Wednesday 14 April 2010

එසේම වේවා!!! -කතන්දරකාරයාගෙන් ටෙලිෆෝන් පණිවිඩයක්


අද උදේම මං දැම්ම මගේ මිත්‍රයෙකුට කෝල් එකක්. මේ අපේ ප්‍රාණප්‍රිය මිත්‍ර රත්නායක. මතකයි නේද? අර රත්නායක ජෝක් වල නිර්මාතෘ සහ කීප්-අ-සයිඩ් ඉන්ටර්නෙට් කුකිං වලට දක්‍ෂයා.

පොර ඒ පැත්තෙන් "හලෝ" කියන්නත් කලින්ම මං මෙන්න මෙහෙම අළුත් අවුරුද්දට සුභ පැතුවා.

"එසේම වේවා!"

මං එහෙම කිව්වෙ මොකද කියල පැහැදිලියි නේ?

ඔය "එසේම වේවා" කියන කෑල්ල තමයි මේ දවස්වල සිංහල මිනිස්සු අතර වඩාත්ම භාවිතාවෙන "ග්‍රීටින්" එක.

හොඳ සිංහලෙන් ඕකට කියන්නේ "සේම් ටු යූ". ඒ කියන්නෙ "ඔබට එසේම".

මේ සුමානෙ මුල ඉඳල, එස්.එම්.එස්, ටෙලිෆෝන් කොල්ස්, ඊමේල් මේ සේරගෙම සිංහල අළුත් අවුරුදු සුභභැතුම් පිරිල ඉතිරිල ගිහින්. ඒ මදිවට, මූණු පොතට ඉමේජස් දාල ඒව අපේ නම් වලින් ටැග් කරල ඒවායින් එන කමෙන්ට්ස් සහිත ඊමේල්.

කොටින්ම මගේ ඊමේල් එකවුන්ට් දෙකේම නොබලපු ඊමේල් ගාන 500 පන්නල.

ඔන්න එක මිත්‍ර සමාගමක යාළුවෙක් යවනව දන්න හැමෝටම ඊමේල් එකක් අවුරුද්දට සුභ පතල "සුභ අළුත් අවුරුද්දක් වේවා!" කියල.

ඔන්න දැන් ඕකට එනව උත්තර හැට හුට හාමරක්. ඒ සේරගෙම වගෙ තියෙන්නෙ "සේම් ටු යූ - එසේම වේවා!!!" කියලයි.

ඕව බැලුවට පස්සෙයි මට තේරුණේ වඩාත් ම ජනප්‍රිය අළුත් අවුරුද්දට සුභ පැතුම, "ග්‍රීටින් එක", මොකක්ද කියල.

ඉතිං මං කිව්ව මගේ මිත්‍රයට "එසේම වේවා!" කියල.

මෙන්න පොර දුන්න උත්තරේ.

"එසේම වේවා!"

කතන්දරකාරයා
ප/ලිඃ ඔබ සැමටත් "එසේම වේවා!"

ප/ප/ලිඃ අවුරුද්දෙ අඩුවක් හෙම දැනුනෙ නැත්ද?

21 comments:

  1. කතන්දරටත් "එසේම වේවා !"

    ReplyDelete
  2. කතන්දර කාරයාටත් එසේම වේවා!!

    ReplyDelete
  3. කතා අයියා ටත් එසෙම වෙවා.( සුභ අලුත් අවුරුද්දක් )
    පරක්කු වුනාට කමක් නැහැ නෙ..

    ReplyDelete
  4. ඔබටත් එසේම වේවා කසු. නදී අයියත් මේක ගැන කතා කරලා තිබ්බා :) :) :)

    ReplyDelete
  5. හහ් හහ් හා... එසෙම වේවා!!!! ජය වේවා! ඕක රෙකෝඩ් කරල තියල answer machine එකක් දැම්ම නම් හරි

    ReplyDelete
  6. එසේම වේවා ලොල්

    ReplyDelete
  7. එසේම වේවා..
    :D

    ReplyDelete
  8. same to u එහෙමත් නෑත්නම් එසේම වෙවා කතන්දරේ
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..............

    http://www.athugalpura-zone.co.cc/

    ReplyDelete
  9. එසේම වේවා..
    :D

    ReplyDelete
  10. එසේම වේවා එකක්ම වේවා....

    ReplyDelete
  11. ඔබටත් එසේම වේවා..!

    ReplyDelete
  12. ඔබටත් එසේම වේවා..!

    ReplyDelete
  13. @ All

    සැමටම "එසේම වේවා" එකක් වේවා යැයි ඉත සිතින් පතමි.

    කතන්දරකාරයා

    ReplyDelete
  14. සේම් ටු යූ වේවා! ගිරව් වගේ ඔහේ කියවනවා කියල වෙන්නැ අර ගිරවෙක් දාලා තියෙන්නෙ නේද!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.