Monday 2 December 2013

කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ නයි ඇරිය හැටි - නිකං නෙමෙයි දෙපත් නයෙක්! : A Blogger's wife boasts


මේ ඊයේ පෙරේදා පත්තරේක තිබුණා කවුදෝ ටියුෂන් මුදළාලි කෙනෙක් තමන්ගෙන් ටියුෂන් අරගෙන ඉහලින් විභාගේ ගොඩ දාපු දැරිවියකට රුපියල් ලක්‍ෂ හතලිහක කාරෙකක් අරගෙන දුන්නු සීන් එකක් ගැන කතන්දරයක්.

මේ ගැන ලිපියක් ලියන W3Lankaකාරයා කියලා තිබුණා සිසුන් 5,000 කට උගන්වන ටියුෂන් මුදළාලි කෙනෙකු ගේ මාසේ ආදායම ලක්‍ෂ හතලිහකටත් වඩා වෙනවාය කියලා.

ඒ කියන්නේ, එක ළමයෙක් එක විෂයකට මාසෙකට රුපියක් අටසීයක් ගෙවනවා කියන එකයි!

මට ඒ කතාව එකපාරටම විශ්වාස කරන්න බැරිවුනේ මේ කියන්නේ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් රට ගැන නේද කියලා මතක් වුණු නිසයි. මං හිතන්නේ ඒ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙනවා කියන්නේ උසස් පෙළ සබ්ජෙක්ට්ස් තුනකට ටියුෂන් ගාස්තු ගෙවන එකට වෙන්න ඕනෑ!

මාත් උසස් පෙළ කරන කාලේ ඔය ටියුෂන් ව්‍යාපාරවලට අමතක නොකර උදව් පදව් කළ හොඳ ආදර්ශමත් ශිෂයෙක්. නුගේගොඩ රේල්වේ ඇවනියු, බම්බලපිටියේ ටෙම්පල් ලේන් සහ වැල්ලවත්තේ තව මොකක්ද ලේන් එකකට (චැපල් ලේන්?) වගේම, ගම්පහ මෙට්‍රොපොලිටන් එකටත් මං ඒ දවස්වල සෑහෙන්න බඩ ගෑවා.

මුල සිට අගටම ටියුෂන් අරගෙන එයින් නොනැවතී රිවිෂන් කෝස් එකකුත් ඉවර කළා රසායන විද්‍යාවට. ඒ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ගේ. ෆිසික්ස්, පියෝ සහ ඇප්ලයිඩ් මැත්ස්වලට නම් මට අවශ්‍ය වුණු විෂයය කොටස් කවර් කරගන්න විතරයි ටියුෂන් ගියේ.

මගේ ඒ අතීත ටියුෂන් කතන්දරේ අහගෙන ඉඳපු කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ මට නැවත මතක් කරලා දුන්නා එයාගේ එක නයි ඇරීමක්.

"දන්නවද? මං ජීවිතේටම කවදාවත් කිසිම ටියුෂන් පන්තියකට ගිහිල්ලා නෑ!"

කොහොමද නයා? මං හිතන්නේ ඔය නයා පරද්දන්න ලේසි පුතයෙකුට බෑ අද තියා ඒ දවස්වලත්.

හැබැයි ඉතිං මේ නයා ගේ වර්ධනයට බලපාපු පොඩි හේතුවක් තියෙනවා. ඔය කියන කාලේ අපේ ගම් පළාත්වල ටියුෂන් කඩ විතරක් නොවෙයි ටියුෂන් සුපර් මාකට්ටු පවා තිබුණත් කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ උසස් පෙළ කරපු බණ්ඩාරවෙල පැත්තේ නම් උසස් පෙළ ටියුෂන් කඩ වැඩිපුර තිබිලා නෑ වගේ.

කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ඒ දවස්වල කරලා තියෙන්නේ පාසලේ උගන්නපු දේවල් පාඩම් කරපු එකයි, පාසලේ පුස්තකාලේ තිබුණු පොත් පරිශීලනය කරපු එකයි විතරයි ලු. ගෙදරින් සැතපුම් ගානක් දුර වෙනත් නගරයක බෝඩිං වෙලා ඉන්න නිසා වෙන වැඩකුත් තියෙන්න නැතුව ඇතිනේ. අනික කොහෙමාටත් කූප්‍රකට බ්ලොග්කාර හස්බන්ඩා මැත්ස් කරපු වැඩකාරයෙක් වුනාට වයිෆරේ උසස් පෙළට බයොලොජි තමයි කරලා තියෙන්නේ.

මගේ උසස් පෙළ ප්‍රතිපල ආපුවාම තමයි මට තේරුනේ මං වැඩිපුර ටියුෂන් ගිය කෙමිස්ට්‍රිවලට මට අඩුම ලකුණුත්, අඩුවෙන් ටියුෂන් ගිය අනිත් විෂයන් තුනට වැඩිය ලකුණුත් තියෙන බව.

ඊට පස්සේ මං පේරාදෙනියේ ද කටුබැද්දේ ද යන්නේ කියලා තීරණය කරපු හැටි ගැන කතාව මං කලින් දවසක කියලා තියෙනවා.

පේරාදෙනි යෑම නිසා වුනේ මා වෙනුවෙන් තාත්තාට වැඩිපුර මුදල් වියදම් කරන්න සිදුවීමයි. මේ කාලේ මහපොළ ශිෂ්‍යත්වය දීම ඇරඹිලා තිබුණත් මට මහපොළ තියා ශිෂ්‍ය ණයක්වත් ලැබුණේ නෑ.

මහපොළ ශිෂ්‍යත්වයේ ඒ දවස්වල කැටගරි දෙකක් තිබුණා. ශිෂ්‍යත්ව කීපයක් මෙරිට් එකට, ඒ කියන්නේ මුළු ලංකාවෙන්ම සහ ඒ ඒ දිස්ත්‍රික්කවල වැඩිම ලකුණු ගත්තු ළමයින්ට දෙනවා. ශිෂ්‍යත්ව සංඛ්‍යාවේ බහුතරය වෙන අනිත කොටස දෙන්නේ පවුලේ ආදායම සලකලායි. ඉල්ලුම වැඩි සහ සැපයුම අඩු නිසා මෙතනදීත් විභාග ප්‍රතිඵල බලාපානවා.

කොළඹ දිස්ත්‍රික්කෙන් මං හිටියේ මැත්ස්වල 108 වෙනියාට ද කොහෙද නිසා නිසා මට කීයටවත් මෙරිට් ශිෂ්‍යත්වයක් ලැබෙන්න චාන්ස් එකක් තිබුණේ නෑ. කොරේ පිටට මරේ කිව්වා වගේ, මේ වෙනකොට මගේ තාත්තා පැන්ෂන් අරගෙන තිබුණා වුනත් මට ආදායම අනුව දෙන මහපොළ ශිෂ්‍යත්වයක් ලැබුණේත් නෑ.

"ඔය කියන ළමයාට ලක්‍ෂ හතලිහක කාර් එකක්යැ දෙන්න තිබුණේ. විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ වියදම් කරන්න ඒ සල්ලි ශිෂ්‍යත්වයක් විදියට දුන්නා නම් තමයි හොඳ ආදර්ශයක් ලැබෙන්නේ" මං මේ කියන කූප්‍රකට බ්ලොග්කාරයා ගේ බිරිඳ එක්ක කිව්වා. "දැන් මේ ළමයා කාර් එක ඉන්ෂුවර් කරන්නත්, පැට්‍රල් ගහන්නත් සල්ලි හොයා ගන්න ඕනෑ නේ!"

"මහපොළවත් ශිෂ්‍ය ණයවත් නැතුව ගෙදරිනුයි, පුංචි අම්මලාගෙනුයි ලැබෙන සල්ලිවලින් මං අවුරුදු හතර ගැටහග ගත්තු හැටි මට මතක් වෙනවා!" මං තවදුරටත් කිව්වා.

"මට නං මහපොළ ශිෂ්‍යත්වයක් ලැබුණා" කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ඒකට උත්තර දුන්නා, "ඒත් අපේ තාත්තා ඒක ගන්න එපා ය කියපු හින්දා මං ඒ ශිෂ්‍යත්වය බාරගත්තේ නෑ!" ඇය තමන් ගේ දෙවෙනි නයා පොඩ්ඩක් විතර ඇද්දා.

"ඔහේට කොහොමද මහපොළ ලැබුනේ? අපේ තාත්තා පැන්ෂන් පඩියෙන් හිටියත් මට නොලැබුණු එකේ? ඔහේ ගේ තාත්තා ට හොඳ ආදායමක් තියෙන්න ඇතිනේ ඒ දවස්වල?" මං වහාම කිව්වා.

"හහ්, හහ්, මට ලැබුණේ මෙරිට් එකට දෙන ශිෂ්‍යත්වයක්. මං තමයි දිස්ත්‍රික්කේ වැඩියෙන්ම ලකුණු අරං පාස් වුණේ!"

කූප්‍රකට බ්ලොග්කාරයා ගේ බිරිද ගේ දෙවෙනි නයා මගේ මුණටම පෙනේ පිප්පුවා!

-කතන්දරකාරයා

ප/ලි:
ඉස්සරහට විභාග හොඳට පාස් වෙන ළමයින්ට කාර් තෑගි දෙන්න බලාගෙන ඉන්න ටියුෂන් ගුරුවරුන් ගේ ඒ සඳහා වැයවෙන බරපැන අඩුකරගන්න පුළුවන් හොඳ යෝජනාවක් මට කරන්න පුළුවන්.

මේ ආකාරයට දෙන්නට බලාපොරොත්තු වෙන කාර්, කොළඹ නයිට් රේසින් කරන කාර්වල කැටගරියටම දා ගන්න ඕනෑ. ඒ ජාතියේ කාර්වලට ඉම්පෝට් ඩියුටි සහ ටැක්ස් හෙම අඩුයි කියලයි ආරංචිය. ලක්‍ෂ හතලිහේ කාර් එක ලක්‍ෂ විස්ස වෙන්නත් බැරි නෑ.

(image: http://www.myxer.com/wallpaper/id/1056757/Jimmy-A/notuition/)

108 comments:

  1. ඒ කියන්නෙ වැඩිපුරම නයි අරින්නේ ස්ත්‍රීන්ද?

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ඇත්ත කියන්නේ ස්ත්‍රීන්...:)

      Delete
    2. ස්ත්‍රීන් හැමෝම හිතන් ඉන්නේ එහෙම තමා.... :).

      Delete
    3. අර පෝස්ට් එකේ ලින්ක් එකක් දාන්ටකෝ මෙයා. එතකොට මේ අනික් අයටත් කියෙව්ව හැකි.

      Delete
    4. http://kenjij1.blogspot.com/2013/11/2011.html

      Delete
  2. මේ කුප්‍රකට බ්ලොග්කාරයා, ළඟදි මොකද්දෝ සංචාරයක නිරත වුණා නේද? අර සෑහෙන්න තට්ටේ පැදිච්ච, ඕනෙ වෙලාවක බැලුවොත් නිල්පාට ටීෂර්ට් එකක් ඇඳන් ඉන්න, ටිකක් වයසක පොරක් නේද?

    ReplyDelete
    Replies
    1. හික්...හික්... :).

      Delete
    2. හි හි

      Delete
    3. තට්ටෙ නෙමේ අයියෝ ..
      ඒකට කියන්නෙ කැන්වස් පෑදෙනව කියල සිංහලෙන් !

      Delete
  3. අපි ටියුෂන් ගියේ ටවුන් හෝල් එකේ ඇලෙක්සැන්ඩ්‍රා එකට ඒකේ ඉගෙන ගත්ත දරුවෝ, උගන්වපු ගුරුවරු අද හැම පැත්ග්තෙන්ම ජය අරගෙන තියෙනවා වගේ. පන්ති තිබුන තැනත් දැන් තියෙන්නේ දෙවිවරු ඉන්න සුපර් ලක්සිරි විලාස් ටිකක්. බෝගන් විලා නෙමේ මෙයා. විලා කියන මාලිගා වගයක්. කත්ත් දන්නවා ඇතිනේ එතන උගන්වපු ගුරුවරු. එක්කෙනෙක් තමයි ලංකාවේ ජනාධිපති වෙනවා කියලා, අද දෙන අමාත්‍යන්ස ඔක්කෝම කාලා දාන, අර කුප්‍රකට 2500 කතාව කියාපු මැති සඳ..

    ReplyDelete
    Replies
    1. හැම එකාම රිංගන්නේ කෙන්ජි මාමා ගාවට. නේද මහාචාර්යතුමෝ.

      Delete
  4. "ෆේස්බුක් කියන්නෙ තරුණ අයට යෝග්‍ය දෙයක් කියල මම තවමත් විශ්වාස කරන්නෙ නැහැ.මොකද එහිදී සමාජයේ අවධානය වැඩිපුර ඔවුන් වෙත යොමු වනවා.ඔවුන් නොදැකිය යුතු සහ ඔවුන් සහභාගී නොවිය යුතු ඇතැම් වල්පල් පවා fb වල තියෙනව.ඒ නිසා ඔවුන් ඒ විදිහට වුවමනාවට වඩා සමාජය වෙත නිරාවරණය ආරක්ෂා කිරීමට අප උත්සහ කල යුතුයි."
    කොහොම නමුත් 15 හැවරදී මාලියා සහ 12 හැවරදී සාෂා ගේ මව වන මිෂල් ඔබාමා මහත්මිය මා සමග පැවසුවේ,මාලියාට යම් වාරණයකට යටත්ව fb වල සැරි සැරිමටත්,සාෂා ට සපුරා තහනම් බවත්ය.
    වැඩිමල් දියණිය මාලියාට ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට දැන් නිදහස දී තිබෙන බවත් ඇය මා සමග පැවසුවාය.

    ප.ලි. මෙය නයකුට වඩා එහා ගිය ඇනකොන්ඩකු නොවන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමත් සීන් එකක් තියෙනවද ?

      Delete
    2. කෙන්ජි මාමෙ මිශෙල් නැන්දා යහතින්ද ?
      මට නං කීවෙ පත්තර මල්ලි එක්ක මාලියා එකතු වෙනව දැකල ඇස් පියාගන්න මං කැමතියි කියල !
      මං බෑ කිව්ව අනේ එයා කලුයි !!

      Delete
    3. ඔව් මල්ල ඊයේ හවස කෝල් කරපු වෙලේ සනීපෙන් කිව්වා .

      Delete
    4. ඇයි මාමේ ගෝනිය කතා කරේ නැද්ද ?

      Delete
    5. නමට ජපන් කෑල්ලක් දාගෙන, කතා කරන්නේ මිෂෙල්ලා ගැන. පුක්. ඔකට කියන්නේ පුහු මාන්‍ය කියලා.

      Delete
    6. නමට ජපන් කෑල්ලක් දාගෙන, කතා කරන්නේ මිෂෙල්ලා ගැන. පුක්. ඕකට කියන්නේ පුහු මාන්‍ය කියලා. ලංකාවේ කොස්, දෙල් කාපු හැටි මතක නෑ.

      Delete
    7. අනේ කොල්ලනේ මට එහෙම ඇයි කියන්නෙ පිටරටවල හිටියට ගමේ කම මට තාම තියෙනවා.
      මැලේසියාවට ගිය වෙලාවල් වලදී ඉස්සෙල්ලම ක‍රන්නෙ කොස්/දෙල් ටිකක් අරගෙන නැන්දම්මට කියල උයවගෙන බඩ පැලෙන්න කනව.
      හාල්මැස්සෝ,බිලිං,රතුළුණු,දාල කිරි හොද්ද,පොල් සම්බලය සමග පත ඉදි ආප්ප මරනව.
      එහෙමයි අපි ගමේ කම රකින්නෙ මල්ලිලා...

      Delete
    8. //මැලේසියාවට ගිය වෙලාවල් වලදී//
      නයෙක්?

      Delete
  5. මමත් ඒ හැටි ටියුෂන් මුදලාලිලාට පූජා කරල නෑ. ඔය ටියුෂන් පටන් ගත්තෙ 1977 විතර කාලෙ. අපි උසස් පෙළ කරන කොට මතුවුනු තරඟකාරිත්වය නිසා එකිනෙකාට හොරෙන් ටියුෂන් ගියා. මමත් ගිහින් තියෙනවා ඉංග්‍රීසි වලට.
    කතන්දරගෙ බ්ලොග් දැන් නම් නියමෙට පේනවා. කලකට පෙර ඔබේ බ්ලොගය අරින හැම වාරයකම රි-ස්ටාර්ට් කරන්න වෙනවා. ගොඩ කාලෙකින් ආවෙ. මමත් තවම ඉඳල හිටල කොටනවා. :)

    nihal gurusinghe

    ReplyDelete
  6. ඔය කියන කුප්‍රකට බ්ලොග්කාරයා ඕස්ට්‍රේලියාවේ ඉන්න ගෙරි මස් කන බෞද්ධාගමට අපහාස කරන කෙනෙක් ද ?

    ReplyDelete
  7. ඒකත් එහෙමද!
    "මගේ මුණටම පෙනේ පිප්පුවා!"
    බලාගෙන නලලෙ වදීවි.

    ReplyDelete
  8. පොඩ්ඩිට කැම්පස් ඉන්න කාලේ කාරෙකක් අරන් දුන්නේ නෑ. රස්තියාදු ගහයි කියලා. පශ්චාත් කරන කාලේ කාරෙකකුත් ලැබුණලු. මේ නයි නෙමේලු. :)

    Business Class ගියාමත් ඇඟ රිදෙන්නේ මොකද කකා? ඔන්න නයි පැටියෙක්...:D

    ReplyDelete
    Replies
    1. බිස්නස් ක්ලාස් මම ගිය එක ගැන ලියපු,මගේ ලිපිය පොද්දී කියෙව්වේ නැද්ද?
      මම නම් යන්නෙම බිසිනොස් ක්ලාස්ම තමයි.

      Delete
    2. @පොඩ්ඩි, ඔය හේතුව නිසාම මම දැන් බිස්නස් ක්ලාස් වත් යන්නෙ නෑ. මටම කියලා පොඩි ජෙට් කට්ටක් ගන්න හිතාගෙන මම කැටයක් ගෙනාවා සල්ලි ඉතුරු කරන්න.

      Delete
    3. මෙන්න නියම කමෙන්ට් එක....නාග රාජයෙක්...:D:D

      Delete
    4. අපේ අලුතෙන් ගත්ත jet එක හින්ද පරණ එක නවත්තන්න තැනක් නෑ . තිසර කැටේ පිරුනහම ඇවිත් අරන් යන්න. D

      Delete
    5. ජෙට් එකේ රිවස් කැමරාව වැඩද ඇනෝ ?
      සාධාරන ගානක් කියන්න අපේ මල්ලි ජෙට් එකක් හොයනවා. පුරුදු වෙන්න !

      Delete
    6. හොද වෙලාවට අපේ රටේ ජෙට් බාන්නේ නැත්තේ

      Delete
    7. පත්තරේ රිවස් කැමරා වැඩ කරන්නෙ නැති නිසාලු පැත්තක දල තියෙන්නෙ.

      Delete
    8. කෙන්ජි මාමෙ එහෙම නං හරියන් නෑ ..
      මොකෝ ජෙට් එකේ සයිඩ් කන්නාඩිත් නෑනෙ පිටිපස්ස බලන්න.. පොඩි හෙලිකොට්ටටර පැටියෙක් වත් අරං දෙනව දැනට !!
      නංගිටත් ජෙට් ලයිනර් එකවත් අරං දෙන්න ඕන !!

      Delete
    9. මමත් යනවනම් යන්නේ බිසිනොස් කලාස්ම තමයි ඉතින් ....(පාරේ පයින් යනකොට)

      Delete
    10. හෙහ්...හෙහ්...හේ..... ඒකත් එක ක්ලාස් එකක් තමා මල්ල :).

      Delete
    11. @ පත්තරේ
      //සාධාරන ගානක් කියන්න අපේ මල්ලි ජෙට් එකක් හොයනවා. පුරුදු වෙන්න !//
      දැනට පොඩි පෙඩි ගැජෙට් කෑලි එක්ක සෙල්ලම් කරන්න ගියන්න.

      Delete
    12. ඇනෝ
      කරනවා කරනවා :-):-)
      මං දැක්ක ඊයෙ පෙරේදත් ලෑන්ඩ් මාස්ටර් එකක් පදිනවා :-)

      Delete
    13. @ kenji හොදට ඉන්න මං නරක වෙයි කියල බයට දැන් කෙන්ජි මාමාගේ බ්ලොග් බලන්න එන එක නවත්තල දාන්න කියල බැලුවේ

      Delete
    14. එක නංගියෙක් මට බැන්න කැත කතා ලියන්න එපා කියල.
      දැන් කැත කතා ලියන්නේ නැහැ.
      කැමති නම් කැත නැතිව ගොඩවී කියවන්න.
      අන්න උඩ පොඩ්ඩිට ලින්ක් එක දාල තියෙනව.......tq .,.,.,

      Delete
  9. හොරුන් ලඟට වැටුන ගිරවයි, තාපසයෝ ගාවට වැටුණ ගිරවයි කවුද කියලා හඳුනාගත්තාම කකාට කොමන්ට් මොඩරේශන් අයින් කරන්න හිතිලා වගේ.

    ReplyDelete
    Replies
    1. කතන්දර පිල්ලියයි, කවායි කියන්නේ එකෙනෙක්ද, දෙන්නෙක්ද? දෙන්නම අතුරුදහන්නේ.

      Delete
    2. මට පේන්නෙ පත්තර මල්ලියා තමයි ඒ දෙකත් කරන්නෙ...

      Delete
    3. මාමෙ :-)

      මගෙ අම්මාපල්ල මං ¡ හංගං ®® න් &%$# නෑ කෙන්ජි මාමෙ ..

      කියන එක කියනව මූනට මට අවරෙන් ගියත් එකයි ඇනියෙන් ගියත් එකයි !!
      හැබැයි මට පොඩි සීන් එකක් ඉව වැටුනා !
      බලමුකෝ !! ඔයාටත් ඒකම මීටර් වෙලා තිබ්බ :-)

      Delete
    4. අම්මට සිරි පත්තරේ ! එහෙනම් උබට අපි නම දාන්නේ පත්තර කාව ජී කියලා.!!
      ඒ උනාට උබ බය වෙන්න එපා. කෙනජි කවදද හරි අනාවැකියක් කීවේ.

      කාරුණික නිවේදනයයි.
      අතුරුදහන් වූ උබලා දෙන්නා හෝ එක්කෙනා ජීවතුන් අතර සිටීනම්, වහාම වාර්තා කළ යුතුයි. නැතිනම් උබ/උබලා විචාරකතුමාගේ වධකාගාරයේ සැප විඳින බව අප විශ්වාසය කරමු.

      Delete
    5. ඇනෝ මචං
      මට ඕනෙ නමක් කියපං අවුලක් නෑ :-):-)
      මට මගේ නොවන මගේම එක පොෆයිල් එකයි බං තියෙන්නෙ :-)

      කාවා ගැන මං මෙතන කියන් නෑ කොහොම කීවත්, ඒත් මං ඌ කෝ කියන්න නං දන්නවා!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කකා කොහොමත් පේරෙ අලයෙක් තමා.... උන්නෙ වැඩි හරියක් රට ජාතිය ආගම කන්නෙයි මෙහෙන් ඉගෙනගෙන රට පනින්නෙයි.....

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. නැයිනි කෙනෙක් වගේ

    ReplyDelete
    Replies
    1. නාහෙන් අඬන කෙලීත් ඇවිත් තියෙන්නේ

      Delete
    2. නාහෙන් ඇඬුවට කමක් නෑ..... ඒත්
      නැවක් ගිල්ලවන්න සාගර ජලයටම බෑ.. ඒක නිසා ටිකක් හිනාවෙමු කියලා ඔස්ට්‍රේලියාවට නැවෙන් යන්න කට්ටිය අඬගහයි......

      ඔස්ට්‍රේලියාවට නැවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ... ණය දෙන්නත් එපා...

      Delete
    3. හා මචං !

      Delete
  13. එහෙව් මොලේ තිබ්බ ගෑනියෙක් නෙව මෙහෙව් කුප්‍රකට බ්ලොග් කාරයෙක්ට අහු උනේ...

    ReplyDelete
    Replies
    1. බොගේ අභාගේ ඉවරද මේ රවුම් ගහන්නේ?

      Delete
  14. මෙරිට් එකට දෙන ගානයි, අඩු ආදායම් අයට දෙන ගානයි අතර රුපියල් 50 යි වෙනස...

    ReplyDelete
    Replies
    1. මම කියන්න හිටපු කතාව. ඒ උණාට 50 වගේද එකේ තියන ගෞරවේ. පුහ්:

      Delete
    2. හා හා... ඒක දන්නෙ ගන්න එකා විතරනේ... අපි ඉතින් පයින් ගිහින් බැංකුව ගාව අනික් උන් එක්කම පෝලිමේ හිටියහම මෙරිට් කියල මොකෙක්වත් දන්නෙ නැහැ.. ඒත් අපේ හිටිය පැජරෝ එකේ ඇවිත් මහපොල (මෙරිට්) ගත්තු එවුන්... අන්න උන්ට නම් ගෞරවේ දැනෙන්න ඇති (අඩු ආදායම් නෙවෙයි කියල තේරෙනවනෙ)... :D
      අපි කැම්පස් ගියපු කාලෙ නම් රුපියල් 50න් දවසක කෑම ශේප් කරගන්න පුලුවන් (කැම්පස් කැන්ටිමෙන් කාලා)... දැන් නම් වේලක් වත් පුලුවන්ද මන්දා.. :)

      Delete
  15. ඉස්කෝලෙන් උගන්නපු ටික මදි කියන්නමත් බෑ. නමුත් දැන් තියන තරඟෙත් එක්ක ටියුශන් වලින් ලොකු පිටිවහලක් නම් ලැබෙනවා.
    දැං කාලෙ වෙනස් කකා. ඒ කාලෙ හයිබ්‍රිඩ් දුන්නනම් මං රොටරියෙ පැදුරක් දාං බුදියනවා !!

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. Does she boast about her husband too? :-)

    ReplyDelete
    Replies
    1. donno but he bost a lot about she! look dis post. my wife is a doctor, from wealthy family in b'wela bla bla...

      Delete
  18. නිකම් නයෙක්(හැපින්නක් ?) නෙවෙයි මුචලින්ද වර්ගයේ නාග රාජිනියක්..

    ReplyDelete
  19. නයාද හැපින්නද? හැපින්න නම් කොහොමද පෙනේ කරේ?

    ReplyDelete
    Replies
    1. පෙනේ කරේද? එහෙනම බිමින් තියමු.
      //කරේ// නෙමේ බං. /කළේ/ කියලා ලියමු.

      Delete
    2. ඒක ඇත්ත ඇනෝ ...ස්තුතියි....

      Delete
  20. කකා ගෙ මම කැමතිම වුණු පෝස්ට් එකක්...

    //හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි.
    මානුෂිකයි. ජාතිවාද නෑ.
    රියල් කතන්දර විතරයි //

    මේ තීම් එකට හොඳට මැච් වෙනව අද පෝස්ට් එක..
    පොඩි කෙටි කතාවක් වගේ ගතියකුත් තියෙනව ( සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත් ක්යන්නෙ ඕක වෙන්න ඇති )...
    සාධාරණ නයි කියන්නේ ඕවට තමා... ඉතින් පෙණේ පිප්පුවා තියා නයා කෑවත් මක් කරන්නද...

    ReplyDelete
    Replies
    1. නයි කොහොද කන්නේ උන්නැහේ. දශ්ඨ කොරනවා විතරයි.

      Delete
    2. පව් නයි ඉන්නේ බඩගින්නේ එහෙනම්.. :)

      Delete
    3. නයි ගිලිනව

      Delete
    4. //පව් නයි ඉන්නේ බඩගින්නේ එහෙනම්.. :)//
      :D

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. වෙන්න පුලුවන් ඇයි දැන් කැම්පස් යන ඔක්කෝමලා ටියුෂන් ගිය අයද ???
    මේ සුරතල් නයෙක් නෙ ඔවා මොනාද අපේ රටේ ලොක්කො අරින නයි වල හැටියට අන්න නයි නිකන් නෙවි කොබො නයි ////
    හික්...හික්... :).

    ReplyDelete
  23. ඉස්කෝලෙන් මොනවත් කරගත්තේ නෑ කියන්නේ නෑ. ඒත් අමතර පන්ති වලින් සැහෙන යමක් උනා

    ReplyDelete
  24. කකාත් නරි අරින්න දන්නෙම නෑ...
    ප්ශ්.. ප්ශ්... ප්ශ්...

    ReplyDelete
  25. ශා... අද නං නිකන් නත්තල් වගේ... කකා කමෙන්ට් ටික ඔටෝ පබ්ලිශ් වෙන්න දාලා.. හුරේ...
    තෑන්ක්ස් කකා !
    පෝස්ට් එක පංකාදු පහයි කකා.. දිගටෝම මෙහෙම ලියන්න... අපි අනිවාර්යෙන්ම කියවනවා !

    ReplyDelete
    Replies
    1. සොරුන් ලඟට වැටුන ගිරවා සහ තපස්සු ගාවට වැටුන ගිරවා හෙවත්, කසුජාස විසින් අනාවරණය කරන ලද කාවෝ වර්ග දෙක මෙහෙයවන්නන් හඳනාගැනීම මීට හේතු සාධක වී ඇති බව උපකල්පනය කළ හැකිය.

      Delete
  26. මම ඉස්කෝලෙ ගියෙ 12 වසරට විතරයි. ජීවිතේටම ටියුෂන්න් ගියෙ ආර්තික විද්‍යාවට විතරයි. ඒත් මං A 3ක් අරන් කෑගල්ල දිස්ත්‍රීක්කයෙන් 28 උනා. ඒ නිසා ටි‍යුෂන් නැතිව විශ්වවිද්‍යාලෙ යන්න බෑ කියන එක මං පිලිගන්නෙ නෑ. ඒ කතාව ටියුෂන් මාස්ටර්ල හදපු එකක්

    ReplyDelete
    Replies
    1. පැරෂුට් වලින් හරි ආනන්දෙට පැනගත්තොත් ටියුෂන් නැතුව කැම්පස් යන එක ගේමක් නෑ.... එත් අපේ ඉස්කෝල වල ගුරුවරු ඉගැන්නුවෙ නෑ.... ටියුෂන් නැත්තම් අද අපි හොයන්නත් නෑ.....

      Delete
  27. 80 % පෙන්නුවෙ කොහොමද ඇනෝ ??

    ReplyDelete
    Replies
    1. 80% පෙන්නන්ඩ දෙයක් නෑ. ඊට කලිමන්ම ඉස්කෝලෙන් එලෙව්ව :D AL ලිවෙ ප්‍රයිවෙට් දාල

      Delete
    2. හෑ ??
      12 වසරෙන් එහාට ඉස්කෝලෙ ගියෙත් නැත්තන් ඉකෝන් වලට විතරක් ටියුශන් ගිහින් A 3 ක් ??

      හා මචං !! හඳුනාගැනීම සතුටක් !!

      Delete
    3. ඒ කාලේ A3 ක් ඕන නෑ කැම්පස් ගිහින් මැකැනික් කරන්න. S3 ත් ඇති.

      Delete
    4. S 3ක් නෙමෙයි බන් 4ක් ඕන. අපි කොරපු කාලෙ C 3ක් එක්ක S1 තිබ්බමත් ඇති.

      Delete
  28. මමනම් නයි අරින්නෙම නෑ ... ඇත්තමයි කියන්නේ ... මට කවදාවත් මහපොළ හම්බවෙලත් නෑ මෙරිට් එකක්වත් ශිෂ්ශ්‍ය ණයක් වත් හම්බ වෙලා නෑ .... ඇයි ඒ මොකද ඒ ????
    මම කැම්පස් ගියේ නෑ..... ඇයි කැම්පස් ගියේ නැත්තේ ?
    මම A/L කරේ නෑ ..... ඇයි A/L කරේ නැත්තේ ???
    මම O/L පාස් උනේ නැති........ මට ඉතුරු ටික මතක නෑ ඕයි .... එහෙනම් මොනවද මතක ??
    ගම කොලොන්නාව වගේ මතකයි ....

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ටිකමයි ඔයි...

      Delete
    2. පොස්ටුවට වඩා ආතල් කොමෙන්ටුව

      Delete
  29. //කූප්‍රකට බ්ලොග්කාරයා ගේ බිරිද ගේ දෙවෙනි නයා මගේ මුණටම පෙනේ පිප්පුවා!//

    කුප්‍රකට බ්ලොග්කාරයන්ගේ වයිෆර්ලාට නයි අරිනකොට පෙනේ පුප්පන එක අහන්ටත් දෙයක්ද? ඇති ඔයින් ගියා :-)

    ReplyDelete
  30. ඇයි කුප්‍රකට බ්ලොග්කාරයාගේ වයිෆ් විතරක්යැ අපිත් ටියුසන් ගිහින් නෑ තමයි. ඔය කිසි කරකරදරයක් නැතිව අපිත් ගොඩ ගියේ.
    ටියුශන් කියන මාෆියා එක හින්ද තමයි ලංකාවේ ළමයින් මේ තරම් අලස වුනේ. එහෙමත් නැත්නම් මැට්ටෝ ගොඩක් වුනේ. ඔය කාර් අනම්මනම් අරන් දෙන්නේ ආදරේටවත් දිරි ගන්වන්නවත් නෙමෙයි ඊළඟ අවුරුද්දේ උන්ගේ ක්ලාස් වලට වැඩිපුර සෙනඝ ගෙන්න ගන්න.
    ඔය තරඟේ හින්දාම මම නම් හිතාගෙන ඉන්නේ මගේ නම් ළමෙක් කවදාවත් ලංකාවෙ ස්කෝලෙක යවන්නෙ නෑ කියලා.

    ReplyDelete
  31. මේක නයි අරින්න ඉගෙන ගන්න අයට වටින පෝස්ටුවක්. දැන් පෙනේ හාමිනේගෙ උනාට සූ ගාල සද්දෙ ඇහෙන්නෙ කකාගෙ ගාවින්. අන්තිමට බලනකොට කකා සීතලක් නොදැනෙන්නම නයෙක් යවල තියෙන්නෙ කට්ටිය අස්සෙන් ලස්සනට.

    අපිත් ඉස්කෝලෙ යන කාලෙ ඔහොම නයි අරිනව. අපේ තාත්තට තඩි මෝටර් බයික් එකක් තීනව ( තීනව තමයි තැපැල් නයින්ටියක් ), අපේ අය්ය කරාටි මාස්ටර් ( ඔව් ඉතින් කරාටි පන්තියට ටික දොහක් ගියා තමා ), අපේ අක්ක ඩොක්ටර් ( එහෙම කිව්වට් ඉතින් නර්ස් තාම ), අපේ අල්ලපු ගෙදර ඉන්නෙ හෙන නළුවෙක් ( ඒ කාලෙ පාලිත සිල්ව නල්ලතම්බිගෙ ගෝලය, උන්නෙ එහා ගෙදර කාමරේක බෝඩ් වෙලා ) වගේ පත නයි.

    ඒත් ඉතින් කකා එහෙම එකක් යැව්ව කියල මම කිව්වෙ නෑ ඔන්න.

    ReplyDelete
  32. බණ්ඩාරවෙල පැත්තේ ඒ කාලේ වැඩිපුර ටියුෂන් පන්ති තිබ්බේ නැති බවට ඔන්න මාත් සාක්කි .

    ReplyDelete
    Replies
    1. මාත් සාක්කි, සාක්කි කීවාට, හොරුන්ගෙන් පේන අහන්න අපිට පිස්සු නෑ.

      //සාක්කි// නොවේ යාළුවා සාක්ෂි.

      Delete
    2. මමත් සාක්කි එච්චර විතරක් නෙවෙයි ඔය කුප්‍රකට බ්ලොග් කාරයාගේ වයිඵරේ ඇරපු දෙවැනි නයත් ඇත්ත බවට මම සාක්කි... මට මහපොළ මෙරිට් සිස්යත්වයක් හම්බවුනා.. මම හිතන්නේ මෙරිට් එක දෙන්නේ ඉහළම ලකුණු නිසාම නෙවෙයි.. රජයේ සේවකයෙකුගේ /මැදි අදායම් කරුවෙකුගේ දරුවන් අතරින් ඉහළ ලකුණු හරි මොකක් හරි වෙන දෙයක්..

      Delete
  33. "මගේ උසස් පෙළ ප්‍රතිපල ආපුවාම තමයි මට තේරුනේ මං වැඩිපුර ටියුෂන් ගිය කෙමිස්ට්‍රිවලට මට අඩුම ලකුණුත්, අඩුවෙන් ටියුෂන් ගිය අනිත් විෂයන් තුනට වැඩිය ලකුණුත් තියෙන බව." ----මේකම තමා මටත් උනේ....chemistry වලට ක්ලාස් ගියත් එකට s එකකුත් අනික්වාට c ලබා ගත්ත.

    ReplyDelete
  34. මහපොළ ඉල්ලුවෙත් නැත. Bursary ගන්න පුළුවන් උනත් තාත්තා ගන්න එපයි කිව්වේ "ඒක එතකොට අපිට වඩා අමාරු ළමයෙක්ට ගන්න පුළුවන්නේ පුතේ" කියලා ය.
    හැබැයි කැම්පස් එකේදී අපිට වඩා ගොඩක් පෝසත් කට්ටිය, මහපොළ පෝලිමේ සිටින විට සහ bursary සල්ලි වලින් ෂොපින් යන විට නම් මට හිනා වෙන්න ද අඬන්න ද කියා හිතා ගන්නට බැරි විය.

    මේක නයෙක්ද ගැරඬියෙක් ද මොකෙක්ද කියාත් කියවන කෙනා ට ඕනෑ හැටියට හිතා ගන්න පුළුවන් ය. :D

    ReplyDelete
    Replies
    1. හිනාවෙන්න පරිස්සමට..... මොකද, ඔබ වැනි තරුණියන්ගේ හිනාව ඩැහැ ගැනීමට බ්ලොග් අවකාශයේ කැහැටු වඳුරෙක් නිතරම මාන බලමින් සිටින නිසා....

      ඔස්ට්‍රේලියාවට නැවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.... ජාවාරම්කරුවන්ට අසුවෙන්න එපා.....

      Delete
    2. බෝට්ටුවෙන් ගීයෝත්, ජොබ් තියෙයිද?

      Delete
    3. ජොබ් තියෙනවා... ඒත් පඩි නෑ.....

      මීමුරේ ගියොත් ස්වාභාවික සෞන්දර්යය තියෙනවා... ඒත් අන්තිමට අවුරුදු ගානක් ඉතුරු කරපු සල්ලිත් නෑ.... ඉපදිච්ච දවසෙ ඉඳන් හොඳට පරිස්සම් කරගෙන හිටපු පුකත් නෑ....

      Delete
    4. දැන් ඔය ඔස්ට්‍රේලියාවේ පැනපු අයගේ පුක තියෙනවද?

      Delete
  35. American white house නයෙක් ?

    ReplyDelete
  36. තව ටක දවසකින් කියයි ,අපේ පුතා නම් ශිෂ්‍යත්වේ පන්ති යවන් නෑ..

    ReplyDelete
  37. Me kiyana wife mata mathka hatiyata ape iskole giya Nuwara eliya paththe kenek neda

    ReplyDelete
  38. හුටා..., මේකා පට්ට නයෙක්නේ............???

    ReplyDelete
  39. ඔය සුට්ටන් රුපියල් 2500 යෙන් යන්තම් එක්කෙනෙක් ට ජීවත් වෙන්න මෙහෙමයි
    විදුලි බිලට රු 100
    වතුර බිලට රු 100
    කෑමට 2300
    මේ දවස් වල අපි ජීවත් වෙන්නේ ඔහොමලු ඒකයි කියන්න හිතුනේ :)
    හප්පේ අරහෙම උදාන වාක්‍යක් කියනකොට හිතට දැනෙන සනීපෙ :)

    ReplyDelete
  40. අපේ කණ්ඩායමේත් හිටිය ගැහෙනු ළමයෙක් එයා ගේ මව්පියන් හොද සරුවට බිස්නේස් කරපු අය. නමුත් එයාටත් මහපොළ ලැබුන එයා කිව්වේ මෙරිට් කියලා. පස්සේ කොව්දෝ කඩප්පුලියෙක් ඒ වසරේ මෙරිට් ලිස්ට් එක පත් තර යකින් කපාගන ඇවිල්ලා කුප්‍රකට නෝටිස් බෝඩ් එකේ ඇලෙව්වා. ඒ ළමයා ගේ නම ඒ ලිස්ට් එකේ තිබුනේ නැහැ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.