Wednesday 11 January 2012

වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?


අද මේ දාන්නේ කතන්දර බ්ලොග් එක දැනුම් සාගරයක් කරන අරමුණින් පල කෙරෙන දෙවෙනි ලිපියයි. (මුල් ලිපිය ගියේ සෙක්ස් ගැන එක දවසකට පිරිමි හිතන වාර ගණන ගැනයි).

මුලින්ම මෙන්න ප්‍රශ්ණ කීපයක්.

ඔබ තාම අවිවාහකයෙක් ද? නැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද?

ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද?

ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද?

ඉහත ප්‍රශ්ණ සියල්ලටම පිළිතුර ඔව් යන්න නම් පුතෝ, බුදු අම්මෝ!

මෙනිසා ඔබේ සරුබවට හානි වෙන්න පුළුවන් ලු!

වයි-ෆයි නිසා ඇතිවෙන විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය කියලා අන්න විද්‍යාඥයින් පිරිසක් අනතුරු හඟවලා.

මේ ආර්ජන්ටියානු විද්‍යාඥයින් කණ්ඩායම කරලා තියෙන පරීක්‍ෂණය ඉතාව සරල දෙයක්. ඉන්ටර්නෙට් එකට වයි-ෆයි මගින් සම්බන්ධ කරපු ලැප්ටොප් කම්පියුටරයක් යටින් හොඳ නීරෝගී සම්පන්න මිනිසුන් 29 දෙනෙකුගෙන් ගත්තු ශුක්‍රාණු සාම්පල් තියලා ඩවුන්ලෝඩ් බට්න් එකක් ප්‍රෙස් කරලා.

පැය හතරකට පස්සේ බලනකොට ශුක්‍රාණුවලින් කොටසක් අකර්මන්‍ය වෙලා බවයි පෙනිලා තියෙන්නේ.

සියයට විසිපහක් පමණ ශුක්‍රාණු තරලයේ පීනන එක අතහැරලා. ලැප්ටොප් කම්පිටුටරේට දුරින් තියල තිබුණු සමාන සාම්පල්වල මේ ප්‍රතිශතය වෙලා තියෙන්නේ 14% ක් විතරයි.

ඒ මදිවට ලැප්ටොප් එක යට තිබුණු ශුක්‍රාණුවලින් 9%ක ඩී.එන්.ඒ වලට හානිවෙලා බව පෙනිලා. මේක ඈතින් තිබුණු සාම්පල්වල ප්‍රතිශතය වගේ තුන් ගුණයක් ලු!

පර්යේෂණය කල කණ්ඩායමේ ලොක්කා කියලා තියෙනවා මේ ශුක්‍රාණු විනාශය හැම වයි-ෆයි ලැප්ටොප් පරිගනකයක් නිසාම ඇතිවෙනවාද යන්න ස්ථිරවම කියන්න බැරිය කියලා. ඒ එක්කම මොන මොන වෙනත් සාධක මේ කේස් එකට බලපානවද කියන එකත්් තවම දන්නේ නැති වග පොර කියනවා.

හැබැයි ගිය අවුරුද්දේ යුරොලොජි පර්යේෂකයින් හොයාගත්තලූ, ලැප්-ටොප් කම්පියුටරයක් දණහිස උඩ දිගුවෙලාවක් තියාගෙන ඉන්න කොට අණ්ඩකෝෂවල උෂ්ණත්වය ශුක්‍රාණුවලට හානිවෙන තරමට ඉහල යන බව.

ඒ මොනව වුනත් පිරිමින් ගේ ප්‍රජනන පද්ධතිය සහ මෞතික රෝග පිළිබඳ ආයතනයේ ලොක්කා නම් කියන්නේ පිරිමි ප්‍රජනන සෞඛ්‍යයට ලැප්-ටොප් කම්පියුටර්වලින් සැලකිය යුතු තරමේ හානියක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලයි.

අදාල විස්තරාත්මක පුවත්පත් වාර්තාවට සබැඳියක් මෙන්න.

http://www.dailymail.co.uk/sciencetech/article-2067515/Using-Wi-Fi-laptop-damages-sperm-reduce-activity-study-finds.html

මෙන්න මං බලපු මුද්‍රිත පිටපතේ ඡායාරූපයක්.



ඒ ඇසුරෙන් වාර්තා කළේ

-කතන්දරකාරයා

ප/ලි
දැන් අවුරුදු තුනක් විතර කාලයක් තිස්සේ මාත් උදේ පැයක් විතර කාලයක් සහ හවසත් තව පැයක් විතර කාලයක් මගේ ලැප මගේ ම ලැප උඩ තියාගෙන තමයි කතන්දර ලියන්නේ.

නමුත් දැන් මං මගේ පරම්පරාව හදලා ඉවරයිනේ. ඒ හින්දා ඔය පර්යේෂණේ ප්‍රතිඵල මුළුමනින්ම ඇත්ත වුනත් මට නම් අවුලක් නෑ.

නමුත්, තවම පරම්පරා කුට්ටමෙන් ප්‍රයෝජනයක් නොගත්තු කොල්ලෝ කුරුට්ටෝ නං ටිකක් ප්‍රවේසම් වුණොත් හොඳයි!

ප/ප/ලි
මේ දැනුම් සාගර නැගලා යනවා. මේවා ලියන එක හරි ලේසියි. මගේම කතන්දර ලියනවා තරම් මහන්සියක් නෑ. පත්තරයක් බැලුවා. කෑල්ලක් අල්ලා ගත්තා, සිංහලට පරිවර්තනය කරමින් ටයිප් කළා. බඩු හෑව්!

බයි බායි ඔරිජිනල් කතන්දර, වෙල්කම් දැනුම් සාගර!

(image: http://www.dailyclipart.net/)

50 comments:

  1. මම බැලුවා ඒත්,මොනා ද මේ චෙරීස් කියලා.වැඩි උෂ්ණත්වය චෙරිස් මැලවෙලා යනව ඇති.ඔය චෙරිස් ඇඟෙන් පිට පිහිටන්නෙත්, ඇඟ ඇතුලෙ තියෙන වැඩි උෂ්ණත්වය නිසා ශුක්‍රාණු විනාශ වෙන නිසා කියලයි අපේ ගුරුතුමී අපිට කියා දුන්නේ.

    සමහර සතුන්ගෙ නම් ඇඟ තුල පිහිටනවා. ඒවටත් ඉතින් විවිධ හේතු කාරණා නැතිව නෙමෙයි.

    ඒක නෙමෙයි.....
    මෙන්න මේකයි....
    අපිට ඕනි ඔරිමජිනල් කතන්දරගේ ජිවිතය හා සබැඳි කතන්දර හරිය.හැබැයි ඉතින් මේ කතා උනත් කතන්තරකාරය ලියන්නේ තමන්ගෙම ආවේණික ක්‍රමේකට නිසා රසයක් නැත්තෙම නැහැ.

    ReplyDelete
  2. මොබයිල් ෆෝන් පාවිච්චිය නිසා මොළේට හානි වෙනවලු, ඇල්කොහොල් ගත්තම අකිමාවට හානි වෙනවලු, දැන් කියනවා wi-fi ලැප්ටොප් නිසා ශුක්‍රාණුවලට හානි වෙනවලු.. මං අහන්නෙ ඕවා පාවිච්චි නොකර ජීවත්වෙන්නෙ කොහොමද..!!?? :D

    ReplyDelete
  3. නියමයි නියමයි.. කතා මාමාගේ දැනුම් සාගරය :)
    මට නම් තාම ලැප්ටොප් එකක් නෑ,
    ඒ නිසා අවුලක් නෑ :)

    ReplyDelete
  4. එහෙනං ඉතිං දෙයියනේ කියලා රේන් කෝට් වලට යන ගාන ඉතිරි කරගන්න පුළුවන්... පුදුම සල්ලි කන්දරාවක් නේ මේවට වියම් වෙන්නෙ.....

    හැම දේම ධනාත්මක පැත්ත බලන එක හොඳයි නේ...
    නැද්ද මං අහන්නෙ ?

    ඇල්.

    ReplyDelete
  5. අනේ ඔය විවාහ වෙලා නැති පිරිමි ලමයි කවුරු, කවුරුත් අපේ ඉදිරි පරම්පරාව ගැන හිතන්ට...:D

    මම මේ කල්පනා කලේ, කතන්දර තව ඉස්සරහට මොන වගේ මාතෘකා ඇදලා ගනීද දන්නේ නෑ.

    ReplyDelete
  6. ක්‍රිකට් ගහද්දි පරම්පරා කුට්ටම රැක ගන්න පාවිච්චි කරන බෝල් ගාඩ් එකක් ඹ්කට හරියන්නැති වෙයිද? එතකොට ලැප ගන්න කලින් ඒක පැළදගෙන ම වැඩේට බැස්සැකිනෙ. බෝල් ගාඩ් ගැන විස්තර ටිකක් නං අපිට බුරාගෙන් උනත් දැනගත්තැකිනෙ.

    ඒ එකක්වත් හරියන්නැති උනොත් මේකෙ තියෙන බරපතලකම හැඟනෙ හිදිහට වයි-ෆයි කියන නම අපි පොඩ්ඩක් වෙනස් කරමු.

    ReplyDelete
  7. හලේ.. මගේ අනාගතේ.. තැන්කූ කතන්දර සීයේ! (දැන් ඉතින් පරම්පරාව එහෙම හදලා ඉවර නිසා මිස්ට කතන්දර එක්ක බලනකොට අපි තාම පොඩි අය වෙන්ට එපැයි.. ඒකයි සීය කිව්වෙ.. :P)

    ස්තූතියි වැදගත් දෙයක් බෙදාගත්තට!

    ReplyDelete
  8. ඔබ හරි ඇත්තටම මේ ලැපටොප් නිසා වෙන හානිය විශාලයි. 1971දී පුරුෂ මඳසෘභාවය ලෝකයේ තිබුනේ මුළු දරුවන් නැති අයගෙන් 5% නමුත් අද වෙනකොට මේ අගය 60% පමණ දක්වා ඉහල ගිහින්. මේකට වගකිව යුතු හේතු සාධක බොහෝමයක් ඇතත් ඔබ කියන ප්‍රශ්නයත් එකක්. ඒ නිසා කතන්දරගේ කථාව පිළිගන්න. පරම්පරාව රැකගන්න. වැඩි විස්තර මමත් ලියලා ඇති.

    ReplyDelete
  9. පරම්පරා කූට්ටම රැකගන්න
    ලැප ලැප උඩට නොම ගන්න.

    ReplyDelete
  10. අනේ අපි මේ දැනුම් සාගරේ ගිලෙයිද මන්දා?

    ReplyDelete
  11. ට්‍රැෆික් ඇනෝගෙන් කමෙන්ට් ගොඩයි.
    1. ලැපක් පාවිච්චි කරන අපේ මස්සිනා ලැප මේසෙ උඩ තියාගෙන තමයි වැඩ කරන්නෙ. ඒකට හේතුව එයා දොස්තර කෙනෙක් වීම ම නෙවෙයි මං හිතන්නෙ ලැප් එක උඩ තියාගත්තහම ස්ක්‍රීන් එක පේනව හොර නිසා (ඇස් මට්ටම අනුව)
    2. //මේ දැනුම් සාගර නැගලා යනවා. මේවා ලියන එක හරි ලේසියි. මගේම කතන්දර ලියනවා තරම් මහන්සියක් නෑ. පත්තරයක් බැලුවා. කෑල්ලක් අල්ලා ගත්තා, සිංහලට පරිවර්තනය කරමින් ටයිප් කළා. බඩු හෑව්//

    එතකොට ඔය මහා දැනුම් සාගර වගේ තියන බ්ලොග් වැඩි හරියක් එහෙම වෙන්ටැ මයෙ හිතේ.
    3. //ක්‍රිකට් ගහද්දි පරම්පරා කුට්ටම රැක ගන්න පාවිච්චි කරන බෝල් ගාඩ් එකක් ඹ්කට හරියන්නැති වෙයිද? එතකොට ලැප ගන්න කලින් ඒක පැළදගෙන ම වැඩේට බැස්සැකිනෙ.//
    මගෙ දැනුමෙ හැටියට බෝල් ගාඩ් එක ඇලුමිනියම් වලින් හදල වයර් එකක් දාල අර්ත් කළොත් වැඩේ හරියන්න ඉඩ තියෙනව.
    4. //ඒ එකක්වත් හරියන්නැති උනොත් මේකෙ තියෙන බරපතලකම හැඟනෙ හිදිහට වයි-ෆයි කියන නම අපි පොඩ්ඩක් වෙනස් කරමු.//
    ඕවට “වයිපයි” කියල දාල තියෙන්නෙ නිකම්ම වෙන්න බෑ.

    ReplyDelete
  12. හෆෝයි බයහිතෙනවනේ.......ඉන්නෙම වයි ෆයි අස්සේ...

    ReplyDelete
  13. හුට්ටප්පරයයි... බුදු අම්මෝ... ප‍්‍රශ්න ඔක්කෝටම උත්තරේ ඔවු...

    ReplyDelete
  14. අනේ දෙය්යනේ මතක ඇති කාලේ ඉඳං මං පාවිච්චි කරන්නේ වයිෆයි ජොකාස්පොට්.... ශුක්‍රානු මලාට මොකද අලුතෙන් හැදෙනවා නේ හැමදාම?

    ReplyDelete
  15. හි හි මටනම් ප්‍රශ්නයක් නෑ ලැප ලැප උඩ වයිපයිත් ඇත පරම්පරාවක් හදන්න තව බොහෝ කල් ඇත

    ReplyDelete
  16. මහා දැණුම් සාගර නම් ට්‍රාන්ස්ලේටර්ලගෙ ලුණු වතුර වෙනුවට බීල පැය ගානක් රස මොකද්ද කියල හිත හිත ඉන්න පුලුවන් කකාගෙ නිවිච්ච ඇල්වතුර හොඳයි.

    ඔය ශුක්‍රාණු වැඩේ අවුලක් නොවෙන්න කවුන්ට එක්සයිස් එකක් විදියට ලැප් ඩාන්ස් එකකට මාසෙකට දෙවතාවක් ගියානං හොඳයි වගේ පොඩි උපදෙසකුත් යටින් දාන්න තිබ්බෙ!

    වයිෆුයි වයිෆයි අතරෙ වෙනස ශුක්‍රාණු වලින් පෙන්නන සූත්‍රයක් උනත් ගොඩනගන්න බැරිවෙන එකක් නෑ වැමපයර්ට වගේනං!

    හැබැයි මට ආපු ලොකුම පුරස්නෙ අර බැඳල නැති පිරිමි ළමයි "කවුරු, කවුරුත්" මොකටද කුමාරිහාමිගෙ ඉදිරි පරම්පරාව ගැන හිතන්නෙ කියන එක :D

    ReplyDelete
  17. ප්‍රශ්නයක් නෑ.... මේක ලැප්ටොප් එකක් උනාට,හැමදාම වැඩ කරන්නේ මෙසේ උඩ තියං.. ඒ නිසා මේක දැන් 'ටේබල් ටොප්' :))

    ReplyDelete
  18. කසුත් කරන්නෙ මිනී මරණ, පවුල් කඩා කප්පල් කරන වැඩ...!

    මේ සිනාරියෝ එක හිතන්නකෝ...!

    බඳින්න කලින් ඉඳන්ම උකුල උඩ තියාගෙන වයි-ෆයි (වයිෆ් නෙමෙයි ) ගොඩක් කාලයක් පාවිච්චි කරපු එකෙක්, දැන් ළමයි තුන් හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙලා කියලා. දැන් කසූගේ පෝස්ට් එකෙන් පස්සෙ ඌ හතර අතේ දුවන්න පටන් ගනියි ළමයින්ගේ ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරන්න ළමයි උගෙමද කියලා හොයාගන්න...!

    ReplyDelete
  19. @ඉන්දික උපශාන්ත - උඹට අපේ පොඩ්ඩි එයාගේ පරම්පරාව ගැන කියපු කතාවට ඇතිවෙච්චි පුරශ්නෙම මටත් ආවා...!

    @පොඩ්ඩියේ, ඒ වැඩේ එච්චර අමාරු වෙන එකක් නෑ මයේ හිතේ....!

    ReplyDelete
  20. මොන රෙද්දටද කෙහෙම්මල් ලැප්ටොප් බිජ්ජ උඩ තියාගෙන පාවිච්චි කරන්නෙ. මේසයක් උඩ තියහල්ලකො.

    ReplyDelete
  21. දැන් එහෙනං මන් ලැප්ටොප් එක ලැප් එක උඩ තියල වයි ෆයි යුස් කරන්න ගන්න ඕනි

    ReplyDelete
  22. මේ නිවුස් එක ප්‍රචලිත උනොත් ඇන්ටි-වයිෆයි ජොක්කු නිෂ්පාදනාගාරයක් අරින්න ණයක් පාස් කරගන්ඩ පුලුවන් වෙයි...දැම්ම තියා කටුනායක පැත්තෙං ඉඩං කෑල්ලක් බලන්ඩ ඕනේ...

    ...........

    දූමී, හැම කාරනේම දෙපැත්තක් තියෙනවා. අනිත් අතට සමහරු කියයි "මම චිරාත් කාලයක් තිස්සෙ ලැප ලැප උඩ තියාගෙන උන්නෙ... ඔය දරුවා මගේ නෙමේයි, නිකං බොරුවට බෝපැලයක් වගේ ඉන්න මාව ඕවට ගාවගන්ඩ එපා"යි කියලා.

    ReplyDelete
  23. හෆෝයි.. දැන් ඉතින් අපිට කොල්ලෙක් යාලුවෙන්න ඇහුවොත් අර ප්‍රශ්න 4 අහලා ඔව් කියනවද දැන ගන්න වෙනවා...

    ReplyDelete
  24. පරම්පරා කූට්ටමෙන් වැඩ ගත්තට පරම්පරාව හදලා නෑ... එතකොට ඒක වැඩක් ගානට වැටෙන්නෙ නැතිද...

    හදල ඉවරනම් එහෙම වෙන තරමට හොදයිනෙ කතන්දර... දින චක්කර ඕනෙ නෑ.. අර ප්ලෑන් නෑ මේ ප්ලෑන් නෑ ෆුල් ෆ්‍රී එකෙන් නාමු ජලේ බැස පීනාලා

    අරම නොවී තිබුනොත් ගුරුන්ටත් අකුරුවරන්දින එකේ සෙල්ලංද පොල් කොල

    ReplyDelete
  25. මිලියන් ගානකින් වැඩිම උනොත් දෙකයි නැත්නම් තුනයි ඕන වෙන්නේ....

    ගෑණු ලමයිනුත් පරිස්සමින්...බිත්තර හබක් වෙන්න ඉඩ තියනවා...

    ReplyDelete
  26. වයි-ෆයි වලට බය වුනු කාලේ ගියා....

    http://www.facebook.com/photo.php?fbid=339725939379297&set=a.169579949727231.37365.100000256806646&type=3&theater

    ReplyDelete
    Replies
    1. සුපිරියි ඈ!

      Delete
  27. මම නම් පුළුවන් තරම් ලැප වෙන මොකක් හරි උද තියාගෙන තමයි කොටන්නේ..ඒ නිසා බයක් වෙන්න දෙයක් නෑනේ??

    ReplyDelete
  28. උකුල උඩ කොට්ටයක් තියල,ඒක උඩ ලැප් එක තියාගෙන පාවිච්චි කරාම අවුලක් නැතිවෙයිද?

    ReplyDelete
  29. @Ano January 11, 2012 6:09 PM
    එක්ස්පෙරිමන්ට් එකක් කරන්නකො ඉතින්.
    උවමනා දේවල්- ඕනැ කරන්නෙ ගෑල් ලමයි දෙන්නෙකුයි, ඉන්ජෙක්ෂන් සිරින්ජර් එකකුයි, ලැප් එකයි, කොට්ටෙයි, පොලිතීන් කෑලි (සිලි සිලි බෑග් වුනත් ‍හොඳයි) දෙකයි.
    කරන ආකාරය - ......................

    ReplyDelete
  30. ප/ප/ලි එක සිරා.. ඒත් අපිට බලන්න බ්ලොග් එකේ දාන එක වටිනවා කකා අයියා...

    මේ ලගදි වෙන බ්ලොග් එකක කකා අයියගේ කමෙන්ට් එකක් දැක්කා.. කලින් දවස්වල කකාගේ බ්ලොග බලපු අය දැන් එන්නේ නැහැ කියලා. මට හිතුනේ මටම කියපු එකක්දෝ කියලා (එහෙමද ඇත්තටම??)

    සෑමාගේ බ්ලොගට කකාව දාගන්ට ඕනි.. :)

    ReplyDelete
  31. ඔබ තාම අවිවාහකයෙක් ද? නැත

    නැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද? නැත

    ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද? ලැපක් පාවිච්චි කොලාට උකුල උඩ නෙමේ.

    ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද? නැත

    ReplyDelete
  32. "අන්තර්ජාලය ඇසුරෙණි" කියා [සමහරු කියන්නේ අන්තර්ජාලය ඇසුරිනි කියලා] දැම්ම නම් නරකද? මේවා කෙලින්ම ලංකාවේ පත්තර වලටම ලියන්න.

    ReplyDelete
  33. අපි නං ඔන්න ලැප් එක ඩෙස්ක් එක උඩ තියන් තමා වැඩ කරන්නෙ.

    @පොඩ්ඩි

    ඔන්න ඔයා හිතන්න කිව්වනෙ. දැන් වැඩේ හරිනේ?. :D :D

    ReplyDelete
  34. //විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය//

    ඇත්ත ඇත්ත . . . චුම්බ කිත උනොත් . . . ශුක්‍රාණු වලට බරපතල විදියට බලපානව

    ප.ලි.
    ඕකට "වයි-ෆයි" කියලම නම දැම්මෙ . . . පිරිමින්ට විතරක් බලපෑම ඇතිවෙන නිසාවෙන්ටැ ???

    ReplyDelete
  35. කාමරෙන් එළියේ වයි ෆයි රවුටරයක් සවි කර ඇතත්, ලැපේ වයි ෆයි නිවා දමා වයරයක් මගින් ලැපට අන්තර්ජාලය ගත්තේ මේක දැනගන්න ගොඩක් කලින්
    ඒ සමහර වෙලාවට වයි ෆයි සිග්නල් අඩුවෙන නිසා
    දැන් බලාගෙන යද්දී ඒක මගේම හොඳට වෙච්ච දෙයක් වගේ :)

    ReplyDelete
  36. අපිට ලැපුත් නැත, වයි ෆයි ත් නැත.

    ReplyDelete
  37. උපත් පාලනයට හොද විසදුමක්... :)

    ReplyDelete
  38. අලේ ඔය ප්‍රශ්න ඔක්කොටම මගේ පිළිතුර ඔව් කියන එකනෙ.ගෙදර හිටියොත් නම් දවසෙම උකුල උඩ තමා ලැප් එක (මගේ අහවල් එකත් මැරිලද දන්නෙ නෑ යයි සිතමින්) අදම මොකෙක් හරි අල්ලන් චැක් කොරල බලන්න ඕනි :O..........

    ReplyDelete
  39. දැන් මේ වයි ෆයි නිසා මීයො විතරද මැරෙන්නෙ? පූසන්ට කිසිම හානියක් වෙනවයි කියල කවුරුත් හොයන් නැද්ද?

    ReplyDelete
  40. දින කිහිපයකට පෙර ගෙදර Wi-Fi කලෙමි. දුරු රට සිට ගෙදර සිරින බිරිඳ දුව සහ පුතා සමග ස්කයිපයෙන් කතාකිරීම දැන් වඩා පහසු වී ඇත. තවදුරටත් පරම්පරාවක් සැදීමට මගේ නම් අදහසක් නැත්තේය. ඉන්න පැටවු දෙන්නා හොඳටම ඇතිය. ලැප තියෙන්නේ මෙසේ උඩය. ලැප හොලවන්න වත් එපා යයි පුතාට තරයේ අවවාද කලෙමි. එමනිසා කසු කියන ජාතියේ අර්බුදයක් පුතාට ඇති නොවේ යයි මම සිතමි.
    ඒ වගත් මෙසේම.....

    ReplyDelete
  41. කොමෙන්ට් කොටසේ අකුරු කුඩා කිරීම පිලිබඳ මගේ බලවත් විරෝධය...

    ReplyDelete
  42. ටෙම්ප්ලේට් එක වෙනස් වෙලාවත්ද?

    @සුළඟිල්ල | pinkie
    මේක වාසෙක්තමි මං හිතන්නෙ. නෝ රිකවරි.

    ReplyDelete
  43. හපොයි... මෙහෙම ගියොත් ඉස්සරහ පරම්පරාවක් නැති වෙයි වගේ... එහෙම නැත්තං ඔක්කොම විකෘති පැටව් බිහි වෙයි...

    ප.ලි. මම නං කැමති ඔරිජිනල් කතන්දරටය...

    ReplyDelete
  44. මොන දෙයියන්ට කියන්නද...මේ දැනුත් උකුලේ උඩ වයි පයි එක ඔන් එකේ.....

    ReplyDelete
  45. http://www.elakiri.com/forum/showthread.php?t=1306131

    ReplyDelete
  46. ඇයි දෙයියනේ දැන් එතකොට Lap එකක් පාවිච්චි කරන්නත් බැරි වෙන පොටක් පෑදෙන්නද යන්නේ???

    ReplyDelete
  47. ගැමියගෙ පෝස්ට් එකක් කියවද්දි දැකල මේ පැත්තෙ ආවෙ මම මේ වැඩේ කරන නිසා, මල කෙලියයි අපි නම් වැඩක් ගත්තෙම නෑ. චූටි කදුලු බින්දුවක් ඇහැට ආවත් එකක.....

    ReplyDelete
  48. According to your article, radiation just kills goods. Not the factory itself. So once the dead are ejaculated completely, newbies will form.

    So it should have minimal effect.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.