Thursday 12 December 2013

දුක තමයි රංජනී - View from your astral body


මේක පොඩි කතන්දර කෑල්ලක් පමණි.

නමුත් මේ කතන්දර කෑල්ලේ තේරුම නං අවශ්‍ය පරිදි නිකං රබර් කෑල්ලක් වගේ දිග්ගස්සන්ට හැකිය.

මෙන්න කතන්දර කෑල්ල මුලින්ම.

අපේ ගම් පලාතේ පොඩි කලා කවයක් තිබේ. ඒ ගැන කතන්දරයක් මං කලින් ද ලියා ඇත.

මේ කලා කවයෙන් දැන් වසර කිහිපයක කලින් පොඩි අළුත් වැඩක් ඇරඹිණි. එය නම්, වසර අවසානයේ පවත්වන සාමාජික සාදයේ දී, ඒ වසරේ පොත් පත් ලියූ, ගී තැටි බිහි කළ, නාට්‍ය වේදිකාගත කිරීම සහ වෙනත් ටැන්ජිබල් කලාබර කටයුතු කළ අයව තවත් දිරි ගන්වනු පිණිස සහ ඔවුන් ගේ සේවය අගය කරනු පිණිස පොඩි සමරු ඵලකයක් දීමයි.

මේ වැඩ පිළිවෙල අරඹා දෙවන වසරේදී මේ ආකාරයේ ඵලකයක් මංතුමාටද ලැබුණි. ඒ මා එක්තරා පොතක් ලියා පල කිරීම අගැයීමටය. (හොඳ වේලාවට මෙහිදී අගැයීමට ලක් කෙරෙන්නේ පොතක් ලිවීමේ කාර්තව්‍යයයි. පොතේ ඇති වැදගත්කම නොවේ!)

කුමන හෝ හේතුවක් නිසා ඊලඟ වසරේ දී පැවති සාමාජික සාදයේ දී මේ කලාබර අගැයීමේ අංගය දක්නට නොලැබිණ.

තවත් මාස ගණනකට පසුව අපේ කලා කවයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විණි.

එහි දී වසරේ ප්‍රගතිවාර්තා ඉදිරිපත් කළායින් පසුව එළැඹෙන සාකච්ඡාවාරයේ දී මා මේ පිළිබඳව ප්‍රශ්නයක් ඉවත්ව යන චෙයාමන් ට යොමු කළෙමි.

"අර කලාබර අගැයීම මෙවර අත්හැරියේ ඇයිද?" ඒ මා ඇසු සරල ප්‍රශ්නයයි.

එය අත්හැරියේ නැති බවත්, කෙරුණේ කල් දැමීමත් පමණක් බවත්, නුදුරු දිනයක පැවත්වෙන සුහද සාදයේදී ගිය වසරේ සහ මේ වසරේ කලාබර ඇගයීම් උත්සව දෙකම එකට පවත්වන බවත් මට පිළිතුර ලෙස ලැබුණි.

අවුරුද්දක්ම පරක්කු වුණත් බෙටර් ලේට් දෑන් නෙවර් කියලා කියනවානේ!

ටික දිනකට පසු මට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ හිටපු චෙයාමන් ගෙනි.

"කතන්දර, දැන් අර කලාබර උත්සවයේ ගිය වසරේ නම් ලයිස්තුව හදන්නේ මායි. මට කියන්නකෝ ඔහේ ලියපු පොත ගැන විස්තර?"

"මොන පොතද? මං පොත ලියලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි නේ! ඒක මීට අවුරුදු දෙකකට කලින් තියපු කලාබර අගැයීමට අයිති වුණා නේ!"

"මං හිතුවේ කතන්දර ගිය අවුරුද්දේ අළුත් පොතක් ලිව්වාය කියලයි."

"ඇයි හි.චෙයාමන් එහෙම හිතුවේ? මං අළුතින් පොතක් ලිව්වා නං ඔහේට නොදී ඉන්නවාද?"

"නෑ ඉතිං, ඔහේ එදා අර ඒ.ජී.එම්. එකේ දී මේ කලාබර අගැයීම ගිය අවුරුද්දේ නොපැවැත්වීම ගැන ඔහේ ප්‍රශ්න කළා නේ, ඒකයි මං හිතුවේ ඔහේත් පොතක් ලියලා ය කියලා!"

මට ඇතිවුණු හැඟීම අමුතුවෙන් විස්තර කරන්න ඕනෑ නෑ නේ?

දුක තමයි රංජනී!

"අනේ හි.චෙයාමන්, මට ලැබෙන්න තිබුණු දෙයක් නොලැබුණු හින්දා නොවෙයි, මට ලැබිලා, අනෙක් අයට නොලැබුණු හින්දයි මං ඒ ප්‍රශ්න කෙරුවේ!"

"ආ, ඇත්තද?"

ඒ දුරකතන කතාබහ එතැනින්ම ඉවර වුණා.

දැන් මේකයි කේස් එක.

අපි බොහො දෙනෙක් හිතන්නේ තමන් වගේම අනිත් අයත් තමන්ගේ වාසියට විතරයි කතාකරන්නේ කියලයි. අනුන්ට වෙන අසාධාරණ වැඩ ගැන කතා කරන අයත් ඉන්නවා කියලා මේ අය දන්නේ නෑ.

එහෙව් එකේ, තමන් ට අවාසියක් වුණත් අනුන් ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන අය ඉන්නා බවත්, ඒ එක්කම, තමන් ගේ මතය ඊට හාත්පසින්ම වෙනස් වුනත් වෙනත් අයට ඔවුන් ගේ මත දැරීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කරන අය ඉන්නා බවත් දැන ගැනීම ඒ අපේ කෂ්ටියට ජබර කලන්තේ හැදෙන සයිස් හේතුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑද?

හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න?
http://kathandara.blogspot.com/2012/08/2-voltaire-no-more.html

-කතන්දරකාරයා

ප/ලි:
යම් ප්‍රශ්නයක තමනුත් එක කොටස්කාරයෙක් වෙනකොට, ඒකෙන් මිදිලා තුන්වැන්නෙකු ගේ ඇසෙන් බලා ස්වාධීන විශ්ලේෂණයක් කරන්න පුළුවන් කාටද?


(image: http://genealogyreligion.net/tag/out-of-body-experiences)

63 comments:

  1. පසුගිය සුනාමියෙදි එක්තරා රටකදි මම නොසෑහෙන්න මහන්සි වෙලා (අතින් කාල අතින් පෙට්‍රල් ගහලා) අනිත් අයගෙත් සහයෝගයෙන් අධාර එකතු කරල මගේම මූලිකත්වයෙන් ඒ පලාත්වල ලමයින්ට වැඩ කොටසක් කලා. ඒත් අන්තිමට සමහරු කිව්වෙ මම මාටිය ගැහුවය, ඒ සල්ලි වලින් රට සවාරි ගැහුවය කියල. ඕව ඔහොම තමයි කකා

    ReplyDelete
    Replies
    1. සුනාමි හොරා....

      Delete
    2. //අතින් කාල අතින් පෙට්‍රල් ගහලා//
      ඉතින් බං අතින් කටට දමාගෙන තමා කන්නේ,
      පෙට්‍රල් ගහන්නෙත් අතින් අල්ලාගෙන. අනිත් ටික ගැන නම් මං දන්නේ නෑ බං.

      Delete
  2. ලෝකේ ගොඩක් හොද අදහස් තියෙනවා.ඒවගේ අදහස් දරන මිනිස්සු ඉන්නවා..ඒත් ඒ ම්නිස්සුන්ගේන් භාගෙට වඩා ඒ අදහස් වලින් කථා කරන කරදරයට මුහුණ දීපු නැති අය...

    ඒක නෙමෙයි මොකක්ද මේ ටැන්ජිබල් කලාබර කටයුතු කියන්නේ...මැත්ස් වලදි ස්පර්ශකය කියන අදහසින්ද.. ඉංග්‍රීසීවලදි ඕය වචනෙ වෙන විදිහකටනේද යෙදවෙන්නේ?

    ReplyDelete
    Replies
    1. කලා කෘතියක් ලෙස ඉදිරිපත් වී ඇති යන තේරුමටයි එහෙම කිව්වේ.

      Delete
  3. දුක තමයි රංජන් මොනා කරන්ටද? :D

    ReplyDelete
  4. ඔව්, යම් කෙනෙක් දරන මතවාදය, අපි දරන මතවාදයට පෑහෙන්නේ නැත්නම්, ඒ පුද්ගලයාට ඒ මතවාදය දැරීමේ අයිතිය වෙනුවෙන් අපි පෙනීසිටිනවා අඩුයි තමයි. දැන් ලඟම උදාහරණය කකාගේ කලින් පෝස්ට් එක (ඒ හින්දම වෙන්න ඇති මේකත් ලියවෙන්න ඇත්තේ). අපි කවුරුත් (මමත්) කතාකලේ නිකාබ් එක ඇඳීම හරිද වැරදිද කියලා මිසක්, නිකාබ් එක ඇඳීම තහනම් කරපු ක්‍රමවේදය හරිද වැරදිද කියලා නෙමෙයි. එක අතකට මේක සමාන වෙන්නේ, මිනීමරුවෙක් කියලා අපි හරියටම දන්න පුද්ගලයෙක්ව පොලිසියෙන් මරා දැමීම ගැන අපි සතුටුවෙන එකට. රටේ නීතිය එතැනදී ක්‍රියාත්මක නොවුනා කියන කාරණය අපි අමතක කරනවා.

    ප.ලි.ය ගැන කියනවා නම්, මට හිතෙනවා අපි ගොඩක් දෙනෙක් ඕක කරනවා (දැනුවත්ව හෝ නොදැනුවත්ව), නමුත් නැවතත් තමන් ඉස්මතු වෙන නිසා, ඒ තුන්වෙනියාගේ මතය යටපත්වෙනවා.

    ReplyDelete
  5. //අපි බොහො දෙනෙක් හිතන්නේ තමන් වගේම අනිත් අයත් තමන්ගේ වාසියට විතරයි කතාකරන්නේ කියලයි// මේ වැකියේ තියනවා ඔබ ඒත්තු ගන්වන්න හදන සියල්ලම.
    තමන්ගේ වාසියට වැඩ නොකරන්නෝ සිටිත් ද? එසේම එවැන්නෝ අනුන් ට වන අසාධාරණකම් වෙනුවෙන් ඇතැම් විට පෙනී නොසිටී ද? මේ හැම දෙයක්ම කදිමට සිදුවෙයි. කාලය තැන අනෙකා කවුද යන සාධක මත මේ ගනු දෙනුවේ ස්වරූප වෙනස් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හිතුනේ එහෙමයි ..ඔයාට ඒ වෙලේ හිතුණ දේවල් හිතාගන්න පුළුවනි

      Delete
  6. In your previous post you had stood for fathima because you had a reason. That was a good chance to you to talk against Moratuwa University. That's why you stood for that girl regardless your opinion on that. You may have talked on behalf of other people in other instances when there is no direct benefit to you (Eg. On this kalabara kawaya you wrote in this post). But last time it was not, you had a clear reason, which was to talk against University of Moratuwa.

    ReplyDelete
    Replies
    1. hmmmmm..........
      sorry dear Ano you are completely wrong
      once we graduated we believe that all we are graduate but not I’m pera, your katta likewise

      but before graduation its there

      Delete
  7. සුනාමියට ලෝකෙම අපිට ආධාර කලා. ඒත් ලෝකෙ මහා විනාස සිද්ද වෙනකොට අපේ රටෙන් තේ පෙට්ටියක් වත් යවන පාටක් නම් පේන්න නැහැ.
    අර පිලිපීනෙ හයියෙන් කුනාටුවක් ඇවිත් මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැතුව අපා දුක් විදිනවා. අඩුතරමෙ නගර ටික පිරිිසිදු කරන්න අපෙන් හමුදා බටයො ටිකක් හරි යවනන් තිබුන නේ.. සමාර විට අපේ රටට ස්වාබාවික විපත් එන්නෙ බොහොම කළාතුරකින් නිසා අපේ අය බයවෙනවා අඩු ඇති.

    ReplyDelete
    Replies
    1. දොස්තරල ටිකක් නම් යැව්වා නේද මං දැක්ක පත්තරේක පින්තූරයක් පලවී තිබුනා.

      Delete
  8. "මම ඔබේ මතය සමහ එකඟ නොවෙතත් ඔබට එම මතය දැරීමට ඇති අයිතිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරමි, නමුත් ඒ ඔබේ මතය කවරෙකුට හෝ හානිදායක නොවේනම් පමණි."

    අන්න ඒකයි මගේ ප්‍රතිපත්තිය. හැම මඟුලම වෙනුවෙන් පෙනී සිටින්නෙ නං නෑ. ඒක වල්බූරු ප්‍රතිපත්තියක්.

    ReplyDelete
  9. දුක තමා රංගනී.. (සින්දුවේ තියෙන්නේ එහෙමයි)

    ReplyDelete
  10. දුක තමයි රංජනී :D

    ReplyDelete
  11. @කකා,

    මීට පෙර පෝස්ට් එකේ ඔබ මතු කළ කාරණාවට එදිරිව අදහස් දක්වමින් බොහෝ අය තම මත පළ කර තිබෙනවා. මේ මත ඔබේ මතය සමඟ ඍජුව ගැටෙන නිසා ඔබට සදාචාරාත්මක යුතුකමක් තියෙනවා නේද ඒවාට උත්තර දෙන්න? එසේ නොහැකි නම් ඔබේ මතය වරදි බව අවංකව පිළිගන්න? ඔබ ඒ මත කිසිවකට ඍජු පිළිතුරු සපයා නැහැ. "පිළිතුරු" දුන් ඒවාත් "පිළිතුරු" වලට වඩා ප්‍රශ්නයෙන් පැණ යාම්. ඔබට මතයක් තියෙනවා නම් ඔබ ඒ මතය වෙනුවෙන් පෙනී සිටීමට බයත් නතිනම් ඇයි මේ දුර්වල හැසිරීම?

    ReplyDelete
    Replies
    1. වැරදි චෝදනාවකි.

      මුල් දවසේ ප්‍රතිචාර දැක්වූ අයට මා පිළිතුරු දුන්නා. එහිදී කරන්නට වුනේ ඔවුන් කියවා නොතිබුණු හෝ තේරුම් ගෙන නොතිබුණු දේ නැවත පැහැදිලි කරදීමයි.

      දෙවන දවසේ හැම ප්‍රතිචාරයකටම පිළිතුර ලියන්නට මට වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා හැමට පොදු පිළිතුරක් ලියා දැම්මා.

      එහි සාරාංශය මෙහි කියනවා නං මෙහෙමයි.

      මොරටුවේ ශිෂ්‍යාවට විරුද්ධ නීතිය සාධාරණීකරණය සඳහා ගෙන එන තර්ක සියල්ලේම පසුපස සැඟවී සිටින්නේ ඒ ඒ අයගේ ඔය කියන නිකාබයට ඇති අකමැත්ත සහ භීතියයි.

      ඒ නිසාවෙන්, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිචාදය උපයෝගීකරගනිමින් විශ්ව විද්‍යාලය පැනවූ නීතිය අප සාධාරණීකරණය කරන්න යනවා.

      එහිදී මා කියා ඇති කරුණු, ශිෂ්‍යාව ලියු ලිපියේ ඇති කරුණු බොහොමයක් අමතකර කර දානවා.
      http://kathandara.blogspot.com/2013/12/moratuwa-university-shame-shame-shame.html?showComment=1386821426985#c8128259945317987191

      මට එකම දේ නැවත නැවත ලියන්න වෙලාවක් නෑ.

      ලිපිය කියවන අයට සරල සිංහල වාක්‍යක් කියවා එහි ඇති අරුත වටහා ගැනීමට ඇති නොහැකියාව ගැනත් මට ලොකු කණගාටුවක් ඇති වුණා.

      Delete
    2. සම්පූර්ණයෙන්ම වැරදි චෝදනාවක්! ඔය සාමන්‍යකරණයෙන් ඉතාම ඈතට ගිහිල්ලා ඔබේ මත එකින් එක ගෙන විශ්ලේෂණය කරලා ඒවා විඛණ්ඩනය කරලා තියෙන ආකාරයයි අපි දැක්කෙ. එක්කෙනෙක් නෙවෙයි විශාල පිරිසක්. කොටින්ම ඔබව කට උත්තර නැති කරලා තියෙන හැටි අපි දැක්කා. ඔබේ මේ පිළිතුර ලජ්ජාව වහ ගන්න කියන දෙයක් මිස වෙන එකක් නෙවෙයි. ඔබේම බ්ලොග් එකේදි ඔබේ මතවාදී සළු පිළි ගැලැවී ඔබ නිරුවත් වෙනවා ලස්සනට! දැන්වත් පරාජය පිළි ගන්න කකා.

      Delete
    3. මා ප/ලි යේ ලියා ඇති දේ නැවත කියමි.

      යම් ප්‍රශ්නයක තමනුත් එක කොටස්කාරයෙක් වෙනකොට, ඒකෙන් මිදිලා තුන්වැන්නෙකු ගේ ඇසෙන් බලා ස්වාධීන විශ්ලේෂණයක් කරන්න පුළුවන් කාටද?

      Delete
    4. අන්ත ගෝත්‍රවාදී , ඒකාධිපති , මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍රයේ මහ ගෙවල් ලෙස අප සිතා සිටි මේ රටවල සිටින නොමිනිසුන් සැකයෙන් යුතුව අනුන්ගේ අයිතීන් පාගා දැමීමෙන් හෝ එසේ කරනු ලැබනවා දැකීමෙන් සතුටක් ලබයි ....

      මිලේච්ච සිංහල බෞද්ධ ජනතාව වාසය කරන මේ නොදියුණු රටවලට ලජ්ජා වේවා , ලජ්ජා වේවා , ලජ්ජා වේවා . මුස්ලිම් බහුතරයක් සිටින බව අප සිතා සිටි තුර්කියේ සිටින්නේද සිංහල බෞද්ධ මිලේච්ච ජන කොටස් බව පැහැදිලිවම පෙනේ. තුර්කියටද ලජ්ජා වේවා , ලජ්ජා වේවා , ලජ්ජා වේවා...


      Shame Shame Shame on you France and its people
      Shame Shame Shame on you Belgium and its people
      Shame Shame Shame on you Italy
      Shame Shame Shame on you Germany
      Shame Shame Shame on you Spain
      Shame Shame Shame on you Canada
      Shame Shame Shame on you Turkey (A Muslim majority country)
      Shame Shame Shame on you Tunisia

      යම් ප්‍රශ්නයක තමනුත් එක කොටස්කාරයෙක් වෙනකොට, ඒකෙන් මිදිලා තුන්වැන්නෙකු ගේ ඇසෙන් බලා ස්වාධීන විශ්ලේෂණයක් කරන්න පුළුවන් මට විතරයි , මට විතරයි , මට විතරයි. අනිත් උං කෙහෙල් බඩ කන ඔටුවෝ....

      - මිට කණ නැති කොකා

      :)

      Delete
    5. That's why I said that you're a Buddhist extremist........
      මිලේච්ච සිංහල බෞද්ධ ජනතාව
      100% Correct.........

      Delete
  12. ඔය වගේම කේස් එකක් යනව මෙහෙත් . . . ඔය සන්ගම් වල චෙයර්මන්ල ඔහොමම තමා

    ReplyDelete
  13. "මට ලැබිලා, අනෙක් අයට නොලැබුණු හින්දයි මං ඒ ප්‍රශ්න කෙරුවේ!" මෙන්න මේ අමාරුව නිසා මොන තරම් ප්‍රශ්නවලට මුහුණ දීලා ඇද්ද මමත්...................

    ReplyDelete
  14. තාම ඇස් දෙකයි තියෙන්නේ. තුන් වෙනි ඇහ ආපු ගමන් ඒකෙන් බලලා මේ පෝස්ට් එක ගැන විස්ලේසනයක්ද මක්කද එක කොරන්නම්..

    ReplyDelete
    Replies
    1. මාළු ඔළු කන්න..... තුන්වෙනි එක පෑදේවි........

      Delete
    2. බල මාළු ටිකක් කෑවා විමලේ කිව්වයින් පස්සෙ ඒත් තාම මොළේ නම් ආවේ නෑ..

      Delete
    3. මේ කාවා කියනවට අහලා පොඩ්ඩක් ඔළුවෙන් හිටගෙන බැලුවානම්.

      Delete
  15. තමන් ගේ මතය ඊට හාත්පසින්ම වෙනස් වුනත් වෙනත් අයට ඔවුන් ගේ මත දැරීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කරන අය
    KK, I think people might understand this if you put it in a different way. වෙනත් අයට ඔවුන් ගේ මත දැරීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කරන need not be a completely unselfish altruistic thing. You can think of yourself and protect මත දැරීමට ඇති අයිතිය because that will be for all, including yourself. You might thoroughly dislike someone's මතය but if he loses his right to have that මතය, next මතය to go could be yours. (You know, "they came for Jews, I wasn't a Jew so I was silent .......... ")
    So be selfish and protect other's right to opinions that you dislike!
    අනුන් ගේ මතට තිත can eventually lead to තමන් ගේ මතට තිත :-)

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ එක්කෝ සිංහලෙන් එක්කෝ ඉංගිරිසියෙන් එක්කෝ දෙමලෙන් ලියන්න මේ කලවං කැරපොතු ලංසි ඉංගිරිසි කියවල මට කරකැවිල්ල හැදුන සෑර් ... :(

      Delete
    2. මම නං අකුරු ගැටගහලා යාන්තං කියෝගත්තා !!

      හැබැයි තිබුනෙ මොකද්ද කියලා කියන් නෑ :-)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. English writing / Sinhala pasting :- )
      Trying my best පිල්ලිය

      Delete
    5. My style ලියන්න මට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න, ඊට එකඟ නොවෙන (කරකැවිල්ල හැදුනත්), අයත් ඉන්නවාද? :-)))))

      Delete
    6. පත්තර මල්ලි "හැබැයි තිබුනෙ මොකද්ද කියලා කියන් නෑ"
      Why? කලන්තේමද? Too much මතද? Too many මත වාද ද? වාතද ? :-)

      Delete
  16. කෝ අපේ සංගමේ කාවා ..පිල්ලි මුන්නා ,,පත්තර මල්ලි ,,, (කා.සු.ජා.ස)

    ReplyDelete
    Replies
    1. පත්‍තර මල්ලි හිය‍ර් !!!

      කා වා මට සතියක‍ට වැඩ බලන්න කියලා නොඑන ගමනක් ගියා !!

      පිල්ලි මිසින් !!


      අපේ අයිතීන් කකා අහුරලා කමෙන්‍ට් මොඩරේශන් දාලා !!

      අපි දැන් වැඩිය මෙහේ ගැවසෙන් නෑ !!!

      Delete
    2. පිල්ලි ගැන කිසිම තොරතුරක් නැහැ මේල් එකක්වත් අප්පා,, කකා පහුගියටිකේ ජනෙල් දොරවල් ඇරගෙන හිටියා ආයේ වහගෙනනේ :(

      Delete
    3. දුක තමයි අපුර්වී. ඔයාටත් ඩුප්ලිකේට් එකක්, ඇවිත්ලා වාගේ.............
      අඩේ පත්තරේ මචෝ මම නොයෙනගමන් ගියේ නෑ. ප්‍රශ්ණ කෝටියයි. ඒ අස්සේ ඉන්ටනට් බිලත් ගෙවන්නේ නැතුව ඉඳලා ඒකත් කපලා දාලා.
      හිටුකෝ හිටුකෝ............ අපිටත් දවසක හිරු පායයිනේ.

      Delete
  17. යෙස් කකා කිසිම පොදු දෙයක් කතාකරන්න බැ හැමොම බලන්නෙ මු මෙක කතා කරන්නෙ මුට තියෙන වාසියක් නිසා කියල.මම වැඩකරන ආයත්නෙ අම්ම තාත්ත නැතිවුනාම මුදලක් දෙනව.අපි කට්ටියත් එකතුවෙල වෙනම අරමුදලක් හැදුව මරනයකදි උදවු කරන්න.එතනදි මම යොජනා කලා බිරිදගෙ මව පියා නැතිඋනත් අපි මෙකෙන් උදවු කරමු කියල.මොකද එකෙදි මුකුත් වෙන උදවුවක්වත් නැති නිසා.කට්ටිය මට එකට නොයෙක් කතා කිවුව.එතනදි වැඩියෙන්ම උඩ පැන්න එකෙක්ට තමයි මුලින්ම ඔය අලකලන්චිය උනේ.උට එදා තෙරෙන්න ඇති මම කිවුවෙ මොකක්ද කියල.

    ReplyDelete
  18. "මට ලැබිලා, අනෙක් අයට නොලැබුණු හින්දයි මං ඒ ප්‍රශ්න කෙරුවේ!"
    මේකා මොන පිස්සෙක්ද කියල මෑන් හිතන්න ඇති.

    කකාගෙ අද කතාවයි මොරටුව කැම්පස් එකේ නිකාබ් කතාවයි අතර සම්බන්ධයක් තියනව කියල හිතෙන අය කී දෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔබ හැර අන් සියලු දෙනා ....

      Delete
    2. අනිවාර්‍යෙන්ම මේ කථා දෙකේ සම්භන්ධයක් තියෙනවා....කැම්පස් එකේ නිකාබ් කථාව කියන්න ගිහිල්ලා කකා නිකං ඇණ ගත්තා....අපි උඹලා ගෙනාපු තර්ක වලට ප්‍රතිතර්ක ගෙන්නවත්, අපේ තර්ක නිශේධනය කරන්නවත් කකා අසම්ත් උනා....දැන් ඒ ලැජ්ජාව වහ ගන්න ධර්මය කථා කරනවා....කකෝ අනිත් එවුන්ට හොද කොරන්න කලින් තමන්ට වැරැද්දක් උනාම පිලිගන්න නිහතමානි වෙයං ...පඬිකථා දොඩන්නෙ නැතුව.....

      Delete
    3. අනේ තොපෙ තර්ක බූරුවෝ තොපි මේවා නොකයවා හිටපියව්........

      Delete
    4. හා මචං...

      Delete
  19. දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් .

    ReplyDelete
  20. දුක තමයි රංජනී !! මීට පස්සේ දෙයක් කරන්න කලින් 'අහන්ටකෝ වයිෆ්ගෙන් '
    හැමෝම හිතන්න පුරුදු වෙලා ඉන්නේ 'මීයක් කඩන්නේ අත ලෙව කන්ටද කියලානේ. හැම පොඩි දේටම එහෙමයි.

    ReplyDelete
  21. කකා අඟහරු ලෝකෙන් ආපු එකෙක් කියල අලුත් චෙයාමන් හිතන්න ඇති.ඇයි යකෝ අනුන් ලියපුව කරපුව වෙනුවෙන් පෙනී සිටින්නෙ පිස්සුවකටයැ.
    කකා මේ අර මොරටු කැම්පස් එකේ කතාවෙ දෙවෙනි කොටස නේද.

    ReplyDelete
  22. අනුන් ගැන කතාකරන එක හොඳ ගුණාංගයක්..ඒත් දැන් කාලේ බොහොමයක් අසාධාරණයට ලක්වුනා කියන අය කියන්නේ
    'ඔයා මොකටද පැනලා දෙන්නේ.. මං මගේ වැඩක් බලාගන්නං ... මගේ කේස් එක මං ෂේප් කරගත්තා' කියලානෙ.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. වර්නපාල ති‍යරියම තමයි. පොතක් නොලි‍විවට ජනප්‍රි‍ය බ්ලොග් එකකට වගේ හම්බ වෙයි කියල හිතුවද දන්නෙ නෑ‍නෙ!!!!! බ්ලොග් ජීවිතේ දුකයි සුදෝ!!!

    ReplyDelete
  25. තමංගේ අත්දැකීම් සහ චින්තනයත් එක්ක තමයි මිනිස්සු හිතන්නේ...මක්කා කරන්ඩද?හොර හිත තියෙන එකා අනිත් උං දිහා බලන්නෙ සැකෙංමනේ

    ReplyDelete
  26. කකා ..
    බෙදුම්වාදය , ජාතිවාදය යලි ඇවිස්සීම සහ රට තවත් විනාශකාරී යුද්ධයකට ගෙන යන සුළු ජාතික සංවිධාන - shame shame shame
    කියලත් පොස්ට් එකක් දාමුද ? ;)

    උතුරේ පාසල් උත්සවවලදී සිංහ කොඩියට තහංචි
    කීර්ති වර්ණකුලසූරිය
    උතුරේ පාසල් උත්සවවලට කිසිදු ලෙසකින් සිංහ කොඩිය භාවිත නොකරන ලෙසට බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු විසින් පාසල් ප්‍රධානීන්ට නියෝග කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ. මෙම බෙදුම්වාදි දේශපාලනඥයන් කවුරුන්දැයි හඳුනාගෙන තිබේ.

    උතුරේ සියලුම පාලන කටයුතු ගෙන යන්නේ පළාත් සභාව මගින් බවත් සිංහ කොඩිය හා කොළඹ රාජ්‍ය නිලධාරීන් පාසල් උත්සවවලට ගෙන්වීමෙන් වළකින ලෙසත් ඔවුන් දන්වා ඇත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ද්‍රවිඩ පක්ෂ ලංකාවේ සිතියන් කොඩියේ ඊළම නිරුපනය වෙන කොටස විතරක් තියෙන විදියට ඔවුන්ගේ පාලනය තියෙන පැත්තේ උස්සන්න හදල දෙන්න කිව්වොත් අපි එකටත් හා කියමු.. නැත්නං හොඳ නැහැ නේ .. නැත්නං අපි ගෝත්‍රික , වර්ගවාදී , ඒකාධිපති වාදී බහුතරයක් වෙනවා නේ ... ;)

      Delete
  27. >>යම් ප්‍රශ්නයක තමනුත් එක කොටස්කාරයෙක් වෙනකොට, ඒකෙන් මිදිලා තුන්වැන්නෙකු ගේ ඇසෙන් බලා ස්වාධීන විශ්ලේෂණයක් කරන්න පුළුවන් කාටද?<<
    මගේ ප්‍රශ්නෙත් එයයි කකා.

    ReplyDelete
  28. // යම් ප්‍රශ්නයක තමනුත් එක කොටස්කාරයෙක් වෙනකොට, ඒකෙන් මිදිලා තුන්වැන්නෙකු ගේ ඇසෙන් බලා ස්වාධීන විශ්ලේෂණයක් කරන්න පුළුවන් කාටද?//

    මම නම් හිතන්නේ නෑ ඒක කාටවත් ලේසි දෙයක් වෙයි කියලා.. තමුනුත් ඒ ප්‍රශ්ණේ ඉද්දී ඕනම කෙනෙක් බලන්නේ ඒකෙන් ගැලවෙන්නනේ..

    ReplyDelete
  29. අනුන්ට වෙන අසාධාරණයක් ගැන කතාකරන්නට යෑමෙන් සිදුවන බරපතලම හානිය වන්නේ තමාටමයි...ආත්ම විශ්වාසය පවා බිඳ වැටේ...මේක පුදුම සමාජයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, එය විය හැක්කක්. මට නං තාම වෙලා නෑ.

      අපි පොඩි කාලේ ඉඳලාම ඉගෙන ගත්තේ තමන් සත්‍යවාදී නම් වරදින්නේ නෑ කියලා නේ.

      මං හිතන්නේ යුද්ධය සමග ගෝත්‍රවාදයට අමතරව ආ දෙයක් තමයි මේ සැකය සහ අනුන්ගේ අයිතීන් පාගා දැමීමෙන් හෝ එසේ කරනු ලැබනවා දැකීමෙන් සතුටක් ලැබීම.

      මෙහි ආරම්භය ප්‍රේමදාස ගේ මරණය දා රතිඤ්ඤා පස්තු කරපු දා විය යුතුයි.

      Delete
  30. @ All සියළු දෙනාටම

    ප්‍රතිචාරවලට ඉතා ස්තුතියි.

    කාලවේලා ප්‍රශ්න නිසා සැමට පිළිතුරු ලියන්න අපහසුයි.

    ReplyDelete
  31. කකා අවුරුදු දෙකකට කලින් පොතක් ලිව්ව කිව්වෙ අර ප්‍රසිද්ධ ඉස්කෝලෙකට පහර ගහල තමන්ගෙ හීන මානය හොඳ කරගන්න ලියපු පොත් පින්චද? කකා දන්නවද පොතකයි පොත් පින්චකයි ඇති වෙනස.

    ReplyDelete
    Replies
    1. ඔබ් ප්‍රශ්න අසන්නේ වැරදි පදනමක සිටය.

      1. මේ සිදුවීමට දැන් තෙවසරකි.

      2. මා මෙහි සඳහන් පොත ලියා දැන් පස් වසරකි.

      3. මා ලියූ දෙවෙනි පොත පිටවී ගතවී ඇත්තේ වසරක් පමණි

      4. ඒ මොනවා වුනත් හෝඩි පොත ද පොතකි.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.