Sunday 1 May 2011

සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි (සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා) Sunday Special Extra


"නේම් ඩ්‍රොපින්" කියන්නේ කතාබහේ යෙදිල ඉන්න ගමන්, මුළු රටම හොඳට දන්න අඳුණන කෙනෙක් දෙන්නෙක් ගැන පොඩි පහේ සඳහනක් කිරීමයි. බොහෝ විට ඇඟට දැනෙන නොදැනෙන ගානට. ඒකෙන් කතා බහ කෙසේ වෙතත් කතා කරන කෙනාගේ ප්‍රොෆයිල් එක ඉහල යනවා.

සමහරු මේ වගේ නේම් ඩ්‍රොපින් කරන්නේ ඇත්තටම තමන්ගේ අත්දැකීම් ගැන කියන කොටයි. උදාහරණයක් විදියට රංග ගේ මගේ ලෝකය කතාවලදී අපිට ඇහුණු නම් ගත්තොත්, දුක්ගන්නාරාල, ඉරාජ් වගේ අය ඇත්තටම රංගට හම්බ වෙලා තියෙනවා. කොටින්ම,ෂාරුක් ඛාන් ව පවා රංග දන්නවා නේ! (හැබැයි ලෝකල් බඩුව).

සිහි සටහන් ලියන චානුකත් මේ දවස්වල ලියන්නෙම ලොකු ලොකු පොරවල් ගැන තමයි.

අපිට කොයින්ද ඒ කනෙක්ෂන්ස්! මං ඉතිං දන්නේ ටී.එම්. ජයරත්න ගේ මුලකුරුම තියෙන පොරක් ගේ හොඳම යාළුවෙක් ගේ පුතාව, එහෙම නැත්තං, එඩ්වඩ් ජයකොඩි ගේ මාමණ්ඩිලා ගේ මහ ගෙදරට අල්ලපු ගෙදර හිටපු පොර ගේ පුතාව, එහෙමත් නැත්තං, සුනිල් එදිරිසිංහ ගේ අක්කා එක්ක එකට ස්ටාෆ් එකේ හිටපු ඇන්ටි කෙනෙක් ගේ පුතා වගේ අයව විතරයි නේ.

ඒත් ඉතිං මටත් හිතුණා රටම දන්න කවුරු ගැන හරි ඔන්න ඔහේ මොනවා හරි ලියල දාන්න. මගේ පොෆයිල් එක රෙයිස් කරගන්නත් එක්ක.

දැන් ඔය මාතෘකාවේ නම් සඳහන් අය තුන් දෙනාම අපි දන්නවනේ?

එදිරිවීර සරච්චන්ද්‍ර හිටපු විශ්ව විද්‍යාල මහාචාර්ය කෙනෙක්. දැන් මිය පරලොව ගිහින්. පොර වඩාත් ප්‍රසිද්ධ වුනේ මනමේ නාට්‍යය හදපු නිසයි.

කාලෝ ෆොන්සේකා කියන්නේත් හිටපු මහාචාර්යවරයෙක්. පොර වැඩියෙන් ප්‍රසිද්ධ වුනේ පොලිටික්ස් නිසා මිසක්, විජය කුමාරතුංග ගේ මාමා කෙනෙක් නිසා නං නෙමේ.

ජයලත් මනෝරත්න කියන්නේ අති දක්‍ෂ වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය නළුවෙක්. නාට්‍ය අධක්‍ෂකවරයෙක්.

දැන් මෙන්න, සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න කියපු කතන්දරේ.

මනමේ කළාට පස්සේ සරච්චන්ද්‍ර කරපු තවත් වේදිකා නාට්‍යයක් තමයි සිංහබාහු. අපි හැමෝම අහල තියෙන සිංහයා, සුප්පාදේවී, සිංහබාහු සහ සිංහ සීවලී පවුල ගැන තියෙන කතන්දරේ නව රිද්ම වර්ෂන් එක තමයි මේ වේදිකා නාට්‍යයෙන් කියවෙන්නේ.

මේ නාට්‍යයේ අන්තිම හරියේ එන සින්දුවක, සිංහයා කියනවා මෙන්න මෙහෙම. මේ සීන් එක වෙනකොට සිංහයාව දාලා දේවීයි, බාහුයි, සීවලියි ගල්ලෙනෙන් පැනලා ගිහින්.

ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා
සිංහබා, සිංහබා, සිංහබා
මා සොඳුර, මා සොඳුර, මා සොඳුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා
ගොසින් සැම දෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමී මම සැක කලෙමී
සිංහබා, සිංහබා, සිංහබා
ලෙන තුළ නොවෙති පෙරළා නොඑති
මම දැන ගතිමී මම සැක කලෙමී
සුරතල් දියණිය මොළකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නයි, පොවන්නිය, මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
ඈත් ගොසින් ය, ඈත් ගොසින් ය
ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ
සොහෝයුරා නම් ඔළමොළ ගති ඇත නුඹ මෙන් මුදු නැත
ඔහු ගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

දැන් මෙන්න මේ සින්දුව ගැන තමයි කාලෝ ෆොන්සේකාට ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ. ලොකු ප්‍රශ්නයක් නං නෙමේ සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා වලට හරියන විදියේ පොඩි පහේ එකක්.

කාලෝ අහනවාලු සරච්චන්ද්‍ර උන්නැහැගෙන් මෙන්න මෙහෙම.

"ඇයි සර් ඔය සින්දුවේ ඔය විදියට මම දැන ගතිමී, මම සැක කළෙමී කියල කියන්නේ? මං දැන ගත්තා නම් එතන ඉතිං පස්සෙන් පහු සැක කරන්න දෙයක් නෑ නේද? ඕක මම සැක කළෙමී, මම දැන ගතිමී කියල ආව නං නේද තර්කාණුකූල?"

සරච්චන්ද්‍ර උන්නැහේ කිව්වලු මෙහෙම.

"මේකනේ කාලෝ, ඔහෙලා, අපි වගේ මනුස්සයින් ගැන කියනව නං තර්කානුකූල පිළිවෙළ මම සැක කලෙමී, මම දැන ගතිමී තමා. හැබැයි මේ සින්දුව කියන්නේ සිංහයෙක් නේ. සිංහයෝ දන්නවයැ ඔය ලොජික්?"

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
සිංහයා ගේ මුණුපුරා ගේ පරම්පරාවේ ය කියන කෂ්ටියත් දන්න ලොජික් එකක් නෑ, බකමුණන් ට බැණ බැණ ඉන්නවා මිසක්!

ප/ප/ලි:
මේ මං දාන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දෙවෙනි කතන්දරයයි. පළමුවෙනි එක, ටීචිං කතන්දරයක්, මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/04/sunday-extra-sunday-extra.html

ප/ප/ප/ලි:
අපේ ද ඇමරිකන් පාඨකයා මේ කතාවට ප්‍රතිචාර විදියට කුෂ්වාන් සිං ගැන මොන වගේ කතන්දරයක් දායිද මන්දා? දැන් පොඩි කතන්දර දෙකක් ම දාලා තියෙනවනේ, හරියට ටැබූකාරයා ටයිනි කතන්දර දැම්මා වගේ.

ප/ප/ප/ප/ලි:
මටත් හිතෙනව ගායකයො, නළුවො, අරුං, මුං ගැන පොඩි කතන්දර ටිකක් ලියල දාන්න. ඔය උඩින් තියෙන ෆොටෝ එකේ ඉන්නේ කවුද කියල දන්නවද? කාලෝවත්, සරච්චන්ද්‍රවත්, මනෝරත්නවත් හෙම නෙමෙයි, හැබැයි මෙයත් හොඳ නළුවෙක්!

(image: http://www.silumina.lk/2008/06/01/_art.asp?fn=av0806015)

45 comments:

  1. එයාගෙ නම ජයශ්‍රී චන්ද්‍රජිත් (ෆොටෝ එකේ නමනං තියෙන්නෙ ජයශ්‍රී චන්ද්‍රසිරි.jpg කියලා). චිරාත් කාලයක් තිස්සේ සිංහබාහු නාට්‍යයේ සිංහයා වෙනුවෙන් පන පොවපු වේදිකා නා‍ට්‍ය ලෝකයේ පතාක යෝධයෙක්.. අපේ රටේ වේදිකා නා‍ට්‍ය කලාවේ තියෙන සුපිරි බව නිසා ඒ ඔක්කොම අතඇරලා දාලා පනං හතරක් හොයාගන්න ඕස්ට්‍රේලියාවේ රස්සාවක් කරන්න යන්න වුන තවත් එක් සොදුරු මිනිසෙක්..

    ReplyDelete
  2. උදේ පාන්දරම හිනාවෙලා දවස පටන් ගත්තා......
    නියමම කොටස් 2 තමා

    "අපිට කොයින්ද ඒ කනෙක්ෂන්ස්! මං ඉතිං දන්නේ ටී.එම්. ජයරත්න ගේ මුලකුරුම තියෙන පොරක් ගේ හොඳම යාළුවෙක් ගේ පුතාව, එහෙම නැත්තං, එඩ්වඩ් ජයකොඩි ගේ මාමණ්ඩිලා ගේ මහ ගෙදරට අල්ලපු ගෙදර හිටපු පොර ගේ පුතාව, එහෙමත් නැත්තං, සුනිල් එදිරිසිංහ ගේ අක්කා එක්ක එකට ස්ටාෆ් එකේ හිටපු ඇන්ටි කෙනෙක් ගේ පුතා වගේ අයව විතරයි නේ."

    "සිංහයෝ දන්නවයැ ඔය ලොජික්?"

    ReplyDelete
  3. අනික කොහොමත් ඔය සාහිත්‍ය කියන එක ලොජිකලි බලන්න ගියොත් මෙලෝ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම බලන එකා විහිලුවක් වෙනවා ඇරෙන්න.........

    ReplyDelete
  4. කතන්දරේ කියෙව්වට මොකද මම දන්න නේම් ටික ඩ්‍රොප් කරගන්නවත් වෙලාව මදි. හවස් අතේ බලන්න ඕනැ!

    ReplyDelete
  5. ජය ශ‍්‍රී චන්ද්‍රජිත් නේද? එයා ඔය කතන්දර ඉන්න රටේම ඉන්නා බවක් තමා අපි නම් දන්නේ. ඊට වඩා මොනවත් නොකියන්නම් දන්නෝ දන්නවා ඇතිනේ. සිංහබාහු නාට්‍යෙය් සිංහයාගේ චරිතය කලෙත් මෙයානේ.

    ReplyDelete
  6. ඇත්ත්ටම ඇයි මේ කතන්දරේට සම්බන්ධයක් නැති පොරක්ගේ ෆොටෝ එකක් දැම්මේ...
    ඊලග සන්ඩේ ස්පැශල් ඇක්ස්ට්‍රා එක එයා ගැනද හැබෑටම....??????

    ReplyDelete
  7. සිංහයෝ දන්නවයැ ඔය ලොජික්?"

    හෙ හෙ..... මරු කථාව.......

    ReplyDelete
  8. (සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා) Sunday Special Extra - දැන් නම් ඉතින් ඉරිදට විතරක් කතන්දර කියෙවුවත් ඇති වගේ...

    දැන් ඉතින් ටයිනි කතන්දර ලියන්න කෙනෙක් නැහැනෙ.. මම කීවේ කතන්දර බ්ලොග් එක වගේම පෝස්ට් වලට වැටෙන පුංචි පුංචි කතන්දරත් හරි අගෙයි....

    ReplyDelete
  9. මේ අපේ පරණ සිංහයානේ..! ජයශ්‍රී...! ජයශ්‍රී...!
    උන්නැහෙත් දැන් කසූ මහතුන්ලැයේ ගෙවල් කිට්ටුවදෑ පදිංචිය..?
    අපරාදේ නේන්නම ගියානෙව...

    ReplyDelete
  10. @ Hasitha
    @ අළුත් කොල්ලා

    සිංහයා ගේ මුණුපුරා ගේ පරම්පරාවේ ය කියන කෂ්ටියත් දන්න ලොජික් එකක් නෑ, බකමුණන් ට බැණ බැණ ඉන්නවා මිසක්!

    ReplyDelete
  11. පින්තූරයෙ ඉන්නෙ සිංහයට ඇදපු කෙනා නෙමෙයි ද?

    ReplyDelete
  12. @All
    පින්තුරයේ ඉන්නේ සිංහයාට රඟපෑ ජයශ්‍රී චන්ද්‍රජිත් ය.

    මං පොරව දැකලා තියෙනවා පේරාදෙනිය වලේ නාට්‍යය පෙන්නපු දවසක. පොර ටෙලි නාට්‍යවලත් හිටියා.

    දැන් නං පවුලේ කටයුතු නිසා රට හිහින් ලු. මං දැක්කා ඔය ෆොටෝ එක ගත්තු සයිට් (කතන්දරේ යටින් ම දාලා තියෙන URL එක බලන්න) එකෙන්.

    මෙන්න ඒ URL/ලින්ක් එක නැවතත්.

    http://www.silumina.lk/2008/06/01/_art.asp?fn=av0806015

    ReplyDelete
  13. දැනගත්තාම නේද සැක හිතෙන්නේ? නොදන්නා දේවල් ගැන සැක කරන්නේ කොහොමද? මම නම් හිතන්නේ 'සරච්චන්ද්‍ර මහත්තයා' හරි.

    සිංහයාගේ පරම්පරාවෙන් එන අය බකමූන්ට බැණ, බැණ ඉන්නබව දැනගත්තේ අද. ඔන්න දැනගත්තට පස්සේ පොඩි පහේ සැකේකුත් ආවා.

    ReplyDelete
  14. පස්ට කතාව...

    ReplyDelete
  15. කිව්වත් වගේ සිංහයෝ ලොජික් දන්නෙ නෑ කියන්න තරම් සරත්චන්ද්‍ර මහත්තයා සිංහයෝ ගැන දන්නෙ කොහොමද. සමහර විට එතුමා ජයශ්‍රී ගැන හිතලාම එහෙම කිව්වද දන්නෙ නෑ....

    කසූ, මමත් ටික කාලයක් (අවුරුදු තුන හතරක්) ඔය නළුවෝ, සංගීත අධ්‍යක්ෂක වරුත් එක්කම වගේ ගැවසිච්ච කාලයක් තිබුනා. ඒ මම කේ.බී.හේරත් මහත්මයාගේ "දෝන කතරිනා" නාට්ටියත් එක්ක වාදකයෙක් විදිහට රට වටේ ගිය කාලය. ජයශ්‍රී අයියා තමයි නාටිටියේ සහාය අධ්‍යක්ෂක, ඒවගේම ශ්‍රියන්ත මෙන්ඩිස්, කෞශල්‍යා ප්‍රනන්දු, සහ තවත් ජනප්‍රිය නළු නිලියෝ ගොඩක් දෝන කතරිනා එකේ හිටියා.

    ඒ වගේම මමත් "වසන්ත දුක්ගන්නාරාලව" ඒ කාලේ "මචං" ලෙවල් එකෙන් ආශ්‍රය කලා මම ප්‍රසන්නජිත් අබේසූරියගේ "දොර්දණ්ඩා" නාට්ටියත් එක්ක වාදකයෙක් විදිහට රට වටේ ගිය කාලේ.

    ඇත්තටම මාව බ්ලොගර් කෙනෙක් කලෙත් අපේ "දුකාගේ" පෝස්ට් එකක් වැරදීමකින් අනිත් දුකාගේ (වසන්ත දුක්ගන්නාරාල ) එකක් විදිහට හිතාගෙන කියෙව්වාට පස්සෙ.

    මම වාදනයෙන් සම්බන්ධ වෙලා හිටිය නාට්ටි වලින් ටිකක් තමයි,

    දෝන කතරිනා
    දොර්දණ්ඩා
    ඇන්ටිගනී
    බරණිය
    එව බලව

    (කසූ, දැන් මගේ ප්‍රොෆයිල් එකත් රේස් (race or raise ?) වෙයි නේද ? :) )

    ReplyDelete
  16. @ Buratheno

    පනං හතරක් සෙවීම කෙසේ වෙතත් - සිළුමිණ ලිපියේ හැටියට නං කතාව මෙහෙමයි.

    සිළුමිණ-ඇත්තටම ඇයි ලංකාවෙන් යන්න හිතුණේ?

    ජයශ්‍රී චන්ද්‍රජිත් -යන්න හිතුණා නොවෙයි, යන්න වුණා. ඒක මගේ කුටුම්බය පිළිබඳ ප‍්‍රශ්නයක්.

    එහෙම නැතුව කලකිරිලා ගිය ගමනක් නොවෙයි. මම මෙහෙන් ගියේ හොඳ ම කාලෙක.

    සිළුමිණ-එහෙම නැතුව කලාව පිළිබඳ කලකිරිලා නෙමෙයි ද?

    ජයශ්‍රී චන්ද්‍රජිත් -අනේ නෑ. එහෙම කලකිරිලා වැඩක් නෑනේ. කලාවට ආදරය කරනවා නම් කලකිරිලා බෑ. ඒක හොඳ පැත්තට යොමු කර ගන්න උත්සාහ කරන්න ඕන.

    ReplyDelete
  17. @ Hasitha

    බලාගෙන හිනා වෙලා තරවෙයි!

    ReplyDelete
  18. @බුද්ධි

    ඔය කියන්නේ අර ඉංගිරිසි පාසලේ ළමයින් ගේ නම් ලයිස්තුවද?

    ReplyDelete
  19. @ Priynatha

    ඔන්න තේරුණා! දැකලා තියෙනවා නේද නාට්‍යය?

    ReplyDelete
  20. @ චතූ
    ඊලඟ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක ගැණ තාම හිතා නැත. මේ අද කතාව ඇහුවේ පසුගිය සඳුදායි. උණු උණු එකක්!

    ReplyDelete
  21. @සොඳුරු සිත
    ටයිනි කතන්දර අඩුව පුරවන්න මෙන්න ඔබට මගෙන් ආරාධනා!

    ReplyDelete
  22. @ තිස්ස
    අපෝ නෑ, අපිට කොයින්ද එහෙම කලාකාරයින් ගේ අල්ලපු ගෙදර ඉන්න පිනක්?
    මං පොරව දැකලා තියෙන්නේ නාට්‍යය වලින් විතරයි!

    ReplyDelete
  23. @ Podi K

    කවුද කියලා තිබුණා සිංහ වංශේ කෂ්ටිය දැන් කෙට එලදෙන්නු වගේ දුවන්නන් වාලේ දුවනවාය කියලා.

    ReplyDelete
  24. @ කරුමක්කාරයා

    හැමදාම නෑ, හැම තැනම නෑ!

    ReplyDelete
  25. @ දුමී
    සන්තෝෂයි, සන්තෝෂයි.

    ඒ ගැන කතාන්දර ලියලා දාන් න කෝ බ්ලොග් එකේ.

    මං නං ඔය කවුරුවත් පුද්ගලිකව අඳුනන්නේ නෑ. ඒකනේ ඔය එහෙං මෙහෙං අහුලලා කතා දාන්නේ.

    ReplyDelete
  26. //කවුද කියලා තිබුණා සිංහ වංශේ කෂ්ටිය දැන් කෙට එලදෙන්නු වගේ දුවන්නන් වාලේ දුවනවාය කියලා.//

    මේක දැනගත්තා විතරයි ඔන්න පොඩ්ඩිට තවත් සැකයක් පහල උනා. අපොයි සිංහයෙක්ගේ සින්දුවක් අහන්ට ගිහින් උනු දේ...

    ReplyDelete
  27. ජයශ්‍රී චන්ද්‍රජිත් ම නේද "සිංදු බිංදු" ටෙලියෙ බිංදු ට ඉන්නෙ ????

    ReplyDelete
  28. ජයශ්‍රී චන්ද්‍රජිත් ම නේද "සිංදු බිංදු" ටෙලියෙ බිංදු ට ඉන්නෙ ????

    ReplyDelete
  29. කව්ද, කව්ද බොල බකමූණන්ට බනිනන්නෙ? කවුරු උනත් කමක් නෑ, කොටනව ඔලුව හිල් වෙන්නම.

    එහෙම කිව්වට, ආයිබෝං:

    මං සිංහයාට බයයි නංගියේ!

    ReplyDelete
  30. @ Podi K

    මං නං හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙකයි ජීවත් වෙන්නේ. පොඩි කුමාරි නං සැකෙන්ම වගේ තමයි නේද?

    ReplyDelete
  31. @ඕනයා

    සින්දු බින්දු නං මං බලා නැත.

    ReplyDelete
  32. @ D.G.M. බස්සා

    බකමූණා කියන්නේ අද ලංකාවේ කෙට එළදෙන්නු උම්බෑ කිය කිය පස්සේ පන්න බැන්කි-මුන් ට මිස ඔහේට නොවේ. බයි, බායි.

    ReplyDelete
  33. කකා බැන්කි-මුන් ට වගේම බස්සොන්ටත් අකමැති පාටයි. ඇයි ඒ?

    ReplyDelete
  34. @ D.G.M බස්සා

    බැන්කි මූන් සමග හෝ D.G.M බස්සා සමග මට අවුලක් නැත! බැන්කි මූන් සමග ලංකාවේ සමහරුන්ට නම් අවුලක් ඇති බව මේ දිනවල පෙනේ.

    ReplyDelete
  35. කොහොම නමුත්, චානුකගේ "සිහි සටහන්" වලට ගියේ මේ පෝස්ට් එක හින්දයි. ස්තූතියි

    ReplyDelete
  36. මරු අය්යේ

    ReplyDelete
  37. මම නම් කවදාකවත් කාත් එක්ක කතා කරකර හිටියත් නේම් ඩ්‍රොපින් දාන්නේ නෑ . ඒ මොක්ද කියනවානම් මට දාන්න නේම් ඩ්‍රොපින් නැති නිසා . මම දන්න එකම සුප්‍රසිසිද්ධ පුද්ගලයා තමා .මගේ බොසා .! එයා ගැන ඩ්‍රොපින් දාන්න ගියොතින් මම ඩ්‍රොප් වෙන එක විතරමයි වෙන්නේ

    කතන්දර බ්ලොග් එක කියවීමෙන් මම ඉගන ගත්ත දෙයක් තමා. පාඨක අවධානය දිනාගන්න දිග පෝස්ට් එකක්ම උවමනා නැති වග .

    ReplyDelete
  38. ලොජික් නොතේරෙන සිංහයාගෙන් පැවතෙනවනං ඉතිං ආයෙ අහන්න දෙයක් යැ කස්ටියට මෙලෝ දෙයක් නොතේරෙන එක. අනික දැනගත්තානං ආයෙ මොන එකකටද පැනල යනකං බලාන උන්නෙ. නවත්තන්න තිබුනනෙව. ඒහෙම කල්පනා කලාම සිංහය සුවිසයිඩ් කරගෙන පුතාටත් ආන්න්තරාය පාපකර්මයක් පිට පටවල. ඒ ඒ කාලෙ කන්ස්පිරසි වෙන්ඩැ....

    ReplyDelete
  39. @ඕනයා,
    බිංදු ට හිටියේ ජයශ්‍රී තමා.. සිංදුට හිටියෙ මනෝ..

    ReplyDelete
  40. මමත් ගියා පොඩි දවස්වල සිංහභාහු බලන්න.හැබැයි ගියා කියල විතරයි මතක

    ReplyDelete
  41. දැං ජයලත් මහත්තයා ෙමාකද කිවුෙව ෙම් ගැන? ඔහු ෙමානවහරි කිවුවද අැත්තටම? නැති නම් ඒකත් name dropping ඒකක් විතරද?

    ReplyDelete
  42. මම මෙතනට ආවේ අහම්බෙන්.

    සිංහබාහු සිංදුව කියවන ගමන් අවුරුදු 50කට පෙර වලේ සෙල්ලම් බලන්න ගියා මතක් වුනා. මම එතකොට තරුණ කොල්ලෙක් මිස පේරාදෙණි සිසුවෙක් නොවෙයි.

    මම ගිය ඉස්කෝලේ සිංදු ඉගැන්නුවේ අයිලීන් සරත්චන්ද්‍ර කියන ලංසි නෝනයි. ඒ මහාචාර්‍යතුමාගේ පළවෙනි බිරිඳ. මම විසි ගණනනේදී යාළුවෙකුගේ මල්ලී කෙනෙක් හම්බ වුනා පේරාදෙණි මල් වත්තේදී. එයා එක්ක ඇවිද අවිද හිටපු ලස්සන ගෑනු ළමයාව මත අඳුන්වලා දුන්නා මහාචාර්‍යවරයාගේ බිරිඳ කියලා!

    මේ තරුණයා පැරිසියේ සොර්බෝන් විශ්වවිද්‍යාලයට ගියා. ඒ දවස්වල මහාචාර්‍ය තුමා ප්‍රංශයේ ලංකා තනාපතිධුරය් දැරුවා.

    මම ලංකාවෙන් පිටවෙලා ශතක 3ක් වෙනවා. මට හරි සන්තෝසයක් ආවා අදත් ඉන්නවා ඒ කාලේ පණ නංවන්න හදපු, අද ඉංග්‍රීසියට යටවීගෙන යන, සිංහල සංස්කෘතිය ගැන කතා කරන අය ඉන්න වග දැකලා.

    ReplyDelete
  43. අහම්බෙන් මෙතනට ආපු JC Ahangama මහත්තයාගේ වයස අවුරුදු 300කටත් වැඩියි කියල ඔය ගොල්ල දන්නවද?

    "මම ලංකාවෙන් පිටවෙලා ශතක 3ක් වෙනවා"

    ReplyDelete
  44. කතන්දරේගෙ කතාව කියෙව්වම කමෙන්ටුවක් නොදාම බැහැ. එකක් ජය ශ්‍රී සිංහයට රඟන කොට, සිංහසීවලී හැටියට මම රඟ පෑ නිසාත්, ජය ශ්‍රී දැන් ආපහු ලංකාවට පැමිණි බව මට සරච්චන්ද්‍ර මැතිනිය ඊයෙ පෙරේදා දවසක දුර කතනයෙන් කියපු නිසාත්. මගේ බ්ලොග් එකේ නොදා අතුරු කතාවක් ලියන්න හිතුණා.
    මහාචාර්ය සරච්චන්ද්‍ර තුමා අවසාන දවස් කිහිපය කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගත කරන කාලෙදි වෙච්ච දෙයක් හැටියටයි, කියැවෙන්නෙ. අපිට කතාව කිව්වෙ නම් බුද්ධදාස ගලප්පත්ති කියන කවියා.
    ලලිතා මැතිනිය එතුමා ලඟ ඉන්නව. දුවල දෙන්නයි පුතයි වරින් වර එනවා, රෝහලට. ඉතින් ලොකු දුව ඇවිත්, මුර කරන නිලධාරියාගෙන් අහල තියෙනව, " මාමෙ, අපෙ තාත්තට ගොඩක් අන්තිමයි. මම ඉක්මනට ගිහින් බලල එන්නද?" කියල.
    " මොකද්ද, ඔය ලමයගෙ නම?"
    " කිසා ගෝතමී, මාමෙ"
    " හා, හා....ඉක්මනට ගිහින් එන්න, එහෙනම්"
    ටිකකට පස්සෙ දෙවෙනි දුව ආව.
    ඇයත් අර විදිහටම අහුව. පෙරැත්ත කරන කොට එයා ගෙනුත් ඇහුවා, " ඔය දරුවගෙ නම මොකද්ද කියල"
    " යශෝදරා" කියල ඇය කිව්වා.
    තව ටිකකින් ආවෙ බාලම පුතා. දැන් සේරම ඇතුළෙ ඉඳල ඇමතුම් දෙනව මල්ලිටත් එන්න කියලා.
    මල්ලිත් මුර මාම ළඟට කිට්ටු කළා.
    " මාමෙ, තාත්තට හොඳටම අන්තිමයි. අක්කල දෙන්න ගියා. මමත් යන්නද" කියල අහුවා.
    "ඔය ළමයගෙ නම මොකද්ද?" මුර මාමා අහපි.
    " දීපංකර?
    " එත කොට ඔය ලෙඩ වෙල ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවොද? "
    මුර මාමගෙ ප්‍රශ්නෙ දීපංකර මල්ලිට නම් වැටහුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි.. මේ කමෙන්ටුවත් හරි..

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.