Wednesday 13 October 2010

හබරල ගාලේ කබරගොයි විවාදය


මං ඉස්ඉස්සෙලාලාම ෆුල් ඉලෙක්ෂන් ආතල් එකක් ගත්ත 1994 මහා මැතිවරණය ගැන පරණ කතන්දර කීපයක් තමයි මේ කියාගෙන යන්නේ. ධර්මිෂ්ඨ සමාජය අවසාන වේගෙන යමින් තිබුණු මේ කාලේ මං විකල්ප පත්තර බැලුවා, රුපියල් විස්සේ පෙට්‍රෝල් ගැන වාද කළා, දේශපාලන රැස්වීම් බැලුවා, ඒ එක්කම රූපවාහිනියේ වාද විවාදත් නැරඹුවා.

මේ දවස්වල ටී.එන්.එල්. එකේ පටන් අරං තිබුණු දේශපාලන විවාද වැඩ සටහනක් තමයි ජන හඬ. මං හිතන්නේ මේක තමයි අද තියෙන විවාද වැඩ සටහන්වල පුරෝගාමියා. සාමාන්ය ෆෝමැට් එක වුනේ ආණ්ඩු පස්සෙනුයි, විපස්සෙනුයි දෙන්නෙක් ඇවිත් වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදියාගේ දෙපැත්තෙන් ඉඳගෙන අහන ප්‍රශ්ණවලට උත්තර දෙමින් වාද-විවාද කරන එක.

මේ වැඩ සටහන මුලින් මෙහෙයෙව්වේ ඒ දවස්වල ලංකාදීප පත්තරේ ද කොහෙද වැඩ කරපු ආරියනන්ද දොඹගහවත්තයි.

සමහර දවස්වලට වෙන පොඩි පහේ පොරක් වැඩ බැලුව. ඒත් මං පස්සෙ කියන්න යන කාරණයක් නිසා ඒ සෙකන්ඩ් ඉන් කමාන්ඩ් කොල්ලා ගේ හරි නම දැන් මතක නෑ.

මේ ජන හඬ වැඩ සටහනේ මං බලපු විනෝදාත්මකම විවාදය තිබුනේ ඒ දවස්වල විපස්සේ ක්‍රියාකාරිකයෙක් වුණු මහින්ද යි, විජය, චන්ද්‍රිකා එක්ක දේශපාලනේ කරල පස්සේ ප්‍රේමදාසවාදියෙක් වුණු ආණ්ඩු පස්සේ ඔසී යි අතරේ.

ඔසී නං දැන් ජීවතුන් අතර නෑ. ගාමිණී මැරුණු කොටි බෝම්බෙන් පරලොව ගියා. ඒ දවස්වල හිටපු මහින්දත් දැන් ඉතිං නෑනේ. මං කියන්නේ අර මානව හිමිකම් ගැන කියන්න ජිනීවා ගිය, ආණ්ඩුවේ මිනී මැරුම් වලට විරුද්ධව පා ගමන් ගිය කෙනා ගැනයි.

ඉතිං මේ දෙන්න ගේ විවාදය නරඹල මං ෆුල් ආතල් එකක් ගත්ත එදා. මොකද දෙන්න කලේ එකිනෙකා සමග රණ්ඩු වීම තමයි පටන් ගත්තු වෙලාවේ ඉඳලා. ආරියනන්දට කිසි කොන්ට්‍රෝල් එකක් තිබුනේ නෑ. ඒ ගත්ත ඉලෙක්ෂන් ඩිබේට් ආතල් එක ඩබල් වෙලා, ට්‍රිබල් වෙලා අද අවුරුදු දාසයකට පස්සෙත් මට දැනෙන්නේ නම් වෙනම හේතුවක් හින්දයි.

මේ කියන කාලේ, ඉරිදා ලංකා පත්තරේද කොහෙද ගියා තීරු ලිපියක් පිස්සා ගේ පලාමල්ල කියලා. අද සිංහල බ්ලොග් අවකාශයේ තියෙන පලාමලු වගේම ජොලි කතා තිබුණු කොලමක් මේක.

මේ කොලම ලියපු පිස්සා, එක සතියක ලියල තිබුණා මේ ජන හඬ විවාදය ගැන. පිස්සා කියපු විදියට පත්තරකාරයෝ එහෙම නැත්තං ජර්නලිස්ට් ලා ජාති දෙකක් ඉන්නා. එක කොටසක් සැබෑ පත්තරකාරයෝ. අනිත් අය බෝතල් පත්තරකාරයෝ, එහෙම නැත්නම් බොටල් ජර්නලිස්ට් ලා. පිස්සා ට අනුව මේ ජන හඬ වැඩ සටහන ඉදිරිපත් කලේ බොටල් ජර්නලිස්ට් ලා යි.

ඉතිං එදා ඉඳං, අපේ ගෙදර කෂ්ටිය ආරියනන්දට කීවේ ලොකු බොටල් කියලයි. අර සෑකන්ඩ් ඉන් කමාන්ඩ් ට කීවේ පොඩි බොටල් කියලයි. පොඩි පොරගේ නම අද මට අමතක ඒ නිසයි.

පිස්සා ගේ පලාමල්ල කොලමේ එදා තිබුණු ජොලිම කෑල්ල මෙන්න මේකයි.

පොර මහින්දගෙයි, ඔසීගෙයි විවාදය සමාන කරල තිබුනේ හබරල ගාලක කබරගොයි දෙන්නෙක් කරන රංඩුවකටයි!

කබරයො දෙන්නෙක් ගේ බාව පහරවලින් හබරල කොල පොඩිවෙන හැටි මේ කතන්දරේ කියවෙන හුඟ දෙනෙක් දැකල නැතුව ඇති. මාත් කබරයො තනි තනිව ඉන්නව මිසක් කබර ෆයිට් එකක් දැකල තිබුනෙ නෑ.

හැබැයි පිස්සා ගේ පලාමල්ල බැලුවට පස්සේ, ඒ වෙනකොටත් හිතේ ෆෙෂ් විදියට තිබුණු ජන හඬ විවාදයේ රූප මාලාව ආවර්ජනය කරල, ඇත්තටම කබරයො දෙන්නෙක් හබරල ගාලක පොරකන හැටි මට රියලිස්ටික් විදියට හිතෙන් මවාගන්න පුළුවන් වුණා.

ඔබටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි
මං දැන් බලන්නේ කතුර කියන රූපවාහිනී දේශපාලන විවාද වැඩසටහන විතරයි. මේක හරිම හොඳ ප්‍රෝගැම් එකක්. එත් මට හිතාගන්න බැරි ඇයි හරියට එඩිට් නොකර, අර වෙළඳ දැන්වීම් යන අතරේ තුන්දෙනා නිකං කතාකරන ඒවත් පෙන්නන්නේ කියලයි.

46 comments:

  1. කසූත් හෙණම දේශපාලන සත්වයෙක් බව පේනවා :)

    ReplyDelete
  2. ඒ දවස්වලට වඩා දැන් කබරයි වැඩිද මන්දා..?
    හබරල ගාළුත් ඔන තරම්...

    ReplyDelete
  3. ප.ලි. කෑල්ලෙ තියෙන එක තමයි නියම කතාව.

    ReplyDelete
  4. කතුර නම් එළම තමා. මාත් දවසක් දෙකක් විතර බලල තියනවා. වෙලාවට ගෙදර ටීවී එක කැඩිල. ආයේ ඒක හදන්නේ නැතිව ඉන්නවනම් හොඳයි වගේ.

    ReplyDelete
  5. කබරගොයින් ගේ රණුඩු නම් මම නම් ඕන තරම් දැකල තියෙනව.අනික වුන් ඉන්නෙම හබරල ගාල් අස්සේ තමයි... අපේ ගෙවල් පහල වත්තේ ඉන්නව කබර චණ්ඩියෙක් කොච්චර චණ්ඩිද කියනව නම් අනේ ඒ අහිංසකයගේ එක ඇහැක් පේන්නේ නැහැ. රතුම රතු පාටයි....

    ඔය පාලනය තියෙනව නේද දේශපාලනය... අහිංසක සත්තු පලි නැහැ නේ බඩ තඩි ඔළුව අඩු මිනිස්සු කරන දේ වලට.. අන්න ඒකට නම් මම තදින්ම විරුද්ධයි ඕංං

    ReplyDelete
  6. මම හිතන්නේ පොඩි බොට්ල් තමයි චමුදිත.හැබැටම අර කලින් හිටපු මහින්ද දැන් නැද්ද ඈ?

    ReplyDelete
    Replies
    1. නෑ, චමුදිතට කලින් හිටියේ චන්දන සූරියබණ්ඩාර. 1994 දී ගැටවරයෙක්. දැන් එයා ඉන්නේ සිරසේ.

      Delete
    2. පොඩි බොට්ල් තමයි දැන් සිරසේ ලක්‍ෂපති කරන්නේ!

      Delete
  7. පව් අහින්සක කබරගොයි ...සත්ව හිමිකම් ඝාතනයට මගේ විරෝධය.
    (කන්න හිතුනම තලගොයි වෙන්නෙත් ඔය කබරගොයිනේද මෙයා)

    ReplyDelete
  8. මට මතක හැටියට පොඩි බොටල්ට හිටියෙ චන්දන සූරියබන්ඩාර...චමුදිත ආවෙ ඊට ගොඩක් පස්සෙ, චන්දනගෙ පොඩි බොටල් විදියට..කොහොම හරි ඒ බෝතල් පත්තර බිස්නස් එකෙන් මුන් දෙන්නම නම් ගොඩ ගියා..චන්දන රනිල්ගෙ මීඩියා යුනිට් එකේ...චමුදිත මහින්දගෙ එකේ...

    ReplyDelete
  9. ඔය 'හබරල ගාලේ කබරගොයි' විවාද වල ජොලිය වැඩිම දැනෙන්නේ අවුරුදු කීපයකට පස්සේ කෂ්ටියගේ රෝල්ස් මාරුවුනාට පස්සෙ බලනකොටයි. මහින්දලා කවුද මේ ඊයෙ පෙරේද ශ්‍රී රංගලා ගහපු බල්ටි දිහා බලනකොට. :D

    ReplyDelete
  10. මමත් ඒකාලේ ඔය පිස්සාගේ පලාමලු කීපයක් කපලා අලවගත්තා කවදහරි කතන්දර බ්ලොග් එකේ මේ කතාව යන දාට මොනවහරි දාන්න කියලා. ඒත් කරුමෙට ඔය කෑල්ල අලවලා නෑ.
    මතක විදිහට ඕක ලියවිලා තිබුනේ 'හබරල ගාලේ සිට සජීව රූපවාහිනී විකාශයක්' හැටියට. පිස්සාගේ පළාමල්ල ලිව්වේ 'මුල්ලේරියාවේ සවි-මන්' කියන නමින්.

    ReplyDelete
  11. කබරගොයින්ටත් අපහාසයක්...

    ReplyDelete
  12. රෝහනදීර සීයා13 October 2010 at 19:30

    දැන් නම් උඹැහැ ලියන ඒවයෙ මෙලෝ රහක් නෑ කොලුවෝ. ඇත්තමයි කියන්නේ ඕං. කිව්වට අමනාප වෙන්ඩ එපා.

    ReplyDelete
  13. මොනවා නැතත් දැන් 1,2ක නැතත් ගොඩක් චැනල් වල joker version එක යනවා නේ... ඒවනම් හිනා වෙන්න පමණයි.ඉස්සරනම් ඒවගෙන් කියවුන දේවල් වල අරුතක් තිබුනා... අනේ මන්ද.ටෙලිවිශන් කාරයොත් ට්‍රයි එක අපිව හිනස්සන්නටම තමයි....
    පුබුදුවෝ: ශිරා කථාව කබරගොයින්ටනම් ලොකුම අපහාසයක්...

    ReplyDelete
  14. දේසපාලනය නම් අරහO ඕයි....

    ReplyDelete
  15. Praසන්ன කිව්ව වගේ මාත් වැඩියෙන්ම රස වින්ඳෙ ප.ලි.කෑල්ලයි :)

    ReplyDelete
  16. මම නම් ඕවාට කියන්නේ වතුර පාටි කියල. මොකද ඔය ටී.වී. ආයතනයෙන් ඔය වැඩසටහනට වියදං කරන්නේ අර කබරගොයින්ගේ මේසේ උඩ තියන වතුර බෝතලේ විතරක් නිසා. ටි.වී .කාරයා වතුර බෝතලෙන් කොච්චර හම්බ කරනවද කියල තේරෙන්නේ විරාමයේ දී දාන ඇඩි ටික බලනකොටයි. ඔය විවාද බලන දේශපාලන කබරයෝ තමංගේ පාටේ එකා ගැන පහුවදාට වර්නනා කරන්නේ "අපේ එකා ඊයේ අරෑට දුන්නා තරුවිසි වෙන්න" කිය කියා. එත් වැඩක් නැති දෙයකට නිදිමැරුව බව උන්ට තේරෙන්නේ නැතිහැටි ! ඔය කබරයො ටික විවාදයෙන් පස්සෙ කරට අතදාගෙන එකම වාහයයේ යන අවස්තාවලුත් තියනවලු!

    ReplyDelete
  17. Mona habarala galaka giyath me kabarayanta thiyena kehilla aduwenne nene

    ReplyDelete
  18. " and company" is the best ever political program in Sri Lanka......:d

    ReplyDelete
  19. @Hasitha
    හෂිතට වැදගත් වැඩ ඇතිනේ. අන්න කැලණියේ 70ක් කෙල්ලෝ ලු.

    ReplyDelete
  20. @මාරයා
    ඔන්න හිඳිනව නං කබර තෙල්වලට හොඳ ඉල්ලුමක් තියෙයි!

    ReplyDelete
  21. @ප්‍රසන්න, අරුණි
    මං සමහර දවස්වලට ප/ප/ලි ත් ලියනවා!

    ReplyDelete
  22. @ස්වප්නා
    මොකද තාම නිදිමතද?

    ReplyDelete
  23. @ප්‍රියන්ත
    මලේ මං සතියකට ටීවී බලන්නේ සඳුදට පැය කාලයි. බදාදාට පැය භාගයයි. ගිය සතියේ ඒ දෙකම නොබලා, දිනපතා විනාඩි දහයක් විතර කොමන්වෙල්ත් ගේම්ස් බැලුවා.
    ජයවේවා!

    ReplyDelete
  24. @වත්
    හොඳ කබරයි ඉන්නේ මාතර සහ ඉනුත් ඔබ්බේ!

    ReplyDelete
  25. @සිතුවලි මණ්ඩිය
    පොඩි බොටල් මට හැමදාම පොඩි බොටල් ය.

    ReplyDelete
  26. @ඇනෝ
    අනේ පනේ බොරු නමක් හරි දාන්නකෝ, උත්තර දෙන්න ලේසියි එතකොට.
    නැත්තං මං දන්නේ කොහොමද ඔයා කබරගොයෙක් ද තලගොයෙක් ද කියලා?

    ReplyDelete
  27. @දිනිත්
    නම් මතක් කළාට ස්තුතියි. මං කිව්වේ ඒ සූරියබණ්ඩාර ගැන තමයි.

    ReplyDelete
  28. @සත්‍යා
    අන්තිම සත්‍යයක් ඔබ කියන්නේ!

    ReplyDelete
  29. @චාමි
    බලාගෙන යන කොට අපි දෙන්නගේ ටේස්ට් එක එකවාගේ නේද?

    ReplyDelete
  30. @පුබුදුවා
    ඔව්, ඔව්, කබරයි තව හොඳයි මුං ට වඩා!

    ReplyDelete
  31. @රෝහණදීර සීයා
    හලෝ කොහොමද? මතකද 2008 හම්බ වෙලා කතා කළා.
    සීයේ මේක පරම්පරා වෙනස මයෙ හිතේ!

    ReplyDelete
  32. @පොඩ්ඩ මල්ලී
    මං කිව්වෙ කතුර විතරයි හොඳ එකකට යන්නේ!

    ReplyDelete
  33. @හීනීයට
    එහෙත් එහෙමද? අනේ මෙහෙත් එහෙමයි නේ!

    ReplyDelete
  34. @සෙරෙන්ඩිපිටි
    ඇයි ඉතිං එන සුමානේ දෙගොල්ලටම දෑත් ශක්තිමත් කරන්න තියෙනවනේ!

    ReplyDelete
  35. @ඇනෝ ටූ
    කරුණාකර ඇනෝ 1 ට දුන් පිලිතුර බලන්න.

    ReplyDelete
  36. @නුවන් කිත්මල්
    මට නං ඇන් කොම්පැනිය ඇනයක්! අර ඉස්සර තිබුණු ඕල්වේස් බ්‍රේක් ඩවුන් කොච්චර හොඳඳ?

    ReplyDelete
  37. මම නම් හිත්න්නේ ලෝකෙම තියෙන තුලනාත්මක දේශපාලන වැඩසටහන තුලාව කියලා (හැබැයි අර කඩේ කොක්කෙ එල්ලන දුනු තරාදිය)ඒක ඒ තරමටම විශිෂ්ටයි බොරු ද මම කියන්නෙ

    ReplyDelete
  38. //මේ වැඩ සටහන මුලින් මෙහෙයෙව්වේ ඒ දවස්වල ලංකාදීප පත්තරේ ද කොහෙද වැඩ කරපු ආරියනන්ද දොඹගහවත්තයි//
    චැහ්! මම බලලම නෑනෙ ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ (1994) පුංචි පහේ මං නේද?

      Delete
  39. "ජන හඬ" පළමු වන වැඩසටහනට ආවේ පොදුජන එක්සත් පෙරමුණෙන් වාසුදේව යි, යූඇන්පීයෙන් ජිනදාස නියතපාල යි.

    ඒ 1994 මහ මැතිවරණයට කලින්.

    ReplyDelete
    Replies
    1. මං කියන මහින්ද-ඔසී එක තිබුණෙත් 1994 නොවැම්බර් අගට පෙර බව අනිවා කියන්න පුළුවනි.

      Delete
  40. ක.කා. ------
    "පොඩි බොට්ල්" කිව්වේ චන්දන සූරියබණ්ඩාරට නේද?

    ReplyDelete
    Replies
    1. පොඩි බොට්ල් (චන්දන සූරියබණ්ඩාර) තමයි දැන් සිරසේ ලක්‍ෂපති කරන්නේ!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.