Monday 26 November 2012

සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?


මීට අවුරුදු තුනකට විතර කලින් නැන්දලා ගේ ගෙදර ගිය වෙලාවක පොඩි ළමයි විභාග ප්‍රශ්න පත්‍රවලට ලියපු උත්තර වගයක් ගැන පොඩි පොඩි කතන්දර ටිකක් අහන්න ලැබුණා.

ඉන් එකක් තමයි මේක.

සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි?
එක ළමයෙක් දීලා තිබුණාය කියන උත්තරය මේකයි.
ගෙවල් කුලී ගෙවන්නට බැරි නිසාය.

එදා අහපු අනිත් කතන්දර දෙක තුනට මෙන්න පාර.
http://kathandara.blogspot.com.au/2010/01/blog-post_21.html

බුද්ධ ධර්මය ඉතා ගැඹුරුයි. සමහර අපේ අයියලා ඒකේ අයිතිකාරයෝ වෙන්න හැදුවට නිසි ධර්මාවබෝධයක් නෑ. තමන් ගේ ධාරිතා ප්‍රශ්න නිසා හොඳ අවබෝධයක් ලබාගන්න විදියකුත් නෑ.

තම තම නැණ පමණින් කියලා කියන්නේ ඒ හින්දනේ!

ඉතිං ඒ වගේ අවබෝධයක් නැති අය ඔය විභාග ප්‍රශ්නය සහ උත්තරයේ කතාවට ෆුල් වලි දානවා.

ඔය උත්තරේ මට නම් තියෙන එකම සුළු වරද තමයි, එතන ගෙවල් කුලී ගෙවන්න බැරි නිසාය කියන්නේ නැතිකමකට නොවෙයි, කුලී ගෙවන්න අකමැති නිසයි. ඒ දෝශය හැරෙන්න උත්තරේ හරි.

ගැඹුරු දහම් කරුණු නොතේරෙන අයගේ ප්‍රයෝජනය සඳහා මං මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

ගිහි ගෙය කියන්නේ අපි මේ ගතකරන ලෞකික සමාජ ජීවිතය නේ. මේ ගිහි ගෙයි ඉන්න කොට විවිධ ආශා, අවශ්‍යතා, උවමනාකම් තියෙනවා. බැමි, භාධක තියෙනවා.

මේ සේරම දේ ඉංගිරිසියෙන් කියනවා නං හරිම ටැක්සින් කියලා කියන්න පුළුවනි. අන්න ඒ දේවල් තමයි මෙතන ගෙවල් කුලී කියලා සංකේතවත් වෙන්නේ.

සිදුහත් ගිහිගෙය අතහැර ගියේ ඒ තවදුරටත් ඒ කුලී ගෙවන්නට තිබුණු තදබල අකමැත්ත නිසයි. අභිනික්මන කියලා හැදින්වෙන්නේ අන්න ඒ නික්ම යාමයි.

එදා නේරංජාව ක්‍රොස් කරපු තැන ඉඳලා, එක එක ස්පොට්වල අවුරුදු හයක්ම චාටර් වෙවී රස්ටිෆයින් වෙච්ච හින්දා සිදුහත් ට ඒ කාලේ ගෙවල් කුලී ගෙවන්න නං වුනේ නෑ.

අන්තිමේ දී මාරයා එක්ක ඩුවට් එකේදී ඌට බැස්ටිය දීලා, තන්හා, රතී, රඟා සෙට් එකටත් බම්බු ගහගන්න කියලා, සම්මා සම්බුද්ධත්වය ලබාගත්තු මොහොතේම අපේ බුදු සාදු ගත්කටටම කීවේ ගෙවල් කුලී ගෙවනවා තියා ආයේ ගෙයක් දොරක් ගැන කිසිම අදහසක් නැති බවයි.

මේ බලන්න.

"අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුනගේහං නකාහසි
සබ්බාතේ ඵාසුකාභග්ගා
ගහකූටං විසං ඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මක්‍ධගාති."

නිකං නෙමේ මුළු ගෙදරට ම ගේම දීලා සුනු විසුණු කරලා දාලා!

සාදු, සාදු, සාදු!

-කතන්දරකාරයා

ප/ලි:
මේ බිත්තර කට්ට හැර තවත් බිත්තර කටු තිබේද?

(image: http://en.wikipedia.org/wiki/Oil_lamp)

89 comments:

  1. @“අන්න ඒ දේවල් තමයි මෙතන ගෙවල් කුලී කියලා සංකේතවත් වෙන්නේ.“
    නියමයි, මේ ක්‍රමයට තර්ක කරල අපිට පුලුවන් ඕනිම ප්‍රශ්නයකට දෙන ඕනිම වැරදි උත්තරයක් නිවැරදියි කියල ඔප්පු කරන්න.

    ReplyDelete
    Replies
    1. මෙතන උපුටා දක්වපු උදාන වාක්‍යයයේ කියන්නේ සංසාරය නම් ගෙය සාදන තෘෂ්ණාව නම් වඩුවා විනාශ කල බවයි.කැනිමඩල ද කඩා දමා නැවත ගෙය නොසාදන බවයි.
      අයිය කෙනෙක් වත් අයිතිකාරයෙක් වත් නොවෙමි. ඒත් මගේ ආගම කිසිවෙකු හෝ වැරදි ලෙස අර්ථනිරූපනව කරනව නම් හිතට දුකක් දැනෙනවා.කකා වගේ කෙනෙක් උනත්?????

      Delete
    2. ඉතින් අපට පාන්ද?

      Delete
  2. //...තන්හා, රතී, රඟා සෙට් එකටත් බම්බු ගහගන්න කියලා, සම්මා සම්බුද්ධත්වය ලබාගත්තු මොහොතේම...//

    බුදු වුණාට පස්සෙයි තණ්හා, රතී, රඟා සෙට් එක ආවයි කියන්නේ.

    //....සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි?
    එක ළමයෙක් දීලා තිබුණාය කියන උත්තරය මේකයි.
    ගෙවල් කුලී ගෙවන්නට බැරි නිසාය....//

    මේත් ඒ ජාතියේම ප්‍රශ්නයක් සහ උත්තරයක්. බුදු හාමුදුරුවෝ කැලණියට වැඩියේ ඇයි ? වාහනේට ටයර් දමාගන්න

    ReplyDelete
    Replies
    1. ඇයි කැලණි කේබල්ස්! ඒව්වත් කැළණියේ නේද?

      Delete
    2. ටයර් දා ගන්න දැන්නං යන්න ඕන කොම්පඤ්ඥ වීදියට (එහෙම උනොත් පොඩි හාන්දුරුවොත් ගොඩ)

      Delete
    3. කාරෙකේ ටයර් හතර දාගන්න පොඩි ගානක් මදී... 2ලැක්ස් විතර ගන්න බැරි වෙයිද ඉන්දික අයියේ.. මේ දවස් වල බිස්නස් පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ...

      Delete
    4. @ ඉන්දික...

      නෑ නෑ බන් මම(Anonymous November 26, 2012 11:54 AM) අභීත නෙවෙයි... පන්සලේ පොඩි හාමුදුරුවො...

      Delete
    5. මේ කාලෙ එහෙම කැළණියට වැඩියනම් ගස් බඳින්නත් ඉඩ තියෙනවා.

      Delete
  3. අදනම් කනවා අම්බානක :D

    ReplyDelete
  4. /අන්තිමේ දී මාරයා එක්ක ඩුවට් එකේදී ඌට බැස්ටිය දීලා/

    යකෝ, මාරයා නිකංවත් බ්ලොග් එකේ ලිව්වෙ නෑනෙ මේ කතාව. පැරදුන එකේ ලැජ්ජාවට වෙන්න ඇති.

    බලනකොට මේ ලෝකෙ ඉන්න හැම එකාම මාරයාටම තමයි කෙළින්න බලන්නෙ. ඌට කේන්දරයක් බලාගෙන උගේ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති හැටි. පව්. අහිංසකයා.

    ReplyDelete
  5. මම ලියන්න හිටපු එක කතා ප:ලි: එකේ ලියලා. එහෙම ගෙවල් දාලා ගියාට පාඩුවක් උනේ නෑ. අද කාළේ වගෙම සිටුවරුයි, රජවරුයි මාළිගා සමානම අසපු හදලා දුන්න නේ වැඩ වාසය කරන්න. ඔය තියෙන්නේ ඉන්දියාවේ තවමත්.

    ReplyDelete
  6. සිදුහත් ගිහි ගෙය හැර ගියේ-------->විවිධ ආශා, අවශ්‍යතා, උවමනාකම්, බැමි, භාධක

    විවිධ ආශා, අවශ්‍යතා, උවමනාකම්, බැමි, භාධක-------->ටැක්සින්

    ටැක්සින්-------->කුලී

    එමනිසා,
    සිදුහත් ගිහි ගෙය හැර ගියේ------->කුලී ගෙවන්න අකමැති නිසා.

    මාරයිනේ!
    හැබැයි ඉතිං "තම තම නැණ පමණින්" නිසා අවුලක් නෑ.

    ReplyDelete
  7. සාදු...සාදු...සාාාදු.

    ReplyDelete
    Replies
    1. ආ මමත් ධර්මය ගැන කථාවක් ලිව්ව කියවල බලන්නකො
      http://cyberlanka1.blogspot.com/2012/11/blog-post_24.html

      Delete
    2. patta cha post ekak

      Delete
  8. බලන් ගියාම ඕනෑම වැරද්දක් හරිගස්සන්න පුලුවන්. හැබැයි උත්තරේ දුන්න කෙනාගෙ බුද්ධි මට්ටම ගැන හිතලා

    ReplyDelete
    Replies
    1. Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience

      Delete
    2. Never lend money to an idiot too.

      Delete
    3. no mate, you have to correct it as "who lend money to friends is an idiot" ( yes I was)

      Delete
    4. @Indika,

      You are not alone!There have been idiots even after you :D

      Delete
    5. nope man... its true... so f#@$&ing true...

      Delete
  9. මේක අතුරු ප්‍රශ්නයක්. දැන් ඔය බුදු හාමුදුරුවො වැඩියය කියන මහියංගනේ, නාගදීපේ හා කැලණියට වඩා අපට මොකද අනුරාදපුරේ අටමස්තානේ ලොකු වෙලා තියෙන්නේ? දුටු ගැමුණු කියන්නේ බුදු හාමුදුරුවන්ටත් වැඩිය ලොකු පොරක්ද?

    ReplyDelete
    Replies
    1. සංස්කෘතිය සහ ආගම කියන්නේ දෙකක්නේ ඇනෝ...

      Delete
    2. ඒ කියන්නෙ දැන් අපට ආගමට වඩා සංස්කෘතිය ලොකු වෙලා කියලද? මොකද මං දන්න තරමින් මහියංගනේ, නාගදීපේ හා කැළණි යන්නේ අනුරාධපුරේ යනවාට සාපේක්ෂව සීමිත පිරිසක්. ගියත් යන්නේ අනේ මේ තැන වලට බුදු හාමුදුරුවො වැඩියා නේද හැඟීමෙන් නෙවෙයි.

      Delete
    3. නෑ අවංකවම දන්නවා බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නෑ කියන එක. ඒකයි..

      Delete
    4. මාතලන්, දැන් උඹත් බිත්තර කටුවක් හොයා ගනින්. ඔය කතාවම සෙනරත් පරණවිතාන මහත්තයා කියලා (බුදු හාමුදුරුවන් ලංකාවට වැඩියාය කියලා කිසිම සාක්ෂියක් නැති බව) අපේ උන්නාන්සෙල දුන්නෙ නැද්ද බැස්ටිය පරණවිතානට රෙදි ගැලවෙන්ඩම!

      Delete
    5. දැන් ඔය බුදු හාමුදුරුවො වැඩිය තැන් වලට ගියාම ඉබේම නිවන් යනවද?

      අතනට ගියොත් වැඩි පින්, මෙතනට ගියොත් අඩු පින් කිය කිය ඉන්නෙ නැතුව අනිත්‍ය, අනාත්ම, දුක කියන ත්‍රිලක්ෂණය අවබෝද කරගෙන අප්‍රමාදීව ධර්මයෙ හැසිරීමයි කල යුත්තේ...

      බ්ලොග් ලියන ගව රැල කරන්නෙ යන්නෙ කොතනටද කියලා වාද කරන එක...
      ඔබලාට වඩාත් සුදුසු මක්කම වැනි ස්ථානයක් බව මාගේ අදහසයි

      Delete
    6. දැන් ඔය බුදු හාමුදුරුවො වැඩිය තැන් වලට ගියාම ඉබේම නිවන් යනවද?

      නැත්නම් ඇයි යන්නෙ? අපි යන්න කිව්වයැ.

      Delete
    7. ඇයි ඔබ තුමා යන්නෙ නැද්ද? බොරු දේවල් ගැන වාද කරන්න එපා බන්...

      Delete
    8. මම යන්නෙ නෑ බං මම යන්නෙ මක්කමනෙ.

      Delete
    9. මක්කම හොරෙන් යන එකෙක් තමයි මේ බ්ලොග් එක ලියන්නෙ.... ඌ බුද්ධාගමට අපහාස කරන්නෙ ඒකයි.....

      Delete
    10. හොරෙන් යන්නෙ මොකටද බං, එළිපිටම යන්න පුළුවන්කම තියෙද්දි?

      Delete
    11. එලිපිට ඇනෝ කොමෙන්ට් දාන්නෙ කවුද කියලා අපි දන්නවා...උඹ මක්කම බැරිනම් ස්වර්ගෙට ගියත් අපිට මොකද බන්...

      Delete
    12. @ මාතලන්November 26, 2012 11:35 AM
      ඇයි උඹ ඒ කාලෙ ලන්කාවෙ මහ රජාද? නැත්නම් උඹ මේ පරම සත්‍යය අපට කියන්න මෙලොව ඉපදුන මහා බ්‍රහ්මයද?

      Delete
    13. ළමයෝ ඉතින් ඒ කාලෙ මාතලන් කවුරු හරි වෙලා ඉපදිලා ඉන්න ඇති නෙවැ. දැන් ඔය පුනරුප්පත්තිය කියනවා වෙන්ඩ ඇති.

      Delete
    14. ඔව් මාතලන් ඒ කාලෙ ඌරෙක් වෙලා ඉපදිලා දැන් ලෝකෙ වටේම මඩ ගහනවා... මූ හිතන් ඉන්නෙ මූ සියල්ල දත් කියලා... හරියට මේක ලියන තට්ට ගොබිලා වගේමයි..

      Delete
    15. ඇයි බං මාතලයා උඹටත් මඩ ගැහුවද මේ තරම් තරහ ඌ එක්ක?

      Delete
    16. සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සැපතට පත් වෙත්වා.

      ඌරෝ කැකුන තලන කොට හබන් කුකුලටද මොකාද එකාට රජ මඟුල් කියන්නැහේ....

      Delete
    17. @ AnonymousNovember 26, 2012 10:32 AM

      //.....දැන් ඔය බුදු හාමුදුරුවො වැඩියය කියන මහියංගනේ, නාගදීපේ හා කැලණියට වඩා අපට මොකද අනුරාදපුරේ අටමස්තානේ ලොකු වෙලා තියෙන්නේ? දුටු ගැමුණු කියන්නේ බුදු හාමුදුරුවන්ටත් වැඩිය ලොකු පොරක්ද?...//

      බුදුන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණියට ඊට පසුව ශ්‍රී පාදයට වැඩම කළා වගේම අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය, මිරිසවැටිය, ථූපාරාමය යනාදී පූජනීය ස්ථානවලටත් වැඩම කරලා සමාධි සුවයෙන් වැඩ සිටියා කියලා මහාවංසයේ සඳහන් වෙනවා. ඒක නිසා මේ ස්ථානත් මුනි සිරිපා පහස ලැබූ තැන් කියලා පිළිගන්න පුලුවන්.

      ඒ වගේමයි මහියංගණ, නාගදීප, කැලණියට වඩා අනුරාධපුර අටමස්ථානේට වැඩි පිළිගැනීම ලැබිලා තියෙන්නේ පූජනීය ස්ථාන කීපයක්ම එක් ප්‍රදේශයක් තුළදීම වන්දනා කරගන්න පුලුවන් වීම නිසා වගේම අටමස්ථානයේ තිබෙන පූජනීය ස්ථාන කීපයකම ඉහළ වන්දනීයත්වයක් හිමිවෙන බුදු හාමුදුරුවන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙන නිසා

      දුටුගැමුණු රජතුමා හැදුව නිර්මාණවලින් තුනක් තමා අටමස්ථානයට අයිති වෙන්නේ :P

      Delete
  10. සිල්ලරම කරන්නත් හොද නැහැ

    ReplyDelete
  11. කකා අදත් සුපුරුදු විදියටම හිට්ස් තකා බුද්ධාගම පාච්චල් කරල. කොහොමත් කකට ලංකාවයි, සිංහලකමයි, බුද්ධාගමයි අරහන්නේ. මොකෝ ඒව ගන හිතෙ තියාගෙන ඩොලර් හොයන්න බෑනෙ. අම්ම තාත්තව විකුනලා හරි කීයක් හරි හොයන උන් ඉන්න එකේ මේක මොකක්ද? (කකා එහෙම අම්ම තාත්තව විකුනන්නෙ නෑ කියල නෙවෙ මම කියන්නෙ, විකුනන්න චාන්ස් එකක් තාම ඇවිත් නෑ, ඒකයි, යන්තම් තාත්ත නම් බේරුනා ).

    ReplyDelete
    Replies
    1. 89 දී නම් මෙහෙම ලියපු උන්ගෙ කටට වෙඩි තියල පාලමෙන් පල්ලහාට දැම්ම... කෝ මේ බ්ලොග් ලියන සහෝදරයා...

      Delete
    2. අනේ කොයි තරං සීදේවි කොමෙන්ට් එකක්ද? තමන්ට මොකෙක්හරි එක්ක තරහක් තියෙනව නං ඒ යකාට විතරක් නොව, උගේ අම්මා තාත්තටත් බනින එක නොවැ අපේ නියම හැදියාව

      Delete
  12. සිදුහත් ගිහි ගෙය අත හැරීම කෙසේ වෙතත් බ්ලොග් ලියන/කියවන අය ගොඩක් අය ඒක අත හැරියෙ මුගෙ ගූ පොස්ට් ගැන කලකිරිලා...

    බ්ලොග් කලාවෙ පරිහානියට වගකිවයුතු වසලයෙක් තමයි කකා.

    සිදුහත් කුමාරය අද හිටියනම් සසර කලකිරෙන්නෙ මුගේ බ්ලොග් පොස්ට් කියවලා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.

      Delete
    2. "බ්ලොග් කලාවෙ පරිහානියට වගකිවයුතු වසලයෙක් තමයි කකා."

      උන්නතියක් උනා නොවුන, මම, මාතලන්, කෙහෙල් කොටුවෙ චූටිය වගේ තව ගොඩක් උන් බ්ලොග් ලියන්න ගත්තෙ කතන්දර නිසා.

      Delete
    3. ඉන්දික කියන දේවල් උනේ මීට කාලාන්තරේකට කලින්. දැන් මෙයාගේ බ්ලොග් එක කියෙව්වොත් ලියන උන්ටත් බ්ලොග් වහන්න හිතනවා

      Delete
  13. පෝය ලග නිසාද කකා ට බන මතක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  14. පින්වත්නි හෙට පෝය හෙට බණ, අද පෝය නෑ පින්වත්නි අද බණත් නෑ. ඒක නිසා ඔය අනන් මනන් @#$% අත ඇරල බණ අහන්න සූදානම් වෙනව හොදයි...

    ReplyDelete
  15. ආගමක් නැති හින්ද ‍වෙන්න ඇති අ‍ටලෝ දහම‍ට කම්පා වෙන එකත් පට්ටයි කියලා හිතෙනවා...

    ReplyDelete
  16. තම තමන්ගේ දැනුම අනුවනේ . කතන්දරට පෝයට සිල් ගන්න ඕන නිසා කලින්ම බන කතාවක් ලියල වගේ .

    ReplyDelete
  17. KAKKA NAM DEVADATTAYEK.

    ReplyDelete
  18. .Me post liyanne ara thatta nigantayada?

    ReplyDelete
  19. Buddhagamata virudda me andabalayata anukampa karamu.

    ReplyDelete
  20. YAKO OHOMA BUDU HAMUDURUWANTA APAHASA KARANTA EPA. THO APEYE YAWI.

    ReplyDelete
  21. ඒ වගේ මැටි උත්තරයක් දීල තියෙන්න ඇයි..
    අපි අංක දෙක ගනිමු..ඒ කියන්නෙ ගියේ අතහරින්න බලාගෙන ගෙවල් කුලි කියන්නෙ සංසාරෙ...

    එතකොට සංසාරෙ අතහරින්න ගියානම් ඇයි ඒ අතහරින්න ඕනි කියන අදහස එන්න අවුරුදු ගානක් ගත වුනේ..

    බුදු දහම දේශනා කලේ බුද්ධත්වයට පත් අප අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ මිසක ගිහිගෙය ඇරලා ගිහිපු සිද්ධාර්ථ කුමාරයා නෙමෙයි...

    සිදුහත් කුමාරයා යනු කුමාරයෙකි..එතුමා අඩුවශයෙන් කුලියට ගෙවල් වල ලගින හිඟන්නෙක් නොවේය කියන එකවත් අවබෝධ කරගන්න බැරි ළමයෙක් දකින්න ලැබීම ගැන මා දුක්වෙනවා..

    ReplyDelete
  22. දැක්කනේ කකා කාලෙකින් පස්සේ කතන්දරයක් ලිව්වට හෝ ගාලා කොමන්ට්ස්.අපිට ඕනේ මේවා වන් මෝ.....
    :D

    ReplyDelete
  23. සිදුහත් කුමරු ගිහිගේ හැර ගියේ චන්න ඇමතියි යසෝදරා දේවියයි අතර තිබුනු අනියම් ප්‍රේම සම්බන්දේ අතටම අහු වෙච්ච නිසානේද?

    ReplyDelete
    Replies
    1. විහිළුවක් නේද කරේ ?

      Delete
    2. කාගේ කේන්දරේ බලලද ඒක කිව්වෙ?

      Delete
    3. ඔය ඉතින්... මේකටත් කේන්දරේ ගාව ගෙනනේ...ගොනා...

      Delete
    4. jhothisha lanka
      එහෙම උනානං එයා එක්කම යයිද?
      සමහර විට කන්ථකත් භාරදුන්නෙ ඒ නිසා වෙන්නත් පුළුවන් නේද?
      කොහොමෙයි හොයාගත්තෙ?

      Delete
    5. කේන්දර බොරුකාරයා ගොන් පාට් දානවනෙ.....

      Delete
  24. KAKKA kiyana moda adarmistaya budu hamuduruwanta apahasa karala. Liyanna deyak nathnam thawa thawa pada, choo, jee, jokku wage dewal liyanna puluwan ne. Miniha ewa gena liyanna thama daksha.

    ReplyDelete
  25. කකා පයිප්පෙ ඇරල දීල කියනවා ඔන්න යක්කුනේ ඇවිල්ලා නා ගනිල්ලා කියලා. ඉතින් අපිත් ඇවිත් නා ගන්නවා. අපේ වතුරයැ. අපේ සබන්යැ. අව්‍යාජ මාරයියා විතරයි තාම අඩු. මොකද එයා තනියම නා ගන්න එක්කෙනානේ.

    ReplyDelete
  26. Nandalage gedara giya welawaka podilamayeku keewa kiyana kathwa me rate lamayek kiyana kathawak newe. Kakka karayage nirmanayak. Ekaliyala thawa wewataram godak liyala kisima harayak / rasayak nethi. Owage katha kiyanawa aththe Kakka ge lami wenta athi.

    ReplyDelete
  27. Siduhath gihi geya hara giya rahasa kawruwath danne nehe. Meka thami danne. Moo thami hoyagaththe. Me yakata nobel thagga denna oone.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මට පේන හැටියට මේ කමෙන්ට් කරපු වැඩි දෙනෙක් අදහන්නෙ බුද්ධාගම නෙවෙයි සිදුහත් ආගම. එයාල වන්දනා කරන්නෙ ධර්මය නෙවෙයි බුදු පිළිම. එයාලට වැදගත් අභිධර්මය නෙවෙයි, බුද්ධ චරිතය.

    මාතලන්ගේ මේ ලිපියත් හොට් ඇව්ඩ් ෆාස්ට් එකේ මේ ලිපියත් බලන්න.

    ReplyDelete
  30. අනේ මංද.. “ Not many people will get this? “ ඇත්ත තමා... හයියයෝ... සාධූ හාධූ සාධූ !!!!

    ReplyDelete
  31. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන එක වරදක් තමයි, ඒකේ ඉස්සෙල්ලා උගන්වන්නේ 'උත්තරය' වීම. ගොඩක් වෙලාවට 'ප්‍රශ්ණය' උගන්වන්නේ පහු වෙලා. සමහර වෙලාවට 'ප්‍රශ්ණය' උගන්වනෙම නෑ. ඒක හිනදා ලංකාවේ අධ්‍යාපන් ක්‍රමය යටතේ බිහිවෙන ගොඩක් පොරවල් ප්‍රශ්නෙයි උත්තරෙයි පටලවා ගත්ත පිස්සන්.

    දැන් කොහෝ හිටියත් ,ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේම ප්‍රොඩක්ට් එකක් උන 'කතන්දර' තුලත් මේ අඩුලුහුඩුව, මේ පොස්ට් එකෙන් පේනවා.

    'දැන් කතන්දර කියන විදිහට//ගිහි ගෙය කියන්නේ අපි මේ ගතකරන ලෞකික සමාජ ජීවිතය . මේ ගිහි ගෙයි ඉන්න කොට විවිධ ආශා, අවශ්‍යතා, උවමනාකම් තියෙනවා. බැමි, භාධක තියෙනවා.// ඒවාට කතන්දර 'ගෙවල් කුලී' කියලා නිර්වචනය කරලා සිදුහත් කුමාරයා එවා අතහැරියා ටි කියලා කියනවා....

    ඒත් අපි නම් දන්න විදිහට සිදුහත් කුමාරයාට එහෙම 'අශා ' වලින් මිදීමේ අවශ්‍යතාවක් තිබුනේ නෑ.එතුමාට තිබ්බ ප්‍රස්නෙ තමයි, මහලුවීම, ලෙඩරොග, මරණය ආදී දෙවල් නිසා ඒ තුමාට ඒ වෙනකොටත් තිබ්බ්ව රජ සැප 'සදාකාලික' නොවීම හා ඒ ගැන ඇති වූ කලකිරීම. ඉතින් ඒතුමා 'සදාකාලික උත්තරීතර සැපය ' සෙවීම අරමුණු කර ගෙන 'ගිහි ගෙය ' අතහැර ගියයි කියලා තමයි අපට උගන්නලා තියෙන්නේ' ඒක තමයි එතුමා 'ප්‍රශ්ණය ' විදිහට දැක්කේ'
    මේ ප්‍රශ්නයට උත්තරය විදිහට තමයි බුදු හාමුදුරුවන් 'අතහැරීම' හොයා ගත්තේ. වෙනත් වචන වලින් කියනවා නම් 'අශාව , බැදීම නැති කිරීම දේශනා කොරේ

    දැන් කතන්දර මේ උපහැරණය පැහැදිලි කොරන විදිහට සිදුහත් කුමාරයා ගිහිගෙයින් යන්නත් කලින් ප්‍රශ්ණයට උත්තරය දැකලා....මට පේන විදිහට කතන්දර මේ පොස්ට් එකෙන් ප්‍රශ්ණයයි, උත්තරයයි පටලවලා මංඤං කොරලා.Not many people will get this පටලැවිල්ල තමයි කියන්න තියෙන්නේ including KK

    කොහොමත් කකා ට අභිනිශ්ක්‍රමණය පොඩ්ඩක් පැටලෙන්වා වගේ තමයි...මොකද එක පාරක් කතන්ඩර අභිනිශ්ක්‍රමණය හරියට පේරාදෙනිය කැම්පස් එකෙන් යනවා වගේ කිව්වේ....

    ඇගිල්ල හද නොවෙන බව දැනගත්තට මදි....හද කොහොද තියෙන්නෙ කියලත් දැන ගන්න ඕනා....ඒතකොට තමයි ඇගිල්ලේන් හද පෙන්වන්න පුලුවන් වෙන්නේ

    තම තම නැන පමනින් ධර්මය පාරුවක් කරගෙන ගොඩ යනව නම් කාටත් හොදයි

    ReplyDelete
    Replies
    1. අනේ උඹයි මායි දන්න අධ්‍යාපනේ මඟුල. පඬි ටෝක් නොදී හිටපන්.

      Delete
    2. මේකා වටෙන් ගොඩෙන් කකා පිස්සා කියලා කියනව නේද?

      Delete
  32. Mithya drushtika kakka ta pakkalikam karana pakkali wasalayo kakkata support ekata comment danawa. Owunowun pitawal kasagannawa.

    ReplyDelete
  33. Kakka hithanne siduhath kumaruth Malini Fonseka wage gewal kuleee higa thibbai kiyalada.

    ReplyDelete
  34. A true story; Here in Sydney in a Buddhism class for year 3 students there was a question 'What is the Poson day".
    A child, who is now 14 wrote
    "that is the day Lord Buddha saw a possum for the first time"

    Possum I think is the Mugatiya ?? and is a commonly animal in Sydney.

    ReplyDelete
  35. අපරාදේ.. මේ අදහස මිට වඩා ලස්සනට ලියන්ට තිබ්බ...

    ReplyDelete
  36. මට මතක් වුනේ (මීට කළින් මං මේ වගේ කමෙන්ට් එකක් දාල තියනව වගේ මතකයි)ෂෙන් ආරාමයක ලොකු හාමුදුරුවෝ නමක් සීතල වැඩි වුනු දවසක ලී පිළිමයක් පුච්චලා ගිනි තැපීම ගැන පොඩි නම චරු චුරු ගානකොට ගිනි අඟුරු අවුස්සලා සර්වඥ ධාතු හොයපු හැටි.

    ReplyDelete
  37. මුසල්මානුවනගේ ආගමික නායකයා ගැන මොකක් හරි ලිවුවා නම් දැන් බලන්න තිබුනා මෙතන. කතන්දර කාරය උනත් දන්නව බෞද්ධ මිනිහා කතන්දර කරයා වගේ අය ලියන මෝඩ කතා ගැන කරදර වෙන්නෙ නෑ කියල.

    ReplyDelete
  38. හත්තිලවුවේ ඇනෝ ලට පිස්සු හැදිලද කොහෙද?..
    කියන්න ඕනා අනේ මන්දා කතන්දර අයියේ.මට තේරෙන්නේ නෑනේ ඕවා....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.