Thursday 1 July 2010

තට්ටෙන් සොමිය දීම



මේ කතන්දරේ දාන්න හිටියෙ ඊයෙ උදේ. ඒත් UCSC ඔන්ලයින් කන්වර්ටර් එක ඩවුන් හින්ද කපුටා ෆොන්ට් එකෙන් ටයිප් කරපු එක පැත්තකට දාන්න වුනා. කාලෙකට කලින් ලියල අභය වලින් තිබුණු කවි කිහිපය විතරයි දැම්මේ. ඒකත් ඉමේජ් එකක් විදියට.

මගේ කවි පෙලේ මුල් කවියෙන් කියවුණු කතන්දරේ හැමෝම දන්නවනේ? දන්නැති අය සඳහා මෙන්න කෙටියෙන්.

ඔන්න එකමත් එක රටක ගමරාල කෙනෙක් හිටියා. මිනිහට හිටිය ගෙදර අඹුවට අමතරව හොර අඹුවකුත්. ඔන්න කාලයක් යනකොට මිනිහගේ කෙස් එකින් එක පැහෙන්න පටන් ගත්ත.

මේක දැකපු හොර ගෑනි කලේ ඒ පැහෙන පැහෙන එක ගලවපු එකයි. එයාට ලැජ්ජයි ලු, ගමයා වයසයි කියල පේනවට.

ගෙදර ගෑනිට ඕනැ කලේ ගමයව තවත් නාකි කරල පෙන්නන්නයි. එයා කලේ, සුදු කෙස් ඉතුරු කරල, කළු ඒව එකින් එක ගලෝපු එකයි.

අන්තිමේදි ගමය තට්ටයෙක් වුනා.

ගමරාළ ගෙ හොර අඹුවට දැනී කැත
ගමයගෙ පැසෙන කොණ්ඩය ගැලවීය මිත
මහගේ කළු කෙස්ස ගලවයි තුටින් සිත
ගමයා තට්ටයෙක් විය විපතක මහත!


* * *

මං කාලයක් කොණ්ඩෙ වවල හිටිය. ඇත්තටම කියනව නං පෝනි ටේල් එකකුත් දාලයි හිටියෙ. ඒ දවස්වල මට තිබුණ පොල් කටු දෙකක් විතර ලොකු වීදුරු තියෙන කණ්නාඩි කුට්ටමකුත්.

මං දවසක් අපේ හාමිනේ වැඩ කොරපු තැනට ගියාම ඒකෙ හිටපු පොරක් මට රැවටුනා නිහාල් නෙල්සන් කියල.

තට්ටය ටිකෙන් ටික මතුවී එන කාලේ
වැව්වෙමි ගෙල දිගට කොණ්ඩය මන ලෝලේ
තට්ටය සැමට අමතක වී ඒ වේලේ
කොණ්ඩඤ්ඤ යැයි නම පට බැඳුණා රාලේ


* * *

මං මුලින්ම තට්ටෙ ගෑවෙ පිළිකා අරමුදලට ආධාර කරන වැඩ සටහනකටයි. එදා තමයි අපේ ඔෆීසියේ කාන්තා පක්‍ෂයේ හොඳම පිරිපුන් කෂ්ටිය දෙන්නෙක් තුන්දෙනෙක් මගේ අළුත් ලුක් එක ගැන පොසිටිව් කමෙන්ට්ස් දුන්නේ.

අඩුතැන් වැසූ කෙස් බූ ගා තට්ටෙටම
පසුගිය දිනක ඔෆිසිය වෙත ගියෙමි මම
සුකොමළ තරුණ ලළණාවෝ පිරුණු ළැම
පෝලිම් ගැසී ආවෝ මා දැකුමටම


ඊට පස්සෙ මං නිතරම තට්ටෙ ගාන්න පටන් ගත්ත බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ!

පෙර හිස තට්ටෙ ඇත්තෝ කට්ටයෝ ලූ
පසු පස තට්ටෙ ඇත්තෝ මොට්ටයෝ ලූ
බූ ගා දැමූ කල මුළු හිස අගේ ලූ
තට්ටෙන් දෙන සොමිය සුර සැප වගේ ලූ


ගිය අවුරුද්දෙ නොවැම්බරේ තිබුණු සිංහල බ්ලොග්කාරයින් ගේ සංගමේ සුහද හමුවට ආපු අය දැක්කනේ මගෙ තට්ටේ උජාරුව.

ඕනැ කෙනෙකුට ඒ ෆොටෝ තියෙන බ්ලොග් එකකින් ඒ සුන්දර දසුන නරඹන්න පුළුවන්. ළඟදි තිබුණු බ්ලොග් මැරතන් එක ගැන පත්තරේ ගිය ලිපියෙත් මං තුමාත් ඉන්න ගෲප් ෆොටෝ එකක් තිබුණ වගෙයි මතක.

* * *

අපේ රවා ළමයගෙ හිතේ කොණ්ඩෙ යන්නෙ වයසට කියලයි. නොදන්නකම නේ. එහෙමනං, එතකොට ගෑනු අය වයසට යනකොට රැවුල එන්නේ ඇයි?

බයලොජි කාරයො නං මේකෙ සත්‍යය දැන ගන්න ඕනැ. බයලොජි කළත් නොකළත් අරුණි නං දන්නව ඇති ෂුවර් එකටම. ඇත්තටම එයා නං නොදන්න දෙයක් නෑ.

මං දන්න විදියට නං කොණ්ඩෙ හොඳට වැවෙන්න මූලිකම හේතුව නං "ඊස්ටර්ජන්" කියන ගෑනු හෝමෝනයයි.

පිරිමි හෝමෝනය වන "ටෙස්ටෙස්ටොරන්" වැඩි වුනාම වෙන්නේ කොණ්ඩය යන එකයි.

ඔය තට්ටෙන් සොමිය දෙනව කියන කතාවත් මං හිතන්නෙ ඕකට සම්බන්ධයි. එකයි, එකයි දෙක බව දන්න අය නේ අපි සේරම.

මෙන්න අද කතන්දර බාග දෙක.

අපි කට්ටියක් මහනුවර හරියෙ රස්තියාදු වෙන කාලෙ දන්න කියන හාමුදුරුවරු කීප නමක් හිටිය. එයින් එක නමක් හැර අනික් සියළු දෙනාගෙම සෙන්ටිමීටර් එකක් විතර කොණ්ඩෙ තිබුණ. කළු වලාවෙ තිබුණ රිදී රේඛාවට හේතුව සිල්වත් බව විතරක් නෙමේ, ඇත්තටම වයස විසි පහ වෙන්නත් කලින් කොණ්ඩේ හොඳටම ගිහින් තට්ටේ පෑදීමයි.

දෙවෙනි බාගෙ තමයි ඔය තට්ටෙන් සොමිය දෙන කතාව. ඕක මුලින්ම කිව්වෙ මගේ යාළුවෙක් අර රස්තියාදු කාලෙ. හරි කොන්ටෙක්ස්ට් එක නං දැන් අමතක වෙලා ගිහින්. ඒත් මට ඔය කතාව ආපහු මතක් වුනේ නං මේ ළඟදි වෙනිං හිතවත් පොරක් කියපු කතාවක් අහලයි.

මේ පොර හොඳට තට්ටේ තියෙන පොරක්. මං වගේ තට්ටේ ගාපු කෙනෙක් නෙමේ, නියම ඔරිජිනල් බඩුවක්. අර "ඉස්සරහ තට්ටයෝ කට්ටයෝ, පස්සෙ තට්ටයෝ මොට්ටයෝ" කියන කතාව ඇදිල ආපු වෙලාවක පොර කියපි මෙන්න මෙහෙම.

"දෙපැත්තෙම තට්ටයෝ සෙක්සියෝ!"

-කතන්දරකාරයා

15 comments:

  1. කසූ මකරයියා ලියපු කතාව කියෙව්වේ නැද්ද ?

    http://status-chanaka.blogspot.com/2010/06/blog-post_30.html

    ReplyDelete
  2. "ඒත් UCSC ඔන්ලයින් කන්වර්ටර් එක ඩවුන් හින්ද"...

    විජේසේකර කීබෝඩ් එක පුරුදු වෙන්න.. ඒක ලේසී..

    එහෙම බැරිම නම්, UCSC Converterඑකේ Page එක හාඩ් එකේ කොහෙ හරි save කරල තියාගන්න.. ;)
    UCSC Converters වල දුවන්නෙ client side scripts.. ;)

    ReplyDelete
  3. අම්මාපල්ල.....තට්ටෙ ගැන අහපු පට්ටම විග්‍රහය......:D

    ReplyDelete
  4. මළ සේක මෙන්න ආයෙත් සාසනයට බනිනවෝ...
    අපි මේක පොඩ්ඩක් එඩිට් කරමු.(‍පළමු කතන්දර බාගේ) බෙහෙතකට වත් තට්ටෙ පෑදුනා කියල.
    හැබැයි ෆොටෝ එකේ හැටියට නම් කතන්දරගේ ඉස්සරහ පැත්තෙන් තමා තට්ටෙ පෑදෙන්න ගන්නේ.

    ReplyDelete
  5. තට්ටෙ ගැන ලොකු කතාවක් නෙ හික් හික්

    ReplyDelete
  6. පොඩ් එඩිට් පාරක් බෙහෙතකට කිව්වේ සමහර ලෙඩ වලට දෙන බෙහෙත් වලින් තට්ටෙ පෑදෙන නිසා ඔං හරි

    ReplyDelete
  7. දෙපැත්තෙම තට්ටයො සෙක්සියො එහෙනං ඈ, එළ එළ.. මාත් තට්ටෙ ගාලානෙ ඉන්නෙ. මගෙන් අහන එවුන්ටනං මං කියන්නෙ මගෙ මොළේ වැඩකරනවා වැඩියි ඉතිං හීට් එක පිටවෙන්න ඕනෙ නිසා තට්ටෙ තියෙන්නෙ කියලා..

    ReplyDelete
  8. ලොක්ක වැඩිය තට්ටෙන් ආතල් ගන්න හදන්න එපා.. මතකනෙ අපේ හාමුදුරුවන්ට උන දේ...

    ReplyDelete
  9. මම නම් සිංහල ලියන්න පාවිච්චි කරන්නේ "Google Transliteration" කියන සයිට් එක.. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මෙන්න ලින්ක් එක..

    http://www.google.com/transliterate/sinhalese

    ReplyDelete
  10. සියළු දෙනාටම ස්තුතියි.
    අවසාන වශයෙන් කිව යුත්තේ, තට්ටේ ගෑම, රුවුල කැපීමට වඩා අසීරු දෙයක් බවයි.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. කතන්දර ඔක්කොටම ස්තුති කරලත් ඉවරයි පොඩ්ඩක් ඉන්ඩ අපි දැනුයි ආවේ!
    ......................
    මම කියන්නෙ මේකයි, ඔය ඔක්කොම ඈත්ත වෙන්ඩැති. හිහි හැබැයි මේකනං බොරු හූ....

    ''මං දවසක් අපේ හාමිනේ වැඩ කොරපු තැනට ගියාම ඒකෙ හිටපු පොරක් මට රැවටුනා නිහාල් නෙල්සන් කියල.''
    .............................
    මටනං අර sbu පොටෝ එක දැක්ක වෙලේ හිතුනේ ඔයා අපේ ධම්මාලෝක හාමුදුවන්ගේ සහොදරයෙක් වගේ කියලා. ඒකේ ඔයා හරී පිං පාටයි!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  13. දෙපැත්තෙම තට්ටයො සෙක්සියො??
    මට උත්තරයක් දෙන්න හිතෙන්නෙ නැහැ ඒකට..
    :))

    ReplyDelete
  14. කසුගේ තට්ත කතාව...

    ReplyDelete
  15. No grass on the busy roads,
    No hair on the cleaver heads.

    මේක සින්හලෙන් ලිව්වහාම රසය අඩු වෙන හින්දා මම ඉන්ග්‍රිසියෙන්ම ලිව්ව. තරහ නෑනෙ,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.