Friday 4 May 2012

ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts


ප්‍රීති වෙසක් එක ලැබෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අද මට හිතුණා පොඩි කවි පන්තියක් උපුටා පලකරන්න.

විතවුට් ෆර්දර් අ ඩූ සහ විතවුට් රනින් කමෙන්ට්‍රි මෙන්න ඒ කවි පන්තිය.
බසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු

ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ

උත්තමයෝ අපිය නැත කළ කිසි වරද
සත්තම දමන්නට එන්නේ කොයි කවුද
ඇත්තම වීඩියෝවල සටහන් වුවද
ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද

අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

ගුවන් විදුලියේ හැම දිනයකම බණ
නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
මෙවන් පිනට බර දේසෙක හතර කොන
රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

ගතේ දැවටුනද බණ පද නිරන්තර
අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

(රචනය-රසික සූරියආරච්චි)

උපුටා ගැනීම: http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2526 වෙතින්.

- කතන්දරකාරයා

ප/ලි
අද පරණ කතන්දරවලට කිසිම ලින්ක් එකක් නැත!

(image http://www.infolanka.com/photo/vol2/Villa06.htm)

107 comments:

  1. ලින්ක් නැතුව පරිප්පු නැති හෝටලයක් වගේ....

    ReplyDelete
  2. ඕක මම ඊයෙ FBත් ෂෙයා කලා. නියම කවිටික.

    ReplyDelete
  3. බුදු හාමුදුරුවෝ අද හිටියානම්, ඕවා ගැන කතා කරන්න ගිහින් දේශ ද්‍රෝහී ලේබල් ගහ ගන්නවා..

    ප.ලි. එකේ ලින්ක් එකක් තියෙනවා නේද? :)

    ReplyDelete
  4. කාලෙකට පස්සේ කතන්දර අංකල්ගේ පෝස්ට් එකක් ලින්ක් නැති හන්දා ලේසියෙන් කියවගන්න පුළුවං උනා!

    ReplyDelete
    Replies
    1. මේ විදිහට රසික සූරියආරච්චිගේ අර්ථවත් කවියක් දෙකක් උපුටලා දැම්මනං අර කක්කා කතා වලට වඩා හොඳයි නොවැ!

      Delete
    2. //මේ විදිහට රසික සූරියආරච්චිගේ අර්ථවත් කවියක් දෙකක් උපුටලා දැම්මනං අර කක්කා කතා වලට වඩා හොඳයි නොවැ!// අර්ථවත් කව් සමග නිවට කවි කිහිපයකුත් දාන එක තමයි වැරුද්ද....

      Delete
  5. ලස්සන කවි පෙළක්....

    ReplyDelete
  6. ඇත්ත තමා. කලිනුත් හරේගේ ලිපියකත් කියවුණේ මේ වගේම දෙයක් තමා.

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලියපු "අද දවසේ බුදු හාමුදුරුවෝ වැඩියොත්" කියලා නියම ලිපියක් තියෙනවා ශ්‍රමණ වේෂධාරී ඇත්තෝ වගේම බෞද්ධයෝ කියලා පුරාජේරු ගහන උදවියට මොකද වෙන්නේ කියලා. ඒක වෙසක් පෝයට දාන්න ඕනේ.... කාගේ කාගේත් දැනුවත් බව පිණිස

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ලිපිය කියවලා තියෙනවා හසිත. අනිවාර්යයෙන් දාන්න.

      Delete
  7. //පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
    පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
    සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
    මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම//

    මේ අදහස ගැන නම් නිතරම හිතෙනවා මේ වෙසක් දවස්වල..!!
    බූන්දියෙ තිවුන පින්තූරෙත් උපුටාගත්ත නම් හොඳයි කියලා හිතෙනවා..

    රසික සූරියආරච්චිට මේ වගේ කවි ගොඩක් ලියන්න හැකියාවත් කතන්දරකාරයාට එයාගේ බ්ලොග් එකේ ඒවා උපුටා පළකරන්න හැකියාවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. අනේ ඔය බූන්දියෙ ගිය එක පොටෝ එකක් නැති වුණාට අපේ කෝටියක් සංවර සීලය සහිත සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සිරිමත් බඹ සිරසෙහි පා සිසිනා ගරුතර මහා සංඝරත්නයේ සිල්වත් සංවරශීලී හැසිරීම පෙන්නන තව පොටෝ නම් කීයක් කියලා අන්තර්ජාලෙ තියෙනවද? බලන්ටකො ඒකෙත් හැටි ඈං (ඉස්සර මාරයා සාදුත් මෙහෙම වෙන්ටැ මයෙ හිතේ.)

      http://cdn.lankajournal.com/wp-content/uploads/2011/06/buddhist_monk_protest.jpg

      http://4.bp.blogspot.com/-FkMasCaRo-Y/T26kqDkXykI/AAAAAAAADlk/NKNpfPpUJZU/s1600/lawyer_assaulted.jpg

      http://media.nowpublic.net/images//80/b/80bbbca828155feb0a6bc0638b996b10.jpg

      http://groundviews.org/wp-content/uploads/2012/04/Screen-Shot-2012-04-24-at-11.08.16-PM2.jpg

      http://3.bp.blogspot.com/_JEcN2knkD1s/TMmfnzA0rwI/AAAAAAAABF0/txE63pG-ybk/s1600/rioting+monks.jpg

      http://www.thesundayleader.lk/wp-content/uploads/2009/11/050613monksprotest1.jpg

      http://www.hindustantimes.com/Images/2012/1/648a2722-502b-468d-9d10-d813f35fdc80HiRes.JPG

      Delete
    2. //පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
      පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
      සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
      මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම//

      මේ අදහස ගැන නම් නිතරම හිතෙනවා මේ වෙසක් දවස්වල..!!
      බූන්දියෙ තිවුන පින්තූරෙත් උපුටාගත්ත නම් හොඳයි කියලා හිතෙනවා..

      රසික සූරියආරච්චිට මේ වගේ කවි ගොඩක් ලියන්න හැකියාවත් කතන්දරකාරයාට එයාගේ බ්ලොග් එකේ ඒවා උපුටා පළකරන්න හැකියාවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      මෙව්වට සහයෝගය දෙන උන්ට කියන්න තියෙන්නේ එක දෙයයි...කරුණාකරලා උඩ බලාගෙන කෙල ගහගන්න එපා...හැමදෙයක්ම ජාති වාදය ආගම් වාදය විදිහටනම් දකින්නේ අද වෙසක් දවසත් එහෙනම් ආගම් වාදි දවසක් බුදුසරණයි සුභ වෙසක් මංග්‍යයක් කියන එකත් ආගම් වාද වචන....//පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
      පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම// මේක ලියපු නිවටයා මොන ආගමේ උනත් සිවුරට නිග්‍රහ කිරීම කොච්චර ලොකු පාපකර්මයත්ද??? ඔය ලියපු නිවටයා නමට බෞද්ධයක් වෙන්න ඇති ඒත් මැරැණ දවසට පාංශුකූලය දෙන්න ඔහේ ඔය කියන බැටළු හම පොරවගත්ත කෙනෙක් ඔන කියල මතක තියා ගත්ත නම් හොදයි..හාමුදුරුවන්ගේ වැරදි නෑ කියනවා නෙමෙයි එවැනි දේවල් දායකයෝ එක්ක කතා බහ කරලා විසදගන්න එකයි වෙන්න ඕන...බුද්ධ ශාසනේ පැවැත්මට මේ හාමුදුරුවරු කරපු සේවාව අමතක වුන ඔහේලගේ ඇස් ගෙඩි වලට හෙන ගහලද කියලා කියලා තමයි අහන්න තියෙන්නේ.....ඔහේලට වෙන්න යන්නේ මොකක්ද කියලා 1926 දී අනගාරික ධර්මපාල තුමා කියන්නේ මෙන්න මේ විදිහට...පුලුවන්නම් එතුමටත් කියාපල්ලා ජාතිවාදියා කියලා ----කෝ උඹලට තිබිච්ච පෞඪ ඉතිහාසය? කෝ උඹලට තිබිච්ච සංස්කෘතිය? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න කලින් දෙමලු කියයි යාපනේ උන්ට අයිතියි කියලා.
      මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා.
      ඊට පස්සේ කියාවි - මේක මරක්කල දෙමළ රට කියල. පැනපල්ලා මූදට ඊට පස්සේ.------

      Delete
    3. //බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද?//

      ඔය වැඩේ වැඩියෙන්ම කරන්නේ සමහර සිවුරු පොරවාගත්ත අයම නේද?

      Delete
  8. ඇසුවෙමි දු‍ටුවෙමි

    ReplyDelete
  9. කවුද මේ රසික සූරියාඅරච්චි කියන දේශද්‍රෝහී, මාක්ස්වාදී, බටහිර ගැති, කසිකබල්, පල්ලියේ ආධාර ලබන, හම්බයන්ට දෙන, එල් ටී ටී ඊ ගැති, එන් ජී ඕ ඩොලර් කාක්කා? ඕකා අපේ නිර්මල බුද්ධ ධර්මයට අපහාස කරන්න ආවොත් දඹුල්ලෙ රජමහ විහාරෙ ඝන්ටාර කුළුනෙ එල්ලනවා.

    - සැදැහැවත් බෞද්ධයෙක්

    ReplyDelete
  10. මේ වගේ දේශද්‍රොහී කවි දැක්කම දැං මිගාර, මාරයා, පෙරමුණේ රාළ වගේ සිංහල බෞද්ධ දේශප්‍රේමී බලකායේ මයි බොඩි ෆිෂ් ඩාංසිං වගේ ඇති නේද මෙයාලා?

    ReplyDelete
  11. //පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
    පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
    සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
    මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම //

    වෙසක් පොය ආව කියල හමුදුරු ගොල්ලන්ටම අතදික් කරල වැඩක් නැත..එතකොට අනිත් ආගම් වල කස්ටිය සුද්දවන්ත යොද...?

    //ඇත්තම වීඩියෝවල සටහන් වුවද
    ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද
    යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
    ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ //

    එතකොට මහ මග බොම්බ ගසා නොයෙක් ආකාරයෙන් අමු අමුවේ මිනිසුන් මැරිම සංතුස්ටියට කාරනාවකි...එය එසේද..?

    ReplyDelete
    Replies
    1. එකට මාත් එකගයි.ගහක මුල් බහින්න බහින්න ශක්තියත් වැඩිවෙනවා

      Delete
  12. ඔය බලන් යන විදිහට දුටුගැමුණු රජතුමත් ජාතිවාදියෙක්.. ආගම්වාදියෙක් :D මිනිහා යුද්ධ කලේ ‍"මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජසැප මිස නොව බුදුදහමේ චිරස්ථිතිය උදෙසාය" ද මොකක්ද කියලලු නේ :D

    ReplyDelete
    Replies
    1. දුටුගැමුණු කියල කෙනෙක් හිටිය නම්, හා ඔහු මහාවංසේ කියල තියෙන විදියෙ වැඩ කළා නම් ඔහුත් අම්බ ජාතිවාදියෙක් තමයි. වෙනසකට තියෙන්නේ ඒ කාලෙ ජාතිවාදියකු නොවී සිටීමට කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. අද තියෙනවා. අද වගේ කාලෙකත් දුටුගැමුණුලා වගේ ජාතිවාදය කර ගහගෙන යනවා කියන්නෙ අමු ගොංකම තමයි.

      Delete
  13. ලක්ෂෙට වඩා දෙමළුන් බේරා ගැනුනී
    එම දර්ශන ඇහේ කටු වාගේ ඇනුනී
    මිනී ඇට සැකිලි නොමැතිව කෙනෙක් නොමැරුනී
    එනමුත් චැනල් ෆෝ බොරුවම ඔප දැමුනී

    අන්‍ය තීර්ථකයන් විත් ජේතවනේ
    කොටසක් තමන්ටත්යැයි ඇල්ලුවනේ
    බුදු හිමි වැඩියෙ නෑ පාරිලෙයි වනේ
    කොසොල් රජු ලවා උන් එලෙව්වනේ

    පළමු සිල් පදය සුරකින හෙල බොදුවන්
    දෙදහස් වසක් මෙහි සිටියේ රට රකිමින්
    සිල්පදයක නමක්වත් අද අපි යාන්තමින්
    කියාගන්ට හෝ දන්නේ රට රැක්කායින්

    එළාර නම් පර සතුරා නොනසන්ට
    සිල් පද නෙමෙයි සාසනයම නැතිවෙන්ට
    නියමිතවයි තිබුනෙ කව්රුත් දැනගන්ට
    සිල් ගැන කියන්නේ බොරු ආලයට

    සිල් පද රකින්නට නම් සිල් පද රැකිය හැකි
    සමාජයක් රැකිය යුතු බව දත් කුමරුවෙකි
    ගැමුණු නමින් ඔහු එය කළ විලාසෙකි
    අද මෙන් හෙටත් එය අප ගත යුතු මගකි

    නායවි

    ReplyDelete
    Replies
    1. නායවි, නුඹට මාගේ ශීර්ෂ ප්‍රණාමය !

      හෙළ රජදරුවන් සැම විට සටන් කළේ ජාතියේ හා ආගමේ චිරස්ථිතිය උදෙසාමය.

      Delete
    2. /එනමුත් චැනල් ෆෝ බොරුවම ඔප දැමුනී/

      දැං මොකද්ද චනල් ෆෝ බොරුව? චැනල් ෆෝ බොරුවක් නම් ඔය දර්ශන සහිත වීඩියෝ ආවෙ කොහෙන්ද? ඇනිමේට් කරලද?

      Delete
    3. හරියට හරි ජයශ්‍රී.

      හෙළ රජදරුවන් සැම විට සටන් කළේ *තමන්ගේ* ජාතියේ හා *තමන්ගේ* ආගමේ චිරස්ථිතිය උදෙසාමය.

      ඒකට අනෙක් ජාතීන්වල අනෙක් ආගම් වල එවුන් සුන්නද්දූලි කළා. සමූලඝාතනය කළා.

      ඒකනෙ උන්ට ජාතිවාදීන් කියන්නෙ.

      Delete
    4. http://www.srilankaxnews.com/index.php/newstop/item/212-channel-4-made-obnoxious-videotape-against-sl-%E2%80%93-csi-reveals

      Wednesday, 02 May 2012

      Channel 4 made obnoxious videotape against SL – CSI reveals

      The British C S I investigation Dept. has in its report stated that the Channel four television channel had prepared the obnoxious videotape against Sri Lanka in the same was as was made in respect of Yugoslavia.

      Delete
    5. Obnoxious [uhb-nok-shuhs]

      adjective

      1. highly objectionable or offensive; odious: eg. obnoxious behavior.
      2. annoying or objectionable due to being a showoff or attracting undue attention to oneself: eg. an obnoxious little brat.

      obnoxious? Yes, Of course. But still it was true. (That was why many found it obnoxious in the first place.)

      Delete
    6. http://www.srilankaxnews.com/index.php/newstop/item/212-channel-4-made-obnoxious-videotape-against-sl-%E2%80%93-csi-reveals

      Wednesday, 02 May 2012

      Channel 4 made obnoxious videotape against SL – CSI reveals

      The British C S I investigation Dept. has in its report stated that the Channel four television channel had prepared the obnoxious videotape against Sri Lanka in the same was as was made in respect of Yugoslavia.

      The Channel 4 Director Callum McRay at the same time had gone to Geneva to support the US resolution. The report also preliminarily notes that McRay arrived in Geneva to support the efforts of the US.

      The CSI Organization further states that the channel 4 Television channel had followed jungle laws.

      The CSI which charges that the channel 4 Television channel has conducted itself in a manner interfering with the internal affairs of SL revealed that the witness cited against SL is Vani Kumar , a Tiger Army trainee

      Delete
    7. obnoxious කියන්නෙ unacceptable නැත්නම් objectionable කියන එක. objectionable දෙයක් සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න බෑ. ගොඩේ ඉස්කෝලවලට ගියාට කමක් නෑ; දැන්වත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න.

      Delete
    8. අහපු ප්‍රශ්නෙට උත්තර නෑනෙ. චැනල් ෆෝ වීඩියෝ බොරු නම් ඔය දර්ශන ඇනිමේට් කරපු ඒවද? කොහෙන්ද ඒව ආවෙ?

      Delete
    9. චැනල් ෆෝ වීඩියෝ ඇනලයිස් කරපු වාර්තා ආරක්ශක අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වීඩියෝ වල එක තැනක තියෙනවා වෙඩි ප්‍රහාර වලින් තුවාල වුනු / මැරුනු කෙනෙක් වතුර ගොඩක වැටිලා ඉන්නවා. ඔහුගේ තුවාල වලින් ලේ ගලා යනවා. හැබැයි ඒ ලේ වතුර එක්ක කලවම් වීමක් නැහැ. (වීඩියෝ එක ඇත්ත නම් වතුර ටික ටික රතු පාට වෙන්න ඕනෙ. නමුත් එහෙම වීමක් නැහැ.) තව තැනැක තියෙනවා වෙඩි තබන දර්ශණයක්. එතන වෙඩි තැබීමේ දර්ශන සහ වෙඩි හඬ එකට සිදු නොවන බව සාමන්‍ය මල්ටි මීඩියා සොෆ්ට්වෙයාර් එකකින් (ඒකෙ ටයිම්ලයින් එකෙන්) පෙන්නන්න පුළුවන්. චැනල් ෆෝ එකෙන් කරන්නෙ මේ වගේ විහිළු වැඩ. හැබැයි රටේ ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන මුකුත් නොදන්න ගොඩයන්ට මේවා මාර මැජික්.

      Delete
    10. ඔව් ඉතින් වැරද්ද කරපු එවුන් කවදාවත් කියන්නෙ නැහැනෙ තමන් වැරද්ද කරයි කියල බොරුවනෙ කරන්නෙ.

      Delete
    11. මේ විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය වුනාට මේ වීඩියෝ විශ්ලේෂණය කලේ රටේ නමක් තියෙන විශේෂඥයො. පළමු චැනල් ෆෝ වීඩියෝව විශ්ලේශණය කලේ මොරටුව විශ්ව විද්‍යාලයෙ ඉංජිනේරු පීඨයෙ ආචාර්ය චතුර ද සිල්වා ඇතුළු පිරිසක්. ඔහු ඉමේජ් ඇනලිසිස් සම්බන්ධයෙන් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයෙන් (NUS) ආචර්ය උපාධියක් ලබා ඇති කෙනෙක්.

      මෙතන ප්‍රශ්නය මේ වාරතා ලිව්වෙ කව්ද? ඉදිරිපත් කලේ කව්ද? කියන එක නෙමෙයි. මේ වාර්තා වල ඇති කරුණු පිළිගත හැකිද කියන එකයි. මේ විශ්ලේෂණ වලට කරුණු වශයෙන් උත්තර දෙන්න පුළුවන්ද කියන එකයි. මම හිතනවා වෙඩි තැබීමේ දර්ශණයක, වෙඩි තැබීමේ දර්ශණය සහ වෙඩි හඬ එකට යන්නැත්නම්, එය, වෙඩි හඬ පසුව (අපරික්ශාකාරී ලෙස) එකතු කර ඇති බවට ලොකු සාක්ශියක් කියලා. මේවා කරුණු. (facts). මේවා ඩිස්පියුට් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දැන් මෙතන කරුණු ඉදිරිපත් කරන්න. බැරි නම් ගෙදර ගිහින් චූ කරලා නිදා ගන්න. (කවියො දන්න විශ්ලේෂණ!)

      Delete
    12. විඩූඩභ අතින් වැනසුනු ශාඛ්‍යයන්
      වගේ නොවී බේරුනානෙ සිංහලයන්
      බෞද්ධයන් යුධ වදිනා අයුර සොයන්
      ගැමුණු කුමරු සිදු කල ඒ වෙනස හෙයින්

      ගැමුණු නිරිඳු සැලකූ හැටි එළාරට
      පෙන්වයි අපේ හැදිච්චකං මුළු ලොවට
      එඩ්වඩ් පළමුවෙනි විලියම් වොලස් හට
      සැලකුවෙ සුද්දටම හරියන ක්‍රමේකට

      උරුමය රැක ගැනුම බොදු ජනයට තහනම්ය
      වෙසතුරු වී සැම දේ දන් දිය යුතුය
      නොකලයුත්තෙ පර දෙස් ගැන සෙවීමය
      උන් තම දේ හොඳ හැටි රැකගත්තෙවෙය

      අරාබියේ බොදු පන්සල් නැතුවාට
      ලංඩන් වෙහර පල්ලිය සේ පෙනුනාට
      දිවයින් මාලෙ අපෙ සිහ රුව කැඩුවාට
      මෙහෙ දිය යුතුය කොයි කාටත් පහරන්ට

      වෙස්ට්මින්ස්ටර් පල්ලියෙ අල්ලපු වත්තේ
      බොදු දාගැබක් සෑදෙනවද මත්තේ
      නැත්නම් අනේ ඇයි ඉඩ දිය යුත්තේ
      දලදා සමිඳු අභියස පාවුළු ඇත්තේ

      නායවි

      Delete
  14. කතන්දර,

    ඔයාම නේද දවසක කිව්වේ අන්තර්ජාලයේ සෑම දෙයක්ම ඉදිරියට ව්‍යාප්ත වෙන්නෙ සබැඳි මගින් කියල... ඉතිං ඇයි මේ ගෙඩි පිටින් මෙතන දාල..?

    යාළුවෙක්...! :)

    ReplyDelete
  15. @AnonymousMay 4, 2012 12:11 AM @ "ඒකනෙ උන්ට ජාතිවාදීන් කියන්නෙ" - එතකොට විදේශීය ආක්‍රමණිකය් ඇවිත් තමන්ගේ යටත් වැසියන්ගේ ජාතිය, ආගම, සංස්කෘතිය විනාශ කරනකං ඇහකණ පියාගෙන බලං ඉන්න පාලකයන්ට කියන්නේ මොකක්ද?

    තෑගි ඔප්පුවකින් රට පෘතුගාලයට දීපු දොන් ජුවන් වගේ අයට මොකක්ද කියන්නේ? සත්ගුණවත් රජවරුද?

    ReplyDelete
  16. @AnonymousMay 4, 2012 12:11 AM
    "ඒකනෙ උන්ට ජාතිවාදීන් කියන්නෙ"
    එතකොට තම යටත් වැසියන්ගේ ජාතිය,ආගම සංස්කෘතිය විදේශීය ආක්‍රමණිකයන් විසින් විනාශ කරනවා ඇහැ කණ පියාගෙන බලන් හිටිය නම් ඒ පාලකයෝ හරි හොද අය නේද? ‍දොන් ජුවන් ධර්මපාල වගේ අය

    ReplyDelete
    Replies
    1. කලින් මේ කමෙන්ටුවෙ අවසානයට තිබුනු "සත්ගුණවත් රජවරුද?" කියන වචන දෙක දැන් නැත්තේ ඇයි?

      Delete
    2. ජය ශ්‍රී, නැට්ට පාගා ගන්න එපා. උන්ගේ ජාතිවාදය ගැන නෙවෙයි මේ කතා කරන්නේ උඹලගෙ පාදඩ ජාතිවාදය ගැන. ඔය චෝදනා තලගොයා කබරගොයා කර ගන්න උඹලා නඟන චෝදනා පමණයි. රටක් වශයෙන් ඉදිරියට යන්න රටේ සියළු ජාතීන් එකතු වෙන්න ඕනැ. මහ ජාතිය සුළු ජාතීන් මරා ගන්න හදන රටකට ඉදිරියක් නෑ.

      Delete
  17. @කලින් මේ කමෙන්ටුවෙ අවසානයට තිබුනු "සත්ගුණවත් රජවරුද?" කියන වචන දෙක දැන් නැත්තේ ඇයි?
    - කතන්දරගෙන් අහන්න, මගේ ප්‍රතිචාරය අතුරුදහන් වෙලා තිබිබ නිසා මතක හැටියට අයේ ලීවා.(කතන්දරගේ බ්ලොගයේ ප්‍රතිචාර සංස්කරණය කරන්න කොහෙවත් ඉන්න මට බෑනේ)

    @AnonymousMay 4, 2012 01:57 AM

    දුටුගැමුණු රජ විවේචනය කළ පාඨකයාටයි පිළිතුරු දුන්නේ.දුටු ගැමුණු රජු ඇහැකණ පියාගෙන හිටිය නම් ඔබ/ඔහු කියයි ආන් සාමකාමී සත්ගුණවත් පාලකයෙක් කියල.හැබැයි එදායින් පසු මේ බිම තුල සිංහල ජාතියත් බුදු සසුනත් අතුරුදන් වෙලා තියෙයි නිසැකවම.

    ReplyDelete
    Replies
    1. @ජයශ්‍රී, නැවත කියනවා, දුටුගැමුණුගේ ජාතිවාදීකම අදාළ නැහැ. අදාළ ඔහුගේ ජාතිවාදීකම අද ඔසවා ගෙන යාම. එය අනවශ්‍යයි. මොකද අද දුටුගැමුණුගේ කාලය නොවන නිසා. අනෙක බුදු සසුනට හෙණ ගැහුණත් මට මොකෝ. මම බෞද්ධයෙක්යැ.

      Delete
    2. හරියට හරි, අබෞද්ධයෝ,අසිංහලයෝ දුටුගැමුණුට වෛර කරන්නේ ඒකයි.(ඒක තේරුම්ගත හැකියි)ඒත් සිංහල බෞද්ධයන් එසේ කිරීමයි තේරුම්ගන්න බැරි.

      Delete
    3. ඔයා බෞද්ධයෙක් නොවුනට අපි බෞද්ධයොනෙ. ඉතින් මේ රටේ සිංහල බෞද්ධකම රැකෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ අපිට වැදගත්නෙ.

      බටහිර ක්‍රිස්තියානි නූතනත්වය රැකගන්න ඇමෙරිකාව දරන උත්සාහයෙන් කෝටියෙන් පංගුවක උත්සාහයක් හරි අපිත් සිංහල බෞද්ධකම රැක ගැනීම වෙනුවෙන් දරන්න එපායැ.

      Delete
    4. මේක සිංහල බෞද්ධයින්ට ලියල දීපු රටක් නෙවෙයි. කවුද කිව්වෙ එහෙම ලියල දීල තියෙනව කියල? අපි හැමෝම මේකෙ ඉන්න ඕනැ. ඒක මුලින් තේරුම් ගන්න. ඔය බෞද්ධ ආගමික මූලධර්මවාදීන්ට තේරුම් ගන්න බැරි කාරණේ තමා ඒක. මොකද ඔළු පිරිලනෙ ජාතිවාදෙන්. ආගම්වාදෙන්. බෞද්ධකම රැකගන්න උත්සාහ දැරුවට කමක් නෑ අනෙක් ආගම වලට හිරිහැර නොකර.

      Delete
    5. අබෞද්ධයෝ නම් දුටුගැමුණුට වෛර කරන එක පුදුමයක් නෙවෙයි. ඇයි දුටුගැමුණුගෙ නාමෙන්නෙ සිංහල රාවය වඳුරු හමුදාව ඒ ගොල්ලන්ගෙ ආගමික ස්ථාන කඩා දමන්නෙ. කාගෙ වුණත් ආගමික ස්ථාන කඩා දාන එක බරපතළ වරදක්.

      Delete
    6. මේ රට සිංහල බෞද්ධ තමයි. ඒක 1815 අත්සන් කරපු උඩරට ගිවිසුමේ වගේම 1972 දි කොල්වින් ලියපු විව්‍යස්ථාවෙත් තියෙනවා. ඇමෙරිකාව ක්‍රිස්තියානි. එහෙ කියන්නෙ ඉන් ගෝඩ් වී ට්‍රස්ට් (In god we trust) කියලයි. නැතුව In Buddha we trust කියලා නෙමෙයි. එංගලන්තෙ කියන්නෙ ගෝඩ් සේව් ද ක්වීන් (God save the queen) කියලයි. නොර්වේ වල රජ වෙන්න පුළුවන් එවැන්ජලිස්ත ක්‍රිස්තියානි අයට විතරයි. එංගලන්තෙ රජ වෙන්න පුළුවන් ඇංග්ලිකන් අයට විතරයි. එහෙ ආර්ච් බිශොප් ඇතුලු ක්‍රිස්තියානි පූජකයො විසි ගානක් සාමි මන්ත්‍රී මණ්ඩලයට යන්නෙ නිල බලයෙන්ම තමයි. අරාබිය මුස්ලිම්. ලෝකෙ හැටි එහෙම තමයි. ඉතිහාසයක් තියෙන හැම රටකම ප්‍රමුඛ සංස්කෘතිය කියලා සංස්කෘතියක් තියෙනවා. අනෙක් සංස්කෘතීන් අප්‍රධාන සංස්කෘතීන්. ඉතිහාසයක් තියෙන කිසිම රටක සංස්කෘතීන් සියල්ලම සමාන කරන්නේ නෑ. එංගලන්තෙ ඇන්ග්ලිකන් සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතිය අප්‍රධාන සංස්කෘතිය. රජ්ජුරුවන්ට ඔටුනු පලන්දන්නෙ කැන්ටබරියෙ වෙස්ට්මින්ස්ටර් පල්ලියේ මිසක් ලංඩන් තේම්ස් විහාරෙ නෙමෙයි. එහෙ සිංහලයො හිටියා කියලා අගමැති පාර්ලිමේන්තුවෙ සින්ංහලෙන් කතාකරන්නෙ නෑ. කැනඩාවෙ ඉංග්‍රීසි ප්‍රන්ස දෙකම රජ්‍ය භාශා. හැබැයි දෙමල රජ්‍ය භාශවක් නෙමෙයි, දෙමළු කොච්චර හිටියත්. ලෝකෙ හැටි එහෙම තමයි. එංගලන්තෙ ඇන්ග්ලෝ සැක්සන් සංස්කෘතියට හිමි තැන මේ රටේ සින්හල බෞද්ධ සංස්කෘතියට තියෙන්න ඕනෙ. එංගලන්තෙ දෙමළුන්ට තියෙන තැන මේ රටෙත් දෙමළුන්ට තියෙන්න ඕනෙ. එංගලන්තෙ බෞද්ධයන්ට තියෙන තැන මේරටේ ක්‍රිසිතියානි කාරයින්ට තියෙන්න ඕනෙ. ලෝක චරිත්‍රය මෙහෙදි විතරක් වෙනස් කරන්න හේතුවක් මට පේන්නෙ නෑ.

      Delete
    7. අරාබියෙ බෞද්ධ පන්සල් හදන්න පුළුවන්ද? හැදුවොත් නොකඩා තියෙයිද?

      Delete
    8. කතා කරලා වැඩක් නැ :D

      Delete
    9. /රජ්ජුරුවන්ට ඔටුනු පලන්දන්නෙ කැන්ටබරියෙ වෙස්ට්මින්ස්ටර් පල්ලියේ මිසක් ලංඩන් තේම්ස් විහාරෙ නෙමෙයි./

      එහෙම කරන්න බෑනෙ. ඔය තේම්ස් විහාරෙ ප්‍රධානියා රජ්ජුරුවන්ටත් ලිංගික අතවරයක් කළොත් එහෙම කාටද කියන්නෙ?

      Delete
    10. /කැනඩාවෙ ඉංග්‍රීසි ප්‍රන්ස දෙකම රජ්‍ය භාශා. හැබැයි දෙමල රජ්‍ය භාශවක් නෙමෙයි/

      දන්න තරම තමයි. සැලකිය යුතු දෙමළ ජණගහණයක් ඉන්න හැම දිස්ත්‍රික්කෙකම දෙමළ රාජ්‍ය භාෂාවක්. ඒවායේ සියළුම රාජ්‍ය නිවේදන දෙමළෙන් නිකුත් කළ යුතුයි.

      Delete
    11. දන්න තරම තමයි ඉතින්. ඔයා කැනඩාවෙද ඉන්නෙ නැත්නම් වෙන කොහෙ හරිද? මෝඩ කතා ලියලා අපේ වෙලාව නාස්ති කරන්න එපා. දන්නෙ නැත්නම් දැන්වත් හොඳට අහගන්න. කැනඩාවෙ තියෙන්නෙ රාජ්‍ය භාශා දෙකයි (2). දෙකම දෙකයි. එකක් ඉංග්‍රීසි, අනික ප්‍රංශ. වෙන මොනම භාශාවක්වත් කැනඩාවෙ රාජ්‍ය භාශා නෙමෙයි.

      දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ දෙමල පරිවර්තන තියෙන්නෙ කොහොමද කියලනෙ. පරිවර්තන කියන කොටම පරිවර්තනයක් කියන්නෙ රාජ්‍ය භාශාවක් නෙමෙයි කියන එක දන්න අය නම් දන්නවා. ආණ්ඩුව කියන්නෙ පුද්ගලයෙක් නම් නැත්නම් සත්වයෙක් නම් ආණ්ඩුව කියන ඒ පුද්ගලයා නැත්නම් සත්වයා සිතන පතන භාශාව සහ කතා කරන භාශාව කියලා දෙකක් තියෙනවා. රාජ්‍ය භාශාව කියන්නෙ සිතන පතන භාශාව; එහෙම නැතුව කතා කරන භාශාව නෙමෙයි. (සිතීම සහ භාශාව අතර ඇති චක්‍රීය සම්බන්ධය මෙහිදී සිහිපත් කිරීම වැදගත්.) ශඩ් භාශා පරමේශ්වර කියල හැඳින්වුනු තොටගමුවේ හාමුදුරුවො භාශා හයක් කතා කරන්න දැන හිටියා; හැබැයි සිතුවේ සිංහලෙන් විතරයි.

      ලංකාවෙත් කටුනානයක ගුවන් තොටුපලේ එහෙම භාශා කීයකින් පරිවර්තන ඉදිරිපත් කරල තියෙනවද? ඒත් ඒවා රාජ්‍ය භාශා නෙමෙයි.

      කැනඩාවෙ රාජ්‍ය භාශා හඳුන්වන්නෙ official languages කියලා. එහෙම ඒවා තියෙන්නෙ දෙකයි. official languages ගාවට තියෙනවා indigenous languages කියලා. ඒවා බරගානක් තියෙනවා. ඊළඟට තියෙනවා minority languages කියලා. ඒවා තියෙනවා 15ක් 20ක් විතර. දෙමල එයින් එකක්. ඒනිසා කැනඩාවෙ දෙමල තියෙන්නෙ ස්වදේශීය භාශා වලටත් පහලින්. කැනඩාවෙ තියෙන ඔක්කොම minority languages, සංක්‍රමණික ජන කණ්ඩායම් වල භාශා.

      අපේ රටෙත් දෙමල භාශා වෙන් හරි වෙන භාශාවකින් හරි ආණ්ඩුවෙ නිවේදන වල පරිවර්තන හරි බස් වල බෝඩ් වල පරිවර්තන හරි දෙනවට කිසිම සිංහලයෙක් විරුද්ධ නැහැ. සිංහලයො විරුද්ධ දෙමලට සම තැන දෙනවට. දෙමල රජ්‍ය භාශාවක් කරනවට. පරිවර්තන දෙන්න රාජ්‍ය භාශාවක් වෙන්නම ඕනෙ නැහැ. කටුනායක ගුවන් තොටුපලේ ජර්මන් භාශාවෙන් බෝඩ් ලෑලි ගහල තියෙන්නෙ ජර්මන් මෙහෙ රාජ්‍ය භාශාවක් නිසා නෙමෙයි.

      සිංහලයන්ගේ පිළිවෙත මොකක්ද කියලා කියනවා නම් පරක්‍රමබාහු රජ්ජුරුවො විවිධ භාශා වලින් වරාය වල සෙල් ලිපි කෙරෙව්ව ගෙවිය යුතු බදු එහෙම ගැන කියලා. හැබැයි ඒ එක භාශාවක් වත් මෙහි රාජ්‍ය භාශා නෙමෙයි. ඒ සෙල් ලිපි පරිවර්තන විතරයි.

      කැනඩාවෙ දෙමල භාශාව රාජ්‍ය භාශාවක් නම් එක්කෝ දෙමල විතරක් දන්න අයට රජ්‍ය සේවයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම නැත්නම් දෙමල නොදැන රාජ්‍ය සේවයට ඇතුළුවෙන්න බැරි වෙන්න ඕනෙ. කැනඩාවෙ එහෙම එකක් තියෙනවද කියලා කැනඩාවෙ ඉන්න යළුවෙක්ගෙන් හරි අහලා දැනගන්න.

      Delete
    12. අනේ මේ මෝඩ කතා නොකියා ඉන්නවා අයිසෙ. වැදගත් කැනඩාවෙ දෙමළ රාජ්‍ය භාෂාවක්ද නැද්ද කියන එකෙ නෙවෙයි. කැනඩා රජය එරට ඉතාම සුළු දෙමළ ජනගහණයක් එක්ක දෙමළ භාෂාවෙන් සන්නිවේදනය කරද්දි, අපේ රටේ ආණ්ඩුවට තවමත් සැලකිය යුතු ප්‍රතිශතයක් දෙමළ ජනතාව එක්ක දෙමළෙන් සන්නිවේදනය කිරීමට බැරිවීම. ඒක අපේ ආණ්ඩුවෙ ජාතිවාදී උවමනාව. කැනඩාවෙ ආණ්ඩු ඒ වගේ ජාතිවාදී නැහැ.

      Delete
    13. කැනඩාවෙ ඉන්ග්‍රීසි සහ ප්‍රන්ශ යනුවෙන් භාශා දෙකක් (එනම් එකකට වැඩි ගණනක්) රාජ්‍ය භාශා වෙත්දිත් දෙමළ භාශාව රාජ්‍ය භාශාවක් නෙමෙයි කියල කිව්වම දෙමළ භාශාව කැනඩාවෙ රාජ්‍ය භාශාවක් කියල බොරු බේගලයක් අතෑරියෙ දෙමළ භාශාව කැනඩාවෙ රාජ්‍ය භාශාවක් වීම වැදගත් වුනු නිසා තමයි. ඒක දැන් වැදගත් නැතෙයි කියන්නෙ මෝඩකම එළිදරව් කෙරුණට පස්සෙ විතරයි. මේ රටේ දෙමළෙන් පරිවර්තන දෙනවට කිසිම සිංහලයෙක් විරුද්ධ නෑ. කොටින්ම කියනවා නම් මීට අවුරුදු දාස් ගාණකට ඉස්සරත් පරාක්‍රමබාහු රජ දවසත් අපි විදෙස් භාශා වලින් සෙල් ලිපි පිහිටුවලා තියෙනවා. අද තියෙන්නෙ ආණ්ඩුවේ සම්පත් නැති කමේ ප්‍රශ්නයක් විතරයි.

      Delete
    14. රටේ ජනගහණයෙන් 10%ක්ද කොහෝදෝ දෙමළ රටක 25%ක් දෙමළ දන්නා රටක, දෙමළ පරිවර්තන දීමට සම්පත් නැතැයි කියන්නෙ රෙදිත් ඇඳගෙනද?

      දෙමළ පළාත්වලත් දෙමළෙන් බෝඩ් ගහන්න ආරක්ෂක අමාත්‍යාංශය ඉඩ දෙන්නේ නැතැයි කිව්වේ ජාතික ඒකාබද්ධතා ඇමැති (ආණ්ඩුවේම පාර්ශ්වකරුවකු වන) වාසුදේව නානායක්කාර නෙවෙයිද?

      Delete
    15. කැනඩාවේ රාජ්‍ය භාශා එකකට වඩා තිබියදීත් සහ දෙමල ජනයා එරට ජීවත් වෙත්දීත් එරට දෙමල භාශාව රාජ්‍ය භාශාවක් නොකරන බවට මා ඉදිරිපත් කල තර්කය බිඳිය හැකියැයි සිතා ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ අය දැන් මුළුමනින්ම නිහඬ වී ඇත. හැබැයි ඒ තම මෝඩ කම ප්‍රදර්ශනය කිරීමෙන් පසුවය. ඒ ගැන කිසිවක් මින් ඉදිරියට කියාගත නොහැකි අය දැන් වෙන වෙන දේ කීමට පටන් ගෙන ඇත.

      කැනඩාවේ රාජ්‍ය භාශා එකකට වඩා තිබියදීත් සහ දෙමල ජනයා එරට ජීවත් වෙත්දීත් එරට දෙමල භාශාව රාජ්‍ය භාශාවක් බවට පත් නොකෙරෙන්නේය යන කරුණ කිසිවකුටවත් අභියෝග කළ නොහැකි ඉන්ද්‍රකීලයක් සේ විරාජමන වෙයි. ඒ නිසා මින් ඉදිරියට මට මේ ගැන කිසිවක් නොලියා සිටිය හැකි වුනත් මූලික ප්‍රශ්නයෙන් පැන යාම සඳහා අසා ඇති ප්‍රශ්න ගැන යමක් කිව යුතු වෙයි.

      අසා ඇති ප්‍රශ්නය රෙදි ඇඳගෙනද යනුවෙනි. ඊට පිළිතුර ඔව් යනුවෙනි. අප රටේ දෙමල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට දෙමල මාධ්‍යයෙන් ඉගෙන ගැනීම සඳහා පහසුකම් රජය විසින් සලසා ඇත. ඒවාට වැයවන්නේ ද සම්පත්ය. මෙවැනි පහසුකම් සැපයෙන්නේ රටවල් කීයකද? පරිවර්තන සැපයීමට වඩා විශාල මුදලක් මේ වෙනුවෙන් වැයවේ. මේ සම්පත් පිළිබඳ ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ මේ රටේ දෙමල ජනගහනයෙන් 50% කට වඩා උතුරු නැගෙනහිරින් පිටත වාසය කිරිම නිසයි. ඒ නිසා උතුරු නැගෙනහිර පමණක් පරිවර්තන ලබා දුන්නොත් ඉන් සෙත සැලසෙනුයේ දෙමළුන්ගෙන් සුළුතරයකට පමණි. දෙමළුන් රටේ බොහෝ පළත් වල ජීවත් වන නිසා රට පුරාම දෙමල පරිවර්තන ලබා දීමට රජයට සිදු වී ඇත. මෙය කැනඩවේ වත් නොකෙරෙන දෙයකි. හම්බන්තොටත් රජයේ ආයතනවල දෙමල පරිවර්තන සහිත බෝඩ් ලෑලි දැකිය හැකි වෙයි. රට පුරාම බෙදා හැරෙන පෝරම දෙමල අකුරු වලින්ද යුක්ත වෙයි.

      මේ වැඩ වල අඩුපාඩු නැතුවා නොවෙයි. මේ රටේ අඩුපාඩු නැත්තේ මොකේද? සිංහල මාධ්‍ය පාසැල්වල අඩු පාඩු නැත්ද? මේ අඩු පාඩු සම්පත් ඇති ආකරයට හරි ගස්සා ගත යුතුය.

      වාසුදේව දන්නා ඉටිගෙඩියක් නැත. යාපනයේ රජයේ ආයතනවල දෙමල පරිවර්තන සහිත බෝඩ් ලෑලි ඇත.
      http://www.defence.lk/new.asp?fname=20100712_05
      මේ ලින්ක් එකෙන් දැකිය හැක්කේ 2010 දී යාපනයේ විවෘත කරන ලද මහ බැංකුවේ බෝඩ් ලෑල්ලයි. මේ ඡායාරූපය ආරක්ශක අමාත්‍යාංශ වෙබ් අඩ්වියෙනි.

      එල්. ටී. ටී. ඊ. එක යුද්ධ කරලා පරද්දන්න බෑ කිව්ව හැම එකාගෙම ඔළු ගෙඩි 2009 මැයි 19 වෙනිදා අඤ්ඤකොරොස් වුනා. වාසුදේව එයින් එකෙක් විතරයි. ඌ කියන ඒවා (සහ කොටින්ව යුද්ධ කරලා පරද්දන්න බෑ කිව්ව හැම එකාම 2009 මැයි 19 වෙනිදායින් පස්සෙ කියන ඒවා) ගණන් ගන්න අවශ්‍ය නැහැ. 2009 මැයි 19 වෙනිදා තමන්ට වෙච්ච ජීවිතේටම අම්තක නොවෙන සවුත්තුව වහගන්න වෛරය වැපිරීම විතරයි මේ අය කරන්නෙ.

      වාසුදේව දන්නෙ නැති වුනාට දෙමල ජනයා වැඩිපුර ඉන්න ප්‍රදේශවල දෙමල පරිවර්තන සහිත රජයේ සහ පෞද්ගලික ආයතනවල බෝඩ් ලෑලි වල පිංතූර අන්තර්ජාලයෙන් ඕනෑ තරම් සොයා ගන්න පුළුවන්.

      Delete
  18. ජය ශ්‍රී, පොඩි කාලෙ දුප්පත් විදියට හිටපු අය පසුව තැනකට ආපුවාම සිංහල බෞද්ධ විරෝධීන් වෙනව. පොඩි කාලෙ විඳපු දුක් ගැහට, අවමන්, නිසා ඇතිවන සමාජ විරෝධය, මේ අය පසුව තැනකට ඇවිල්ලා බටහිර නූතනත්වය සමග සෙට් වුනාට පස්සෙ, පිට කරන්නෙ සිංහල බෞද්ධ විරෝධයක් විදියට. මේකට හොඳ උදාහරණයක් තමයි අර උසස් පෙළ සිංහල ටියුශන් පංති වල කුණුහරුප කියන ටියුශන් කාරයා. මිනිහා පොඩි කාලෙ බඩගින්නෙ ඉඳල තියෙන්නෙ. චීස් කාල තියෙන්නෙ මෑතකදි. පොඩි කාලෙ හැට්ට ඇඳන් ඉස්කෝලෙ යන්න සිද්ධ වෙච්ච් අයත් වැඩි වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩිකාලෙ සිවුරු ඇඳෙගෙන ලිංගික අතවරවලට ලක් වෙච්චි අය? කොච්චර නම් ඉන්නවද? ඔය සිවුරයි ලිංගිකත්වයයි අතර මාර සම්බන්ධයක් තියෙන්නෙ. ඊයෙත් ලන්ඩන් වල එකෙක් මාට්ටු.

      Delete
    2. බෞද්ධ, රෝමානු කතෝලික, වගේ ලිංගික ජීවිතයෙන් ඈත්වුනු පැවිදි ප්‍රජාව අතර ලිංගික ක්‍රියා පිළිබඳ ගැටළු වෙනම සාකච්ඡා කල යුතු මාතෘකාවකි. හැබැයි මේ ප්‍රශ්නෙ ඇදල තියෙන කෙනාට පොඩිකාලෙ මොකද වෙලා තියෙන්නෙ කියන එක දැන ගැනීමට විදියක් නැති වීම ගැන කණගාටු වෙමි.

      Delete
  19. නියමම කවි ටිකක්..

    ReplyDelete
  20. මේකෙනෙ බෞද්ධයො ඉන්නෙ...වැහි වැහැල.....
    කවිය කාලෝචිතයි

    ReplyDelete
  21. චතුර ද සිල්වා කියන්නෙ ආණ්ඩුවෙ ගැත්තෙක්. ඌ කියන්නෙ පට්ටපල් බොරු. මොකද ඌ ඇත්ත කියල සුදු වෑන් එකේ යන්නයැ. පණ බේර ගන්න බොරු කියනවා.

    ReplyDelete
    Replies
    1. එක එක් කෙනා කියන නිසා පිළිගන්න හෝ නොපිළිගන්න අවශ්‍ය නැහැ. ආචර්ය චතුර ද සිල්වා කියන දේ පිළිගන්න අකැමති අයට පුළුවනි මේ වීඩියෝ තමන්ම ඇනලයිස් කරලා බලන්න. මේක කරන්න ආචාර්ය උපාදියක් ඕනෙ නෑ. ලොකු ලොකු සොෆ්ට්වෙයර් ඕනෙත් නෑ. පුළුවන් නම් ඇනලයිස් කරලා චතුරගෙ ඇනලිසිස් එක ඩිස්පියුට් කරන්න. මේක අභියෝගයක්. මේ අභියෝගයට මුහුණ නොදී නිකන් ගොං පාර්ට් දැම්මාට වැඩක් නෑ. මේ චැනල් ෆෝ හොර වීඩියෝ එකේ ඩොක්ටර් චතුරගෙ ඇනලිසිස් එක ගැන මම මීට ඉස්සරත් ලියලා තියෙනවා.

      http://r4ng4.blogspot.com/2011/03/blog-post_10.html?showComment=1299765471747#c2198244175294732453

      මම මේක බය නැතුව නැවතත් මෙතන ලියන්නෙ එදා අපි කරපු ඇනලිසිස් එක මට හොඳටම ශුවර් නිසා.

      Delete
  22. අරාබියෙ මොකද එංගලන්තෙ මොකද කියලා ඔයාලා ඒ ගොල්ලන්ගෙන් අහගන්න. මේක අපි කාගෙත් රට. තමන් කැමැති ආගමක් ඇදැහීමේ නිදහස් තියෙනවා. බෞද්ධයින්ට හිතුමතේට පල්ලි කඩා දාලා අනෙක් ආගම් වනසන්න ආවොත් ඉන්ති සොරි ඩොට් කොම් තමයි.

    ReplyDelete
    Replies
    1. පලයන් කොන නැති හම්බය යන්න එව්ව හඳේ හරිද? තොපේ භාශාවෙන් කියනව නම් එව්ව “හන්දේ“

      Delete
  23. කමෙන්ට්ස් ටික මුල ඉඳන් ආපහු කියවල කමෙන්ට් එකක් දාන්නම්...:(

    ReplyDelete
  24. http://www.divaina.com/2012/05/04/news01.html

    වෙල්ලාවලි ප්‍රා. සභා සභාපති ඇතුළු මැර පිරිසක්‌
    මඩකලපුව විහාරාධිපති හිමි පැහැරගෙන තර්ජනය කරති

    සිංහලයන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන්
    මැදිහත් නොවන්නැයි බලපෑම්

    හේමන්ත රන්දුණු

    මඩකලපුව වෙල්ලාවලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ටී. එම්. වී. පී. පක්‍ෂයේ) ඇතුළු මැර පිරිසක්‌ මඩකලපුව මංගලාරාම විහාරයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ඊයේ (03 වැනිදා) දහවල් පැහැරගෙන ගොස්‌ සිය කාර්යාලයේ සිර කර ගෙන සිංහල ජාතිකයන්ගේ ඉඩම් අයිතීන් වෙනුවෙන් මැදිහත් නොවන ලෙස කියමින් එම හිමියන්ට මරණීය තර්ජනය එල්ල කර ඇත.

    සභාපතිවරයාගේ මැරයන් කීපදෙනකු සුමන හිමියන්ට පහර දීමට පවා උත්සාහ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී අම්පිටියේ සුමන හිමියන් පැවසුවේ මේ පිළිබඳව මඩකලපුව පොලිස්‌ අධිකාරිවරයා වෙත ඊයේ සවස පැමිණිල්ලක්‌ කළ බවයි.

    වෙල්ලාවලි ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ කුඹුරු යායක්‌ පිළිබඳව සොයා බැලීම සඳහා සුමන හිමියෝ ඊයේ උදේ වරුවේ එම ප්‍රදේශයට වැඩම කළහ. එම ඉඩම් පිළිබඳව සොයා බලා සුමන හිමියන් ආපසු මඩකලපුව කරා එමින් සිටියදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ගෝල බාලයන් පිරිසක්‌ එම හිමියන් බලහත්කාරයෙන් රැගෙන ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ගෙන ගොස්‌ ඇත.

    ඒ අවස්‌ථාවේ සභාපතිවරයා සිය කාර්යාලයේ සිට ඇති අතර ඔවුන් සියලුදෙනා සුමන හිමියන්ට මරණීය තර්ජන එල්ල කරමින් තර්ජනය කර තිබේ.

    මඩකලපුවේ සියලුම ඉඩම් දෙමළ ජාතිකයන්ට අයත් බවත් ඒවාට අයිතිවාසිකම් කීමට කිසිවකු උත්සාහ කළහොත් ඔවුන් මරා දමන බවත් කියමින් මෙම පිරිස තර්ජනය කර ඇත.

    මේ පිළිබඳව විහාරාධිපති හිමියන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ඇති වී තිබේ. එහිදී එක්‌ මැරයකු සුමන හිමියන් ඇදගෙන ගොස්‌ කාර්යාලයෙන් එළියට තල්ලු කර දමා ඇත.

    පසුව වෙනත් මැරයන් කීපදෙනකු පැමිණ සුමන හිමියන් නැවතත් කාර්යාලය වෙත ඇදගෙන ගොස්‌ දිගින් දිගටම උන්වහන්සේට තර්ජනය කර තිබේ.

    මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස්‌ කර දෙමළ ජාතික සංවිධානාත්මක පිරිස්‌ ඒවා අත්පත් කර ගැනීමට එරෙහිව අම්පිටියේ සුමන හිමියන් මීට මාස කීපයකට උඩදී මංගලාරාම විහාරය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්‌ ද කරනු ලැබූහ.

    ReplyDelete
    Replies
    1. අම්පිටියේ සුමන අම්පිටියේ සුමන
      අම්පිටියේ සුමන අම්පිටියේ සුමන
      අම්පිටියේ සුමන අම්පිටියේ සුමන
      අම්පිටියේ සුමන උඹෙ........ න

      Delete
    2. (1) /** අරාබියෙ මොකද එංගලන්තෙ මොකද කියලා ඔයාලා ඒ ගොල්ලන්ගෙන් අහගන්න. **/

      අරාබියෙ මොකද එංගලන්තෙ මොකද කියලා ඒ ගොල්ලන්ගෙන් අහන්න මට කිසිම අවශ්‍යතාවයක් නැත. ඒ, අරාබියෙ මොකද එංගලන්තෙ මොකද කියලා මම හොඳින්ම දන්නා හෙයිනි. දන්නා දෙයක් ඇසීමේ තේරුමක් නැත.

      (2) /** මේක අපි කාගෙත් රට. **/ මේක සිංහල බෞද්ධයො බොහොම කැමත්තෙන් කියන සටන් පාඨයක්. හැබැයි ටී. එන්. ඒ. එකනම් මේ සටන් පාඨයට එච්චර කැමති නැහැ. මොකද ඔය සටන් පාඨය යටතේ උතුරු නැගෙනහිර ඉඩම් සිංහලයන්ටත් අයිති නිසා.

      මේ රටේ ඉතිහාසය සිංහල බෞද්ධ. මේ රටේ සංස්කෘතිය සිංහල බෞද්ධ. ඉතිහාසයක් තියෙන ලෝකෙ හැම රටකම ප්‍රමුඛ සංස්කෘතිය කියලා සංස්කෘතියක් තියෙනවා. ඒ මොකද කියලා ඒ රට වලින් අහන්න ඕනෙ කියලා හිතන අයට දැන් සිද්ධවෙනවා රටවල් එකකින් දෙකකින් නෙමෙයි රටවල් බර ගාණකින් ඔය ප්‍රශ්නය අහන්න.

      අපිට ඕනෙනම් දැන් පුළුවනි හුදු තර්කය සඳහා උපකල්පනය කරන්න ලෝකෙ හැම රටකම සංස්කෘතීන් සමාන කරනව (ඇමෙරිකාව ස්පාඤ්ඤ භාශාව රාජ්‍ය භාශාවක් විදියට පිළිගන්නවා - කොලොම්බසුත් ස්පාඤ්ඤනෙ, ප්‍රන්ශය මුස්ලිම් කාන්තාවන්ට මූණ වහන්න දෙනවා, එංගලන්තය අඩු ගානෙ ජර්මානු සංස්කෘතියට හරි සම තැන දෙනවා - ඇයි යකෝ රජ පවුලත් ජර්මන් නෙ) අපේ රටේ විතරයි එහෙම කරන්නැත්තෙ කියලා. හරි අපි එහෙම නොකලයි කියලා ඔයා අපිට මොකක්ද කරන්නෙ? ඔයා හිතන්නෙ අපිට /** සොරි ඩොට් කොම් **/ වෙයි කියලද? අපිට වෙන දේ ගැන අපි බලා ගන්නම්. ඔයා ඒ දේ ගැන කරදර වෙන්න ඕනෙ නෑ. නන්දිකඩාල් කලපුවට යනකම් අපි ගියේ තනියමනෙ. ඉතුරු ටිකක් අපිට තනියම පුළුවනි. මොකද ඇමෙරිකාව දැන් දුර්වලයි. දැන් අපි උන්ට බය වෙන්න ඕනෙ නෑ. ඇමෙරිකාවට පුළුවන් රුසියාව ඉඩ දෙන තැන් වල විතරක් ආණ්ඩු පෙරලන්න. ඊජිප්තුවෙ පුළුවන් වුනා. ලිබියාවෙ පුළුවන් වුනා. හැබැයි සිරියාවෙ බෑ. ඔයා ඕනෙ නම් බෑන් කී මූනාට පෙත්සමක් යවලා බලන්න. අපි උන් ගනන් ගන්නෙ නෑ. දැන් බටහිට නූතනත්වයේ අන්තිම සියවස යන්නෙ. ඔය ගරා වැටෙන වලව් වලට අපි බය නෑ.

      Delete
    3. මේක සිංහල බෞද්ධයින්ගෙ රට විතරක් නම් උන්නැහේ ඔහෙත් ගිහිලා හම්බයෙක් දෙන්නෙක් මරලා, උන්ගේ පල්ලියක් හෙම කඩලා, මුස්ලිම් ගෑනියෙක් රේප් කරලා මේ වෙසක් දවසෙ පිනක් දහමක් කර ගන්නකෝ, මෙතැන කොට කොටා ඉන්නෙ නැතුව.

      Delete
    4. මිගාර මහත්තැනුත් ඇනෝ ඇවිත් තියෙන්නෙ. මොකද කුජීත වුණා මදිවටද?

      Delete
  25. //අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
    බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
    ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
    බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත //

    තමන්ගේ ජාතියට ඇදරේ නැති එකා තමන්ට ආදරේත් නෑ රටට ආදරේත් නෑ...අද අපිට අදහන්න බුදු දහමක් තිබුනේ ඇයි කියපල්ලා පොඩ්ඩක් හිතපන්?? දුටුගැමුණු රජතුමා ශ්‍රීමත් අනගාරික ධර්මපාල එකී මෙකී නොකී දස දහසක් ජාතික වීරයින් නිසා තමයි අද වනතුරු මේ නිර්මල දහම අද වෙනකම් පැවතුනේ.....දඹුල්ලේ පන්සල් ඉඩමේ පල්ලිය හදපු එක මේ ගොන් හරක්ට පේන්නේ නෑ...ඒකට විරුද්ධව නැගී හිටපු හාමුදුරුදුරුවරු සහ අභිත මිනිස්සු විවේනය කරන්න නම් නිවට සිහලු පෝලිමක් ඉන්නවා. රසික සූරියආරච්චි කියන්නේ කවුරු උනත් මම මේ අදහස් වලට දැඩිව විරුද්ධයි...අනගාරික ධර්මපාල තුමා 1926 කියපු කතාවක් මතක් කරලා දෙන්නම්
    මතක තියා ගනිල්ලා..
    කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
    ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා කියල. දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකය කියල උන් කියාවි.

    එහෙම කියල උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹල වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකල් බලා ඉන්නවා.. උපදින්න ඉන්න දියසේනලා තිඹිරගෙයදීම මරා දමන්න මේ කලු සුද්දන්ට හැකි බව මතක තියා ගනිල්ලා...
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බෙහෙත් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිදු වේවි...

    මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ සුලු ජාතීන්.
    එතකොට සුලු ජාතීන් තවත් ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි මහ ජාතියේ ඔලුවට අත හෝදන්නත් එනවා.

    අපේ සිංහලයට වෙලා තියන්නේ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා.
    අරූ ගොවිගම. අරූ කරාවේ. අරූ දුරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා - දෙපැත්තට බෙදිලා, දේශපාලකයන් බදාගෙන - පක්ෂ වලට බෙදිලා..

    උඩරැටියෝ පහත රටට දීග තුළා දෙන්නේ නෑ. උන් පහතයෝ කියල.
    ගොවිගමයෝ දුරාවන්ට දීගතුළා දෙන්නේ නෑ. වංශෙ අඩුවෙයි කියල.
    වලව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුන ගානට - ඉදුල් බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නෑ...

    උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතිව. සුද්දන්නේ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියවපල්ලා..
    ගෙදර වැස්සිගෙ කිරි ටික විකුණලා තුත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා.
    දයාවතී ඩල්සිලා වෙලා. පියදාස පීටර් වෙලා. බලපල්ලා මරක්කලයෝ දිහා.
    උන් එක අනුන්ගේ නමක් අරගෙන තියනවද? බලාපල්ලා දෙමලු දිහා.
    උන් අරන් තියනවද උඹලගෙ නමක්?
    උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්න හීන බලපල්ලා.
    ජාතියක් ජන්මයක් නැති එවුන් ගානට වැටිලා සුද්දට - දෙමළට - තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි ඈතක නෑ.

    කෝ උඹලට තිබිච්ච පෞඪ ඉතිහාසය? කෝ උඹලට තිබිච්ච සංස්කෘතිය? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න කලින් දෙමලු කියයි යාපනේ උන්ට අයිතියි කියලා.
    මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා.
    ඊට පස්සේ කියාවි - මේක මරක්කල දෙමළ රට කියල. පැනපල්ලා මූදට ඊට පස්සේ.

    අනෙක් ජාතීන්ට දොස් කියල වැඩක් නෑ. උඹලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා.
    දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා.
    භේද-භින්නකම්, කුල-මල, පක්ෂ භේද බල තණ්හාව දැන්ම අයින් කර ගත්තේ නැත්නම්,
    උඹල ජාතියක් හැටියට අන්ත පරිහාණියකට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියාගනිල්ලා...

    ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා 1926 දී...

    ReplyDelete
    Replies
    1. අනගාරික ධර්මපාල නැමැත්තා තමයි මේ රටේ ජාතිවාදීන්ගේ පියා. මොහු තමයි අපේ රටේ ජනවාර්ගික අර්බූදයට මූලිකව වග කිව යුතු පුද්ගලයා. අවාසනාවකට මොහුගේ ගෝලයින් පිරිසක් මේ ජන නායකයකුය කියා වන්දනාමාන කරනවා. මෙය වහාම නතර කළ යුතුයි. මේ තුච්ඡ ගෝත්‍රවාදී ජාතීන් අතර වෛරය වැපිරූ නායකයකු මිසා ජන නායකයකු නෙවෙයි.

      Delete
    2. මුලුමනින්ම විරුද්ධයි.අපේ ජාතියට,ආගමට අමිල සේවාවක් ඉටුකල යුගපුරුෂයා තමයි ධර්මපාල තුමා.
      (මේවාගේ අවලාද එතුමාට නුහුරු නෑ.තම ජීවිතයේ අවසන් කාළය එතුමා මව්බිමෙන් පිටව ඉන්දියාවේ ගතකළේ මේවා නිසා ඇතිවූ කළකිරීම හේතුවෙන්).

      Delete
    3. 99 වෙනි වඳුරා යයි සැක කළ හැකි සිංහල බෞද්ධ විරෝධීයෙක් (වගේම කොටි හිතවාදියෙක්) කොමෙන්ට් කරන බව පෙනේ.

      Delete
    4. /අපේ ජාතියට,ආගමට අමිල සේවාවක් ඉටුකල යුගපුරුෂයා තමයි ධර්මපාල තුමා./

      ජයශ්‍රී, ඉතින් ඒක තමයි කිව්වෙ ඔහු එක ආගමකට එක ජාතියකට විතරක් සේවය කළ අනෙක් සියළුම ආගම්වලට සියළුම ජාතීන් වලට වෛරකළ, අපහාස කළ, ජාතීන් අතර වෛරය පතළ කළ ආගම් අතර ගැටුම් ඇති කරන්නට මුල් වූ කෙනෙක් කියලා. එක ජාතියකට ආගමකට පක්ෂග්‍රාගීව අනෙකුත් ආගම් ජාතීන් හෙළාදුටුවා මිස මොහු රටට කළ කිසිම දෙයක් නෑ. මෙවැනි පුද්ගලයෙක් ජාතික වීරයෙක් කිරීම තමයි අප කළ ලොකුම ගොන්කම. මේ අමු ගෝත්‍රවාදියෙක්.

      Delete
    5. පලයන් නරි බල්ල යන්න මේ රට එදා ඉඳල අද දක්වා රැකිල තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය නිසයි. මේ රටට එරෙහි වෙච්ච හැම බලවේගයකටම විරුද්ධව ඉස්සරහට ගියේ සිංහල බෞද්ධයෝ. එතකොට තොපි වගේ කැනහිල්ලු හිටියේ ඇඳන් යට හැංගිලාද? සිංහල බෞද්ධයට අයිති රට, සිංහල බෞද්ධය දිවි දී රැක ගත්ත රටට අයිතිවාසිකම් කියන්න තොපි කව්ද? මේ කමෙන්ටුව මේ කවි පන්තිය ලිව්ව පරයටත් අදාලයි. තොපි වගේ බල්ලෙක් බිරුවට කිසිම දෙයක් එදාවත් අදවත් හෙටවත් වෙනස් වෙන්නේ නෑ බොල.

      Delete
  26. අද වෙසක් දවසේ කකා කරලා තියෙන්නේ කැත වැඩක් . තරහ වුනත් ඇත්ත කියන්න ඕන . ජාතිආලය කරේ තියන් යාම වගේම ජාතිවාද අවුස්සන එකත් වරදක් . තමන්ට කැමති ආගමක් අදහන්න අයිතිය හැමෝටම තියෙනවා . ආගමක් නැහැ තමන් සම්පුර්ණයි කියන එක මෝස්තරයක් උගත් සමාජයේ . ඕස්ට්‍රේලියාවේ ගොඩක් අයට ආගමක් නැහැ . ඒත් මන් දන්න අය ඉන්නවා හිතේ සැනසීමට ආගමක් අවශ්‍යයි කියල අලුතින් බයිබලය ඉගෙන ගන්න . නැත්නම් භාවනා ක්‍රම සොයා යන . ඒක පුද්ගලික කැමැත්ත . දඹුල්ලේ සිද්ධිය මන් හරියට කියෙව්වේ නැහැ .[ දැන් ඉතින් කියන්න එපා කියවලම එන්න කියල . හරි මන් කියවන්නම් ] වැරද්දක් නම් කවුරුකලත් වැරදි තමයි . ඒ වගේම නැගෙනහිර පළාතේ පන්සල් ගැනත් පොඩ්ඩක් සොයා බලන්න . මෙතන කට්ටියම ඇයි ඇනෝ ඇවිත් තියෙන්නේ . අපිට දැන් අඩු සිංහල මුස්ලිම් යුද්ධයක් විතරයි . මුණු පොතේ බැලුවත් එහෙමයි . රට ඇතුලේ සාමෙන් ඉන්න බැරි වුනොත් අපිටත් වෙන්නේ ඇෆ්ගනිස්ථානෙට වෙච්ච දේ . චැනල් 4 හරිමයි කියමු. එතකොට නේටෝ එකෙන් ඇවිත් බෝම්බයක් දෙකක් අතරින්නද දැන් කියන්නේ . ඒ බෝම්බ සිංහල මුස්ලිම් දෙමල අයව වෙන් කරන්න තරම් ප්‍රෝග්‍රෑම් කරලා නැහැ .වෙච්ච වැරදි වලට හරි නම් දෙගොල්ලම සමාව ඉල්ලන්න ඕන . හැබැයි ඒ රට ඇතුලේ . මතක තියා ගන්න අපිට තෙල් ටිකක් රත්තරන් ටිකක් තිබුන නම් මෙලහකටත් අපි ඉවරයි . හොඳ වෙලාවට එව්වා නැත්තේ .

    රට ඇතුලෙදි අපි කවුරු වුනත් එලියට ආගමන් ශ්‍රී ලාංකික . එයා පෝර්ට් වලදී අහන්නේ නැහැ උඹ දෙමළද සිංහලද කියල

    ReplyDelete
    Replies
    1. very straight forward and true comment. couldn't agree more.

      Delete
    2. @ බින්දී
      +++++++++++++++++

      Delete
  27. ඔය සැදැහැවත්තු අද වෙසක් පෝය දවසේ පන්සල් වලට යනකොට ටිකක් පරිස්සමෙන් ගියොත් හොඳයි.

    ලන්ඩන් තේම්ස් විහාරාධිපති තවත් ලිංගික අපයෝජන අටකට චූදිතයෙකු වෙලා

    එක්සත් රාජධානියේ ක්‍රොයිඩන්, තේම්ස් විහාරාධිපති පහළගම සෝමරතන චීවරධාරියා ලිංගික අපයෝජන අටකට (8) චූදිතයෙක් බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය පැවැසී යැයි කළම්බු ටෙලිග්‍රාෆ් වාර්තා කරයි.

    මෙට්‍රොපොලිටන් පොලීසිය පවසන අන්දමට ක්‍රොයිඩන්හි ලිපිනයක දී 1985.01.01 සහ 1986.12.31 අතර කාල වකවානුව තුළ දී අවුරුදු දහ හතරට අඩු ගැහැණු දැරිවියකට ලිංගික අපරාධයක් සිදු වී ඇති අතර, මේ සම්බන්ධයෙන් පහළගම සෝමරතන හිමියන් පසු ගිය 02 වන සිකුරාදා අධිකරණය හමුවේ පෙනී සිටිය හ. මෙහි දී, 65 වියැති සෝමරතන හිමියන්ට 2011 දෙසැම්බර් මස 20 වන දින නැවැත අධිකරණයේ පෙනී සිටීමේ නියෝගය මත ඇප ලබා දී ඇත.

    http://lankacitizen.info/index.php/si/about-us/vision/738-london-chief-buddhist-thero-charged-for-more-rape-

    ReplyDelete
    Replies
    1. බෞද්ධයින් ගරුකරන්නේ සිවුර තුල සිටින මිනිසාට නොවේ . බුදුන් දහම් සඟුන් කියන සංකල්පයන් තුනට . බුදුදහම හරියට දන්නේ නම් මේ වන්දනාවන් බුදුදහමේ දාර්ශනික පැත්ත නොවේ . එහෙත් ඒ ඒ බුද්ධිමට්ටම් වලට තේරුම් යන පරිදිත් චිත්ත සාන්තිය පිණිසත් මේ වන්දනාවන් බිහි වුනේ . පන්සල් ගොසින් ආවාසයට නොගොස් තෙරුවන් නැමදීමට ඕනෑතරම් ඉඩකඩ ඇත . බුදුහාමුදුරුවන් ලිංගික අපචාර වලට අසුවුනේ නැහැ නොව . යමෙක් ලිංගික අපරාධ කලේනම් පවත්නා නිතින් අනුව දඬුවම් දීම උසාවියේ වගකීමයි . එයට සිවුර හෝ පුජක ලෝගුව බාධාවක් කරගත යුතුත් නැත . ඔවැනි සිදුවීම් ලංකාවේ වුනා . ඒ අයට දඬුවමුත් ලැබුනා ඇතැම් විට .

      Delete
    2. /බෞද්ධයින් ගරුකරන්නේ සිවුර තුල සිටින මිනිසාට නොවේ . බුදුන් දහම් සඟුන් කියන සංකල්පයන් තුනට /

      මේ අදහසට මා එකඟ නැහැ. මා කතා කරන්නේ ඔය කියන 10%ක් සැබෑ බෞද්ධයින් ගැන නොව මේ රටේ ප්‍රායෝගිකව තමන් බෞද්ධයින්ය කියාගන්නා, බෞද්ධයින් ලෙස පෙනී සිටින බහුතරයක් පිරිසටයි. උදාහරණයක් හැටියට 83 ජූලියේදී දෙමළ කඩ කැඩුවේ, දෙමළුන් මැරුවේ මේ පිරිස. මට තේරෙන හැටියට කකා ලියන්නෙත් එවන් පිරිසක් ගැන මිස සැබෑ බෞද්ධයින් ගැන නෙවෙයි. එනිසා සැබෑ බෞද්ධයින් එහෙම නැතැයි කීම මෙතැනට අදාළ නැහැ.සමාජයේ හැසිරීම පාලනය කරන්නේ ඔවුන් නෙවෙයි.

      සිවුර ඇතුළේ ඉන්නා පුද්ගලයා බෞද්ධයින්ට වැදගත් නැතැයි ඔබ කීවත් ඔය කියන "බෞද්ධයින්" නිසා සිවුරක් දාගත් ඕනෑම ජඩයකුට ඕනෑම ජඩ වැඩක් කිරීමේ නිදහස අපේ සමාජයේ ලැබී තියෙනවා. බණ්ඩාරනායක මහත්තයා මරන්න හාමුදුරුකෙනෙක්ම තෝරා ගත්තේ නිකම් නෙවෙයි. හාමුදුරුකෙනෙකුට සමාජයේ ලැබෙනා සිවිල් බලය අයුතු ලෙස භාවිතා කරමින් අගැමැතිතුමාට සමීප වෙන්න අවස්ථාවක් ලබා ගන්න. හාමුදුරු කෙනෙක් නිසයි ඔහු පරීක්ෂා කිරීමකින් තොරව යවා තිබුණේ. ඒ කියන්නෙ සිවුර ඇතුළෙ ඉන්න මිනීමරුවෙක් වුණත "සිවුරට" සැලකිල්ල ලැබී තිබුණා.

      දඹුල්ලේ සිද්ධියේදීත් ඉනාමලුවේ සුමංගල නැමැත්තා ප්‍රයෝජනයට ගන්නේ මේ සිවුරේ ඇති සිවිල් බලයයි. මොකද ඔහු කළාක් මෙන් නීති විරෝධී වැඩක් ගිහියකු කළා නම් අනිවාර්යෙයෙන්ම මේ වෙන කොට ඒ තැනැත්තා සිරභාරයේ පසුවිය යුතුයි. නමුත් සිවුරේ පවර් එක නිසා ඉනාමලුවේට ඉඩ ලැබෙනවා අනුන්ගේ ඉඩම් වලට කඩා පනින්න හා ඔවුන්ට පරුෂ වචනයෙන් ගෙවල් කඩා දානවායි තර්ජනය කරන්න. ඒ එක්කම වීඩියෝ පටයේ දැක්වෙන අන්දමට ඉනාමළුවේගේ ගෝලයෙක් සිවුර කඩා දමා නිරුවත දක්වනවා. මේ වානර හැසිරීම සිවුරේ පවර් එකෙන් නෙවෙයි නම් වෙන මොකෙන්ද? සාමාන්‍ය පුද්ගලයකුට සරම කඩා නිරුවත දැක්වුවා නම් දඬුවම් ලැබෙනවා. නමුත් මේ භික්ෂු මැරයන්ට කිසිම දඬුවමක් නැහැ. ඇයි ඒ?

      Delete
    3. සැබෑ බෞද්ධයෝ 10% ද . ස්තුතියි දැනුවත් කිරීමට . අදට ඔය ඉගෙන ගත්තා ඇති හින්දා . මන් නම් ආයේ මේ පැත්තේ එන්නේ නැහැ . අනික මේ බ්ලොග් එක ලෝඩ් වෙන්න ලොකු වෙලාවක් යනවා . අපි මොකටද මෙතන ගහගන්නේ . බ්ලොග් වලට මේ ආගම් ප්‍රශ්න ගාව ගන්න එකට නම් හරිම විරුද්දයි

      Delete
    4. ඔව්. සැබෑ බෞද්ධයෝ 10%ක්වත් නෑ මේ රටේ. අපේ ගමේ පන්සලේ හාමුදුරුවො වගේ. නිර්වාණය සාක්ෂාත් කර ගන්න පේන්න තරම් උත්සාහයක් නොකළත් කාටවත් කරදරයක් නැතිව තමන්ගේ ආගමික වැඩ ටික කර ගෙන ඉන්නවා. ඇයි හැම බෞද්ධයාටම එහෙම ඉන්න බැරි කඩි කාලා වගේ ආවේස වෙලා දඟලන්නෙ ඇයි?

      අනෙක මට නම් පුද්මයි සැබෑ ලෝකයේ බෞද්ධත්වයේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා වලට ඇහැ කණ පියාගෙන ඉඳලා ඇයො ඔයාට මේ බ්ලොග් එකේ විතරක් මේ කාරණා මතු කළාම තරහ යන්නේ කියලා.

      Delete
    5. අය්යෝ මට නම් තරහ ගියේ නැහැ . මේ බ්ලොග් එක අපි මුල ඉඳන්ම කියවපු යම් පිළිගැනීමක් ඇති තැනක් . අනික මේ කතන්දර කමෙන්ට් වලට තරහ ගන්න මනුස්සයෙකුත් නෙමේ . මන් වෙන තැනක නම් සද්ද නොකර යනවා . කකා කියන්නේ කතා කල හැකි කෙනෙක් . ඔයා ඔයාගේ අදහස කිව්වා . බුද්ධාගම ටිකක් ඉගෙන ගෙන තියෙන කෙනෙක් විදිහට මන් මගේ අදහස කිව්වා . නැතුව මේක කුරුස යුද්ධයක් කරගන්න මට නම් ඕන නැහැ . මුනට හම්බ වුනේ නැති කෙනෙක් එක්ක තරහ වෙන්නේ කොහොමද .

      @ කතන්දර .

      මේ කවි ටික කවි පෙළක් විදිහට හරිම දියුණුයි . අදහසටයි මන් අකමැති . අදහසට අකමැති වෙන්න හේතුව මිනිස්සු නිස්කාරනේ පටලවෙන නිසයි . බලන්න අද කි දෙනෙක්ද කියල . අනික ඔයා දැන් සද්ද නොකරඉන්නවා .පොඩි peace keeping පාරක් දැම්මොත් නරකද

      Delete
    6. bindi ඔයා චාලි චැප්ලින්ගේ චිත්‍රපටි බලල හිනාවෙනවා විතරක්නම් චාලි චැප්ලින් ඔයාට හිනාවෙවී.
      කෙනෙක් බුද්දියෙන් මෝරන්න මෝරන්න එය සරල වෙනවා.
      කතන්දර තුලින් නිතරම දෙපිරිසකට කතා කරනවා. ඒක ඔයාට තාම තේරුනේ නැති එක පුදුමයක් නෙමෙයි.

      Delete
    7. හාමුදුරුවරුන්ට බෞද්ධයෝ ගරු කරන්නේ ඒ කහ සිවුර දරාගෙන ඉන්නවට විතරක්ම නෙවෙයි ඒ සිවුරේ ගරුත්වය රකිනවද කියන එකත් බලලයි. ඉතින් කවුරු හරි ඒ කහ සිවුර දරාගෙන ඊට නොගැලපෙන දෙයක් කරනවනම් ඒ පුද්ගලය තව දුරටත් භික්ෂුවක් නෙවෙයි නිකන්ම නිකන් චීවර ධාරියෙක් විතරයි. ඒ වගේ අය කරන දේවල් වලට බෞද්ධයෝ කලබල වෙන්නේ නෑ. හැබැයි කලබල වෙන්නේ ඔහේල වගේ තමන්ගේ ආගමේ සෘස්තෘ වරයාම ළමා අපචාර ස්ත්‍රී දූෂණ සිදු කරපු ආගම් වල අයයි මොකඳ මේ වගේ සිද්ධි ඔවුන් උළුප්පා දක්වන්නේ තමන්ගේ ආගමික නායකයට සුදු හුණු ගාන්න උදාහරණ වශයෙන් ඉස්ලාමයේ නබිවරයා වන මුහම්මද් නැමැත්තා ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කලා කියන එක රහසක් නෙවෙයිනේ. ඒව වහ ගන්න ඔය මොන උප්පර වැට්ටි දැම්මත් බෑ හලෝ..................

      Delete
  28. රසික සූරියාරච්චි කරලා තියන වැඩක්!!! :)

    ReplyDelete
    Replies
    1. රසික සූරියාරච්චියට ඔයාගෙන් ඉගෙන ගන්න ලොකු පාඩමක් තියෙනවා කුමාරිහාමි. කොච්චර මඩ ගැහුවත්, කොච්චර තර්ක විතර්ක කලත් ඔයා ඒ හැම එකකටම උත්තර දෙනවා.

      නමුත් අද රසික සුරියාරච්චිට ඔයාට තරම් ගටක් නෑ.

      මීට වඩා රසිකලා පිරිසක් බීහිවේවා ! එතකොට අපිත් අපේ දරුවනුත් නේටෝ බලු හමුදාවෙන් හරි රටේම වෙනත් ජාතියකගෙන් හරි ඉවරයක් වෙයි. වෙනත් ජාතින්ට රට ඇතුලේ ශක්තිමත් වෙන්න හැකියාව වෙනත් සහෝදර රටවලින් ලබා දුන්නට, සිංහලයට එහෙම කරන්න ලොකේ කොහෙවත් කෙනෙත් නෑ.

      ඒත් මේ සංසිද්දිය තේරුම් ගන්න රසිකලාට අවශ්‍ය නෑ. මොකද එයාලා රටින් පිටවෙලා තමන්ගෙත් තම දරුවන්ගෙත් අනාගතය ස්ථාවර එකක් කරගෙන ඉවරයි. ඒත් අපේ තාත්තලාගෙ සල්ලි වලින් ඉගෙන ගත්තු රසිකලා අපිට මෙහෙම නොකරන්න ශිෂ්ඨසම්පන්න උනානම් කොච්චර හොදද?

      රසික මේ මට්ටමට වැටෙනවා නම් මමත් එතෙන්ට බහින්නම්. මේ දඹුලු පෙත ගැන ලියවුනු පෑනෙන් කූරගල ගැන කවි කීයක් ලියවුනාද රසික මහත්තයෝ....!

      - සිංහල බ්ලොග් කරුවෙක්.

      Delete
  29. යකෝ මේකත් දැන් හරියට ඇනෝනිමසාගේ බ්ලොගේ වගේ වෙලා.
    මලා..........මාත් මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ ඇනෝනිමස් නේ

    ReplyDelete
  30. Boondi (A comment)5 May 2012 at 11:26

    බුදුදහම, පංසල් ශාසනය මේ හැමදේම රැකුනේ (රසික) ඔයාල වගේ ආත්මාර්තකාමී අය නිසා නේන්නම්..

    කොන්ද පණ නැති රසික වගේ වඩා සිංහලයන් වෙනුවෙන් කෑ ගහන ‍මේ හාමුදුරුවරු කොච්චර වටිනවද?
    තමාගේ නිවන පසකලා.

    පෙන්නනකො උද්ඝෝෂන නැතිව කතරගම පුදබිම, මහනුවර ශ්‍රී දලදා මාලිගාව ලග අනවසරයෙන් අටවල තියන මේ පල්ලි පිල්ලි ඉවත් කරගන්න විදිය. කරන්න කෝ පිරිමි වගේ. බොරු වට කමෙනට් වැපට ආසාවේ ගොන් පාට් දදා ඉන්නැතිව.

    කරල පෙන්නන..

    ඔන්න ඔයාගේ අවස්තාව! පෙන්නන්න..... (පිරිමිකම තියෙනම් පමණක්).

    නැත්තං, බැරිනම් කට වහගෙන ඉන්න (‍කොහොමත් ඔයාගෙ දුව, බිරිද, මව වෙන කෙනෙකුන් අරන් ගියත් බූන්දියක් ලියලා ආතල් එකක් අරන් ඉන්න) sooo sorry.

    මම ඇත්තටම විශ්වාස කරනවා ඔයාලගේ පිරිමි කමක්වත් නෑ කියල.

    ReplyDelete
  31. /පෙන්නනකො උද්ඝෝෂන නැතිව කතරගම පුදබිම, මහනුවර ශ්‍රී දලදා මාලිගාව ලග අනවසරයෙන් අටවල තියන මේ පල්ලි පිල්ලි ඉවත් කරගන්න විදිය./

    මොකද්ද දැන් දළදා මාළිගාවට ළඟින් පල්ලියක් තියෙන එකේ වැරද්ද? මාළිගාවට යන අය සියවස් ගණනාවක් තිස්සෙ එතෙන්ට ගියා. පල්ලියට යන අය එතෙන්ට ගියා. (අනෙක ඒක අනවසර පල්ලියක් නෙවෙයි. ස්ථාවර ගොඩනැඟිල්ලක්.) ඔයාට පල්ලියට යන්න ඕනැ නැත්නම් ගෙදර ගිහින් චූ කරලා නිදා ගන්න. ඒකට යන අයට යන්න දෙන්න. අනුන්ගේ නිදහසට කරදර නොකර ජීවත් වෙන්න ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. හරකෝ පල්ලි මොකටද පන්සල් ගාව හදන්නෙ...... මක්කම ගිහින් පන්සලක් හදන්න ඕනේ කිව්වොත් උඔගේ ඔය ගොං තියරිය හරිද?

      Delete
  32. Hi Guys...

    I'm Lord Buddha...
    Any problem here..?

    Thnx,
    LB

    ReplyDelete
  33. අර්ථාන්විතයි. කාලෝචිතයි.

    බෙදාහදාගත්තාට ස්තුතියි :)

    ReplyDelete
  34. ජනරජදාස5 May 2012 at 15:28

    අපේ රටේ වෙසෙන "සිංහල බෞද්ධයින්ය" කියා ගන්නා ජන කොටස අතිශයින් අවාසනාවන්ත එකකි. මොවුහු සුව කළ නොහැකි මානසික රෝගයකින් පෙළෙති. මේ මානසික රෝගයේ ප්‍රතිඵලය කලින් සිටි මැතිවරණ කොමසාරිස්තුමා මෙන් දරුණු ආතතියකට ලක්වී සිටීමත්, ඒ ආතතිය නිසාම ලෝකයේ අනෙකුත් සියළුම ජනකොටස් වල ඒකායන අරමුණ "සිංහල බෞද්ධයින්" වන තමන් විනාශ කිරීම බව අන්ධව ඇදැහීමත්ය. මේ නිසා මේ කාලකණ්නි ජන කොටසගේ සිතට කිසිම සහනයක්, නිවීමක් නොවේ. සිත නිවා ගත යුතු තමන්ගේ උතුම් ආගමික දිනයකදී පවා ඔවුහු අභ්‍යන්තරව දැවෙති. ටැබූ වරෙක ප්‍රකාශ කළ පරිදි "ගිනිපෙනෙළි පුකේ ගසා ගත් වඳුරන් රැළක්" මෙන් ඔවුන් හැසිරෙන්නේ එනිසාය. ඒ ආතතියේ විපාක විඳින්නට වී තිබෙන්නේ මෙරට වෙසෙන අනෙකුත් ආගමිකයන්ටය. මන්ද "සිංහල බෞද්ධයින්" තමන්ගේ ආතතිය මත විනාශ කරන්නේ අනුන්ගේ පූජාස්ථාන නිසාය. වත්පොත, අන්තර්ජාලය හරහා වෛරී ඉමේජ මඟින් අපහාස කරන්නේ ඔවුන්ගේ ආගම්වලට නිසාය. මේ ආතතියේ කවදා අවසානයක් වේද මම නොදනිමි.

    ReplyDelete
    Replies
    1. මෙරට සිංහල බෞද්ධයන් ව සිට, ගතින් හෝ සිතින් මෙරටින් හෝ මෙරට හෙළබොදු සංස්කෘතියෙන් ඇත් වූවන් සුව කළ නොහැකි මානසික රෝගයකින් පෙළෙති.ඒ ලොව මිනිසුන් පෙලෙන්නාවූ සකලවිධ නුගුන වලින් තමන් පෙලෙන්නේ යයි ද , ජීවමාන බුදුන්වහණ්සේ සිටියේ නම් තමන්ව හැර යනු ඇතැයි ද යන හීනමානී ආකල්පයෙන් පෙලීමයි.ඊට අමතරව බුදුසසුන හෝ සිංහල ජාතිය වෙනුවෙන් යමක් කළ උතුමන් ද්‍රෝහීන් ලෙස පෙනීම මේ අවාසනාවන්ත රෝගයේ උග්‍රම අවස්ථාවකි.

      Delete
  35. හ්ම්... සෑහෙන්න හිතන්න වෙනවා...

    ReplyDelete
  36. නියම කවි ඈ..

    ReplyDelete
  37. බුදුන් දෙසූ දහමයි, සිංහල බෞද්ධ සමාජයෙයි / සංස්කෘතියෙයී වෙනස තාම අපි තේරුම් අරන් නෑ.

    අද ඇනෝලා වැහි වැහැලා!

    ReplyDelete
  38. දැන් තියෙන්නේ සිංහල බෞද්ධාධිපත්‍ය මිසක් බුද්ධාගම නෙමෙයි. ඔවුන් තමයි බුද්ධාගම වැඩිපුරම විනාශ කරන්නේ.

    කැනඩාවේ දෙමල රාජ්‍ය භාෂාවක් නෙවෙයි කියල අපි මොනවා කරන්නද? මේ රටේ පරම්පරා ගානක් ජීවත් උන පුරවැසියන්ගේ මානුෂික අයිතිවාසිකම් පාගල තලලා දාන එක පාහර වැඩක් නෙවෙයිද? හොඳ ගානකට අවොත් බලන්න පුළුවන් සිංහලය ඉඩමක් විකුනන්නේ සිංහලයන්ට විතරක්ද කියල.
    මිනිස්සුන්ට "නින්දිත පාහර කැනහිල් බල්ලා" කියල කියන එක කොයි බුදුහාමුදුරුවොද අනුදැන වදාළේ දන්නේ නෑ.

    ReplyDelete
  39. සියළු දෙනාටම ස්තුතියි.

    ගතවුනේ නිවාඩු දවස් දෙකක් වූවද, වෙසක් පොහොය නිසා බන, භාවනා, සිල්, දන්සැල් යනාදියයේ කටයුතු සඳහා කාලය මිඩංගු කිරීමට වුණු බැවින් මෙතැන වුණු වාද විවාදයන්ට සහභාගී වීමට නොහැකිවීම ගැන කණගාටුයි.

    මං මේ කවිය මෙතන දැම්මේ එහි අදහස වැදගත් නිසයි. බුදු දහමට විරුද්ධ කිසිවක් මෙහි ඇතුලත් යැයි මා සිතන්නේ නෑ. තියේ නම් පෙන්වා දෙන්න.

    මට ඇති දුක නම්, ගොරහැඩි ගෝත්‍රවාදය නිර්මල බුදුදහමට ඇතුළු කර කසල නිපදවන්නට ඇතමුන් කරන උත්සාහයයි.

    ඒ අයටද, අන් සියළු දෙනාටමද මෙත් සිත් වඩමි.

    සැමට යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. Good Idea my son...

      Regards,
      LB \m/

      Delete
  40. කව්රැ කොහොම කියුවත් රටට සහ ජාතියට සහ බුදුදහමට වීශාල තර්ජනයක් තියනවා.අපේ උන් දන්නැ වගේ කරබාගන ඉන්නවා.කතාකරන උන්ට අපේම උන් බිම වැටෙන්ඩ ගහනවා.තව වසර 30කින් විතර තමුන්ගේ දරැවන්ගේ කොන කපන කොට අඩපල්ලා.

    ReplyDelete
  41. මේ කවි ලියපු එක ශ්‍රී ලංකික සර්ව ආගමිකයෙක් වෙන්න ඇති. උගේ මහා එකකත් එහෙම වෙන්න ඇති.
    හැබැයි පරම්පරා ක් ක් ආපස්සට ගිහින් බැලුවොත් ඔකුනුත් සිංහල බෞද්ධයෝ තමයි.
    තොපේ මුතුන් මිත්තෝ තොපිට සාප කරයි යකෝ.
    තොපිට පෙන්නේ හාමුදුරුවෝ විතරද ? එතකොට එතනට රටේම ඉන්න හම්බ දේශපාලුවෝ එහෙම ගියා තොපි දැක්කේ නැද්ද?
    ඔහොම බලාගෙන ඉදපල්ලා, තොපේ දුලට පර්දාව දාගෙන යන්න වෙන දවස වැඩි ඇතක නෙවෙයි

    ReplyDelete
  42. අඩේ ඇයි බං කුරගල වෙච්චි පාහර ජඩ නීති විරෝධී වැඩ ගැන මේ වගේ කවි ලියවෙන්නේ නැත්තෙ?

    උඹල බලාගෙන හිටපල්ල, හම්බයට ගිය රටේ උඹලට ඕන ඕන විදිහට ජීවත් වෙන්න

    තුක් විතරක් උඹල වගේ අවජාතක කවිකාරයො

    නොදකිං

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.