Monday 23 May 2011

වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය - Carnivorous Vs Herbivorous (or is it Omnivorous)


සත්තු ජාති දෙකක් ඉන්නවා කියලා මං දහයේ පන්තියේ දී කොහෙද විද්‍යාවට ඉගෙන ගත්තා. මේ දෙජාතිය තමයි, හර්බිවොරස්, ඒ කියන්නේ ශාඛ භක්‍ෂකයෝ සහ කානිවොරස්, ඒ කියන්නේ මාංශ භක්‍ෂකයෝ.

මේ කුල දෙකේ ස්ථිර සාර සාමාජිකයෝ ඉන්නවා. උන් අනිවාර්යයෙන් ම අනිත් කුලේ අයට වඩා වෙනස්.

උදාහරණයක් විදියට: හරක් තණ කති. එළුවෝ ද තණ කති. හැබැයි මුන් දෙගොල්ලෝ වැරදිලාවත් මස් මාංශ නොකති. තේරුණා නේ?

ඒ වගේම සිංහයෝ මස් කති. හැබැයි සී.ටී. ප්‍රනාන්දුත් කියාපු විදියට සිංහයෝ තණකොළ නං පුතෝ මේ කපේදී නොබුදිති.

කොටි ද මස් මාංශ කන්නෝය. අප අසා නැතුවාට කොටි තණකොළ නොබුදිති යි කියා කියවෙන සින්දුවක් ද තියෙනවා වෙන්න පුළුවනි. පැහැදිලියි නේ?

උසස් මනස=මන උස්සා=මනුස්සා වගේ කතන්දර ගෙතිලා තිබුණත්, මිනිසාත් ඉතිං අවසාන විග්‍රහයේ දී සතෙක් තමා.

පොදු වශයෙන් සලකන කොට නං හැබැයි මිනිසා කියන සතා ශාක භක්‍ෂණයේත්, ඒ වගේම, මාංශ භක්‍ෂණයේ ත් දෙකේම නිරත වෙනවා. ඒ කියන්නේ සර්වභක්‍ෂක.

මේ අතින් බලන කොට නං මිනිසා වඩා සමාන වන්නේ සිංහයාටවත්, කොටියාටවත් නෙමේ කුකුළාට යි.

මොකද කියනව නං, කුකුළෝ හාලුත් කනවා. පනුවන්වත් කනවා.

සිංහයෝවත් කොටියෝවත් පළා වර්ගවත් ධාන්‍ය වර්ගවත් කන්නේ නෑ! තනිකර මස් විතරයි. හැබැයි රාත්තලම ඕනෑත් එක්ක.

සාමාන්‍යයෙන් සිංහල අපේ සම්මත පිළිගැනීම නම් එළවළු කන ශාක භක්‍ෂකයින්ට වඩා මස් ගිලින මාංශ භක්‍ෂකයින් උසස් ය කියන එක බව හැමෝම වගේ දන්නවා නේද?

ආයෙත් කියනවා නං, මස් කන අය එළවළු විතරක් කන අයට වඩා උසස්!

මෙහෙම කියන්නේ මං හෙම නෙමේ. වික්ටර් රත්නායකත් සාක්‍ෂි, සී.ටී. ප්‍රනාන්දු ත් සාක්‍ෂි. (මේ ගැන දන්නෝ ඇත්නම් කරුණාකර නොදන්න අයට පහදා දෙන්න.)

-කතන්දරකාරයා

ප/ලි:
මේ ලඟදී මට කතන්දර පාඨකයෙක් ඊමේල් එකක ලියලා එව්වා මං ලියන කතන්දරත් අර කවුද කරපු දේශනා වගේ ඕන කෙනෙකුට, තමන්ට හැකි ආකාරයට තේරුම් ගන්න පුළුවනි ය කියලා.

කාට කියන්නද මේ අවනඩු? අනේ මන්දා?

(image: http://flotationwalls.com/mvc/why%20vegetarianism%20is%20better-0632.html)

39 comments:

  1. රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබලේ........

    ReplyDelete
  2. පූසොත් සර්වභක්ෂක!

    ReplyDelete
  3. මස් කනවය කියන්නෙ ඉතිං අර ආහාර දාමයේද මොකේද ඉහලින්ලුනෙ ඉන්නෙ... ඉතිං හරි නේ... :D

    ReplyDelete
  4. හරි විදිහට වෙජිටේරියන් වෙන්නෙ කොහොමද දන්නවද?

    http://www.budurashmiya.net/2011/01/blog-post_31.html

    ReplyDelete
  5. හිතවතුනි,
    කිසිම ලින්ක් එකක් නැති මේ කෙටි ලිපිය (පුදුමයි, නේද?) මේ සතියේ එන වෙනත් කතන්දර දෙකක මුලාරම්භය බව කරුණාවෙන් සලකන්න.
    -කකා

    ReplyDelete
  6. ආහාර දාමයේ උඩින්ම ඉන්න අයගේ ඇහේ විස වැඩියි. සමහර EU රටවල XXX kg වලට වැඩ බර වැඩි මාළු විකුනන්න තහනම්.

    මගේ යාලුවෙක් හිටිය කිරිවත් බොන්නේ නැහැ, කිරි දෙනුන්ගෙන් ලැබෙන වහු පැටියව මරනවා කියල. හැබැයි කෘමිනාශක ගහල ගහල හදන හාල්වලින් එන බත් නම් කනවා.

    ReplyDelete
  7. අපි නම් සර්වභක්ෂක

    ReplyDelete
  8. මොනා කියන්නද මන්ද .........

    ReplyDelete
  9. ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් තේරුම් ගන්නේ ඉතින් තමන්ට ඇහැක් විදියට තමයි. එන කමෙන්ට්ස් දිහා බලපුවාම එහෙම හිතෙන්නේ නැද්ද?

    ඔන්න මේ කතාව කියපුවාම මට තේරෙන්නේ මස් කන එක උසස් අයගේ පුරුද්දක් කියන්ට හදනවා කියලයි.

    ReplyDelete
  10. @ All
    බෞද්ධයෝ හැටියට, අවිහිංසාවාදීන් හැටියට අපි සලක්නනේ මාංශ භක්‍ෂණය බරක දෙයක්, නවතා දැමිය යුතු දෙයක් කියලයි.

    මේ දවස්වල හාමුදුරු කෙනෙක් උපවාසයකුත් කරනවා නේද, හරක් මරන එක නීතියෙන් තහනම් කරන්න කියලා.

    නමුත් අපේ පොදු විඥාණය තමයි ආහාර දාමයේ උඩින් ඉන්න සිංහයෝ වගේ සත්තු උසස්ය, පහලින් ඉන්න ගවයෝ වගේ උන් ගොන්නුය, හරක් ය කියන එක.

    සී.ටී. ප්‍රනාන්දු කියන විදියට:
    1. තණකොල නොබුදිති සිංහ පැටවු (ඉහල පෙලේ අය වෙජීටේරියන්ස් ලා නොවේ)

    2. ගව තෙල් නොදමති රන් බඳුනේ (වෙජිටේරියන්ස් ලා ට ඉහලින් සැලකිය යුතු නැත)

    වික්ටර් රත්නායක කියන විදියට:
    රත්තරං කෙංඩියේ සිංහ තෙල් වගේ.. (මාංශ භක්‍ෂකයින් ට ඉහල තැන දීම යුතුය)

    බුද්ධි දාලා තියෙන ලින්ක් එක බලන්න. ඉතා වැදගත් කරුණු එහි තියෙනවා, විශේෂයෙන්ම පාරිශුද්ධ මාංශ සංකල්පය - මං පොඩි කාලේ අහපු එකක්. තව කතන්දරයකට මුල ඒක.

    මට පේන්නේ බොම්බිලි කෑම අත් හරින්න ඕනෑ නෑ වගේ...!!!

    ReplyDelete
  11. \\සාමාන්‍යයෙන් සිංහල අපේ සම්මත පිළිගැනීම නම් එළවළු කන ශාක භක්‍ෂකයින්ට වඩා මස් ගිලින මාංශ භක්‍ෂකයින් උසස් ය කියන එක බව හැමෝම වගේ දන්නවා නේද?//

    උස්ස මනස ඇති කෙනෙක් විදියට මොන පදනමකින් කිවුවද කියල මට හිදාගන්න නම් අමාරුයි.
    අපිට ජීවත් වෙන්න සත්ව ප්‍රෝටීන අවශ්‍යයි. ඒක මං පිලිගන්නව. ඒ අපි පරිනාමය උනේ කෘමිභක්ෂක හික්මීයෙක් වගේ සතෙගෙන්නෙ. ඒ ලක්ෂන අපේ ඇඟේ තියෙන නිසා සත්ව ප්‍රොටීනුත් අපේ ආහාරයට අවශ්‍යයි. ඒත් අත්‍යාවශ්‍යද..??? මම නම් හිතන්නෙ නෑ.. :D :D :D

    ReplyDelete
  12. "පාරිශුද්ධ මාංශ සංකල්පය"

    හලාල් මස් වගේ එකක්ද?

    ReplyDelete
  13. මං හිතුවේ උඩ දාලා තියෙන පින්තුරේ ගැන විග්‍රහයක් වෙන්න ඇති කියලා...

    ReplyDelete
  14. ලෙටූස් ටික කාලා හකල... මෂ් ටික කන්නමයි හිත..

    චෝක් පික්චැර් එක....

    තෑන්ක්ස් බුවා....

    ReplyDelete
  15. හැමෝම දන්නවනේ පූසෝ කුප්පමේණියා මුල් වලට කොච්චර ආසද කියලා. කුප්පමේණියා ගහක් උගුල්ලලා දුන්නහම පූසෝ නට නට තමයි එක කන්න එන්නෙ. එච්චරටම උන් කුප්පමේණියා වලට ආසයි.

    ඊට පස්සෙ දැන් හැමෝම දන්නවනේ, සිංහයත්, කොටියත් බලල් පවුලේ සාමාජිකයෝ කියලා. කවුරු හරි සිංහයෙක්ට කුප්පමණියා ගහක් දික් කරලා බලලා තියෙනවද උන් ඒක කන්නෙ නෑ කියලා ?

    දන්නෙ නැති නිසා අහන්නෙ....? කුප්පමේණියා අයිති වෙන්නෙ තණ කොල ඝණයටද ?

    ReplyDelete
  16. හෆොයි දෙයියනේ මොනව නොකෑවත් බොම්බිලි නොකා ඉන්න පුළුවන්ද ?

    ReplyDelete
  17. අනේ මන්ද කතන්දර...
    පොඩි අවුලකට තියෙන්නේ ඔය සිංහයොත් බඩේ අමාරුවක් සෙට් උනාම තණකොළ කනවා නිකන් බල්ලෝ වගේම. එතකොට ඉතින් ඉදල හිටලා හරි සි.ටි. ගේ සින්දුව වෙනස් කරන්න වෙනවා.
    ඕක කියද්දී මතක් උනේ ඉන්න තැන අනුවත් කන බොන විදිහ වෙනස් වෙනවනේ.
    මේ වෙසක් දවසේ මස් මාළු කන්නේ නෑ කියල හිතාගෙන ඉදල මම ලෝක අමාරුවක වැටුන. මම ඉතින් උයන්නේ නැනේ තනිකර කඩෙන් තමා කෑම. ඉතින් මස් මාළු නැතුව කන්න හිතන් ඉදල වෙසක් දවසේ උදේට මුකුත් කන්න උනේ නෑ. දවල්ට යෝගට් එකක් තමා. අම්මප චොකලට්වත් වෙගිටරියන් නෙවෙයිනේ. අන්තිමට රෑට පාන් කැල්ලක් කාල නිදාගත්තා. පහුවදා ඇරියස් ඇල්ලුවා.
    ඉතින් ඔය කතාවටම අර දේසේ හැටියට වාසේ කියන එකත් එකතු වෙන්න ඕනේ.

    ReplyDelete
  18. සම හරක් ඉන්නව, මස් අනුබවයෙන් තොරයි. නමුත් ඒ රසටම හදපු, ඒ හැඩයෙම, ඒ ආකාරයටම හපල කන්න පුළුවන් වෙජි සෝයි කනව..

    එයාලටත් වෙනම නමක් තියෙනවද...?

    ReplyDelete
  19. අමාරුවෙන් හරි එළවළු ටිකක්, කරවල කෑල්ලක් බඩට වැටෙන සොමිය නැහැ මස් වල නේද.....

    අරබියේ කට්ටියනම් මාOසම මාOශ භක්ෂකයෝ ඕO....මස් කිලෝ එකක් එක්ක විතර, චූට්ටන් රොටි කෑල්ලක් අමාරුවෙන් ගිල දානව නෙ.....

    ReplyDelete
  20. කලින් කතන්දරයක් ගැන මගේ පාඨකයෙක් ඊ-මේල් එකකින් කීවා වගේ සහ අද පොඩි කුමාරිහාමි කියා ඇති පරිදි මේ පොඩි කතන්දර කෑල්ලේ එක එක්කෙනා දකින්නේ එක එක පැත්ත.

    කැමති අය එලවලු කාපුවාවේ, කැමති අය මස් මාංශ කාපුවාවේ - වැදගත්ම දේ අනිත් අයට කරදරයකින් තොරව ඒක කරන්න පුළුවනිද කියන එකයි.

    අනිත් කාරණය තමයි තමන් එලෝළු ජීවිත නං ඒක අනිත් අයට බලෙන් දාන්නේ නැතුව සහ තමන් මස් කටු කෂ්ටියේ නම් ඒක අනිත් අයට පටවන්න හදන්නේ නැතුව ඉන්න එක.

    මේ කතාව මෙතනින් ඉවර නෑ. තව පොඩි පොඩි කෑලි රාශියක්ම තියෙනවා.

    ReplyDelete
  21. පූසො සර්ව භක්ෂක නෙමෙයි!
    බල්ලොවත් සර්වභක්ෂක නෙමෙයි ලු!!
    (වෙන කන්න දේවල් නැති නිසා පාරෙ, ගෙවල් වල ඉන්න බල්ලො පූසො සර්ව භක්ෂක වගේ වෙලා තමයි)
    බල්ලො මාංශ භක්ෂක (Dogs: Carnivore)
    පූසො අතිශයින් මාංශ භක්ෂක (Cats: Obligate Carnivore)
    බල්ලො obligate නොවන නිසා ඇතැම් පලතුරු වගේ ඒව කෑවම දිරවනව (නරි වගේ උන් බෙරි, මොදි වගේ ආහාරයට ගැනීම)
    හැබැයි පූසො පිෂ්ඨ ආහාර (ධාන්‍ය) කෑවමම දියවැඩියාව හැදෙනව ලු. ඇස් පෙනීම අඩු වෙනව ලු....

    සිංහයොත් පූසො වගේ ආහාර ජීර්ණයටයි බහෙත් විදිහටයි තණකොල කනව ඇති. (කුප්පමේනිය තණකොළ නෙමෙයි)

    http://wiki.answers.com/Q/Do_lions_eat_plants
    (මෙතන තියන විදිහට නම් බඩගින්නටත් කනව)

    ReplyDelete
  22. @අමිල අබේනායක:
    සප්පරා (Sword Fish) සහ කොප්පරා (Marlin) කියන මාලු ජාති දෙක ගැන ඔයා ඔය කියන්නෙ. ඒව තහනම් කරල තියෙන්නෙ කිලෝ 65ට වැඩි මාලු විකුනන එක. එයිනුත් කොප්පරු විකුනන එක සම්පූර්නයෙන්ම තහනම් කලා මේ ලඟදි.
    මේ මාලු ජාති දෙකේ තියන අවුල තමයි අන්තර්ගත් බැර ලෝහ (HEAVY METAL) ප්‍රමානය අදික වීම. 1ppm වලට වඩා බැර ලෝහ අන්තර්ගතයි කියන්නෙ පිලිකා ඇතිවීමේ අවදානම වැඩී කියන එකයි. EU රටවල උපරිම බැරලෝහ සීමාව තමයි 1ppm.

    ReplyDelete
  23. බහුතරයක් හින්දු ශාක භක්ෂක, ඒත් කිරි බොනව! ( මං කිව්වෙ එළ කිරි ). සීයට සීයක් ශාක භක්ෂක වෙන්න හදන එක ප්‍රායෝගික නෑ කියලයි මට හිතෙන්නෙ. අනික අලිය කොල කාල අලි උනාට අපි ඒ සිස්ටම් එකේ බොඩි කාරයො නෙමෙයිනෙ කොල කාල ගොඩයන්න?

    ඔය පින්තූරෙ ඉන්න අය කියන විදියට කොල කන අය කන්න එපැයි උන් රහද කියල තේරෙන්න. ඒ කියන්නෙ මුං ව්යංගෙන් හරක් මස් එලු මස් ප්‍රමෝට් කරනවද නැත්තං උංගෙම මස් ප්‍රමෝට් කරනවද?

    ReplyDelete
  24. පිංතුරෙත් බැලුව,කතන්දරෙය් කොමෙන්ට්ස් ටිකය් කියෙව්ව, මට ඕනෙ විධියට තේරුං ගත්ත.

    ReplyDelete
  25. සිංහයො කොටියො එහෙමත් පූවො වගේම තණකොළ කනවා. පූවො , බවුවො කියන්නෙ සර්ව භක්ෂක වෙන්න පරිණාමය වීගෙන යන කට්ටිය.

    මකරු කන්නෙ ලුණු විතරයි. ශාක භක්ෂකත් නෑ . මාංශ භක්ෂකත් නෑ. එතකොට මකරු මොන භක්ෂකද ?

    ReplyDelete
  26. @ ඕනයා thanks. ආහාර දාමයක උඩින්ම ඉන්න සත්තුන්ගේ ඇගේ විස (Heavy Metal) වැඩි වෙන්නේ "bioaccumulation and biomagnification" නිසා. මාංශ භක්ෂක, ආහාර දාමයේ උඩින්ම ඉන්න මාළුන්ගේ (Billfish, Tuna, shark etc.) ඇගේ විස වැඩි ඒකයි. සිංහ මස් කනකොටත් ඕකම වෙන්න පුළුවන්. "බුද්ධිගේ" ලින්ක් එකට අනුව සමහර මස් කන්න, සමහර එව්වා එපා කියල තියෙන්නේ ඒහෙතුව නිසාද කියල සැකයක් තියනවා?

    සිංහ තෙල් වටින්නේ විශාල පද්දතියක විස එකතු වෙලා තියන් නිසාද?

    "පිරිසිදු" තණකොල කන හරක්ගේ මස්වල විස අඩුවෙන්න පුළුවන් (උන් ආහාර දාමයේ පහළින්ම ඉන්න නිසා). හලාල් ක්‍රමේට මැරුවොත් තවත් විස අඩුවෙන්න පුළුවන් (එතකොට හොදම විධිය බුද්ධිගේ ලින්ක් එකේ තියන විදියට පවු සිද්ද නොවෙන විදියට හලාල් විදියට මරපු මස් කන එකද?)

    ReplyDelete
  27. මකරා ගේ කොමෙන්ටුව දැක පරණ කතන්දරයක් සිහිවිය.

    http://kathandara.blogspot.com/2010/04/blog-post_16.html

    ReplyDelete
  28. @ Amila Abeynayaka
    අමිල ඔබ බුද්ධි එවා තිබූ "බුදුරශ්මිය" බ්ලොග් එකේ ලිපිට පොඩ්ඩක් ටපලාගෙන වගේ. පාරිශධද්ධ මස් කියන්නේ හලාල් ක්‍රමයට මරපු මස් නොවේ.

    ReplyDelete
  29. සමා වෙන්න, මට කියන්න ඕනි දේ නෙවෙයි තේරිලා තියෙන්නේ.
    A. බුදුරශ්මිය B. හලාල්.
    (A n B ) = පවු නැති විස අඩු

    [A n B කියන්නේ දෙකටම් යටත් වෙන, (ධෙකෙම එකතුව නොවේ) mathematically "n" or "inverted U" කියන්නේ all elements in both A and B0

    ReplyDelete
  30. මම නම් පොඩි කාලේ ඉඳලා අමුම අමු වෙජිටේරියන් . මම එහම උනේ පින් සලකලා වත් සත්තුන්ට ආදරේ නිසාවත් නම් නෙවේ ඇත්තම කීවොත් මට සමහර මස් වර්ග ඇලජික් ඒක නිසා මසට තිත තිවුවා පොඩි කාලෙම .

    ReplyDelete
  31. බළල් පවුලෙ සතුන්, අඩුම වශයෙන් ගෘහාශ්‍රිත එවුන්, සමහර වෙලාවට තණකොල කනවා; ඒ පෝෂණ ඌනතාවයක සලකුණක්. Pica = A vitiated appetite that craves what is unfit for food, as chalk, ashes, coal, etc.(in humans)
    තවත් විටෙක ඇඟ ලෙව කෑමේදී ගිලුනු රෝම ආමාශයේ එක් රැස් වීම වළක්වා ගන්නට බලෙන් වමනය කරන්නටත් බළල්ලු තණ කනවා..

    එහෙම ගත්තම ෂින්දුව වැරදියි!!

    දුමී - කුප්පමේනියා බළල්ලුන්ට ඇෆ්‍රොඩීසියැක්ස්ලු.. වැඩිපුරම දැපනෙ වැටෙන්නෙ පිරිමි එවුන්!

    ReplyDelete
  32. @ All
    ප්‍රතිචාර දුන් සියළු දෙනාටම ස්තුතියි!

    ශාක භක්‍ෂකයින් නම් මාංශ භක්‍ෂණයක් නැති බව අපි දන්නවානේ.

    ඊලඟට මට අහන්න තියෙන ප්‍රශ්ණය නම් මාංශ භක්‍ෂකයින් ට ශාක භක්‍ෂකයින් දිරවන්න පුළුවන්ද කියන එකයි.

    එය අද (මැයි 25 බදාදා) කතන්දරය ඇතුලෙන් බලාපොරොත්තු වන්ණ.

    ප/ලි
    ඊයේ ගූගල් ඉෂු එකක් හින්දා සමහර අයට කමෙන්ට් කරන්න බැරිවෙලා තියෙනවා.

    ReplyDelete
  33. මම ෆිෂ්ටේරියන් !!!

    ReplyDelete
  34. I may be wrong but based on some medical articles I read some time back, reason for fish having heavy metals in their body is mainly because of the ocean pollution that we have created.

    ReplyDelete
  35. අවසානය සමග එකග නොවෙමි... මස් වලට කෑදර කමේ තවත් සතෙකුගේ ජිවිතේ ගිල ගැනීම උසස් කම නෙමෙයි සහෝ...

    ReplyDelete
  36. to know some scientific facts about vegetarians, read our blog at
    http://nutritionmri.blogspot.com/2011/05/vegetarian-diet-how-to-plan-your-own.html
    නිවැරදිව නිර්මාංශික ආභාර වේලක් සකස් කර ගනිමු!

    ReplyDelete
  37. ''සාමාන්‍යයෙන් සිංහල අපේ සම්මත පිළිගැනීම නම් එළවළු කන ශාක භක්‍ෂකයින්ට වඩා මස් ගිලින මාංශ භක්‍ෂකයින් උසස් ය කියන එක බව හැමෝම වගේ දන්නවා නේද? '' මම විරුද්දයි .... ඇතා අශ්වයා.... අමතක උනාදෝ

    ReplyDelete
  38. අනේ මංදා ජීවිත කාලයක් ජීවත් වෙන සතෙක් මරලා ඒ මල කුන කාලා. ඉන්නෙ නැතුව සමහරු ඒක සාදාරනීකරනය කරන්න හදනව ඒ මදිවට මරන ක්‍රමත් යෝජනා කරනවා

    ReplyDelete
  39. මානස භක්ෂකයෝ උසස් වෙන්නේ සත්තු අතරෙනේ.. සත්තු අදහන මිනිස්සුත් ඒ වගේ (ඒ අයනේ ඔය සත්තු ඇඳලා තියෙන කොඩියක් හින්දා එකිනෙකා මරාගන්න හදන්නේ )

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.