Wednesday 25 May 2011

එලෝළු ජීවිතේ - Living with vegetables


මං පෙරේදා කියපු වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය බණ දේශනාව මතකයි නේද?

සමහරු නං විරුද්ධයි මං මිනිසා වනාහී කුකුළා වැනි සතෙකි, මාංශ භක්‍ෂකයෝ, ශාක භක්‍ෂකයින්ට වඩා උසස්ය වගේ දේවල් ලියපු එක ගැන.

මං අදත් කියන්නේ අපි සිංහයෝ, අපි කොටි කියාගෙන හිටියට, මස් සහ මස් විතරක්ම කන සිංහයන් ට, කොටියන් ට, ඉඳලා හිටලා හරි ධාන්‍ය සහ එළවළු කන මිනිස්සුන් ව සමාන කරන්න බැහැ කියන එකයි. ඒ එක්කම, එලවළු විතරක් කන හරක් ට, බැටළුවන් ට, එළුවන් ට ත් පොදුවේ සර්ව භක්‍ෂක මිනිස්සුන්ව සමාන කරන්න බැහැ.

හැබැයි මාංශ භක්‍ෂණය නොකරන, එළවලු විතරක් කන, මිනිස්සුත් ඉන්නවා නේ. මෙයින් සමහරු උපන්දා ඉඳලම මස්, මාළු කාලා නෑ. බොහෝ විට ආගමික හේතු නිසා. මං දන්න ඉන්දියන් පොරවල් දෙන්නෙක් හිටියා මේ ජාතියේ. එළවළු නැත්තං යෝගට් එක්ක හරි බත් කන්න පුළුවන් මේ ගොල්ලන්ට.

ඇත්තටම කියනව නං අපි සමහරු කැමතියි එළවලු විතරක් කන අයට. ඒ හැබැයි බයිට් එක බේරා ගන්න පුළුවන් හින්දා මිස වෙන හේතුවක් නිසා නොවෙයි.

තවත් සමහරු ඉන්නවා, පොඩි කාලේ මස් මාංශ කෑවට පස්සේ විවිධ හේතු නිසා ඒක අතහැරලා වෙජිටේරියන් වුණු අය.

මගේ අම්මා එක්කෙනෙක්. අම්මා මීට අවුරුදු දහයකට විතර ඉස්සර මස්, මාළු කෑම අතහැරියා. සිල්ගන්න මහරගම ධර්මායතනයට යන්න පටන් ගත්තට පස්සෙද කොහෙද මේ වෙනස් වීම වුනේ. මුලින් චිකන්, මූදු මාළු සහ බිත්තර හැර අනිත් දේවල් නැවැත්තුවා. පස්සේ ඒවත් අල්ලලා දැම්මා.

උපන්දා සිට හෝ ජීවිතේ පස්සෙන් පහු හෝ මාංශ භක්‍ෂණය නොකර ඉන්න අයට මං නං කියන්නේ "එළවළු ජීවිත" කියලයි.

අද කතන්දරේ මේකයි.

ඔන්න එකමත් එක රටක හිටියා කුමාරයෙක්. මේ කුමාරයා ගේ නම කතන්දර. මේ කතන්දර කුමාරයාට එක දවසක් හම්බ වුණා පින්වන්ත කුමාරිකාවක්. (පින්වන්ත ය කිව්වේ ඇයි කියලා තව මොහොතකින් තේරෙයි!)

වැඩි විස්තර ඕනි නෑ, හැම අතින්ම සිත් ඇද ගන්න නිකං නයිස් බිස්කට් එකක් වගේ සුකුමාල ලලනාවක් ය කියමුකෝ.

නැවතත්, වැඩි විස්තර ඕනි නෑ, හැබැයි, දවසක් දෙකක් විතර කතාබහ කරන කොට තමයි කතන්දර කුමාරයාට තේරුනේ මේ කුමාරිකාව "එළවළු ජීවිතයක්" බව.

ඉතිං, ඒ කතන්දරේ එතනින් ම අහවර වුණා.
(දැන් තේරුණා නේද ඇයි ඒ කුමාරි පින්වන්ත ය කිව්වේ ඇයි කියලා?)

අද මේ කතන්දරයත් මෙතනින් ම ඉවරයි.

-කතන්දරකාරයා

ප/ලි:
ආහ්, නෑ, ඉවර නෑ, ප/ලි කෑල්ල දාන්න තියෙනවානේ.

අපේ දෝණිත් කවුදෝ යාළුවෙක් ගේ චැලේන්ජ් එකක් බාර අරගෙන මාසයක් එළවළු විතරක් කන්න ප්ලෑන් කරලා, ඒක ක්‍රියාත්මක කළා.

කෙල්ලට ඒක කොච්චර නැගලා ගියාද කියනවා නං, දැන් අවුරුද්දක් තිස්සේ තාමත් එළවළු ජීවිතේ. හැබැයි, ඇත්තටම කියනවා නං කොහෙද මන්දා වෙබ් සයිට් එකක දැකලා දැන් නං බිත්තර විතරක් කනවා.

මොකද මේ අපි කඩෙන් ගන්න ෆාම් බිත්තර වල ජීවයක් නෑ ය කියනවානේ.

ඒ කියන්නේ "එග් එක" විතරයි, "ඉස්ගෙඩියෝ" ඒ පැත්ත පලාතේ ඇවිල්ලා නෑ...!!!

(image: http://debskitchencreations.blogspot.com/2010_08_01_archive.html)

39 comments:

  1. කතන්දරනම් සීනි බනිස් ජීවිතයක්ලු නේද ?

    ReplyDelete
  2. කතන්දර...........

    අද පින්තූරයෙන් කියන්නේ ලස්සන කතන්දරයක්. සංකේතාත්මකව ඒ පින්තූරයෙන් පෙන්නල තියෙන්නේ “ජීවිතයක් පිළිසිඳ ගැනීමට ගන්නා තරඟය “

    ආහ්...හරි හරි.. එග් එක විතරයි...ඉස් ගෙඩියො පැත්තක පලාතක නැහැ. අසංසේචිත ඩිම්බයක කොහෙද ජීවයක්..... විසේ තියන , වේගවත් ඉස්ගෙඩි ජීවිත.....

    මාත් වෙජිටේරියන් වෙන්න කලක් ඉතා අසාර්ථක උත්සාහයක නිරත වුනා. අපි වෙජිටේරියන් වෙනව කියන්නේ , උයන මිනිස්සුන්ට හරි කැදර. ගෙදරකට කෑමකට එහෙම ආරාධනාවක් ලැබිල ගියොත් හෙම, ඒ මිනිස්සු අමාරුවේ.හරියට මහන්සිවෙනවා එළවළු ජීවිතය නිසා.

    ඉතින් අනිත් මිනිසුන්ව කරදරයේ දාන්න බැරි නිසාත්, ශරීර සෞඛ්‍යට හොඳ නිසාත්, අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ටික ලේසියෙන්ම ශරීරයට ලැබෙන නිසාත් මම දැඩි මාංශ භක්ෂකයෙක් නොවුනට වෙජිටේරියන් නම් නොවෙයි...

    ReplyDelete
  3. **උයන මිනිස්සුන්ට හරි කැදර.(කරදර)

    ReplyDelete
  4. සාතනුත් හිටියනෙ අවුරුද්දක් විතර එළවලු ජීවිතේට වෙලා....

    ReplyDelete
  5. [ " මොකද මේ අපි කඩෙන් ගන්න ෆාම් බිත්තර වල ජීවයක් නෑ ය කියනවානේ.
    ඒ කියන්නේ "එග් එක" විතරයි, "ඉස්ගෙඩියෝ" ඒ පැත්ත පලාතේ ඇවිල්ලා නෑ...!!! " ]

    ඔව් ඉතින් ඉස්ගෙඩියො ඒ පැත්තෙ යන්න ෆාම් 1 කේ කුකුලො ඇති කොරන්නෙ නෑ නෙ............... ,
    හැබැයි මන් අහලා තියනවා Egg 1k ඇතුලෙ ඕපපාතික උප්පත්තියක් ඇති වෙන්න පුලුවනි කියලා.............

    ReplyDelete
  6. නියම පික්චැර් එක... අපේ ඇන්ටි කෙනෙක් ඉන්නව එයා කන්නෙ මාළු විතරයි.. එතකොට එයාට මම කියන්නෙ ෆිශ්ටේරියන්, තව එක්කෙනෙක් ඉන්නව එයා කන්නෙ එග්ස් ඕන්ලී, එයා එග්ටේරියන්, ඔපීසියේ හිටිය කෙල්ලෙක් එයා කන්නෙ බත් කෝප්පයයි, (ශෙරි ලුයිස් කස්ටමර් කෙනෙක්.) එයාගෙ නම ශෙරිටේරියන්, මේ නම් ඔක්කොම මම එයාලට දාපුව. හැමදාම හරක් මස් කන එකෙකුත් හිටිය උගේ නම බාබෙරියන්. (හිතා ගන්න පුළුවන් නේ කවුද කියල.)

    එතකොට "පින්වන්තිය මාගේ ප්‍රේම කතාවේ" ගීතය ලිව්වෙ ඔහෙයි..? වාසනාවන්ත දැරිවියක් කනක් ඇහිල නිවි සැනසිල්ලෙ ජීවිතේ ගෙවනව ඇති. මේකා කතා කියනවය..? කතා මවනවනේ.. හරියට ප්‍රේමදාස මහත්තය වගේ....

    ReplyDelete
  7. කතාවට දාලා තියෙන පොටෝ එක නං මරු. මමත් පොඩි කාලේ වෙජිටේරියන්.

    වෙජිටේරියන් හින්දද කුමාරිව අත්ඇරියේ?

    අදත් පෝස්ට් එකටත් ලින්ක් නෑ නේ. හැබැයි දානවනං දාන්න තිබුනා අර බොන්නැති බයිට් විතරක් කන යාලුවො ගැන මීට අවුරුදු එකහමාරකට විතර කලින් දාපු කතන්දරේට ලින්ක් එකක්.

    ReplyDelete
  8. ස්ලෙවෝ ජිජැක්(Slavoj Zizek) එලෝළු ජීවිත ගැන කියන්නෙ මෙහෙමයි.... :D

    http://www.youtube.com/watch?v=_TqyKsnQD38

    ReplyDelete
  9. කතන්දරට දාන්න හිටි කොමෙන්ට් එක පොඩ්ඩක් සංසෝදනේ කරල මාතලංට දාන්න හිතුව. . . .
    @මාතලං: ‍ෆිශ්ටේරියන් . . කන්නෙ මාලු නං, එග්ටේරියන්. . කන්නෙ බිත්තරනං . . . . . . හියුමැනිටේරියන්. . . . . . . . .???????

    ReplyDelete
  10. මමත් විජිටේරියන් වෙලා අවුරුද්දක් හිටියා. හැමදාම ඉන්න පුළුවන්නම් කොච්චර හොඳද? තියෙන පවුකාරකමට කියලයි මට නම් හිතෙන්නෙ. හිතෙන් රූල් එකක් හදාගෙන ඉන්නවා කිකිළියන්ට වඩා ලොකු සත්තුන්ගෙ මස් නම් කන්නෙම නෑ කියලා. ( මොර කරවල බැදුම හරි රසයි නේද?) :D :D :D

    ReplyDelete
  11. හාල්මැස්සො එහෙම කනකොට පවු ගොඩාරියයි. ජීවිත ගාණක්නෙ. ඒ වගේද හරක් මස්. පවු කෑල්ලයි

    ReplyDelete
  12. මට නම් ඉතින් මාතෘකාව මොකක් උනත් කමක් නෑ. කතාව මොකක් උනත් කමක් නෑ. මගේ ප්‍රශ්නය මේකයි.

    කතන්දරට නයිස් බිස්කට් වගේ සුකුමාල එක කුමාරියක්මද හම්බවෙලා තියෙන්නේ???නැත්නම් ඒ වගේ සුකුමාල එක එළවලු කුමාරිද හම්බවෙලා තියෙන්නේ??? කරුණාකරා පැහැදිලි කරන්ට.

    තාමත් හිතා ගන්න බැරිදේ තමයි එයා ඔච්චර පින් කරලා තිබුනේ කොහොමද කියන එක.

    ReplyDelete
  13. මම නම් මස් කන්නේ නෑ.මස් හොදි විතරයි කන්නේ...........

    ReplyDelete
  14. @ ඕනයා

    එයලට හිංගලෙන් කියන්නෙ.. කැනිබල්ස් කියල..

    උදා: පොලිටික්කෝ, අයි නෝද ලෝ මහත්තුරු, අති විශේෂ ඩොක්ටර්ස්, කළුකඩ මුදලාලි....

    @ Chanaka Aruna Munasinghe

    හවු එබවුට් කූනිස්සෝ....

    ReplyDelete
  15. @ඕනයා-හියුමැනිටේරියන්ස්ලා කන්නේ මිනී මස්ද?.ලෝකේ තියෙන සත්ව මාන්ශ වලින් රසම මිනිස් මාන්ශ ලු.බොරුනම් ඔය පල්ලෙහා ඉන්න මකරාගෙන් අහලා බලන්න.

    අර මස් නැතුව රජ්ජුරුවන්ට මිනීමස් කන්න දීලා වෙච්ච කරදරේ අහලා ඇති කියලා හිතනවා.

    ReplyDelete
  16. @ රජිත්

    මකරු මාංශ භක්ෂකත් නෑ. ශාක භක්ෂකත් නෑ. මකරු කන්නෙ ලුණු විතරයි

    ReplyDelete
  17. @ මාතලන්

    කූනිස්සො කන එක මහා පවක්. ආනන්තරීය පවකට වඩා චුට්ටයි අඩු

    ReplyDelete
  18. මමත් ට්‍රයි කලා වෙජිටේරියන් වෙන්න.
    අමාරුවෙන් සතියක් හිටියා යන්තං.
    ඇත්තටම පව් කාරකමම තමයි..මේවා කන්නම හිතෙන්නේ.

    ReplyDelete
  19. ඕං අපේ තාත්තත් දැං අවුරුදු ගානක ඉඳන් එලෝලු. ඒකට හරි යන්න මං...

    ReplyDelete
  20. මමත් අපේ අම්මට කියන්නේ හාල්මැස්සෝ කූනිස්සෝ කනවට වඩා හරක්මස් හරි ඌරු මස් හරි කෑවම පව් සිද්ද වෙන්නේ අඩුවෙන් කියලා.
    ඕනයෝ . . අර උඹ අහපු එකට උත්තරේ බිරිඳ ද . . හික්ස් හැබැයි ඉතිං තෝ කරන වැඩ වලට නම් තෝව කාලත් මදි කියලත් හිතෙනවා ඇති . . හෙ හෙ හේ

    ReplyDelete
  21. කතන්දරගෙන් බේරුන නිසාද ඒ කුමාරි පින්වන්තයි කීවේ...:D
    ඒත් මම බැලුවා කෝ මේ පින්තූරෙට අදාල කතාව කියල. ඒප ප/ලි වෙලානේ...:D

    ReplyDelete
  22. මටනම් ආවේ එකම එක ප්‍රශ්නයයි. ඔය දාලා තියන පින්තූරේ තේරුම මොකක්ද?

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මමනම් ඉතින් උපං ගෙයි වෙජ්ජා ! බයිට් එකට කන්නෙත් කඩලයි රටකජුයි , පොලොසුයි , වගේ ඒවා තමයි ..

    කතාව නම් පංකාදුයි . අපේ ගෙදර අයටත් ඔය අවුල තියනවා වෙජිටේරියන් වෙන්නත් ඕන ඒත් වෙන්න බෑ බෑ වගේ ..

    ReplyDelete
  25. @ All
    ඔය ප/ලි කතන්දරයේ පන්ච් ලයින් එකෙන් කියවෙන්නේ ඉස්ගෙඩියන් නොමැති නම් මේ ලෝකයේ කිසි ප්‍රාණඝාතයක් නෙවෙන බවයි.

    මුළු ලෝකෙම රන් වෙන්නේ ඔය ඉස්ගෙඩියන් දුවන වේගය අනුව බවත් සමහරු කියනවා.

    ReplyDelete
  26. දැනටත් වෙජිටේරියන් හිස් අහස, ටික කලකට හෝ වෙජිටේරියන් වෙලා සිටි නිල් අහස, හරි, සතන් සහ සොඳුරු සිත සහ වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරන අනිත් කෂ්ටියට කීමට එක දෙයක් තිබේ.

    ඒ නම් මංතුමා ද වෙජිටේරියන් කෙනෙක් බවයි.

    හැබැයි ඒ සැමදා රාත්‍රී නමයේ පමණ සිට පසුදා දහවල් දොලහ දක්වා පමණයි. මොකද මං උදේට කන්නේ පාන් සහ ජෑම් විතරයි!

    ReplyDelete
  27. කෑම ගැන හිතන්න ඕන දේවල් දෙකක් තියෙනවා....
    1.රහ ගුණ බලන්නේ නැතුව කාපිය
    2.ඌරන්ට මොන සෞඛ්‍ය ද.....

    ඔය විදියට හිතුවොත් බඩේ අමාරුවකින් තොරව ඕනෑම වර්ගයක ආහාරයක රස බැලීමට පුළුවන්.අත්දුටුයි.සත්තයි....

    අත්හදා බැලීම් පිළිබඳ වගකීම තමා සතු වේ.....

    කොහොමවුනත් මගේ යාළුවෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා 100%ක් වෙජිටේරියන්.මුන් දෙන්නා උම්බලකඩවත් කන්නේ නෑ.

    ReplyDelete
  28. පොඩ්ඩි,

    කතන්දරව නොලැබීම හේතුව ඇය පින්වත් කුමරියක් වීමය

    මම ලබන ආත්මේ සිට වෙජ්ජෙක් වෙමි!

    ReplyDelete
  29. ඒ කියන්නේ ලෝකෙ රන් එක ඔක්කොම දෙන්නේ ඉස්ගෙඩි....ඕන්න බලහල්ලකො ඒකෙත් හැටි.....

    ReplyDelete
  30. මම නම් මස් හොය හොය කන්නෙ නැහැ. හැබැයි ඉතින් නොකා ඉන්නෙත් නැහැ.... :)

    ReplyDelete
  31. ඔබතුමා අර්ධ වෙජ්ජෙක් බව අහන්න ලැබීමත් සතුටක් .

    .හැබැයි ඉතින් පාන් වල ගුල්ලෝ සහ ජෑම් වල කුහුඹුවෝ එහෙමත් එකා දෙන්නා ඉන්නවා !

    ReplyDelete
  32. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මගේ තියරිය තමයි ඔන්න ඔහේ තියෙන දෙයක් කනවා. දුන්නු දෙයක් කනවා.

    චුන්ද සූකර දුන්නත්, අනේ පිඬු දුන්නත්, විශාකා දුන්නත් එකම සැලකීම.

    හැබැයි චිංචිමානවිකාව දෙන දේවල් නං ටිකක් හොයල බලල මිස කටට ගන්නේ නෑ.

    අද (27/05/2011) කතන්දරේ - "මේක චිකන් ද ෆිෂ් ද?"

    ReplyDelete
  33. මම ෆිෂ්ටේරියන් !

    ReplyDelete
  34. මමත් ඉතින් විවාහ දිනය වන තුරුම පිරිසිදු වෙජිටේරියන් තමය්. හැබැය් අර තඩි කේක් ස්ට‍්රක්චර් එක ඵොටො ගහල ඉවර වෙන කොට නම් මම ත් නොන්-වෙජ් වෙලා!

    ReplyDelete
  35. හ්ම්ම්.. සමාවෙන්න කියවන්න එන්න ප්‍රක්කු උනාට. :D :D කොවුව කොහොම උනත් කලින් පොස්ට් එකට වඩා මං මේකට කැමැති. :D :D

    ReplyDelete
  36. මම නම් පැටිය කාලෙ ඉඳන් එළවළු ජීවිතයක් තමයි..මස් නම් කටට දාන කැල්ල එලියට දාල අප්පිරියාවට පොඩි කාලෙ..මාළු නම් පොඩ්ඩක් කාල..පස්සෙ ඒ කන්නෙ මාලු ව ගෙ මස් කියල දැන ගත්තම එකත් කැවෙ නැලු..
    දැඩි තර්ජන එනකොට අම්මගෙන් පොෂණ ඌනතා ගැන දැන් ඔම්ලට් එකක් කනව..

    ReplyDelete
  37. මන්තරකාරිත් වෙජී...අවුල තියෙන්නෙ වෙජිටේරියන් කිව්ව ගමන් හැමෝම සෝයා හදලා දෙන එකනේ...මං දැන් සෝයාටේරියන් වෙලා...

    ReplyDelete
  38. මෙතන පොඩි කේස් එකක් තියන්වා අපි මොකක් හරි දෙයක් එක්ක අපහසු නම්, අපි ඒකට වෙන නමක් පාවිච්චි කරනවා. අරක්කු බොන්න යමු කියලා කවුරුත් අහන්නෙ නෑ, ඩ්‍රින්ක් එකක් ගන්න තමයි යන්නෙ. මාලු කෙසේ වෙතත් මසු ත් එහෙමයි, හරක් කුකුල්, කියනවා වෙනුවට බීෆ්, මට්න්,චිකන්, පොර්ක් ,වයිල්ඩ් බෝ වග ඒවා තමයි කන්නෙ. "අපේ පුතා බොන්නෙ නෑ, ඔය පාටියකට වගේ ගියාම පොඩ්ඩක් ගන්නවා" ඒ අම්මා කෙනෙක් පුතෙක් ගැන කියන හැටි. ඇමරිකන් කාර්‍රයා මිනී මැරුවාම "කෝලැටරල් ඩැමේජ්" කියලා කියන්නෙත් ඒකනෙ.
    ඒ කියන්නෙ හිත යට අපි දන්නවා මස කන එක චා වැඩක් කියලා. ඒත් රස මතක් වෙනකොට ඉන්න බෑ.ඒවා වහගන්න වෙජියන්ව සියුම් බයිට් එකකට නොගන්නෙත් නෑ, තව තර්ක තියනවා, තමන්ට දිනපතා අවශ්‍ය වතුර ටිකත් නොබොන එකා කියනවා මස් නොකා අවශ්‍ය ඇමිනෝ අම්ල සෙට් එක ඇඟට එන්නෙ නෑ ඒ නිසයි මස් .. කියලා. තව එකෙක් බෞද්ද කමත් එක්ක ඒක ගාව ගන චුන්ද ගෙ කේස් එක ඉස්සරහට දානවා.
    ඒත් බොටම් ලයින් එක නම් අපි මිනිස්සු හැටියට සත්තුන්ට මාර දුකක් දෙනවා ,ඒක කොටියෙක් සින්හහයෙක් කරන ජාතියෙ දෙයක් නෙවෙයි ඊට එහා ගිහ මාරම මාර කුහක වැඩක්.
    සත්තුන්ට කතා කරන්න බැරි නිසා අපි ඉතින් එක එක තර්ක ගේනවා. හරකෙක් ට කතා කරන්න පුලුවන් කම තිබ්බා නම් අහයි " යකෝ තොට ඇමිනෝ අඩුයි කියලා මට ලපං ද කියලා"
    අපි මේ ප්ලැනට් එක උලාකාල තියන්නෙ, ඒ බව පිලිගෙන කරන මගුලකට අවන්ක වෙමු. එතකොට අඩු ගානෙ අපි දන්නවා මස් කන එක මහ අසමජ්ජාති වැඩක් ඒත් ඉතින් අපි අසමජ්ජාතියො නිසා ඒක කරනවා කියලා.

    ReplyDelete
  39. රසට උයලා තිබුනොත් ඕන දෙයක් කන්න පුළුවන්,,එළවලු ජිවිත පවු

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.