    2. ලංකාදීපෙ නං බැලෙන්නෙම නෑ!

      Delete
    3. // කතන්දරකාරයා පොන්නයෙක්ද?

      මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් ප්‍රශ්න අසන්නාගේ අමන කම පම්ණක් පෙනේ. බ්ලොග් වල ප්‍රශ්න ඇසිය යුතුමය කියා නීතියක් නැත. ඇසීමට තරම් ප්‍රශ්නයක් නැතිනම් ප්‍රශ්න නො අසා සිටිමේ අවස්ථාව ද ඇත.

      Delete
    4. // කතන්දරකාරයා පොන්නයෙක්ද?

      ""මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් ප්‍රශ්න අසන්නාගේ අමන කම පම්ණක් පෙනේ. බ්ලොග් වල ප්‍රශ්න ඇසිය යුතුමය කියා නීතියක් නැත. ඇසීමට තරම් ප්‍රශ්නයක් නැතිනම් ප්‍රශ්න නො අසා සිටිමේ අවස්ථාව ද ඇත.""

      මේ ප්‍රශ්නය ඇසීම අමන කමකට සිදුවූවක් නොව කතන්දර කාරයාගේ ලිපිවලින් ගම්‍ය වන ඔහුගේ පෞරුෂය මේ ආකාරය. කතන්දර කාරයා තේරුම ගැනීමටනම් මේ ප්‍රශ්නය පළමුව නිරාකරණය කරගත යුතුය.

      Delete
    5. අනේ මේ ඇනෝටත් (May 24, 2012 12:44 AM) තියෙන ප්‍රශ්ණ....!!!

      පව්!

      Delete
  2. Ekale rajkam karapu ayage putha thamai kiyanne evani yugayak navatha arabanava kiyala.Ema dinawala paraval aine,gangavala thibuna mini dakka eva mathak veddi thamath age hirigadu pipenava.

    ReplyDelete
  3. I don't want to read,..But should buy one and keep ....

    ReplyDelete
    Replies
    1. දුබල සිත් ඇත්තී!

      Delete
    2. මේ දුබල සිතැත්තිය උන්නේ බටලන්දට ලඟම ගමක . ත්‍රිමා විතානලා ගේ මලගෙදරට දවසේ අපේ ඉංග්‍රීසි පන්තියේ සර් අපිව ගෙදර යැව්වා . කැළණි ගඟේ අපේ ගෙවල් හරියේදී මිනි හත අට එකට ගොඩ ගැහුවා . ගෙවල් පැත්තේ පාලමක් ළඟ රෑට වෙඩි සද්ද ඇහුනා . දහම් පාසල් ගිහින් එද්දී කැළණි ගඟේ මිනියක් පාවෙනවා ඇහැටම දැක්ක . මි හරකෙක් වගේ කලුයි .ඉදිමිලා . අපි ගඟේ නෑවේ නෑ ඊට පස්සේ . කාලයක් යනකම් මාළු කෑවේ නැහැ . ඒ මිනි මුහුදට යන නිසා . මන් ආසාවෙන් එකතු කල සෝවියට් දේශය සඟරා ටික සමගම මන් ඇඳලා තිබුන ලෙනින්ගේ ලස්සන පින්තුරය පිච්චුවා . දැන් මට ඒ වගේ චිත්‍ර අඳින්න බැහැ . තව විස්තර ඕනද .

      Delete
    3. එසේ කීවේ අපහාසයට හෝ උපහාසයට නොවේ. සිත රිදුණානම් සමාවෙන්න.

      Delete
    4. බින්දි අක්කය වගේ ඒ කාලේ අද්දැකීම් මටත් එමට තියේ. ඒකාලේ මම ගොඩක් පුංචි හින්දා ඒවා සිද්ධි විතරයි... දැන් ඒ ගැන මතක් වෙද්දියි වේදනාව දැනෙන්නෙ....

      Delete
  4. කියවලා දැනගත යුතු පොතක් කියලා හිතෙනවා. කියවන්ට පුලුවන්වෙයිද දන්නේ නම් නෑ. ඒත් කියවන්ට උත්සාහ කරනවා අනිවාර්යෙන්ම. The Boy in the Striped Pajamas , The Diary of a Young Girl , Schindler's List , Mila 18 ,Holocaust වගේ පොත් කියවලා තියන එකේ මේ පොත කියවන්ට පුලුවන් වෙයි කියලා හැඟීමකුත් තියනවා.

    මට ප්‍රශ්න දෙකක් තියනවා.

    1. ඊරියක් අඬන හැටි කවුරු හරි දැකලා තියනවද?
    2. වැලපින්නක් වැලපෙනවා කවුරු හරි දැකලා තියනවද?

    ReplyDelete
    Replies
    1. 1)ඊරියෝ සහ ඌරෝ අඩනවා දකින්න පුලුවන් උන්ව මසට මරන්න කලින් පොලුවලින් ගහන තිරිසන් ක්‍රියාදාමයේදී

      2)වැලහින්නියෝ අඩන එක කැලේ යන මිනිස්සු අහන්න නොලැබෙන්නම කියලා ප්‍රර්තනා කරන සද්ද වලින් එකක්

      Delete
    2. / ඊරියක් අඬන හැටි කවුරු හරි දැකලා තියනවද? /

      ඊරියො අඬන හැටි දකින්න ලැබෙනවා මෙල්බර්න් පැත්තෙ යන කොට

      Delete
    3. ඒ කියන්නේ ලංකාවේ ඉන්නේ ඌරෝ විතරයි කියන එකද? Hikz

      Delete
    4. සමනල්ලුත් දැන් කඩේ යනවනෙ.

      Delete
    5. ඔව්, ඔව්! මේකට කියන්නෙ Interspecies Collaboration කියලා

      Delete
    6. මම බැලුවා The Boy In The Striped Pajamas මූවී එක ගිය අවුරුද්දෙ. මාරයි. තමන්ව වුනාම තමයි දුක සහ අමාරුව දෙකම, නේද?
      henryblogwalker the Dude

      Delete
    7. ඇනෝලා දකින්නෙම ඇදක්මනේ එයලගෙ කතා දැක්කම නම් ඇඬෙන්නෙ නැහැ හිනායනවා සමනලී :)

      සදාම් හුසේන්ගේ වධකාගාරෙන් බේරිලා ආව මයාඩා පොත මම ලඟදි කියෙව්වා. ඒකත් කියවන්කොට හරිම දුක හිතෙනවා..

      Delete
    8. කතා අන්දරේ23 May 2012 at 13:23

      //ඊරියක් අඬන හැටි කවුරු හරි දැකලා තියනවද?//

      ඊරියක් අඬන හැටි කෙසේ වෙතත්, වලව් උෂ්ණෙ ගහපු ඊරියක් ගොන් විදියට තප්පුලන හැටි නම් ඔය පේන්නෙ අපූරුවට හිකිස්....

      Delete
    9. මඩ ගැසීම ගැන:

      මඩ ගැසීම උපහාසාත්මක විය යුතුය. අපේ මඩ උපහාසාත්මකය. (හරි නම් මඩ ගහන කෙනා තම නමින්ම මඩ ගැසිය යුතුය. එහෙත් අපි ඇනෝ විදියට මඩ ගහන්නේ අපිට මඩ එන එක වලක්වා ගැනීමටය.) අපහාසාත්මක මඩ ගැසීම කැත වැඩකි. ඉහත ඇත්තේ අපහාසාත්මක මඩ ගැසීමකි. මඩයකු වශයෙන් ඊට මගේ විරෝධය දක්වමි.

      මීට,

      මඩ කරියා.

      Delete
    10. ස්තුතියි පොඩි කුමාරි මේ පොත් ගැන ඔත්තුවට. මං හොයාගෙන කියවන්නම් ඉඩ ලැබෙන විදියට.

      Delete
    11. 20 years in a desert jail කියන පොතත් සෑහෙන්න දුක හිතෙන පොතක්... සිංහල පොතේ නම නම් මතක නෑ සමහර විට මලීකා වගේ නමක් ඇත්තේ... අරාබිකරයේ රටක ගැහැණු ලමෙක් කුඩා කාලේ ඉඳලා වඳ විඳලා තමාගේ පියා වන "කර්නල් අවුෆර්" නැමැත්තා නොකරන ලද වැරද්දක් හේතුවෙන් බිම්ගෙයක තමන්ගේ සහෝදර සහෝදරියන් සමග විඳි දුක් ගැහැට ගැන ලියවුනු පොතක්... තනි තනි හිර කුටි වල තමන්ගේ සහෝදරයව නොදැක හඬ පමණක් අසමින් අවුරුදු 20 හිටිය විදියයි වින්ද වදයි සීරුවට විස්තර කරලා තියෙනවා...

      Delete
    12. ගැමියා,
      20 years in a desert jail නං කියෙව්වා. ඒත් මට බල කල නිසා. ඒ වගේ පොත් මට වැඩිය කියවන්න හිතෙන්නෙ නෑ. අන්තිමේ හොඳ හින්දා කියෙව්වා....
      ......

      නීතා නෝනා,

      අර පොත වගේම මට දීලා කියවන්න කියපු පොතක් මයාඩා. ඒක නං කියෙව්වෙ නෑ. කියවද්දි බැහැලම කියෝන හන්දා මේ වගේ පොත් වලින් දැනෙන වේදනාව වැඩියි. හැබැයි පොත තාම ගෙදර තියෙනවා. දැං ඉතිං කියවනවද නැද්ද?

      Delete
    13. ළඟින් නිදාගෙන ඉන්න කෙනා කව්ද කියලා බලන්නැතුව පයින් අනින නරක පුරුද්ද ඇරුනම වෙන වැරැද්දක් නම් මට පේන්නෑ කුමාරිහාමිගේ.

      අනික ඹ්නැම මනුස්සයෙක්ට තියෙන සිවිල් බලය තමන්ගේ උශ්ණත්වය අඩු වැඩි කරගන්න පාවිච්චි කරන ලොකේ කුමාරිහාමිත් ඒක කලත් අවුලක් තියෙනවද?

      කව්රු කෝම කිව්වත් වලව්වපැත්තෙ ඔය ඇනෝලා ඇවිල්ලා බලන්ඩකෝ.... හිතට ඇල්ලුවොත් වලව්වෙ කුමාරිහාමිගෙන් උම්මා එකක් එහෙමත් ගන්ඩ පුලුවන් වෙයි.

      - මීට උම්මා බලාපොරත්තුවෙන් සිටින අහිංසක ඇනෝවෙක්.

      Delete
  5. 1971ත් තිබිලා තියනවා ඔය දේවල් එදවස්වල කරවනැල්ලේ පොලිසියක් තිබිලා තියනවා. එ ඉස්සරහ කොස් ගහක එල්ලලා තියනවලු හම ගහපු කොල්ලො.

    ReplyDelete
    Replies
    1. කරවනැල්ල පාලම උඩ රතු පාටට මිනිස් රූප ඇඳිල තිබුනලු 1971දි. හැබැයි වෙඩ් තිබ්බා - මැරුවා. වද දීම් ගැන අහන්න තිබුනෙ නෑ, ප්රශ්න කරපු අවස්ථාවලදි ඇරෙන්න. 71ට වඩා 89 දරුණුයි. වෙනස කාල වකවානුව පමණයි. මී ළඟ එක (අනේ එන්න එපා එහෙම එකක්) අනිවාර්යයෙන් තවත් දරුණු වේවි.

      Delete
    2. ට්‍රැෆික් ඇනෝ, තරහ නැත්නම් පොඩි නිවැරදි කිරීමක් කරන්නම්, 71 දී ත් 88-89 වගේම සංහාරයක් සිදු වුනා, එය ඉතාම මිලේජ්ජ විදියට සිදු වුණා, 88-89 එය වඩාත් තිවුරව සිදු වුණා, 88-89 මුලික ඉලක්කය වුනේ සන්නද්ධ (දේශප්‍රේමින් යයි හදුන්ව ගත්) අංශය , රාජ්ජය සන්නද්ධ අංශ විසින් අසීමාන්තිකව මර්ධනය කිරීම, හැබැයි මර්ධනය කල යුතු අයව තීරණය කලේ දේශපාලකයන් සහ ඔවුන්ගේ සහ පිරිවර.

      Delete
    3. මේ පොතේ කියවෙන සිද්ධිවලට පොලීසියේ (සාමාන්‍ය) සම්බන්ධය අඩුයි.

      Delete
  6. මම නම් කවදාවත් ඔය පොත කියවන එකක් නෑ.... ඔය කාලෙ සිදු වෙච්චි දේවල් ඇස් පනා පිටම දැක්කා, වින්දා.... යාන්තම් මගේ තාත්තගෙ පණ රැකුණා.... ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ ඔය කියන විදියට දුක් විඳලා මිය ගිය මිනිස්සුන්ගෙ පිච්චෙන මිනී කඳු අතරින්..... ලයිට් දාන්න බැරි නිසා ජීවිතේ තීරණාත්මක විභාගවලට පාඩම් කළේ ඇඳන් යට ඉඳගෙන ඇඳ වටේ කාඩ්බෝඩ් පෙට්ටි වලින් ආවරණය කරගෙන, ටෝච් එළියෙන්.... ඒ මතකය ඇති හොඳටම.....

    ReplyDelete
  7. ‍කොටි පාලන ප්‍රදේශ වලත් තිබුණා.මානුශික මෙහෙයුමෙන් අල්ලගත්තට පස්සේ ඒවාගේ පිංතූර පත්තර වලත් පල වුණා.(මිනිහෙකුට හිටගන්න වත් බැරි කුඩා සිරකුටි වගේ ඒවා) චැනල් ‍ෆෝ වලට ගියා ද මන්ද.ඔටී නැතිව සාමාන්‍ය රාජකාරි කාලේවත් කවර් කරන්න.

    ReplyDelete
    Replies
    1. මං දැක්කා විස්තර.

      ත්‍රස්තවාදියෝ ත්‍රස්තවාදී වැඩ කරන බව අහන්න දෙයක්ද?

      රජය තියෙන්නේ නීතිය හා සාමය පවත්වාගෙන යන්නයි. වරද කළ අය සොයා නඩු අසා උසාවි තීරණ ක්‍රියාත්මක කරන්නයි.

      Delete
    2. ත්‍රස්තවාදය මර්ධනය කල හැක්කේ එය මහ පොළවේ කල හැකි ආකාරයටය. ඒ මිස බොරු යුටෝපියන් ක්‍රමවලින් නෙමේය. (මම මේක කියන්න හිතුවේ, අර සාකච්ඡා මගින් සාමය උදා කර ගත යුතුයි වගේ දේවල් කියපු කට්ටියක් හිටපු කාලෙ, අපිට, "කොටි සටන් විරාමය උල්ලංඝනය කලාට හමුදාව සටන් විරාමය උල්ලංඝනය නොකල යුතුයි" වගේ තර්ක අසන්න ලැබුනු නිසාය. ඒ තර්ක ගෙනාවේ හමුදාවේ දෑත් බැඳ තැබීමට මිස වෙන දේකට නෙමේය.) තමන්ගෙ පොඩි සොෆ්ට් කෝර්නර් එකක් තියෙන ත්‍රස්ත කල්ලි මර්දනය කිර්‍රිමට බොරු යුටෝපියන් ක්‍රම අනුගමනය කළ යුතු යැයි යෝජනා කරන අය එසේ කරන්නේ මේ තෝරා ගත් ත්‍රස්ත කල්ලි රැකීමට මිස වෙන දේකට නෙමේය.

      Delete
  8. "එලියකන්ද වදකදවුර " කියන පොත කියවන අය ඒකත් එක්ක සමගාමීව කියවිය යුතුම පොතක් තමයි"රංගල ප්‍රේමේ"කියන පොත....

    ReplyDelete
    Replies
    1. කරුණාකර ඒ පොත ගැන විස්තර දෙන්න.

      Delete
    2. http://rmunasinghe.voila.net/5.html

      Delete
    3. ස්තුතියි.
      මං ඊයේ ඔය සයිට් එකට ගියා. පින්තූරේ ගත්තෙත් එකෙනේ. ලිපියේ තුන් තැනක ඒක ලින්ක් කරලා තියෙනවා. හැබැයි ඒ කියන පොත මීටර් වුනේ නෑ.
      නැවතත් ස්තුතියි.

      Delete
    4. හෙහ්! හෙහ්!

      මම රෝහිත මුණසිංහ කියලා කෙනෙක් ගැන දැන ගත්තෙත්, එළියකන්ද වද කඳවුර කියලා පොතක් ගැන දැන ගත්තෙත්, රොහිත ගෙ ඔය වෙබ් සයිට් එක ගැන දැන ගත්තෙත්, ඒකට ගිහින් මම දාල තියෙන ලින්ක් එක හොයා ගත්තෙත්, කොටින්ම එළියකන්දෙ වදකාගාරයක් තිබුනු බව දැන ගත්තෙත්, එළියකන්ද කියලා ගමක් තියෙන බව දැන ගත්තෙත් ඔයාගෙ පෝස්ට් එකෙනුයි, ඒකෙ තිබුනු ලින්ක් එකෙනුයි තමා.

      Delete
    5. පොතේ ප්‍රකාශකානම් මතක නැහැ නමුත් කතාවේ අන්තර්ගතය වෙන්නේ කැ‍රැල්ලට සම්බන්ද වෙච්ච ප්‍රධානම නායකයෙකුගේ ජීවිතය වදකාගාරයකදි කෙලවර වෙන ආකාරය
      පොතේ අවසානයේදී ඇති නැති පරතරය නිසා කැ‍රැල්ලට කතානායකයා යොමු උන ආකාරය මැනවින් පෙන්වලා තියෙනවා පොත එක වතාවක් කියවපු කෙනෙක්ට කවදාවත් එහි අවසානය අමතක වේව් කියලා මමනම් හිතන්නේ නැහැ මුල සිට අග වෙනකම් කියවපු කදුලක් නොහෙලපු කිසිම කෙනෙක් නැතිව ඇති මට හිතෙන විදියට,,

      (පොත පිලිබද වැඩි විස්තර ලැබුනු විගස දන්වමි)

      Delete
  9. me boru katha, 89/90 kale jvp eka mardanaya karala rata nidahas kara ganna hamudawa saha ewakata rajaya kala kapakereemata apahasa karanna videsha wala saranagathayo widiyata inna aya gothana katha mewa.

    LTTE eka saha 88/89 kale JVP eka wage kuriru trasthavadayak ekka satan karana kota yam yam sulu siddeen athi una thamayi, habayi sbawikayi. me dewal me widiyata pathru gahanne ratata aadarayak nathi awajathikavadeeyo.

    ReplyDelete
    Replies
    1. මේක කොහෙ හිටපු දේශප්රේ මියෙක්ද යකෝ. කැරැල්ලක් මර්ධනය කරනකොට වද කඳවුරු අනිවාර්ය අවශ්ය තාවක් වුනත් නැතත්, වද කඳවුර අමානුෂිකයි. නින්දිතයි. ඒකට ආවඩන මේ දේශප්රේසමියා කියාගන්නා එකාත් තිරිසනෙක්.

      Delete
    2. මට නං හිතෙන්නේ දේශප්‍රේමියා ඒ ප්‍රතිචරය උත්ප්‍රාස රසයෙන් ලිව්වාය කියලයි!

      Delete
  10. එවන් අතීතය
    යළි නොම එන්නට
    යමක් කළ හැකිද?
    කියනු මැනැවි මට

    කාගෙන් හැළුනත්
    ලේ රතු පාටයි
    දන්න එකම දේ
    ගන්නෙමි සිහියට..

    ReplyDelete
    Replies
    1. මිනිසා මිනිස් කමට ගරු කළ යුතුයි.
      රජය මිනිස් අයිතිවාසිකම් සුරුකිය යුතුයි.

      Delete
  11. වසර කීපයකට කලින් මාත් ඔය පොත කියෙව්වා. ඇත්තටම පුදුම අමානුෂික දේවල් තමයි සිද්ධවෙලා තියෙන්නෙ. මං හිතන්නෙ ඔය දේවල් ගැන තව තවත් පොත පත ලියැවෙන්න ඕනෙ. මෙවැනි දේවලුත් මේ රටේ සිද්ධ වුණා කියල මේ රටේ මිනිස්සු දැනගන්නෙ එතකොටයි. ඔවැනිම වධ කඳවුරකදී ලැබූ අත්දැකීම් ඇසුරින් ලියැවුණු තවත් පොතක් මෑතක දී මට කියවන්න ලැබුණා. ඒ වික්ටර් ගුණතිලකයන් ලියූ 71, 89 මතකයන් නම් පොතයි. පුළුවන් නම් හොයාගෙන කියවන්න. මීට අමතරව බණ්ඩාර වැවගෙදරයන් ලියූ අළුගෝසු සැණකෙළිය හෙවත් ටයර් සෑයේ ඇත්ත කතා නම් පොතෙත් 88, 89 සමයේ අඳුරු මතකයන් ගැන සඳහන් වෙනවා...........

    ReplyDelete
    Replies
    1. මේ පොත් ගැන විස්තරයට ස්තුතියි.

      Delete
  12. අතඩංගුවට ගැනීමෙන් පසු සිදුවුනු නීති විරෝධී ඝාතන වැඩියෙන්ම මේ රටේ වුනේ 71 දි ද, 89 දි ද, 2009 දි ද?

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් 2009 කියල කිව්වනම් ඉවරයිනෙ නිකන් තටමන්නෙ නැතුව

      Delete
    2. නෑ මට එහෙම කියන්න ඕනෙ කම්ක් නෑ. මම එහෙම හිතන්නෙත් නෑ. මම එහෙම හිතනවා නම් මම කෙලින්ම ඒක දානවා මිසක් මම ඔහොම ප්‍රශ්නයක් විදියට දාන්නෙ නෑනෙ. ඒ නිසා මම ආයෙත් අහනවා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවුනු නීති විරෝධී ඝාතන වැඩියෙන්ම මේ රටේ වුනේ 71 දි ද, 89 දි ද, 2009 දි ද?

      Delete
    3. මෙතන කාලයේ ප්‍රශ්ණයක් තියෙන නිසා සසඳන්න බෑ.

      මුලින්ම 1971 කාලය මාසයක් පමණ ඛෙටි එකක්. හැබැයි අත් අඩංගුවට ගත් සෑහෙන පිරිසකට නඩු පවා දැමථමා නේද? කැරැල්ල නඩුවේ වගඋත්තරකාරයින්ගෙන් මිය ගොස් තිබුණේ කීප දෙනයි.

      දෙවනුව 1989 කියන එක 1988 සිය 1990 මුල් කාලය දක්වා පැවතුණා.

      ඊලඟට 2009 කියලා වෙන් කරන්න බෑනේ. මං දන්නා තරමට 1981 සිට ප්‍රශ්ණ තිබුණා නේද? හැබැයි මුල් කාලයේ අත් අඩංගුවට ගත් අයට නඩු දමා වැලිකඩ තියන් හිටියා 1983 ජුලි මරා දමන තුරු.

      Delete
    4. අපිට නඩු දාන්න හදන්නෙ 2009 ඒවාට නිසා 2009 දේවල් ගැන නේද අපි වැඩිය උන්නන්දු වෙන්න ඕනෙ?

      Delete
  13. ඒ කාලේ සජීවීව මේ දේවල් දැක්ක, නිවාස අඩස්සියේ (දෙමව්පියන් පැනවූ) ජීවත් වූ කෙනෙකු හැටියට, දන්නා කියන අය ටයර් සෑයේ දැවෙනු දුටු අයෙකු ලෙස, මේ පොත කියවන්න වීම අතීතයේ හෝරා කිහිපයක් ජීවත් වෙන්න ලෑබීමක් ලෙසයි මා දකින්නේ. එකල අප ඇසූ දුටු දේ යලි මතකයට නගන්නට මේ පොත සමත් වෙයි කියා මට හිතෙනවා. මගේ බ්ලොග් එක ඒ අත්දැකීම් වලින් පුරවන්න එතකොට හැකි වෙයි. කතන්දර ගොඩක් ස්තුතියි මේ කල දැනුවත් කිරීමට. මම අනිවාර්යෙන්ම මේ පොත අදම ගන්නවා.

    ReplyDelete
    Replies
    1. කරුණාකර පොත කියවා හිතුණු දේ සඳහන් කරන්න.

      Delete
  14. හහ්! මේ මම අවුරුදු 4 1/2ක් ගතකල අපේ ආදරණීය හොස්ටල් එකනේ. එලියකන්දෙ හොස්ටල් එකට ඒකාලෙ අපි කිව්වෙ විශ්වයේ ඇති නිදහස්ම ස්ථානය කියල. (මේකෙ අපි නොකරපු දෙයක් නෑ)

    ඉස්සෙල්ලම මේ ස්ථානයෙ තිබුනෙ ගුරු අභ්‍යෘස විද්‍යාලයක්. අවශ්‍යතාවය සලකල බලල පසු කාලෙක ඒක වධකාගාරයක් කලා. ඊට පස්සෙ තමයි රුහුණෙ හොස්ටල් එකක් උනේ. අපි ඒකට ගියේ 2002 මැද හරියෙ. අත්හැරල දාපු එක ගොඩනැගිල්ලක් තිබුන, ඒකෙ බිත්ති වල ලේ පැල්ලම් අපි දකින කාලෙත් තිබුන. ඒ වගේම ඒකෙ හොල්මන් තිබුන කියල කතාවකුත් තිබුන. මෙන්න හොස්ටල් එක ගැන ජෝතිෂලංකාගෙ ලිපිය.

    ReplyDelete
    Replies
    1. රාජ් ලිව්වා නේද අර වතුර ප්‍රශ්ණය ගැන කතාව?

      Delete
    2. සුපිරි මතකය!

      Delete
  15. කොළඹ නීතී පීඨයේ තිබ්බ වදකාගාරය ගැන ලංකාදීප දියත අතිරේඛයේ තවමත් පල වෙනවා, ලිපි පෙලක්.

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තුතියි, ඉරිදා පත්තරේ නේද?

      Delete
    2. ඔව්, ඉරිදා ලකාදීපයත් එක්ක නිකුත් වෙන "දියත" අතිරේකයේ.(ඒකේ පල වෙන්නේ දේශපාලනයට සම්බන්ධ ලිපි)කොටස් වශයෙන් පලවන ඒ ලිපියේ නම "රටක් හැඬවූ භීෂණ සමයක උපත".

      තව කාරණයක් කියන්න ඕනි.දියතේ ඔය ලිපි පෙල පලවන්න කලින් රෝහණ විජේවීර ඝාතනය ගැන ඔය විදියෙම ලිපි පෙලක් පල වුණා.ඒකෙත් ඔය මිලේච්ච වදකාගාර ගැන විස්තර තිබ්බ.

      Delete
    3. මෙන්න කොළඹ නීතී පීඨයේ තිබ්බ වදකාගාරය ගැන චම්පක රණවක ඒකාලේ ලියපු ලිපි ටික.

      http://www.champikaranawaka.com/common/pdf/paper_articles/amu_sohonaka_vilangu_laa_01.pdf
      http://www.champikaranawaka.com/common/pdf/paper_articles/amu_sohonaka_vilangu_laa_02.pdf
      http://www.champikaranawaka.com/common/pdf/paper_articles/amu_sohonaka_vilangu_laa_03.pdf
      .
      .
      ආදී ලෙස 17.pdf දක්වා.
      .
      .
      http://www.champikaranawaka.com/common/pdf/paper_articles/amu_sohonaka_vilangu_laa_17.pdf

      Delete
    4. ආඃ කව්ද මේ බබා. ඔයා ඔය ලිපි ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්න බැලුවද? චම්පික සමහර ලිපි දැන් අයින් කරලා. ඕගොල්ලො තාම චම්පිකව අඳුරන්නෙ නෑ.

      Delete
    5. කලබල වෙන්න එපා, චම්පිකය තාම ඒව අයින් කරල නෑ, ලෝඩ් වෙන්නෙ නැති ලින්ක් වල අන්තිමට තියන .pdf කියන එක .PDF කරන්න, පොඩි ටෙක්නිකල් ඉශූ එකක්.

      "AnonymousMay 24, 2012 10:54 AM", thanks man, and wondering about "one upon a time Champika" vs "Then Chamika" vs "Now Champika".


      ඇනෝ 11111

      Delete
    6. ආඃ එහෙම තියෙනවානම් හොඳයි. මං හිතා හිටියෙ දැන් ඒවා අයින් කරලා කියලා.

      හැබැයි අපිට ඕවා ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ කමක් නෑ. එයාගෙ රෙකොර්ඩ් ඔක්කොම අපි ගාව තියෙනවා.

      Delete
  16. මගේ කොමෙන්ට් එක තනිකරම කතන්දර ගැන මිසක් ඔය කියන පොතවත්, ඒ කියන දෙවල් ගනවත් නෙවේ.

    කතන්දර තනිකරම කරන්නෙ එයාගෙ මමත්වය පොරක් කියල පෙන්නීම සහ එයාගෙ පොලිටිකල් ඇජෙන්ඩා එක හීන් නූලෙන් පාටකයන්ගෙ ඔලුවට දාන්න හදන එක. සම්මතයට විරුද්ධ උනාම ප්‍රසිද්දිය ලැබෙනවානේ, මෙයාගෙ ගොඩක් කතන්දර එහෙම තමයි.
    වෙලාවකට හාමුදුරුවන්ට "පොර" කියනවා, ඒ කියන හාමුදුරුවො හරි හෝ වැරදි, හරි ඔයාගෙ තර්කය හැටියට, ඒක ඔයාගෙ අයිතිය, ඒත් ඒ අයිතිය එයා එයාගෙ තාත්තට "පොර" කියන්න පාවිච්චි කරන්නෙ නෑනෙ.

    මේ ආටිකල් එක ගැන කියන්න තියෙන්නෙ, "කල් යල් බල" ගහපු ගේමක් කියල, විජයග්‍රහනය කියල මිනිස්සු යන්තම් හමුදාවෙ උන් ආපහු සැරයක් හිතට මතක් කරන කොට, මෙයා දානවා උන්ව එපා වෙන ආර්ටිකල් එකක්. ඔය ක්තාව ඇත්ත වෙන්න ඇති, ඒත් මට හිඅනතෙන්නෙම මේක කතන්දර හිතා මතාම මේ දවස්වල දැම්ම කියල.

    මම කියන එක එහෙම නෙවෙයි කියන්න ඕන තරම් කතන්දර ඕන කෙනෙක්ට කියන්න පුලුවන්, ඒත් ඒක හරියට අපි දෙශපාලුවො හොරකන් කරනවා කියල කියන කතාව වගෙ, අපි දන්නවා උන් හොරකන් කරනවා කියලා, අනිත් පැත්තට උන් මම සම්බන්ද නෑ, පුලුවන් නම් ඔප්පු කරන්න කිව්වාම අපිට පෙන්නන දේකුත් නෑ.

    සමාවෙන්න මම ඇනෝ ආවෙ, මගෙම බ්ලොග් එකක් තියනව, අන්තිමෙ අර සමහර හාල්පාරුවෝ කියනවානෙ, හිට් වැඩි කරගන්න ලොකු පොරවල්ගෙ බ්ලොග් වලට කොමෙන්ට් දානවා කියල, අන්න ඒ කුනුහරුපෙ අහන්න ඕනෙ නැති හින්දා.

    1111

    ReplyDelete
    Replies
    1. //විජයග්‍රහනය කියල මිනිස්සු යන්තම් හමුදාවෙ උන් ආපහු සැරයක් හිතට මතක් කරන කොට, මෙයා දානවා උන්ව එපා වෙන ආර්ටිකල් එකක්. ඔය ක්තාව ඇත්ත වෙන්න ඇති, ඒත් මට හිඅනතෙන්නෙම මේක කතන්දර හිතා මතාම මේ දවස්වල දැම්ම කියල//

      ඕක විරුද්ධාර්ථයෙන් දාන්න උනත් පුළුවන්. AnonymousMay 23, 2012 8:43 AM ට අනුව කතාව අංශක 180කින් වෙනස්. මේ බලන්න
      //අතඩංගුවට ගැනීමෙන් පසු සිදුවුනු නීති විරෝධී ඝාතන වැඩියෙන්ම මේ රටේ වුනේ 71 දි ද, 89 දි ද, 2009 දි ද?//
      එහෙම බැලුවම කතන්දරකාරය යූඇන්පී කාරයටයි පහර දීල තියෙන්නෙ.

      Delete
    2. නෑ මට හිතෙන්නේ ඒ ඇනෝ කියන්න ට්‍රයි කරන්නෙ, ඇත්තටම වැඩියෙන් මැරුවෙ කොයි කාලෙද කියන එක නෙවෙයි මොකද අපි හැමෝම දන්න එකක් ආයි ආයි ප්‍රශ්න කරන එක තේරුමක් නෑනේ, ඒ ඇනෝ කියන්න ට්‍රයි කරන්නෙ 2009 ත් අත්ඩංගුවට අරන් මැරුවා කියලා, ඒ කියන්නෙ, නොකිය කියනවා හමුදාව අත්ඩංගුවට ගත්ත දෙමල කොටි මැරුවා කියන එකනේ, ඕක තියරියක්, මට දැන් නම මතක නෑ, සරලව වෙන්නෙ මෙහෙමයි, දෙයක් කෙලින් කියනවට වඩා, මිනිහෙක්ගෙ ඔලුවට යනවා ඒ මිනිහ තමන්ම තර්කනය කරල ඒ දේම හිතන කොට. 71 හ 89 ඕන එකෙක්ට ඔලුවට එනවා ජේවීපී අරගලය කියල, ඒත් 2009 ගැන ගොඩක් අයට ඒක ඔලුවට එන්නෙ නෑ, ඉතින් හිතනවා.

      මම විස්වාස කරන්නෙ, කතන්දර යූඑන්පී එකට පහර දීල නෑ, එක නිකන් බෝනස් උන්ඩයක් මේ අහක ඉන්න යූඑන්පී වැදිච්ච, ඒත් හරි ටාර්ගට් එක මම හිතන්නෙ මම කිව්ව එක.

      -ඇනෝ 11111

      Delete
    3. නෑ ඔයා මුළුමනින්ම වැරදියි. මම වෙනත් කෙනෙකුට දීපු පිළිතුරේ කිව්වා වගේ මම ආයිත් කියනවා නීති විරෝධී ඝාතන වැඩියෙන් වුනේ 2009 දි කියලා කියන්න මට කිසිම ඕනෙ කමක් නෑ කියලා. මම එහෙම හිතනවා නම් මම එක කෙලිම එහෙම දානවා මිසක් ප්‍රශ්නයක් විදියට දාන්නෙ නෑනෙ. වැඩියෙන්ම නීති විරෝධී ඝාතන වුනේ 2009 දි කියලවත් වෙන අවුරුද්දක කියලවත් මම කියන්නෙ නෑ. මට තියෙන්නෙ ප්‍රශ්නයක් විතරයි. මෙන්න මගේ ප්‍රශ්නය: අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවුනු නීති විරෝධී ඝාතන වැඩියෙන්ම මේ රටේ වුනේ 71 දි ද, 89 දි ද, 2009 දි ද?

      Delete
    4. මට හිතෙන විදියට කතන්දර කරන්නෙ කම්ප්ලෙක්ස් වැඩක්. එච්චරට මෙච්චරයි නම් අච්චරට කොච්චරද කියල ප්‍රශ්නයක් අපේ ඔළුවලට දානවා. ඔය ගේමම තමයි මේ අවස්ථාවේ සරත් ෆොන්සේකාත් ප්ලේ කරමින් සිටින්නේ. සමහරවිට ඒක වඩා සාර්ථක උපක්‍රමයක් විය හැකියි.

      Delete
    5. @ප්‍රශ්න අහන ඇනෝ,
      සමාවෙන්න මම පුංචි බබෙකි, මට ඔය ප්‍රශ්නෙ තේරෙන්නෙම නෑනෙ. ඔයා උත්තරෙ දන්නවාද? දන්නවානම් කියන්න. සමහර විට මගෙ පහෙ ශිෂ්‍යත්ව විභාගෙට අහුවොත් මට එතකොට උත්තර දෙන්න පුලුවනි.
      ස්තූතියි.

      මීට ඇනෝ 11111

      ප්.ලි: හලෝ.. කතී.. අහ් සොරි මෙයා වැරදුනා

      Delete
    6. මම හිතන්නෙ අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවුනු නීති විරෝධී ඝාතන බැලුවාම 89 දි තමයි වැඩියම වුනේ. ඒක සංඛ්‍යාවක් විදියට ගත්තොත් මම හිතනවා 60,000 ඉක්මවනවා. මම හිතනවා 2009 දි මුළු කොටි සංවිධානෙම ගත්තත් 10,000 වඩා කට්ටිය ඉන්න නැතුව ඇති කියලා. ඒ නිසා මොන ඇස්තමේන්තුවෙන්වත් 2009 දි අත්අඩංගුවෙදි මැරුනු ගාන 89 අත්අඩංගුවෙදි දි මැරුනු ගානට වඩා වැඩියි කියන්න බෑ.

      Delete
    7. @ Ano 1111
      අනේ බලාගෙන ඉඳලා වගේ කියන හැටි. ඔයාට පරචිත්ත විජාණන ඥාණය තියෙනවා වගේ.

      ළමයෝ සම්මතයට විරුද්ධ වුණාම ප්‍රසිද්ධ වෙනවා කියලා තමන්ගේ මතය වෙනස් කරගන්නේ මොන මෝඩයාද?

      මං මේ පොත මුලින්ම දැක්කේ සහ රෙකමදාරුවක් මත මිලට ගත්තේ අඵ්‍රියෙල් 15 ඉරිදා දවසේ. කියෙව්වේ මැයි මුල සතියේ දවස් දෙකක් ඇතුලත. කතාව ලිව්වේ ඊට දවස් දෙකකට පමණ පසු. ඔබාගේ මරණය නිසා අදයි දැම්මේ.

      මට මේ විස්තර නොකියා ඉන්න තිබුණා. ඒත් කිව්වේ වැදගත් කියා හිතුණු නිසයි.

      Delete
    8. Q. අනේ බලාගෙන ඉඳලා වගේ කියන හැටි. ඔයාට පරචිත්ත විජාණන ඥාණය තියෙනවා වගේ.
      A. නෑ, ඒත් දෙයක් තේරුම් ගන්න හැකියාවක් තියනවා.

      Q. ළමයෝ සම්මතයට විරුද්ධ වුණාම ප්‍රසිද්ධ වෙනවා කියලා තමන්ගේ මතය වෙනස් කරගන්නේ මොන මෝඩයාද?
      A. හැම මෝඩයම එහෙම නෑ, උගත්කමත් (බුද්ධිය නෙවේ) එක්ක මෝඩ කමත් තියන අය එහෙමයි.

      Q. මං මේ පොත මුලින්ම දැක්කේ සහ රෙකමදාරුවක් මත මිලට ගත්තේ අඵ්‍රියෙල් 15 ඉරිදා දවසේ. කියෙව්වේ මැයි මුල සතියේ දවස් දෙකක් ඇතුලත. කතාව ලිව්වේ ඊට දවස් දෙකකට පමණ පසු. ඔබාගේ මරණය නිසා අදයි දැම්මේ.
      A. පව් ඔබාගෙ මරනෙ විකුනන්න එපා, මැයි 10 ත් පස්සෙ (මුල් සතිය 7 + ලියන්න පෙර දවස් 2 + බෝන දවස් 1) ඔබ කතා හතරක් ලියා පල කර "නැති" බව මා වැනි බිලින්දන්ට නොපෙනේ

      Q. මට මේ විස්තර නොකියා ඉන්න තිබුණා. ඒත් කිව්වේ වැදගත් කියා හිතුණු නිසයි.
      A. නෑ, ඇත්තටම මේක වැදගත්,

      අමතරව, සැනසිලි ත්‍යග, "AnonymousMay 23, 2012 3:05 PM" කොමෙන්ටුවෙන් පස්සෙ ඕන කරන ටර්ගෙට් එක කවර් වී ඇති බව පැහැදිලිය.

      Delete
    9. Sorry, above reply is from "Ano 11111". I couldn't add the name.

      Delete
    10. @ Ano 1111
      මං කතන්දර ලියන සහ පලකරන ක්‍රමවේදය කලින් විටින් විට කියා තිබේ. අවසානවරට මැයි 16 දිනද කිව්වෙමි.

      ඔබ කරන මේ කරන චෝදනාව තේරුමක් නැති එකක්.

      හැබැය මං කතන්දර මගින් මගේ මතය කියන බව නං චෝදනාවක් නෙමේ, මං මේ බ්ලොගය පවත්වාගෙන යන්නේ මට අවශ්‍ය කතා කීමටයි. ඒ බව මා 2009 ජුලි 11 දින පටන්ගැනිමේදීම කීවෙමි.

      "කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං. හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි. මානුෂිකයි. ජාතිවාද නෑ. රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර."

      Delete
  17. මට මතක විදියට රෝහිත මුණසිංහ ඒ කාලේ ඉරිදා ලක්බිම පත්තරේට ලිව්ව. (තවම ලියනව ද කියලනම් දන්නෑ) මම මුලින්ම ඔහුව දැනගත්තේ ඒ ලිපි හරහා. ඊට පස්සෙ මමත් ඔය පොත අරගෙන කියෙව්වා. ඇත්ත, මිනිස්සුන්ට ඒ තරම් පහත් තත්ත්වෙකට වැටෙන්න පුළුවන් ද? 88 - 89 ඔය සිද්ධි වෙනකොට නම් මට ඒ තරම් මතකයක් නෑ. ඒ හැටි වයසකුත් නෑ. පොත කියෙව්වට පස්සෙ මම ගියා එළියකන්දට. එතකොට ඔය කියන හොස්ටල් එක තමයි තිබුණෙ. ඔහු ඒ පොතේ තැනක ස‍ඳහන් කරනව පොල්හේනෙ තිබුණු කඳවුරක් ගැන. එතන නම් දැන් තියෙන්නෙ හොටෙල් එකක්.
    අර කවුද උඩ කමෙන්ට් කරල තිබුණ මේව ගොතපු කතාවක් කියල. රෝහිත මුණසිංහ ප්‍රංශෙදි මේ ගැන මානව හිමිකම් කමිටුවකට පැමිණිලි කරල, ඔහුගෙ ශරීරයෙ තිබුණු තුවාල කැළැල් පෙන්නුවම එතන හිටපු ලේඩි කෙනෙක්ට සිහිය නැතිවුණා කියල ඔහුම සඳහන් කරල තිබුණ. උදාර කියල තිබුණු බණ්ඩාර වැවගෙදරයන් ලියූ අළුගෝසු සැණකෙළිය හෙවත් ටයර් සෑයේ ඇත්ත කතා පොතත් කියෙව්ව. ඒ වගේම හිට්ලර්ගෙ කුප්‍රකට වධ කඳවුරු ගැන ලියපු පොත්වල පරිවර්තන කිහිපයකුත් මම කියවල තියනව. ඒ හැම දේකින්ම තේරුම් ගන්න පුළුවන් එකම දේ, අවස්ථාවක් ලැබුණොත් දරුණු වධකයො වෙන්න සූදානම් මිනිස්සු ලෝකෙ ඕනම තැනක ඉන්නව කියන එක. අද දවසෙත්, මේ අපි අතරත්.

    ReplyDelete
    Replies
    1. ඒ වදකයින්ට ඒ වගේ අමානුෂික ලෙස හැසිරෙන්නත් හේතු තිබුණා. තමන්ගේ අය මරාදැමීම විය හැකියි.

      අර යු ටියුබයේ තිබුණු අම්මා කෙනෙක් අත දරුවෙකුට පහර දෙන වීඩියෝව දැක්කද? වෙනකෙකුට වද දෙන්නේ හොඳ සිහියෙන් නොවේ!

      Delete
    2. \\ඒ වදකයින්ට ඒ වගේ අමානුෂික ලෙස හැසිරෙන්නත් හේතු තිබුණා. තමන්ගේ අය මරාදැමීම විය හැකියි\\

      ඒ හේතු manufactured ඒවා. ඒක තමයි ගේම. මේ වගේ අමානුෂික, වධ හිංසා සාධාරණීකරනය කරන එක වරදක්.

      යුද්ධයකදි collateral damage වෙනව තමයි. හැබැයි ඒක එහෙමයි කියලා හැම තුප්පහි වැඩේම ඒකට දාන එක හරිද? JVP හෝ LTTE හෝ ලංකාවෙ තිබුනෙ dirty wars. මානුශික හිමිකම් අමු අමුවෙ කඩවුනා, අදත් හීනියට ඒකවෙනව. ඔන්න ඕකයි ඇත්ත.දැං ඉතිං "දියෙසේන කුමාරයා" පහල වුනා කියල වන්දනා කරන සැට් එක වරෙල්ලා වලිග උස්සගෙන ;D

      එදා ජිනීවා ගැලවුම්කාර දේවතාවෙක් වෙච්චි මහින්දට, අද එක "බටහිර කුමණ්ත්‍රන". ජීනීවා සම්මුතිය ගැන ප්‍රශ්ණ තියෙන්නෙ පුළුවන්, ඒත් ඒ ටිකවත් තියෙන නිසයි මෙහෙම හරි බේරිලා ඉන්නෙ

      Delete
    3. මං කිව්වේ ඒ අය ඒවා හොඳ සිහියෙන් කළ දේ නොවන බවයි. වියරුවෙන් වගෙයි වධ දීලා තියෙන්නේ මේ පොතේ කියන විදියට.

      මං අර අම්මාගේ උදාහරණය ගත්තේ ඒකයි. නිරවුල් මනසකින් ඒ වගේ දේවල් කරන්න බෑ. පොත කියවා බලන්න.

      Delete
  18. මමත් මීට ගොඩ කාලෙකට කලින් මේ පොත අරන් කියෙව්වා.... මම හිතන්නේ පළවෙනි මුද්‍රණයේදි වෙන්න ඇති මට කවදද කියලා මතක නෑ.
    හැබැයි ඔබ මේ කියන කතාව 100% ඇත්ත කියලා මම දන්නවා. මොකද අදටත් මේ පොත මං ලඟ තිබුනා උනත් ඒක දෙවනි පාරට කියවන්න මට තවම හිත හදාගන්න බැරිඋනා.....

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කියවන්න නං අමාරුයි තමයි!

      Delete
  19. ඔය විදිහේ වධ දීපු අය මේ අආත්මෙදීම විඳවපු හැටි නන්දසේන රත්නපාල මහත්තයාගේ මේ ආත්මෙදි පලදෙන කර්මය කියන පොතේ තියෙනවා. අර යේසුස් වහන්සේ "ඔබ අතරින් වරදක් නොකළ කෙනෙක් පළමු ගල ගසන්න" කීවාම ඔක්කොම යන්න ගියා වගේ අපේ පාලකයින්ගෙන් කාටද මේ විෂයය සම්බන්දයෙන් පලවෙනි ගල ගහන්න පුළුවන් ? කාටවත් බැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
      අවසානයේ උන් හැම අවියෙන් නසිතී
      ලෝක සොබාවය එහෙමයි දන කියතී
      මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

      Delete
  20. හ්ම්.... අරගෙන කියවන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ.

    හැබෑට ඊරියො අඩනවාද???

    ReplyDelete
    Replies
    1. / හැබෑට ඊරියො අඩනවාද??? /

      ඊරියො අඬනවා බලන්න ඕනෙ නම් වග පැත්තෙ යන්න ඕනෙ.

      Delete
    2. වග පැත්තෙ O_o

      Delete
    3. //හැබෑට ඊරියො අඩනවාද???//

      ඔයා හොඳට හොටු පෙර පෙරා අඬන ගමන් යන්නකෝ කණ්ණාඩියක් ඉස්සරහට. එතකොට පෙනෙයි ඊරියෝ අඩන විදිය....
      අහන්න ප්‍රශ්නයක් හිතට එන්නෙ නැත්තම් සද්ද නැතුව ඉන්න ඉංජිනේරු නෝනෙ තප්පුලන්නෙ නැතිව

      Delete
    4. @ නිසූපා
      ඔයා කියවිය යුතු තවත් පොතක් - කුලසේන ෆොන්සේකා ගේ උඩු බිරුම.
      ඒක තියෙන්නේ මොරටුවේ ඉංජිනේරු සිසුවෙක් ගැන.

      Delete
    5. ඉහත කමෙන්ටුවේ පළමු වක්‍යය උපහාසාත්මක වුවද දෙවන වක්‍යය අපහාසාත්මකය. එම දෙවන වාක්‍යය මගින් පෙනෙන්නේ එම කමෙන්ටුව දාපු කෙනා විශාල හීන මානයකින්, අසහනයකින්, ඊර්ෂ්‍යාවකින් සහ සමාජ වෛරයකින් පෙළෙන බවයි.

      Delete
    6. හෝව් හෝව් වැරදීමක්. ඉහත කමෙන්ටුවේ "ඉහත කමෙන්ටුව" යැයි කියන්නේ කකා ගේ කමෙන්ටුව ගැන නොව ඊටත් ඉහතින් ඇති ඇනෝ ගේ කැත කමෙන්ටුව ගැනයි.

      කකා, ඔයා මේ නිසුපා ට කියලා තියෙන එකේ යටි අරමුණ මොරටුවට මඩ ගැසීම නම් (මම ඔය පොත කියවලා නෑ. ඒකයි.) පේරාදෙනිය ෆ්ලැට් කිරීමට ආයුධ අප සතු බව මතක තබා ගන්න.

      මොකද ඔයාගෙ රෙකොර්ඩ් එක එච්චර හොඳ නෑ.

      http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

      ඒ නිසා ටිකක් පරිස්සමින් ඉන්න.

      Delete
    7. @ AnonymousMay 23, 2012 5:34 PM

      හෙහ්, හෙහ්! පුහුල් හොරා කරෙන් දැනේ.

      ළමයා මුලින් ඒ පොත කියවන්න. එයද මා හැඬවූ පොතකි. හැබැයි ඒ දෙමව්පිය සෙනෙහස වෙනුවෙනි. ඒ පොතේ ප්‍රධාන චරිතය ඉංජිනේරු සිසුවා වුවද, ඒ චරිතය පොතේ නැති තරම්ය. පොත සොයා කියවන්න.

      ඔබ උපුටා දක්වා ඇති කතන්දරයෙන් මා කියන පණිවිඩය ඔබට නොතේරීම ගැන මා මොරටුවට දොස් පවරන්නේ නැත. හෙහ්, හෙහ්!

      Delete
    8. පේරාදෙනියට යන්නේ මොරටුවට යන්න තරම් ලකුණු ගන්න බැරිවුනු අයයි. හැමෝගෙම වගේ මොරටුව තමයි පළමු කැමත්ත. පේරාදෙනිය දෙක.

      Delete
    9. @ Anonymous May 23, 2012 6:01 PM

      අද තත්වය එසේ බව මට ආරංචියි. මගේ කාලයේත් කොළඹ සිට උඩු ගං බලා පීනුවේ පේරාදෙනියේ සුන්දරත්වය, සාහිත්‍යය, නාට්‍ය වැනි දේවල් ගැන රෝමැන්ටික් සිහින දකිමින් සිටි මට අමතරව තව දෙදෙනෙක් පමණයි.

      ඒ තිස් තුන් දෙනෙක් මොරටුවේ යද්දීය. ඒ හැම දෙනාම පාහේ ගෙදර සිට බස් එකේම කැම්පස් ගියහ.

      මේ කතාව බලන්න. http://kathandara.blogspot.com.au/2012/02/get-life.html

      .

      Delete
    10. ඔයා මේකෙ දාලා තියෙන පිංතූර වලින් කියන්න හදන්නෙ මොරටුවෙ ඉන්නෙ ආණ්ඩු වලට හේත්තුවෙන උන්. පේරදෙනියෙ තමයි ඔක්කොම පොරවල් ඉන්නෙ කියලනෙ. අනේ පල ඩෝ යන්න. පේරාදෙනියෙ ඔක්කොම බූරුවො ඉන්නෙ. ඔක්කොම බ්‍රයිට් කේසස් යන්නෙ මොරටුවට. ආත්මෙකට අයිලන්ඩ් ෆස්ට් බුවෙක් එන්නෙ නෑ පේරාදෙනියට.

      Delete
    11. @ Ano 6:11 PM
      තවත් පුහුල් හොරෙක්ද?

      බොහොම ස්තුතියි. ළමයා ඔබ මගේ කතන්දර එහෙන් මෙහෙන් මිස විචාර බුදධියෙන් කියවා නැති බව පෙනේ. උත්ප්‍රාසය කියන එක අහලාවත් නැද්ද?

      මා ඉහත දමා ඇති අපේ පන්තියෙන් විශ්ව වද්‍යාල දෙකට ගිය සංඛ්‍යාව සහිත කමෙන්ටුවෙන් ඔබට පෙනී යා යුත්තේ මට මොරටුවේ උගත් මිතුරන් කෙතරම් විශාල ප්‍රමාණයක් ඉන්නේද යන්නයි.

      වැඩිය කෑ ගහ්න එපා. ඒ මගින් ඔබ මගේ ඒ මිතුරන්ට අපහසා කරනවා. ඔබුන් නම් මගේ සරදම් බස් හොඳින් හඳුනති.

      Delete
    12. ඔයා දන්නවද අද ලෝකෙ උනිවර්සිටි රෑන්කිංග්ස් වල ක්‍රයිටීරීයා? ඉස්සෙල්ලාම අහන්නෙ නොබෙල් ප්‍රයිසස් තියෙන කීදෙනෙක් උගන්නනවද කියලා. එක ලංකාවෙ නැති නිසා පැත්තකින් තියමුකො. ඊලඟට පේටන්ට්, රිසර්ච් ඉන්ටු ප්‍රඩක්ට්ස්, නම්බර් ඔෆ් සයිටේශන්ස්, ඔය වගේ ඒවා අහන්නෙ. ඔයා හිතා ගෙන ඉන්න මගුල් නෙමෙයි.

      Delete
    13. @ Ano 6:23 PM

      ඔයා නං තාමත් ශිෂ්‍යයෙක් බව පෙනේ.

      කාලයත් සමග ඔබට යමක් කියවා තේරුම්කර ගෙන වටහා ගැනීමේ ශක්තිය ලැබේවි යැයි සිතනවා.

      ඔය ෆොටෝ පහක් ඇති කතන්දරය ගැන ඔබ වැනි කෙනෙක් කියු ඔබේම වැනි කතාවකට මොරටුවේ උගත්තේ යැයි සිතෙන අයෙක් දුන් මේ පිළිතුර බලන්න.
      http://kathandara.blogspot.com/2012/02/get-life.html?showComment=1328734236104#c5685928307630880665

      ස්තුතියි.

      Delete
    14. පේරාදෙනියෙ ගිය එවුන්ට තියෙන්නෙ හීනමානෙයි, මොරටුව ගැන ඊර්ෂ්‍යාවයි. ඒකනෙ මොරටුවට මඩ ගහන්නෙ. හා ඔයා කියනවා නම් ඔයා ගෙ මහ ලොකු කතාවෙ තියෙන දේ මට තේරෙන්නෙ නෑ කියලා ඔයාම ඒක කියන්න බලන්න. පේරාදෙනියෙ අක්කර ගාන නෙමෙයි, පේරාදෙනියෙ ඉන්ඩෙස්ඩ් ජර්නල්ස් වල කොච්චර පුබ්ලිකේශන්ස් අවුරුද්දකට යනවද කියලා හොයන්න. ඕගල්ලන්ගෙ පබ්ලිකේශන්ස් ඉන්ඩෙක්ස්ඩ් ජර්නල්ස් වල යන වෙන පේපර්ස් වල කොච්චර සයිට් කරනවද කියලා බලන්න. කොයි යුනිවර්සිටි රෑන්කිං එකේද දන්නෙ නෑ යුනිවර්සිටි එකේ අක්කර ගාන අහන්නෙ. අද තියෙන්නෙ වර්චුවල් යුනිවර්සිටි. යන්න ඕනෙම නෑ. ගෙදර ඉඳලාම පුළුවන් ඔක්කොම වැඩ. ඔයා තාම ඉන්නෙ ගල් යුගයෙ.

      Delete
    15. මේ මොනවද මේ කියන කතා? මල්ලේ පොල් ද?

      ඔයාට ඒ ෆොටෝවලින් කියන කතන්දරේ තේරෙන්නේ නැති නං අර වෙනත් ඇනෝ කෙනෙක් දැමූ මේ ප්‍රතිචාරයවත් බලන්න.

      http://kathandara.blogspot.com/2012/02/get-life.html?showComment=1328734236104#c5685928307630880665

      Good night.

      Delete
    16. මම ඔයාට කලිනුත් කිව්වානෙ "හා ඔයා කියනවා නම් ඔයා ගෙ මහ ලොකු කතාවෙ තියෙන දේ මට තේරෙන්නෙ නෑ කියලා ඔයාම ඒක කියන්න බලන්න." කියලා.

      ඔයාට ඕනෙ වෙන මොනවවත් නෙමෙයි මොරටුවට කෝචෝක් කරන්න. අපි නම් ජීවිතේටවත් මොරටුව ද පේරාදෙනිය ද නැත්නම් මොරටුව ද රුහුණ ද කියලා ඔහොම කිය කිය අනිත් අයව සවුත්තු කරන්න ලියන්නෙ නෑ. මොකද අපිට ඒවා වැඩක් නෑ. අපිට ඒවාට වෙලාවකුත් නෑ. මම මේක වුනත් ලියන්නෙ කිසිසේත්ම අවශ්‍ය නැති ආකාරයකින් මොරටුව පහත් කිරීම සඳහා ලියලා තියෙන නිසා.

      සමහරු ඉන්නවා තමන්ගෙ ගමේ නොවන අයව, තමන්ගෙ ඉස්කෝලෙ නොවන අයව, තමන්ගෙ කැම්පස් එකේ නොවන අයව, හෙලා දැකලා කතා කරන්න කැමති. හැබැයි ඉතින් එහමයි කියලා මොරටුවට කිංඩි දාන්න ආවොත් කුඩුවෙන්න දෙනවා. අනිත් එක මොරටුව සවුත්තු කරන්න ආවාට කමක් නෑ MIT එකේ එහෙම ඉගෙන ගත්ත කෙනෙක් නම්. මොකද MIT කියන්නෙ මොරටුවට වඩා බොහොම ඉහල තැනක්. ඒත් පේරාදෙනියෙ ගිහිල්ල මොරටුව කිච කරන්න බෑ. ඔයා ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඉගෙන ගන්න. ඔයා ගිහින් තියෙන්නෙ පේරාදෙනියට, නැතුව හාර්වර්ඩ් ඉන්ජිනියරිං නෙමෙයි. ඔයා ගිහින් තියෙන්නෙ ඔයා ලංකාවෙන් පිටතට ගියාට පස්සෙ කිසිකෙනෙක් නමවත් දන්නෙ නැති නමවත් අහලා නැති තැනකට.

      ඔයා මොන තරම් ගොබ්බසේනයෙක්ද කියලා ඔයා මේ ලියලා තියෙන කමෙන්ටුවෙන්ම පේනවා.

      "පේරාදෙනියේ ස්ටාෆ් එක ළමයින් ට හොඳ නෑ මේ ගැන දන්න කියන මගේ යාළුවෙක් මට අවවාදයක් දුන්නා."

      Delete
    17. @ Ano May 24, 2012 6:03 AM

      ළමයා ඉස්සෙල්ලාම හොඳට වැඩ කරලා විභාග ටික පාස් වෙන්න.

      ඊට පස්සේ තමන් ඉගෙන ගත්තු දේවල් අනුව රුකියාවක් හෝ අදාල ව්‍යාපරායක් පටන්ගන්න බලන්න.

      කැමති නම් වැඩිදුර ඉගෙන ගන්න. එම්අයිටී (MIT) යන්න උත්සාහ කරන්න.

      ඔබට විභාග ජය සහ වෘත්තීමය දියුණුව පතමි. ජයෙන් ජයවේවා.

      තව වසර විස්සකින් පමණ ඔබ සමග කතාකරන්නම්.

      Delete
    18. අයියෙ මේ ඔයාගෙ ඔය සාහිත්‍යය, උත්ප්‍රාසය, අරවා මේවා, ඔයාම තියාගන්න. ඒවා අපිට වැඩක් නෑ. ඔයාට ඔයාගෙ පාඨකයන්ට උපහාස රසය ලබාදෙන්න ඕනෙ නම් ඒකට වෙන මොනා හරි හොයා ගන්න. ඔයාට උත්ප්‍රාසය දනවන්න හරි වෙන මොකක් හරි කරන්න ඕනෙ වුනා කියලා අපි ටේස්ට් නෙමෙයි. ඔයාට කතන්දර ලියන්න ඕනෙ වුනා කියලවත්, ඔයාට ඒවායෙ සාහිත්‍ය රසය වැඩිකරන්න ඕනෙ වුනා කියලවත්, ඒවාට බයිට් වෙන්නෙ නෙමෙයි අපි ඉන්නෙ. කාට හරි උපහාස රසය මතු කරන්න ඕනෙ වුනා කියලා හරි මොකක් හරි වෙන දෙයක් හරි කියලා ඔයා අගය කරන දෙයක් සවුත්තු කරලා කතා කරනවට ඔයා කැමතිද? නෑනෙ. අපිත් ඒවගෙ තමයි.

      ලංකාවෙන් පිටතට ගියාම ටිකක් හරි නම දන්නෙ මොරටුව මිසක් පේරදෙනිය නෙමෙයි. වැඩිම ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් ගානක ලංකාව රෙප්‍රසන්ට් කරලා තියෙන්නෙ මොරටුව මිසක් පේරාදෙනිය නෙමෙයි. වැඩිම ඉන්ගිනියරිංග් ඩිසිප්ලින්ස් ගානක් තියෙන්නෙ මොරටුවෙ මිසක් පේරාදෙනියෙ නෙමෙයි. වැඩිම ඉන්ජියරිංග් පී. එච්. ඩී. ස් ගානක් තියෙන්නෙ, වැඩිම පෝස්ට් ඩොක්ටරල් රිසර්ච් කරපු අය ඉන්නෙ, මොරටුවෙ මිසක් පේරාදෙනියෙ නෙමෙයි. තව ඔන්නං කියන්න තව දෙන්නම්. පේරාදෙනිය ෆ්ලැට් කරන්න අපිට ඔන්නං පුළුවන් කියලා මම මුලින්ම් කිව්වෙ ඒකයි.

      Delete
    19. අඩේ කකා උඹ ලංකාවට ආපු වෙලාවකවත් මොරටුව පැත්තෙනම් වැරදිලාවත් යන්න එපා. අපිට උඹේ කෑලි ඇහිඳින්න එන්න වෙයි. මේ ඇනෝ මල්ලිට හොඳටම තද වෙලානෙ බං.

      මම දැනුයි දැක්කෙ උඹේ ඔය පෝස්ට් එක. ඒකෙ උඹ දාල තිබුනාට ලයනල් බෝපගේටයි, කුමාර මහත්තයටයි දුක තමයි කියලා උන් දෙන්නයි උන් දෙන්නගෙ ගෑනුයි ළමයිනුයි ඔය යස අගේට දැන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්නෙ. උන්ට නම් කිසි දුකක් තියෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ.

      ඔය පෝස්ට් එකේ ඉන්න චම්පිකයි, කුමාරයි දෙන්නම අත් අඩංගුවට පත් වුනාම කලේ දන්න ඔක්කොම පාවා දීලා පන බේරා ගත්තු එක. ඒ අතින් නම් මොරටුව යි පේරාදෙනිය යි කියලා කිසි වෙනසක් තියෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ.

      Delete
    20. ස්තූතියි කකා.බ්ලොග් වලින් එකතු කරගත් නාමාවලියක් තියෙනවා ප්‍රදර්ශනයෙන් ගන්න...:)))

      Delete
  21. පොත බැලීම කෙසේ වෙතත් මේක කියවලාම ඇග හිරි වැටුනා.මේ පොත මම හොයලා වැඩක් නෑ මොකද මට කියවන්න බැරි බව මම දන්නවා. මීට අවුරුදු අටකට නමයකට විතර කලින් මම පොතක් කියෙව්වා " ඇයට පියාපත් දෙන්න දෙවියනි " කියලා ඒක කියවලත් මම ඔයා මේ කියන ඊරියක් වගේ ඇඩුවා

    ReplyDelete
    Replies
    1. දුබල සිත් ඇති අයට නොවේ කිව්වේ ඒකනේ!

      Delete
    2. මෙන්න ඊරියො අඬනවා බලන්න ඕනෑ කිව්ව අයට චෑන්ස් එකක්

      Delete
    3. ආ ඒක තමයි. ඔයා එවෙලේ ගත්ත වීඩියෝ කිල්ප් එකක් එහෙම නැත්ද යූටියුබ් එකටවත් දාලා?

      Delete
  22. 89 කාලයේ පාසල් සිසුවෙකු ලෙසින් මහනුවරින් තරමක ඈතින් සිටි මම බොහෝ බිහිසුණු ලෙස මරා දැමු තරුණ සිරුරු දිනපතාම දුටුවෙමි.දැන්වුවද රාත්‍රී කාලයේ නිවස ආසන්නයේ වාහනයක් නැවතුවිට පැරණි බිය නැවත මට දැනේ.පොඩි කුමාරිහාමි ඌරු මර ලතෝනියක් ඇසුවොත් කිසිදිනක ඌරු මස් නොකනු ඇත.

    ReplyDelete
    Replies
    1. මරණය රුදුරුයි!

      Delete
    2. හැක්..හැක් ඌරො මර මර ඉඳලා ඇවිත් ඌරුමස් එක්ක බත්කන උනුත් මම දැකලා තියේ

      Delete
  23. මම නම් පොඩි කාලේ ඇස් දෙකටම දැක්කා අහිංසක කොල්ලොන්ව වෙඩිතියල මරල ටයර් දාලා පුච්චනව......89 කාලේ ඔය පැලවත්ත ඉසුරුපාය ලඟ, පැලවත්ත පාලම් 3 ලඟ ඉස්සර ඔනෙ තරම් ටයර් දාලා පුච්චපු දර්ශන දකින්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. මුලින් වධ දිලාලු ඒ වෙඩි තියා මරා දාන්නේ. පොතේ කියවෙන්නේ එහෙමයි!

      Delete
    2. සෑර්, නිකන් වද දෙන්නේ නැහැ නේ, ඒකට කාලයයි ශ්‍රමයයි යනව නම් තොරතුරු ගන්ඩ නේද වද දෙන්ඩ ඇත්තේ? නිකන් පරපීඩාව මගින් තෘප්තියක් ලබන්න කල බවද පොතේ තියෙන්නේ? මට ඔය පොත ගන්ඩ බැරි නිසයි අහන්නේ.

      Delete
  24. ඊරියොත් අඩනවා ඇති.ඇයි අනේ උන්ට කියලා දුකක් දැනෙන්නෙ නැද්ද? උන් ඔටුවෝ නෙවෙයිනේ..?

    ReplyDelete
    Replies
    1. ඇයි නංගියො, ඔයා ඔ‍ටුවො අඬනවා දැකලා නැත්ද? ඔ‍ටුවන්ව මසට මරන්න යනකොට උනුත් කඳුලු හලනවා.... මම ඌරෝ අඬනවත් දැකල තියෙනව මීගමුවෙදි නත්තල් උත්සවයකට ඌරෙක් මරනකොට ඌගේ ඇස් වලින් කඳුලු කැට සට සට ගාල වැටෙනව....දෙකම දකින්
      න දුක හිතෙන දර්ශන තමයි...

      Delete
    2. උන්ට කඳුළු.
      අපිට හිනා!

      Delete
    3. ම්ම්ම්.. ඌරුමස්..

      Delete
    4. හ්ම්...ගම්වල ඌරෝ හරියට මරනවා. හක්කපටස් කියලා එකක් තියලා.ඌරෝ ඒක කෑවහම උන්ගේ කටම ගලවලා යනවලූ. මගේ යාළුවෙක්ගෙ ගෙදර මිදුලට ඔහොම කාපු එකෙක් ඇවිත් එයාලා බලන් ඉදිද්දි වේදනා විද විද මැරුනලූ.

      Delete
  25. උඩ තියෙන කමෙන්ට්ස් හැම එකක්ම කියෙව්වා. දැන් මෙතන කතන්දරටත් වෙන කාටවත් කිසිම සැකයක් නෑ මේ වධ කඳවුරු වල මේ කියන විදියෙ සිද්ධීන් වුණා කියල. හරියට එතැන හිටිය වගේ විශ්වාස කරන්නෙ.

    වධ කඳවුරු තිබුණු බව ඇත්ත. ඒවායෙ වධ දීපු බවත් ඇත්ත. නමුත් මේ කියන කතා යම් ප්‍රමාණයකට බොරුයි කියල මා හිතනවා. හේතු කිහිපයක් නිසා.

    1. වධ කඳවුරු වල වධ දෙන්නෙ සාමාන්‍යයෙන් ප්‍රශ්න කිරීම් වලදි. නැතිනම් වධ දෙන්න හේතුවක් නැහැ. වෙඩි තියල මරල දාන එක වෙනස්. ඉන්න ඔක්කෝටම වෙඩි තිබ්බාම සාක්කියක් නෑ. වධදීල ඉතුරු කරහම සාක්කියක් ඉතුරු වෙනවා. ඒක භයානකයි.

    2. ඔය වධක කතන්දර වලදි විශ්වාස කරන්න බැරි දේවල් මා අසා තියෙනවා. උදාහරණයක් හැටියට ලොකු ලෝහ තහඩුවකට විදුලි බලය දීලා ඔක්කෝටම ඒක උඩ නඟින්න කියල කරන්ට් වැද්දෙව්වලු. වධ දීම් වලදි ඔහොම නෙවයි කරන්ට් වද්දන්නේ.

    3. දැන් විජිත හේරත්, චම්පික රණවක, ටිල්වින් සිල්වා, නිහාල් ගලප්පත්ති වගේ "පොරවලුත්" හිරේ හිටියනෙ. ඇයි මේ පොරවල් වලට ඔය වගේ වධ නොදුන්නෙ? පොඩි එවුන්ට විතරක් ඔය වගේ වධ දුන්නෙ ඇයි?

    4. අපේ වධකයින්ට (විශේෂයෙන්ම පොලීසිය) ඔය වගේ නිර්මාණාත්මක වධක ක්‍රම නිර්මාණය කරන්න තරම් මොළයක් නෑ. උන් දන්නෙ ඔහේ තඩි බාන්න විතරයි.

    මම මේ සියළු දේම ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. ඒත් යම් කොටසක් අතිශයෝක්තිය කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් ඇස්දෙකෙන්ම දැක්කා ඇඟිලිවල නියපොතු ගලවපු එක්කෙනෙක්ව, මගෙ යාළුවකුගෙ තාත්තා කෙනෙක්... ඒ අංකල්ගෙ තාම ඇඟිලිවල නියපොතු හැදෙන්නෙ විකෘතිවෙලා....එයාගෙ නියපොතු 20ම ගලවලා තියෙන්නෙ අඬුවකින් ඇදලා, එයා හොඳසිහියෙන් ඉන්නකොට...බටලන්දෙදි...

      Delete
    2. // දැන් විජිත හේරත්, චම්පික රණවක, ටිල්වින් සිල්වා, නිහාල් ගලප්පත්ති වගේ "පොරවලුත්" හිරේ හිටියනෙ. ඇයි මේ පොරවල් වලට ඔය වගේ වධ නොදුන්නෙ? //

      මුන්ට වද නොදුන්නේ මුං සියල්ල පාවා දුන් නිසාය. මුං මහ වීරයෝ වගේ හිටියාට හෙන බය ගුල්ලෝය.

      Delete
    3. නැවත ලියමි,

      අත් අඩංගුවට ගන්න එවුන් හතර ගොල්ලකි.

      (1) මැරුවත් මුකුත් නොකියති.
      (2) ගහන කොට කියති
      (3) ගහන්නැතුවම ඔක්කොම කියති. අහපු නැති ඒවාත් කියති.
      (4) ප්‍රශ්න අහන එවුන්ට (interrogators) මල වාතයක් වෙති.

      ඉහත නම් සඳහන් එවුන් අයත් වන්නේ හතර වෙනි ගොඩටය.

      Delete
    4. මා දන්න තරමින් නම් අංක එකක් නැත.

      Delete
    5. @ Anonymous May 23, 2012 1:39 PM
      ඔයා මේ පොතේ කරුණු ගැන නෙමේ කියන්නේ.
      1. මේ පොතේ වද දෙන විධි ගැන මං ලියා තියෙන දේ කියෙව්වාද? මෙතන වැඩිපුර කරලා තියෙන්නේ පොලුවලින් ගහන එකයි.

      2. විදුලිය නාස්තිකරලා නෑ.

      3. වධ දීම තීරණය වෙන්නේ එතන ඉන්න අය අනුවයි. අනික මේ වධකාගාරවල වැඩිපුර ඉඳලා තියෙන්නේ සැකපිට ගත්තු අය. පොරවල් අහුවුණාම මේ තැන්වල තියාගෙන නෑ. මං දන්නා තරමට ඔයා නම් කියලා තියෙන එක්කෙනෙක්වත් ඒ දවස්වල පොරවල් නොවෙයි. ජෙවීපී එකේ පොලිටිබියුරෝ එකේ සහ මධ්‍යම කමිටුවේ මුලින් (88 දී) සහ දෙවෙනුව (89 පසුභාගය) සිටි අයගෙන් ඉතුරු වුනේ සෝමවංශ සහ ගුණරත්නම් පමණයි නේද? ඒ බව මං චන්ද්‍රප්‍රේමගේ පොතේ දැක්කා.

      4. මොන නිර්මාණාත්මක වධ ගැනද ඔයා මේ කියන්නේ? මේ පොතේ තියෙන්නේ පොලුවලින් තඩිබැම ගැන තමයි. අනික පොලිසීය (සාමාන්‍ය) ඔය වධකදවුරුවලට සම්බන්ධ නෑ කියලයි කියවෙන්නේ.

      මේ පොත නොකියවා ඒ ගැන විශ්වාස කරන්න හෝ නොකරන්න බෑනේ?

      Delete
    6. "ජෙවීපී එකේ පොලිටිබියුරෝ එකේ සහ මධ්‍යම කමිටුවේ මුලින් (88 දී) සහ දෙවෙනුව (89 පසුභාගය) සිටි අයගෙන් ඉතුරු වුනේ සෝමවංශ සහ ගුණරත්නම් පමණයි නේද? ඒ බව මං චන්ද්‍රප්‍රේමගේ පොතේ දැක්කා "

      ඇයි දයා වන්නිආරච්චි

      Delete
    7. මට මතක විදියට නම් දයා අස්වුනා.

      අනිත් එක මම හිතන විදියට සෝමෙ දැන් මහ ලොකුවට මම පොලිට්බියුරෝ එකේ හිටියා කිව්වාට එයා හිටියෙ ඇත්ත පොලිට් බියුරෝ එකේ නෙමෙයි. බොරු එකේ.

      Delete
    8. අස් උනේ 89 දි. භීෂනය කාලෙ මනුස්සය ඉංග්‍රීසි ගුරෙක් විදියට රත්මලානෙ ඇතුලත්මුදලිගෙ හොඳ හිතවතෙකුගෙ ගෙදරක නැවතිල හිටියෙ.
      සෝමෙ උන්නෙ ප්‍රසිද්ධ බියුරෝවෙ.

      Delete
    9. මම අහල තියෙන්නෙ, සෝමවංශ උන්නැහෙ සිරිසේන කුරේ හිටපු ඇමතිවරයගෙ ළඟම ඥාතියෙක්ය - ඒ ඥාතීත්වය උඩ ඔහුව රටින් පැනල ගියාය - මොකක්දෝ ක්‍රමේකින් ඔය මණ්ඩලේ හිටපු අනෙක් අය ඔක්කොම කොටුවුණාය කියල.

      Delete
    10. විජිත හේරත් ට වැඩිය කරදර විදින්න සිද්ද වුනෙ නෑ. ටිල්වින් '87 දී අත්අඩංගුවට අරන් මැගසින් බන්ධනාගාරයට එවපු නිසා එයාටත් වධකාගාර අත්දැකීම් වැඩිය නෑ. ඒත් ගලප්පත්තිට මෙහි නම සදහන් නැති චන්ද්‍රසේන විජේසිංහට බූස්සෙදි හොද හැටියට වධ දුන්නා. ගලප්පත්තිගෙ කකුල තුන්පොලකින් කැඩුවා.එහෙම කරලා මැගසින් බන්ධනාගාරයට ගෙනත් දැම්මා.
      (එවකට මම හිටියෙ බූස්ස රැදවුම් කදවුරේ)

      Delete
    11. විජිත හේරත් බේරුනේ එයා ගෝනි බිල්ලෙක් වෙලා අනිත් උන්ව අල්ලලා දීපු හින්දා කියල තමයි මම දන්නෙ. මම හිතන්නෙ බදුල්ල පැත්තෙ ඉන්න අය හරියටම කියයි මිනිහගෙ කෙරුවාව. දැන් නම් මම හිතන්නෙ ගම්පහ ආසනෙ ඉන්නෙ.

      Ano 1111

      Delete
    12. අපෝ දයා අයින් වුනේ 89 ට කලින්. 87ට ත් කලින්. මට දැන් අවුරුද්ද මතක නෑ. හැබැයි ඉන්දු ලංකා ගිවිසුම වෙනකොටත් දයා පක්ශයෙ නෑ. 89 දි (කැරැල්ල මැදදි) දයා වගේ ඉහල නායකයකුට පක්ශයෙන් ඉවත් වෙලා බේරිලා ඉන්න පුළුවන් කියලා හිතන්නෙ මුකුත් නොදන්න අය. එහෙම අයින් වුනා නම් ඉස්සෙල්ලම මරන්නෙ ජ. වි. පෙ. න් මයි.

      සෝමෙ, සිරිසෙන කුරේගෙ අයියගෙ මස්සිනා. ඒකත් එක හේතුවක් එයාව ඇත්ත පොලිට්බියුරෝ එකට නොගන්න. අනික සෝමෙ එච්චර දක්ශේකුත් නෙමෙයි. 1990 ට කලින් සෝමෙ කිසිම දාක පක්ශයේ ඉහල වගකීම් උසුලලා නෑ. ගමනායක (ඩයස් මුදලාලි) ත් ඔය වගේ තවත් ප්‍රසිද්ධ කරපු උප නායකයා විතරයි. විජේවීර ගාවට පක්ශයේ ඇත්තටම වගකීම් ඉසුලුවෙ ඩී. ඇම්. ආනන්ද, සමන් පියසිරි ප්‍රනන්දු, පියදාස රණසිංහ, සුමිත් අතුකෝරල, ඇච්. බී. හේරත්, වගේ අය. ඒ අය නම් ඔය දෙතිස් වද ඔක්කොම වින්ඳා.

      Delete
    13. / මං දන්නා තරමට ඔයා නම් කියලා තියෙන එක්කෙනෙක්වත් ඒ දවස්වල පොරවල් නොවෙයි. /

      හැබැයි චම්පික පොරක් නෙමෙයි කියන්න බෑ. මොකද විපක්ශයේ පොදු සංධානයක් (ඩී. පී. ඒ.) සෑදීමේ රැස්වීම් වලට ජ. වි. පෙ. නියෝජිතය විදියට සහභාගි වුනේ චම්පික. ඒ වෙනකොට එයා විජේවීරගේ විශ්වාසය දිනා සිටි අයෙක්.

      Delete
    14. චම්පිකයි, කුමාරයි විතරක් නෙමෙයි ගලප්පත්තියි චන්ද්‍රසිරි විජේසිංහයි විතරකුත් නෙමෙයි අත් අඩංගුවට පත් වෙලා පණ බේරා ගත්ත මොකෙක් හරි ඉන්නවානම් ඒකා බේරුනෙ මොනවා හරි පාවා දීලා. මොකෙක් හරි කියනවා නම් මම ජේ. වී. පී. කලා, කරල අත් අඩංගුවට පත් වුනා කියලා, හැබැයි පස්සෙ නිදහස් වුනා, හැබැයි අත් අඩංගුවෙදි කිසිම දෙයක් එළි කලේ නෑ, කිසිම දෙයක් පාවා දුන්නෙ නෑ, විප්ලවය ගැන මෙනෙහි කරමින් සියළු වද වේදනා විඳ ගත්තා කියලා ඒ පට්ටපල් බොරුවක්. 89 මොකක්ද කියලා දන්නෙ නැති ඊයෙ පෙරේදා ඉපදුනු ලමා ලපටි විතරක් ඒ බොරු විශ්වාස කරයි.

      හැබැයි මේ අය එලියට ඇවිල්ල කියන තව බොරු තියනවා. කුමාර මහත්තයා කියලා තියෙන්නෙ මම එලි කලේ ඒ වන විටත් හමුදාව දැන ගෙන හිටි දේවල් විතරයි කියලා. පල් බොරු. කුමාරගෙ ඔය "විප්ලවාදී" බේගල් අහන අය බබාලා වුනාට, හමුදාවෙ හිටියෙ බබාලා නෙමෙයි, එයාගෙන් හමුදාව දන්න දේ විතරක් නැවත අහගෙන එයාව නිදහස් කරන්න. හමුදාව එයාව සලකලා තියෙන්නෙ ඔනෙ එකයි, එපා එකයි, හමුදාව අහන එකයි, අහන්නෙ නැති එකයි, ඔක්කොම පාවාදෙන, පැන පැන පාවා දෙන්නෙක් විදියට. ටිල්වින්, අනුර කුමාර, විජිත, ලාල් කාන්ත, ඔය හැම එකාම පන බේර ගත්තෙ පාවා දීම් කරලා, දැන් මහ වීරයො වගේ ඉන්න හැදුවට.

      මම ඔය රෝහිතගෙ පොත කියවලා නෑ. හැබැයි ඔය වගේ පොතක් අංග සම්පූර්ණ වෙන්න නම් ලියවෙන්න ඕනෙ වද විඳපු කෙනෙක් අතින් නෙමෙයි වද දීපු කෙනෙක් අතින්. එතකොට තම්යි දෙන වද විතරක් නෙමෙයි වද දෙනකොට පාවා දෙන හැටිත් ලියන්න පුළුවන් වෙන්නෙ.

      Delete
  26. KENJI JAPAN GE COMMENT EKA THAMI MATHATH LIYANNA THIYENNE. AYEMATH E WAGE YUGAYAK GENENA AYA RATATA ONEE NEHE

    ReplyDelete
  27. මේ ඇනෝලගේ කතා වලින් පැහැදිලි වන එක දෙයක් තියෙනවා. 71,89-90,2009 කියන කාල තුනේදිම හමුදාවන් කරල තියෙන්නේ එයාලට ඉහලින් ලැබෙන නියෝගය ක්‍රියාත්මක කරල ත්‍රස්තවාදය මැඩලන එක. හැබැයි විශේෂත්ව තියෙන්නේ 2009 දී අහිංසක ජනතාව මැරුනේ අවමව. මෙතනදි කතා කරන්නේ ත්‍රස්තවාදය මැඬලන මුවාවෙන අහිංසක ජීවිත බිලි ගැනීම. මේ අවස්ථා තුනේදිම ප්‍රධාන තීරණය අරන් තියෙන්නේ දේශපාලන නායකත්වය. හමුදාව කරේ ඒ තීරණ ක්‍රියාත්මක කිරීම. හැබැයි 2009දී මල නොතල රොන් ගත්තේ. ඒක නිසා තමයි 89-90 න් පස්සේ දේශපාලන නායකත්ව හා හමුදාව යන දෙකම ජනතාවට තිත්ත වුනේ. 2009 න් පස්සේ දේශපාලන නායකත්වය හා හමුදාව යන දෙකම ඉතා ඉහලින් පැසසුම් ලබන්නේ.

    ReplyDelete
    Replies
    1. මල නොතලා - අනේ නිකං සමනල්ලු රොන් ගන්න හැටි මට මතක් වුණා.

      Delete
    2. සෑර් අනේ ඉතින් එහෙම මල නොතලා රොන් ගන්ඩ ගිහින් අප්සෙට් ගිය අය අතරෙන් කෙනෙක් වෙන්ඩැති "එක්නැලිගොඩ".. තව දෙමල මිනිස්සු නම් හුඟාක් හිටියා කියලයි කියන්නේ ඔය රොන් ගන්න කොට වැරදිලා මල තලාගත්ත.. ඒත් ඉතින් සිංහල නෙවෙයි නේ නේද? උන් දෙමල කියන්නේ මිනිහෙක්ගෙන් 0.25 වගේනේ නේද?

      Delete
    3. අමුතු ඉලංදාරියා
      ඔය කියන වෛරය දෙමළ සමාජය තුල තදින්ම තියනව. අපිට ඒව පේන්නෙ නෑ.
      සූස්ති
      //උන් දෙමල කියන්නේ මිනිහෙක්ගෙන් 0.25 වගේනේ නේද?//
      අන්න ඒකයි හේතුව. මං හිතන්නෙ 0.025 කිව්වනං හරි කියල.

      Delete
    4. දෙමල ජනතාව ගැන දැන ගත යුතු එක දෙයක් තමයි, දෙමල සමාජය අපි හිතන තරම්ම සමජාතිය එකක් නොවෙයි. දෙමල සමාජයෙ හැමෝම එක ප්‍රමාණෙටෙම කොටින්ට උදව් කලේ නෑ. උදාහරණයක් විදියට කියනවා නම් මුහමාලේ බංකර් වලට මූලිකවම දැම්මෙ යාපනයෙ අය. මඩකලපුවෙ තියා මන්නරමේ දෙමලු හරි මුහමාලෙ බංකර් වලට ගත්තා නම් ගත්තෙ සීමිතව; නැත්නම් යපනයෙ අය යටතෙ.

      මෙහෙම ප්‍රශ්නයක් සිංහලයන්ට නෑ. අපි කවදාවත් කියන්නෙ නෑනෙ කිලිනොච්චිය අල්ලන ගියෙ රුහුණෙ අය විතරයි, රජරට අය විතරයි, උඩරට අය විතරයි කියලා.

      ජ. වි. පෙ. මර්දනය කරපු එක ගැන සතුටු වුනු අයත් සිංහල සමාජයෙ හිටියා. මේ වගේම තමයි දෙමල සමාජයෙත්. හැබැයි කොටි මර්දනය කරපු එක ගැන තියෙන වෛරයේ විවිධත්වය සිංහල සමජයේ තිබුනු විවිධත්වයටත් වඩා වැඩියි.

      මම හිතන්නෙ ඔය වෛරය වැඩියෙන්ම තියෙන්නෙ යපනේ ශිෂ්‍යයො අතරෙ. (ගෝඨා විශ්ව විද්‍යාලවලට රක්නා ලංකා එක දාලා තියෙන්නෙ ඒකනෙ. අන්තරේ නිසා විතරක් නෙමෙයි.) හැබැයි ඔය කියන විදියේ වෛරයක් දෙමල සමාජය පුරාවටම සමජාතියව නෑ. යාපනයෙන් කිලිනොච්චියෙන් පිට තත්වය වෙනස්. මන්නාරමේ, මඩකලපුවෙ, කඳුරට, කොළඹ තත්වය යාපනයේ තත්වය නෙමෙයි.

      Delete
  28. /හැබැයි විශේෂත්ව තියෙන්නේ 2009 දී අහිංසක ජනතාව මැරුනේ අවමව./

    කොහොමද දන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේකට තව දෙයක් එකතු කරනව නම් 71, 88-89 අතර කාලෙදි අහිංසක මිනිස්සු මැරුණෙම නැති තරම්. අත් අඩංගුවට ගත්තු, නොම්මර නැති වෑන් වලින් උස්ස්සගෙන ගියපු, බ්ල්ලො දාල හොයා ගත්තු සියළු දෙනාම කවර හෝ විදියකට ජේ. වී. පී. එකට සම්බන්ධ පිරිස. ජේ. වී. පී. එකට සම්බන්ධ නැති පිරිසට කරදරයක් වුණේ නැහැ. (ඉතාම සුළු සිද්ධි කිහිපයකදී හැර. ඇඹිලිපිටිය සිද්ධිය වගේ.)

      නමුත් 2009 ඊට ඉඳුරා වෙනස්. උඩින් ගිහින් බෝම්බ දානකොට ඒව වැටෙන්නෙ එල්. ටී. ටී. ඊ. කාරයින්ගෙ ඔළු උඩ විතරක් නෙවෙයි. පුතා/දුව ත්‍රස්තවාදියෙක් වීම නිසා මැරෙන්න වුණු, හිරිහැර වින්ද ප්‍රමාණය අති විශාලයි. එල්. ටී. ටී. ඊ. එකට සම්බන්ධ නැතිව මැරුණු හිරිහැර වුණු ප්‍රමාණයත් විශාලයි.

      මෙතැන තියෙන්න එක පිරිසක් සිංහල හා තව පිරිසක් දෙමළ වීම ගැන වෙනසක් විතරයි. එකම වර්ගයේ දේශපාලකයින්, එකම හමුදාව, පොලීසිය. දකුණෙදි නැති විනයක් හමුදාවට උතුරෙදි හම්බවුණේ නැහැ.

      Delete
    2. /හැබැයි 2009දී මල නොතල රොන් ගත්තේ./

      හොඳ මල නොතලා රොන් ගැනීමක් තමයි ඒක. දන්නෝ දනිති අපේ අයියලා රොන් ගත්තෙ කොහොමද කියලා. :-)

      Delete
    3. 89 දි ජේ. වී. පී. එකට විරුද්ධව ක්‍රියා කලේ, හමුදවටත්. පොලීසියටත් වඩා ප්‍රා, කොල කොටි වගේ මැර හමුදා. 2009 දි මුළුමනින්ම වගෙ කොටි සංවිධානයට විරුද්ධව ක්‍රියා කලේ රජයේ හමුදාව. මේ නිසා මම හිතනවා 89 දි නීති විරෝධී ඝාතන විශාල වශයෙන් වුනා 2009 ට වඩා. ඕනෙම හමුදා ගැටුමක ඕනෙම රටක යම් නීති විරෝධී මරණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒක වලක්වන්න බෑ. නමුත් මම හිතනවා 2009 දි නීති විරෝධී ඝාතන සිද්ධවුනේ අඩුවෙන්, 89 ට සාපේක්ශව. ලෝකෙ වෙන යුධ ගැටුම් තිබුනු ප්‍රදේශ වල සමූහ මිනි වලවල් වගේ නීති විරෝධී ඝාතන වල සාක්ශි හමුවෙනවා. නමුත් මම හිතනව 2009 සිදු වීම් වලට අදාල එවැනි නීති විරෝධී ඝාතන වල සාක්ශි හමු වෙනවා 89 ට සාපේක්ශව අඩුයි.

      Delete
    4. නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් 88-89 ඉදිරියෙන් ඇති. මගේ තර්කය වුණේ එසේ මළ සියළු දෙනාම පාහේ ජවිපෙට යම් සම්බන්ධයක් තිබුණු අය. (එයින් කියැවෙන්නෙ නෑ ඔවුන් මැරිය යුතුයි කියල.) නමුත් උතුරේ තත්ත්වය ඊට වෙනස්. ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නොවූ විශාල පිරිසක් ඝාතනය උණා උතුරු නැඟෙනහිර. එහෙම දෙයක් දකුණේ උණේ නැහැ.

      Delete
    5. කොටින්ට එරෙහි මෙහෙයුම් වලදි සාමාන්‍ය ජනතාව මැරුනෙ කොටි සාමාන්‍ය ජනතාව අතර සිට හමුදාවට වෙඩි තියපු නිසා, වගෙ වැඩ වලින්. එහෙම නැතුව හිතා මතා හමුදාව විසින් සාමාන්‍ය ජනතාව මරපු නිසා නෙමෙයි. පුදුමාතලන් ඔපරේශන් එකේ මැරුනු සමහර විශේෂ බලකා සෙබලු මැරුනෙ තනිකරම සාමාන්‍ය ජනතාවට සිදුවෙන හානි අවම වෙන යුධ උපක්‍රම භාවිතා කල නිසා. (අපි එහෙම කලේ සමහර රටවල් තම හමුදාවට සිදුවෙන හානි අවම වෙන යුධ උපක්‍රම භාවිතා කරද්දි.) ගුවන් හමුදාව එල්ල කරපු ගුවන් ප්‍රහරයක් වුනත් වැරදීමකින් සාමාන්‍ය ජනතාව ඉන්න තැනකට වැටුනා වුනත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර නැහැ.

      Delete
    6. AnonymousMay 23, 2012 4:50 PM

      මේ තරමට යුධ උපක්‍රම දන්නෙ මේ නම් අනිවා ගෝඨා හෝ සරත් වෙන්න ඕනෙ.

      සරත් වෙන්න නම් ඉඩකඩ අඩුයි ඉඳලා ඉඳලා ගෙදරගිය මිනිහා කකාගෙ බ්ලොග කියෝ කියෝ ඉඳියිද? ගෝඨා වෙන්න නම් පුලුවන් මරා කකාගෙ බ්ලොග කියවලා මල්ලිට කියලා කමෙන්ට් කෙරුවා වෙන්න ඕනෑ.

      Delete
    7. පෞද්ගලික කෝන්තර නිසා පාරවල් අයිනේ මැරිලා හිටිය අයත් ඒ වගේම අතුරුදහන් උන අයත් හිටියා.

      Delete
    8. ෆොන්සේකායි ගෝඨාභයයි විතරක් නෙමෙයි ඔය මෙහෙයුම් වලට දායක වුනු තව සිය ගාණක් ඔය විස්තර දන්නවා. හමුදාව සාමන්‍ය ජනතාව මැරුවයි කීමෙන් කරන්නෙ සාමාන්‍ය ජනතාවා බේරා ගැනීම වෙනුවෙන් කරපු මෙහෙයුම් වලදි මැරුනු සහ මෙහෙයුම් සාමාන්‍ය ජනතාවට අවම හානි වෙන විදියට කරපු නිසා මැරුනු හමුදා සෙබලුන්ට විශාල අවමානයක්. ඒ වගේ නරුමයො කියන ඒවද අපි විශ්වාස කරන්න ඕනෙ.

      යුද්ධෙ අවසන් සති වල සමහර තැන් වල දි වෙඩි තියන්නෙ නැතුව හමුදාවට ඉස්සරහට යන්න කියලා නියෝග දෙන්න බැරි නිසා අණ දෙන නිළධාරීන් වෙඩි තියන්නෙ නැතුව ඉස්සරහට යන්න කැමති කව්ද කියල අහලා ස්වේච්ඡාවෙන් ඒ වගේ අන්තිම අවදානම් වැඩ වලට කැමති වෙන අය ඉදිරිපත් වුනාම විතරක් ඒ මෙහෙයුම් දියත් කරපු තැන් තිබුනා. පුදුමාතලන් ඔපරේශන් එක පටන් ගත්තෙ එහෙම වෙඩි තියන්නෙ නැතුව ඉස්සරහට යන්න කැමති විශේෂ බලකා සෙබලු ඉදිරිපත් වුනාම. ඒ වෙනකොට එල්. එල්. ආර්. සී. දිග දුර මෙහෙයුම් අවසන් වෙලා තිබුන නිසා ඒ විදියට වෙඩි තියන්නෙ නැතුව සතුරා අභියසට යන්න හැකියාව තිබුනු මහසෝන් බලකා සෙබළු පුදුමාතලන් ඔපරේෂන් එකේ එක පැත්තක් ෆ්ලෑන්ක් කලා. මේ අය සමහර දෙනෙක් රට වෙනුවෙන් ඒ අහින්සක මිනිසුන් ගෙ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත පූජා කලා. බේරිලා ආපු සාමාන්‍ය ජනතාවට සෙබළු තම කෑම එක දුන්නා. වතුර බෝතලේ දුන්න. දීලා බඩගින්නෙ හිටියා. පිපාසාවෙ හිටියා. ඒ අවස්ථාවල් දැක්කා නම් කට්ටිය ඊරියො වගෙ නෙම්යි අඬන්නෙ. මේ ඉන්ටර්නෙට් බ්ලොග් වල බොරු යුධ අපරාධ චෝදනා ලියන එව්වො මේ මොනවවත් දන්නෙ නෑ. වෙඩි තියන්නෙ නැතුව ඉස්සරහට යන්න තීරණය කලේ වෙඩි තිබ්බනම් සාමාන්‍ය ජනතාව ටික දෙනෙක් හරි මැරෙන නිසා. තමන් වෙඩි කාලා හරි සාමාන්‍ය ජනතාව බේරන්න පුළුවන් තැන් වල හමුදාව ඒක කලා. මෙහෙම කරපු හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන එවුන් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා.

      Delete
  29. මේ වධකාගාරය ගැනනම් එච්චර තොරතුරු දැනන් හිටියේ නෑ කලින්..

    ReplyDelete
  30. මෙච්චර කල්.. කතාන්දර පස්සේ අවිත් ලිපි කියෙව්වට අද තමයි කොමෙන්ටුව් දාන්නේ.. ඇත්තම කිව්වොත් ඔය කාලෙදී මම ඉපදිලාවත් නෑ.. නොවැ.. කොහොම උනත් පොත කියවනවා... ඔන්න රැ: 350 වෙන් කොරෝ... හෙට උදේම සරසවි පියනගන්ට ඕනේ... බොහොම ස්තූතියි.. කියවලා තව මොනව හරි කියන්නම් කෝ

    ReplyDelete
    Replies
    1. හොඳ තීරණයක්. ඒ කාලේ නොහිටි අය මේවා ගැන දැනගන්න එක හොඳයි.

      Delete
  31. රියන් දහ අටේ ඇහිබැම ගාපු කටවුට් ගහල, ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නල පූජා තිබ්බත්, ප්‍රේමදාස කැලි,කෑලි වලට පිපිරිලා ගියා, රන්ජන් විජේරත්න කුකුල වගේ රෝස්වෙලා, අර ටයර් සෑයෙ ගිය කොල්ලො වගේම මලා. කලකම් කාටත් පල දෙනවා. ඔය නිදන් හාරල රන් කඩු හොයල උන්දලටත් ඒක එහෙමම තමා.

    තමන්ගෙම මිනිසුන්ට මෙහෙම තුච්ඡ විදිහට වධදීපු එවුන් , උතුරේදී මානුෂික මෙහෙයුමක් කලා කියන මතය පිලිගන්ට අමාරුයි. එකම දේ, කොටින්ට හොඳ PR එකක් තිබ්බා, අන්තර් ජාතික ප්‍රජාවගේ අවධාණය ගන්න. අපේ කොල්ලො, කෙල්ලොන්ට වධ දෙනකොට මොන බල්ලෙක්වත් හිටියෙ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා. එදා මහින්ද (වාසුත් එක්ක) ඔය තොරතුරු සේරම හොයල, රිපෝරට් හදල, ජීනිවා වලට පැමිණිළි කරළා, ලංකාවට ආධර දෙන්න එපා කියල ඉල්ලුවා නේද?
      http://www.lankaenews.com/Sinhala/news.php?id=19795

      ??

      Delete
    2. ඒ මහින්දයි, වාසුයි මලා. මේ ඉන්නෙ වෙන දෙන්නෙක්. අසීමාන්තික., දීර්ඝ කාලීන බලය, ඒකාධිපති පාලනයකට දොර‍ටුවයි.

      ඈ ක‍තෝ, ඔහේ මේ දවස් ටිකේ සික්සර් ම නෙව ගහන්නෙ? :D

      Delete
    3. @ AnonymousMay 23, 2012 6:30 PM

      // තමන්ගෙම මිනිසුන්ට මෙහෙම තුච්ඡ විදිහට වධදීපු එවුන් , උතුරේදී මානුෂික මෙහෙයුමක් කලා කියන මතය පිලිගන්ට අමාරුයි.

      මෙතෙන්දි අපි තෙරුම් ගන්න ඕනෙ දෙ තමයි 71 යි 89 යි වෙනස. 71 දි විජේවීරව මැරුවෙ නෑ. නමුත් 89 දි මැරුවා. ඒ විතරක් නෙමෙයි 89 දි මර්දනය 71 ට වඩා ඉතාම දරුණුයි. හේතුව තමයි 71 දි ජ. වි. පෙ. තිබුනෙ මාක්ස්වාදී, මාඕ වාදි, හෝ චි මිං වාදී, ගුවෙරා වාදී වැඩ ටිකක් විතරයි. 71 ජ. වි. පෙ. සටනෙ දේශප්‍රේමි ඉලමෙන්ට් එක තිබුනෙ නෑ. නමුත් 89 ඒක තිබුනා (කොමිනුනිස්ට් කෑලි වලට අමතරව ). 71 දි ජ. වි. පෙ. චේ ගුවේරා ව්‍යාපාරයක් නම් 89 දි දේශප්‍රේමී බලවේගයක්. (89 දි ජ. වි. පෙ. මර්දනය කරන්න ක්‍රිස්තියානි පල්ලිය විශේෂ උන්නදුවක් ගත්තා. විජේවීර එයාගෙ දෙමල ඊලාම් අරගලයට විසඳුම මොකක්ද පොතේ පල්ලිය විශේෂයෙන්ම විවේචනය කරන්නෙ, පල්ලිය එයාට එරෙහිව ඉන්න බව එයා දැන හිටිය නිසා.)

      ඒ නිසා 89 දි සටන තිබුනෙ තම තමන්ගෙ මිනිස්සු අතරෙයි කියලා කියන්න අමාරුයි. ඒ සටන තිබුනෙ පළාත් සභා වලට පක්ශ බලවේග සහ පළාත් සභා වලට විරුද්ධ බලවේග අතරයි. හැබැයි 71 දි නම් සටන තිබුනෙ තම තමන්ගෙ මිනිස්සු අතර කියන්න වැඩි ඉඩක් තියෙනව.

      අනිත් කාරනය තමයි 89 දි ඝාතන වැඩි හරියක් කලේ මැර හමුදා වලින්. නමුත් කොටින්ට එරෙහි මෙහෙයුම් කලේ මැර හමුදා වලින් නෙමෙයි රජයේ හමුදා වලින්. 71ත් කලේ රජයේ හමුදා වලින්. උතුරට අදාලව අපි කොල කොටි, කහ කොටි, ප්‍රා ඝ්‍රා, උකුස්සා, වගේ නම් මුකුත් හලා නෑ. ඒ නිසා උතුරේ තත්වය තේරුම් ගන්න ඕනෙ 89 ඇසුරින් නෙමෙයි, 71 ඇසුරින්.

      Delete
    4. හොඳ පැහැදිලි කිරීමක්. නමුත් මෙහෙම වෙන්න බැරිද?

      වෙන, වෙන නම් යෙදූ මැර හමුදා අවශ්‍ය වුනේ හමුදා සෙබලුත් ගෙවල් වලට යන්න ඕනෙ නිසා. උතුරට ඒක අවශ්‍ය නෑ, ඇයි එයාලගෙ ගෙවල් තියෙන්නෙ උතුරෙ නෙමෙයි නිසා. එයාට "හමුදා වරප්‍රසාද", දීලා වෙනම "උප සංස්කෘතියකට" ගන්නවා. දඩුවම් දෙන්නෙත් "හමුදා" නීතිය යටතේ.

      ඒත් මෙතනදි සොල්දාදුවා ඉත්තෙක් විතරයි. හමුදාව කියන්නෙ දෑවැන්ත යාන්ත්‍රණයක්. ඒකෙන් පිරිමහන්නෙ දේශපාලක ඕනෙ එපාකම්. එත් දේශපාලකයා සුදු ඇඳගෙන මල් වට්ටි අරගෙන පන්සල් යනවා, පසඟ පිහි‍ටුවා වඳිනවා. හාමදුරුවරු ගුණ ගායනා කරනවා. මේක නිකං මාරයා සෝවාන් වුනා වගේ වැඩක්. හමුදාවෙ ලොකු මොල ටික තමයි ගේම ගෙනියන්නෙ. මතකද "ඔප්ස්-කම්බයින්" එක. අහල තියන විදිහට නං , හමුදා පවුල්වල ඝාතන සිදු කරලා , ඒක JVP පිටින් දැම්මා කියලයි කියන්නෙ. මැර හමුදා කියන්නෙ, හමුදාව අතරින්ම ‍තෝරාගත් විශේෂ කණ්ඩායම් නෙමෙයි කියලද හිතන්නෙ?

      මතකනෙ, මෑතදි ගමේ මිනිසුන්ගෙන් ගුටිකාපු සුදු වෑන් එකේ කස්ටිය?

      Delete
    5. මැර කණ්ඩායම් වල හිටියෙ හමුදාවෙ අයද කියන එකට වඩා මෙතන මම බලන්නෙ නායකත්වයට තිබ්බ මෝටිවේශන් එක. කොටි ත්‍රස්තවාදය මර්දනය කරපු නායකත්වයේ මානසිකත්වය (මහින්ද ගෝටාභය පොන්සේකා තුන්ගෙනාගෙම) මම හිතනවා සාමාන්‍ය සිංහල මිනිහාට වඩා වෙනස් නෑ. සාමාන්‍ය සිංහල මිනිහාට වඩා එහා ගිය මර්දනයක් කරන්න ඔය තුන් ගෙනා ගෙන් එක්කෙනෙකුට වත් ඕනෙ වුනා කියලා මම හිතන්නෙ නෑ. (මහින්දට මෙච්චර මිනිස්සු චන්දෙ දෙන්න ලොකුම හේතුව, මහින්ද සිංහල ජන විඤ්ඤානයේ නියෝජනයක් කියලා මිනිස්සු හිතන එක.) සාමාන්‍ය සිංහල මිනිහාට කොටි ටික ඉවර කරන්න ඕනෙ වුනා මිසක් සාමාන්‍ය දෙමල මිනිස්සු මරණවා දකින්න කිසිම ඕනෙ කමක් තිබුනෙ නෑ. මගේ මතය නම් හමුදා මෙහෙයුම් වලට නායකත්වය දුන් කාටවත් ඒ මානසිකත්වයෙන් ඔබ්බට ගිහිල්ල නිස්කාරනේ මිනිස්සු මරන්න ඕනෙ වුනේ නෑ. 71 දි මැතිනිට කැරැල්ල මර්දනය කරන්න මිසක් මට එරෙහිව ආපු එවුන් මරලා ඉවර කරන්න ඕනෙ කියන මානසිකත්වය තිබුනෙ නෑ. 71 දි මැරුවට වඩා සෑහෙන ප්‍රමණයක් පුනරුත්ථාපනය කලා. 89 දි කලේ පුළුවන් තරම් මරපු එක. මොකද 89 දි සටන තිබුනෙ ඒකීය රජ්‍යය අවසන් කරන්න ඕනෙ කියල හිතපු අයයි ඒකීය රජ්‍යය රැක ගන්න ඕනෙ කියන අය අතරයි. එතනදි තිබුනෙ සිංහල බෞද්ධ බලවේගය කුඩුපට්ටම් කල යුතුයි කියන මෝටිවේශන් එක. මම කියනවා 89 මර්දනය තුල අපි දැක්කෙ බටහිර බලවේග වල මෝටිවේශන් එක. 71 සහ උතුරේ අපි දැක්කෙ සිංහල මිනිහාගෙ මෝටිවේශන් එක.

      Delete
    6. "ඔය නිදන් හාරල රන් කඩු හොයල උන්දලටත් ඒක එහෙමම තමා." @ AnonymousMay 23, 2012 6:30 PM

      මම හිතන්නෙ ඔය වැඩ කෙරුවට මුකුත් වෙන්නෙ නෑ, එහෙම වෙනවනම් ඉතින් ඔය සජිත් ගොය්ය ඉන්නෙ යස අපූරුවට, ඒක ආදර්ශෙට අරන් වෙන්න ඇති අද කාලෙ කස්ටිය වැඩේට බැහැල තියෙන්නෙ

      Delete
    7. @AnonymousMay 23, 2012 7:19 PM
      @AnonymousMay 23, 2012 7:50 PM

      මේ කමෙන්ට් දෙකම ගැන මට යම් එකගතාවයක් තියෙනවා.
      '89දී,"ප්‍රා" හැර අනෙක් කණ්ඩායම්වලට විවිධාකාර නම් තිබුණට ඒවායින් නියෝජනය වුනේ රජයේ හමුදාව සහ පොලීසියමයි. එවකට හිටිය යූ එන් පී දේශපාලකයින්ගෙ පුද්ගලික ආරක්ෂකයොයි අතිරෙක මැරයොයි මොවුන් සමග එකට ක්‍රියා කළා.
      උදාහරණයක් විදියට රත්නපුර අතුල ආටිගල ගේ මැරයො ර/පුර වධකාගාරය පවත්වාගෙන ගිය ගජබා රෙජිමෙන්තුව සමග එකට ක්‍රියා කළා.

      Delete
    8. සුමිත් අයියා වජිර ගුණසේකර කියලා කෙනෙක් ගැන දන්නවාද ? අතුරුදහන් වුනු මගේ ඥාති සහෝදරයෙක්.

      Delete
    9. ඒ නමින් නමින් නම් කවුරුත් මතක නෑ. ඒත් සමහරවිට අන්වර්ථ නමකින් මුණගැහිලා ඇති.

      Delete
  32. ලෝකෙ දරුනුම වද හිංසා පෙන්වන චිත්‍රපටි බලල..පොත් කියවල තිබුනට ලංකාවෙ එහෙම දේවල් ලියල තියන ඒවා කියවන්න බැහැ මට...
    අපේ අම්ම දවසක් තව කෙනෙක් එක්ක කිව්ව දෙයක් අහම්බෙන් ඇහුන...
    කොලඹ වරාය කිට්ටුව ආයතනයකට අම්ම ගිහින් තිබ්බ යාලුවෙක් හමුවෙන්න..මේ ආයතනය මුහුද අයිනට වෙන්න තිබ්බ එකක්..එදා ඒ යාලුව අම්මව එක්ක ගිහින් එයාගෙ ඔෆිස් එක පිටිපස්සෙ තිබ්බ තැනකට..එතන කලුගල් වැටියක් ලු ටිකක් දිගට මුද මැද්දට දික් උන..පිරිමි ලමයි 10 කගෙ විතරත් ගැහැනු ලමයි 6 කගෙ විතරත් මලමිනි රැඳිල තිබ්බලු ඒ ගල් වැටියෙ..වතුරෙ පාවෙවී තිබ්බ සමහර පිරිමිලමයින්ගෙ බඩවැල් එලියට ඇවිත්(අරන්)ඒවා සමහරක් කටු කම්බි වල එතිල පාවෙවී තිබුනලු...මේවා කැලණි ගඟට දාපු අයගෙ මල සිරුරු කියල යාලුව කිව්වලු..හැමදාම එහෙම සිරුරු 20 ක් විතර එතෙන්ට පාවෙල එනව කියල යාලුව කිව්වලු..(මේක මම ලිව්වෙ ගොඩාක් අකමැත්තෙන්..මම ඉපදෙන්න කලින් මේ සිද්ධිය අම්ම දැකල තිබුනෙ..පාසැලේ 2 වසරෙදි මේ සිද්දිය මගෙ කනට වැටුනෙ..එදා ඇති උන කම්පනය තාමත් මගෙ හිතේ ඇතිවෙනව මේ වගේ කතන්දර දකිනකොට..)

    ReplyDelete
    Replies
    1. මං දැක්කේ එකම එක මලසිරුරයි. ඔළුවට වෙඩි තියලා මරපු අවුරුදු දහඅටක විතර පිරිමියෙකුගේ.

      පොතේ අත්දැකීම් ඊට වඩා බරපතලයි.

      Delete
  33. බොහොම ස්තුතී...අනිවා අරගෙන කියවනව

    ReplyDelete
  34. මාතර තියෙන , බොහොම ලස්සන තැනක් තමයි බ්‍රවුන්ස් හිල්. බ්‍රවුන්ස් හිල් නමේ හැටියටම කන්දක්. කන්ද මුදුනට ගියහම මුහුද පේන හැටි.ඈත අහස පේන හැටි හරිම ලස්සනයි.

    මාතර දිස්ත්‍රික් ලේකම් නිළ නිවස පිහිටල තියෙන්නේ බ්‍රවුන්ස් හිල් වල තියෙන ලස්සනම තැන. එළිය කන්ද කියන්නේ ඒ කන්දෙම බැස්ස පැත්ත.ඒකත් මුහුද පැත්තටම සීමා වෙච්චි ලස්සන පළාතක්.

    රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිරිමි නේවාසිකාගාර දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ “මැද්දවත්තේ “ අනික තමයි ඔය “ එළිය කන්ද “

    ඒ වගේම කැම්පස් එකේ උප සංස්කෘතියේ හැටියට. නේවාසිකාගාර අයිති වෙන්නේ මෙහෙම.
    මැද්දවත්ත - ජෙප්පොන්ටත්
    එළිය කන්ද - බොග්ගුන්ටත් /අලයෝ / තව නම් තියේ..........

    බොහෝ දුරට මේ නේවාසිකාගාර වලින්
    මැද්දවත්ත ජෙප්පොන්ගේ නේවාසිකාගාරයේ ඉන්නේ කලා පීඨයේ සිසුන්
    එළිය කන්දෙ ඉන්නේ විද්‍යා පීඨයේ සිසුන්

    ඒ වගේම ...... කැම්පස් එකේ ආපන ශාලා හිටන් මේ දෙපිරිස අතර බෙදිල තියෙනවා.
    උඩ කැන්ටිම - ජෙප්පො / ප්‍රගතිශීලීන්
    පහළ කැන්ටිම - අලයො න්ට/ බොග්ගොන්ට

    ඒ මංතුමී දන්න කාලේ....

    දැන් මීටත් වෙනස් ඇති.

    ඔය කියන ටයර් සෑයේ නොමිලේම අවසන් ගමන් ගියපු තරුණයන් හිටි කාලේ මම නම් ඇබිත්තියන් කෙල්ලක්.

    පේරාදෙනිය ලස්සනම කැම්පස් එක කියන කතාව කොහොම වුනත් රුහුණු කැම්පස් එක ජෙෆ්රි බාවාගේ බොහොම අගනා ලස්සන නිර්මාණයක්................


    පලි:- මේ යන මඩ සංහාරය ,බ්ලොග් අවකාශයට ගේන්නෙ අප්‍රසන්න කමක්. ඒ නිසා සැමදාමත් නමින් කමෙන්ට් කරන මම නිර්ණාමිකවම ආවා. නමුත් කතාන්දර මම කියල තියෙන විස්තර අනුවත් ලියල තියෙන විදිහ අනුවත් මං කවුදෑ කියා අනිවාර්යෙන් හඳුනා ගනීවි කියලා හිතනවා.

    එළිය කන්ද වධ කඳවුර කියවා ඇති බවට වැඩි දුරටත් සඳහන් කරන අතර. අද කාගේ කාගේත් හිත් වලින් ඒ අමිහිරි මතක ගිලිහිලා ගිහින් කියලා වැඩිදුරටත් කියන්න කැමැති.මොක ද කියනව නම්, මේ දේවල් සැබෑවින් දැක්ක එළිය කන්ද ,මැද්දවත්ත,ලක්ෂවත්ත, වෙලේවත්ත,වැල්ලමඩම ප්‍රෙද්ශ වල මිනිසුන්ට පවා මේ දේවල් හීනයක් වගේ.

    හැබැයි එළිය කන්ද හොස්ටල් එකේ , තාමත් ඒ කාලේ සමහර තරුණයන් ජීවත් වෙනවා කියලා ඒක එක කතා නම් අහල තියේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ඔයව අඳුණාගන්නේ නැතුව ගුගල්කාරයෝ මේ කමෙන්ටුව ස්පෑම් එකට දාලා තිබුණා!

      Delete
  35. මිළ රුපියල් 350 නෙමේ, රුපියල් 825 ක්

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ?
      මේ පෙත තියෙන්නේ මගේ ඇස් ඉදිරිපිට! තුන්වන මුද්‍රණය රුපියල් 350.

      ISBN: 955-573-379-1

      Second edition: Rs. 325
      http://rmunasinghe.voila.net/img42.html

      !!!

      Delete
    2. 850 ක්? යකෝ එහෙනම් රෝහිතයා දැන් ධනවාදියෙක් වෙලානෙ!

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. ටෙස්ට්

    ReplyDelete
    Replies
    1. ටෙස්ට්?

      රොජර්??

      තෙරුන්නෑ!

      Delete
  38. පොතේ විස්තරේට තැන්ක් යූ කිව්වා.
    ඒ කාලේ ම්ළ මිනී උඩින් පැන පැන උදේ හවස වැඩට ගිය එකේ පොත් කියවන එක එච්චරම දෙයක් නෙවේයි!

    මරණයට කැප උණ කොලුවෝ දෙන්නෙකුත් බේරාගන්න පුළුවන් උනා ඒ කාලේ දන්න කියන මානුෂික හදවතක් තිබුන කෙනෙක් උදව් කළ නිසා.

    ඊරියෝ අඬන විදිය අහලා ත්යනවා ගන්නෝරුව රිසර්ච් ෆාම් එකේ ඉන්න කාලේ! හපෝ එහෙම අඳෝනාවක්!

    ReplyDelete
  39. මේ පොත කියෙව්වේ අවරුදු කිහිපයකට කලින්
    ඇත්තටම සැහෙන දුකයි කියවද්දී
    මෙච්චර වද වේදනා මිනිස්සු කොහොම ඉවසුවද මන්ද..

    ReplyDelete
  40. ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වා (පොස්ටුවට අදාල නොවෙන විකාර හැර)
    ඒත් තවමත් මේ අත්දැකීම් ඒ හැටියෙන්ම විදපු කෙනෙක්ගෙ කමෙන්ට්ස් හම්බවුනේ නෑ.
    මම එළියකන්ද වදකදවුරේ හිටියෙනැතත් ඒ අත්දැකීම් ඒ හැටියෙන්ම විදපු කෙනෙක්.
    මුලින්ම මාව අත්අඩංගුවට ගත්තගමන් උන් ඇහුවෙ "උඹ කැමති ටයර් එකේ යන්නද නැත්නම් කැළනි ගගේ යන්නද" කියලා
    එතකොට මම කිව්වා ඒක තීරණය කරන්නෙ අපි නෙවෙයිනෙ කියලා
    "%ක නැත්නම් තෝත් යකා...." කියලා එක දිගටම උන් කළ පහරදීම් නිසා මම දැන් සදාකාලික(පූර්ණ) බිහිරෙක්....

    දැනට එපමනයි....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් කණගාටුයි ඔයා ගැන සතුටු වෙන්න ජීවිතය බේරුන එක ගැන.. වෙන කියන්න දෙයක් හිතෙන්නෙ නැහැ..අත්දැකීම් තියන අය 3 දෙනෙක් ඉන්නව අපේ පවුල් වල..කිසිම හේතුවක් නැතුව දේශපාලන පෞද්ගලික පලි ගැනීම් මත වද වින්ද අය...එයාල කිව්ව දේවල් මට මේකෙ ලියන්න බැහැ............

      Delete
    2. "ගොඩාක් කණගාටුයි ඔයා ගැන සතුටු වෙන්න ජීවිතය බේරුන එක ගැන" - වින්චැට් කිරිල්ලී කියන දේ තමා මටත් කියන්න තියෙන්නේ අයියගේ අත්දැකීම් ගැන. වාසනාවට ඔයා කාලේ මම බාලාංශ වයසේ.

      අර මම කලින් කමෙන්ටුවක, සුමිත් අයියගෙන් අහපු වජිර ගුණසේකර අන්තිම කාලයේ දැකපු හමුදා නිලධාරියෙක් පසුව කියා තිබුනා, කොන්දේ විශාල වලක් (සුදුසු වචනයක් හිතා ගන්න බෑ) හාරලා තිබුනා සහ මරණයට නියමිතව සිටි නිසා තට්ටය ගා තිබුණු බව.. ඔහු මම දන්නා තරමින් ජ.වී.පෙ ප්‍රාදේශීය නායකයෙක්.

      කිසිම දේශපාලනයක් නොකළ, මගේ තවත් ඥාති සහෝදරයෙක් පැහැරගෙන ගිහින් ටික දවසකින් ආපහු ගෙනත් දමලා තිබුනා. ඔහුටනම් සාමාන්‍ය පහරදීම් විතරයි කරලා තිබුනේ.

      Delete
    3. සාමාන්‍යයෙන් රත්නපුර "ගජබා" එනෙක් අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට ආපහු එන්න බැරිවුනා. අපේ අයියා කෙනෙකුත් රත්නපුර මල්වල පංසලේ හාමුදුරුවරු 4 දෙනෙකුත් එකම දවස්වල එතනින් අත්අඩංගුවට අරන් මරලා දැම්මා. එක හාමුදුරු කෙනෙකුගේ වයස අවු: 13යි.
      මාව අත්අඩංගුවට ගත්තෙ අවිස්සාසව්ල්ල පොලීසියෙන් එහෙම නොවුනානම් නිසැකවම මම අද ජීවතුන් අතර නෑ.

      Delete
    4. අර කියපු වජිර ඇලපාත පැත්තේ ඉස්කෝලෙක ගුරුවරයෙක්. ඔහු සමග ඔහුගේ ගෝලයින් කිහිප දෙනෙකුත් අත් අඩංගුවේ හිටියාලූ..

      ඔය ලාබාල හාමුදුරුවෝ පවා මරපු, මරවපු අය දැන් හතර පෝයට සිල් අරගෙන වගේ ඇත්තේ... පරාල ලොක්ක පස්සේ කාලෙත් මිනී මරලා බේරිලා ඉන්නේ..

      නිදහස ලැබුණු කෙනා අරන් ගියේ කොහාටද කියලා මම හරියටම දන්නේ නැහැ. ඇස් බැඳලා ගෙනත් අත ඇරලා තිබුනේ තිරිවානාකැටියේ..

      Delete
    5. @ Sumith Niriella
      ප්‍රහාරය බ්ලොගය එලිදක්වන තුරු අපි බලා සිටිමු!

      Delete
  41. මගේ මාමා මේ කාලේදි ජවිපෙ ප්‍රාදේශීය නායකයෙක්ලු.ඉංග්‍රීසි ගුරුවරයෙකු විදියට වෘත්තිය කරලා තියෙන්නේ අන්තිමේ බූස්සට අල්ලං ගිහිල්ලා... ගුදයට බටයක් දාලා ඒ ඇතුලෙන් කටු කම්බියක් දාලා බටය අයින් කරලා ඇද්දා නියපොතු තලලා මිරිස් කුඩු දැම්මා වගේ සෑහෙන්න කතා තොගයක් මම පොඩි කාලේ අහගත්තා... සති ගානක් කඳවුරේ තියාගෙන ඉද්දිත් මුකුත් නොකීව නිසා මරන්න ඕඩර් එක ලැබිලා විනාඩි ගානක් ඇතුලත තමා නිදහස් කරන්න කියන ඕඩර් එක ලැබිලා තියෙන්නේ.... මේ මෑතකදි එයා නැතිවුනා එයා විඳපු වද ගැන අහනකොට මේ පොතේ කියවන්න දෙයක් නැතිව ඇති කියලත් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. නඩු නැති අපරාද!

      Delete
    2. හැබැයි යුධ අපරාධ නෙමෙයි. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.

      Delete
  42. මම ඉස්සර හිටපු වැඩපොළක සිකුරුටි කෙනෙක් නම් ඔය කාලෙ හොඳ වැඩක් කරගෙන තිබුනා. භීෂණ කාලෙ ඌ පොලීසියෙ කොස්සෙක්ලු. මිනිහා කළු කොට මහත කාලගෝල ඩයල් එකක්. මිනිහගෙ ගෑණි ඉටිරූපෙ වගේ.

    ඔය කාලෙ මිනිස්සු හරිම බයෙන්ලුනෙ හිටියෙ. විශේෂයෙන් කෙල්ලො කොල්ලො හිටපු ගෙවල්වල අය. මේ කෙල්ලගෙ ගෙදර මිනිස්සුත් බයේ ඉඳලා තියෙන්නෙ. මූ පොලිස් ජීප් ඒ ගෙවල්ගාවට යවලා තවත් ඒ ගෙදර මිනිස්සුන්ව භයකරලා. මූ හින්දයි කෙල්ලව අල්ලන් නොයන්නෙ වගේ එකක් රඟපාලා. අන්තිමට ගොඩදාගෙන.

    ReplyDelete
  43. ඔය පොත මම කියවද්දි මට අවුරුදු 14යි. එදා මමත් ඊරියක් වගේ ඇඩුවා...

    ReplyDelete
  44. වීඩියො එක තියනවා නම් වහාම යූටියුබ් එකට දාන්න. මොකද ඊරියො අඬනවා දැකල නැති අයගෙන් පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.

    ReplyDelete
  45. මම ඔය කියන තැන දැකලා තියෙනවා.. හැබැයි දැන් වධකාගාරය නැහැ.. පොත හොයාගෙන කියවන්න හිතෙනවා. දැනුවත් කලාට ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.