Sunday 16 October 2011

බොම්බිලි කරවල උයන්න ගොස් ඇණ ගත්තෙමි! Bombay Duck, What the?


බිරින්දෑ නෑගම් ගිය අල්ල පනල්ලේ පරිප්පු කාපු හැටි ගැන මං ලියපු කතන්දරේ ඊලඟට එදා හදපු බීන්ස් විත් පීනට්ස් රෙසිපිය සහ බීෆ් කතන්දර ස්ටයිල් දක්වා ඇදිලා ගියා.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කියන්න යන්නේ ඊලඟට මං බොම්බිලි හදන්න ගිහිල්ලා ඇන ගත්තු හැටියි!

බොම්බිලි කරවල පැකට් එකක් කඩෙන් ගෙනල්ල ගෙදර තිබුණ දැන් මාසෙක විතර ඉඳල. හාමිනේ හදන පාටක් නැති හින්ද මට හිතුන පොඩි "ට්‍රයල් ඇන්ඩ් එරර්" පාරක් දාල බලන්න.

මේ ගැන බස් එකේ දැම්මාම "මගේ මරණය" හොයලා දුන්නා මෙන්න මේ වෙබ් පිටුව.

http://www.indobase.com/recipes/details/bombay-duck.php

ඒක තමයි මං හිතන්නේ මට වරදින්න පටන් ගත්තු තැන.

හාමිනේගෙන් මුලින්ම ආඥාව ආවා.

"කතී ඔයා බොම්බිලි හදනවා නං ගේ ඇතුලේ නෙමේ එළියේ හදන්න!"

මං කුස්සියේ නිසි බලධරයා හිටිය කාලය ඉවරයිනේ. ඉතිං මං කෙරුවේ සේරම අඩුම කුඩුම ටික අරගෙන කුස්සියේ දොරෙන් පිට වෙලා යාලත්ත කෑල්ලට යන එකයි.




මුලින්ම කරෝල කෑලි ටික තව පොඩියට කපන්න කියල හැදුවත් පස්සේ ඔන්නොහෙ ඕනැ නෑ කියල හිතුණා.

රෙසිපියේ තිබුණු විදියට කරෝල ටික මුලින් බැද ගත්ත.


මේක නං අනවශ්‍ය දෙයක් මට හිතෙන්නේ. අනික මං අතින් පොඩ්ඩක් විතර කර වුණාද මන්දා?



ඊලඟට මිරිස් දාලා ලොකු ලූණූ සහ සුදු ලූණු ටික තෙම්පරාදු කළා. තක්කලි ටික එකතු කළා. අන්තිමේදී කරෝල කෑළි ටික දැම්මා.




තක්කලි ඉස්මයි, ලූණූ ඉස්මයි වලින් තමයි කරෝල එක හැදුනේ.

මෙන්න අවසන් දර්ශනය.


ලස්සනට තිබුණට රහ නං නං අජූතයි!

කාට හරි කියන්න ඇහැක්ද මට වැරදුනේ කොතනද කියලා?

-කතන්දරකාරයා

ප/ලි:
මට නං හිතෙන්නේම මේක රෙසිපියේ හෝ කුක් ගේ හෝ වැරුද්දක් නොව, බොම්බිලියා ගේ වැරැද්ද බවයි!


(image: http://www.bollywoodworld.com/photos/)

43 comments:

  1. අද මම එක වගේ,
    ෂුවර් එකටම අවුල බොම්බිලියා කර වෙච්ච එක.

    ReplyDelete
  2. Recipe එකෙත් පොඩි අවුලක් තියෙනවා මම හිතන්නේ. කරෝල ඔයිට වැඩ පොඩියට තිබුන නම් හොඳයි. තාච්චියට තෙල් දාල ඉස්සෙල්ල කළමනා ටික දාල තෙම්පරාදු කරගෙන ඒකට කරෝල දල තෙලෙන්ම තැම්බෙන්න තියල පස්සේ තක්කාලි දැම්ම නම් ඔයිට වැඩ හොඳ වෙන බව මගේ විස්වාසේ.

    ReplyDelete
  3. තක්කාලි තමයි අවුල..බොම්බිලි ටික කර වුනා වැඩියි.. ලෝභ නැතුව තෙල් ටිකක් වැඩිපුර දමලා බදින්න.. මම කරන්නෙ කරවල ටික බැදී ගෙන එනකොට කෑලි බිරිස් බී ලූනු,, කහ, කපාපු අමු මිරිස් ටික දමලා කලවම් කරලා වහලා හොඳට බැදෙන්න අරිනවා...කීප සැරයක් කලවම් කරන්න නැත්නම් කර වෙයි !

    ReplyDelete
  4. පිටරටකදි හදපු එකක්වගේ කරපින්චා කාරිය පේන්ට නැත්තෙ.මිරිස් කියල දාල තියෙන්නෙ කහද මංදා.කෑලි මිරිස් තමා හොඳ. කරවල කෑලි ලොකු වැඩියි.

    හොඳ වෙලාවට මගෙ ඇදුරුතුමා ඉවිල්ලට එන්නෙ නැත්තෙ.මං ආසම කුක් පබිලිස් තුමාට අමතරව කොලූ. මහත්වරු කුස්සිය ආවහම ටිකාක් විතර අවුල් වගෙ..........

    ReplyDelete
  5. ඔය කරවල බැදලා නේද? මම හිතුවේ උයනවා කියන්නේ පොල් කිරි දාලා හොදි හදන එකට කියලා.

    ලුනු කියන ජාතිය දාන්ට අමතක උනාද? කරවල වල ලුනු තියනවානේ. අනේ අපි දන්නේ නෑ උයන්ට අනේ. ඒකනේ අපි උයන්ට අකැමති.

    වැඩියෙන්ම බොම්බිලි කරවල...:D

    ReplyDelete
  6. මට නං හිතෙන්නෙ අර කියපු රෙසිපියෙ නැති තක්කලි දාපු එක තමා වරද...... බොම්බිලි නං ඉතින් කොහොම කන්න බැරිද???? කොහොම හැදුවත් රසයි!

    ReplyDelete
  7. You can’t cook dried fish the way you cook duck. I only know "peaking duck". First time I heard about "Bombay duck". http://en.wikipedia.org/wiki/Peking_Duck

    ReplyDelete
  8. කරවල ටික සේදුවද මන්දා....සෑහෙන්න කරවෙලා ..තිත්ත රස ඒවි.

    ReplyDelete
  9. තක්කලි දැම්මට කිසිම අවුලක් නෑ....

    මුලින්ම බොම්බිලි ටික තම්බන්න ඕන, ඊට පස්සෙ වතුර ටික පෙරල ඇරලා, ගැඹුරු තෙලේ බැදලා අරගෙන ඔහොම තෙල් දැම්ම නම් හරි. තක්කලිත් දාන්න.

    බදින්න කලින් තම්බලා වතුර ටික පෙරුවා නම් ඔය අජූත රහ නැති වෙනවා...

    ඕනම කරවල ජාතියක ලුණු වැඩි නම්, බදින්න කලින් හරි තෙල් දාන්න හරි කලින් පොඩ්ඩක් තම්බලා ගත්ත නම් ලුණු ගතිය අඩු වෙනවා.....

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....

    ReplyDelete
  10. කර වෙලාවගේ නේද?

    ReplyDelete
  11. මට නං ඔය කරවල ඉවිල්ල ගැන කිසිම අයිඩියා එකක් නැහැ .....

    ReplyDelete
  12. ඉතිං මං කෙරුවේ සේරම අඩුම කුඩුම ටික අරගෙන කුස්සියේ දොරෙන් පිට වෙලා යාලත්ත කෑල්ලට යන එකයි.

    // යාලත්ත කෑල්ලට කියන්නෙ මොකද්ද?

    ReplyDelete
  13. මං තාම කාලා නැහැනේ අයියේ බොම්බිලි...

    ReplyDelete
  14. මං නං හිතන්නෙ වැරැද්ද කතන්දර හාමිනේගෙ.
    කුස්සිය අස්සෙ උයන්න දුන්නනං වැඩේ ගොඩ දැගන්න තිබ්බ.

    ReplyDelete
  15. ඕකෙ රහ අජූතනං ඔයා ඇයි ඕක වැරදුනා කියන්නෙ?
    Traffice Ano

    ReplyDelete
  16. *කරෝල කෑලි ටක කම්මැලි නැතිව ,තව හින්නික් විතර උනානම්
    *කරෝල නොබැඳ ගත්තනම්
    *අවසානයේ සියල්ල එක් කිරිමේදී , හින්නික් විතර වතුර එකතු උනා නම්.....

    අවසානයේ දී මේ ගොම්බෙල්ලා හොඳ උනානම්...

    ReplyDelete
  17. අර කිවුවත් වගේ සම්පූරන වැ‍රැද්ද කතන්දර හාමිනේගෙ.... මේකට බොම්බිලි සුවඳ මිස රස කියල නොදුන්නට මෙච්චරකල් ගිහිල්ලත්.....

    ReplyDelete
  18. හයියෝ අපරාදේ බොම්බිලි ටික.... පුදුමෙනුත් පුදුමයි ඕක රස නෑ කිව්වම. මම හිතන්නෙ බැදපු නිසා වෙන්න ඕනෙ.....! ඕක හදන්න ඕනෙ තෙල් ටිකක් දාලා බොම්බිලි ටික පොඩ්ඩක් බැදීගෙන එන කොට, ලූණු, තක්කාලි ටිකක්, සුදු ලූණු, ඉඟුරු , කොච්චි කරල් දෙක තුනක්, රතු මිරිස් කුඩු ටිකක්, (රම්පේ, කරපිඤ්ඤා) එහෙම එකතු කරලා. හැබැයි මම නම් දන්න හැටියට බොම්බිලි කොහොම හැදුවත් රස වෙන්න ඕනෙ....

    හැබැයි ඉතින් ගඳ තමයි...මටත් බොම්බිලි කන්න ගොහින් අකරතැබ්බයක් උනානේ...

    ReplyDelete
  19. දුර්ගන්ධයද? සුගන්දයද?
    dayal-bathee

    ReplyDelete
  20. කතන්දරට "බොම්බිලි" ගඳද ????

    ReplyDelete
  21. බොම්බිලියා ඩි-ෆෝල්ට් කර වෙලා ඉන්න ඇත්තේ

    ReplyDelete
  22. මෙහෙ එපාට්මන්ට් එකක ඉන්න එකෙක් බොම්බිලි බැදලා, අල්ලපු එපාර්ට්මන්ට් එකේ ඉන්න එකා ඇහුවලු "Are you frying dog shit?" කියල

    ReplyDelete
  23. මටනම් බොම්බිලි පිලිබදව ඇත්තේ අල්ප දැනුමකි.මටනම් බෝම්බිලියෙක් ඉන්න පළාතකවත් ඉන්න බැ සුවඳ වැඩි කමට ;)
    ඒ නිසා උයන විදිහ ගැනත් වැඩි අවබෝදයක් නැත.හැබය් උණු වතුරින් තම්බා ගත්තනම් වඩා හොඳ බව සිතමි.
    *වසිලිස්සා*

    ReplyDelete
  24. "රහ නං නං අජූතයි!" කියලා කිව්වේ අපි රෙසිපිය බලාගෙන හදලා කයි කියලා නේද? කකාත් මාර පොරක් තමා බලාගෙන ගියාම :-)

    ReplyDelete
  25. යාලත්ත කියන්නේ සිංහලෙන් backyard කියන එක නේද ??

    ReplyDelete
  26. මුලින්ම බොම්බිලි ටික බැදෙන්න ඇරලා අනික් කළමනා දාලා කරෝල තෙල් දාන විදියට තමයි අපේ අම්ම නම් හැදුවේ . තක්කාලි දාපු බවක් මතක නැහැ . කරෝලයි තක්කලියි එකට උයන්න හොඳ නැහැ ලු නේද . හාමිනේ දැක්කනම් කියල දෙයි . මැවිලා පේනවා ගේ හරියේ නම් ඔව්ව උයන්න එපා කියල හාමිනේගේ තර්ජන මැද්දේ කරවල ටිකත් අරගෙන පහුබහින කකාව . මටත් දුමිගේ බොම්බිලි කතාව මතක් වුනා .

    ReplyDelete
  27. ඔය කේබල් චැනල් වල යන වැඩ සටහනක් තියෙන්නෙ Masterchef Australia කියලා. කතන්දර ඒකට ඇප්ලිකේෂන් දැම්ම නම් හරි.
    henryblogwalker the Dude

    ReplyDelete
  28. ඔය මුකුත් ඕනෙ නෑ... පොඩියට කපලා අරන්, ගැඹුරු තෙලේ කරවෙන්න බැදලා, මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තනම් ටොපේ ටොප්!

    ReplyDelete
  29. ආසාවෙන් කාපු බොම්බිලි කරවල ටිකත් එපා උනා. !!!!
    හික්ස් :)

    ReplyDelete
  30. කොයි රටේද අප්පා කරෝල පැකට් තියෙන්නේ ?

    පත්තර පිටුවේ නෙවේද ඔතලා ගෙන්නේ ?

    අන්න එතනයි වැරදුනේ

    ReplyDelete
  31. @හිස් අහස: අපෙ ලංකාවේම කරවල පැකට් තිබේ..

    ReplyDelete
  32. අම්මට හුඩු මුලු බ්ලොග් ජනතාවම කුක්ස්ලනේ..!



    අපි නම් ඉතින් කන්නෙ පුලුටු ජාති තමා...! :P

    ReplyDelete
  33. මිරිස් කියල කහ තමයි දාල තිෙයන්ෙන

    ReplyDelete
  34. කතන්දරගෙ බ්ලොග් තීම් එක වෙනස් කරල බලමුද ? බොහොම අමාරුවෙන් තුන් පාරක් ට්‍රයි කරල ඇර ගත්ත.
    මාත් හරි ආසයි බොම්බිලි. ගඳ ගහන්නෙ බැද්ද නිසයි. තක්කාලි එහෙම යහමින් දාල හොද්ද හැදුවනං එච්චරම ගඳ නෑ.
    අහල තියෙනවද මන්ද.. පරන කතාවක්. කැනඩාවට ගිය ලාංකිකයෙක් එයා ගේ අපාර්ට්මන්ට් එකේ බොම්බිලි උයල.. කවුදෝ පොලිසියට කෝල් කරල අල්ලපු ගෙදර මිනියක් පුච්චනව කියල.
    ගඳ උනාට මාර රසයි. ඉඳි ආප්ප වලට.

    ReplyDelete
  35. සෑහෙන්න උපදෙස් ලැබී තියෙනවා.... Thanks.

    තව කරෝල පැකට් එකක් තියෙන නිසා ඒක අර අමරාදේවී කළා වගේ තුන් හතර ගොඩකට බෙදා එක එක ක්‍රමයට හදලා බලන්න ඕනෑ.

    අදහස් දැක්වූ සැමට ස්තුතියි!

    ෂාරුක් ඛාන්ලත් කන බොම්බිලි කන්නේ නැති අය ගැන නම් කණගාටුයි!

    සැප සතුට ජය සමග කරෝල ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හොදා. ඔක තමා වැරැද්ද. ශාරුක් ඛාන් බොන සිගරට් එකත් බොන්නෙ නැද්ද කියලත් හිතන්න පොලබවන එක.

      Delete
  36. ෂා මගෙත් කැමතිම කෑමක් තමයි බොම්බිලි කියන්නේ හැබැයි මම උයන්න දන්නෙ නෑ අපේ අම්මා උයනව ආයෙ නෑ බත් කන්දකට වැඩේ දෙතෑකි.. ඔනෙ නම අම්මගෙන් අහල කියන්නම්කො රෙසපි එක..

    ReplyDelete
  37. "මට නං හිතෙන්නේම මේක රෙසිපියේ හෝ කුක් ගේ හෝ වැරුද්දක් නොව, බොම්බිලියා ගේ වැරැද්ද බවයි!"

    How can a narcissist get it wrong?

    ReplyDelete
  38. @ cjgayan
    මෙතන දාන්න හැමෝටම දැනගන්න.

    ReplyDelete
  39. @ Ano - October 17, 2011 10:54 PM

    Perhaps he is not a narcissist, as you suggest?

    ReplyDelete
  40. U must add lime before you fry those dried fish. as well as wash them with warm water.

    ReplyDelete
  41. "@ Ano - October 17, 2011 10:54 PM

    Perhaps he is not a narcissist, as you suggest?"

    How come? you think it is not your fault, it is always the fault of something/someone else for you!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.