Wednesday 7 April 2010

රසික නානායක්කාර ලියා එවූ දුක හිතෙන කතාවක් - නොකළ වරදට ඇයි මේ දඬුවම්?


රසික නානායක්කාර කියන කතන්දර බ්ලොග් එකේ රසිකයා මං ලියපු රුපියල් දෙකේ නපුරු ගුරුවරු කියන කතන්දරය කියවලා, තමන්ගේම අත්දැකීමක් අපි හැමෝම එක්ක බෙදාගන්න ලියල එවල තියෙනව.

මේක හරිම දුක හිතෙන කතාවක්.

ඇයි ගුරුවරු, විදුහල්පතිවරු මෙහෙම කරන්නේ? කියවල බලන්න.

========රසික නානායක්කාර ගේ කතන්දරය මෙතැන් සිට======================

මටත් මේ වගෙම අත්දැකීමක් තියෙනවා. කතන්දරගෙ කතාව හරියට මගෙ කතාවට හුඟක් සමානයි.

මමත් පාසලේ දෙවෙනි පන්තියේ ඉන්න කොට තමයි මේ සිදුවීම වුනේ. මමත් ඒ කලෙ ටිකක් නාහේට අහන්නෙ නැහැ. එක වෙනසකට තියෙන්නේ මම දෙකේ පන්තියේ හෝ වෙන පන්තියක දෙපාරක් ඉඳලා නැති එකයි.

මම කියන කතාවෙ කතා නායිකවත් ටිකක් බටකොල ආච්චි කෙනෙක් වගෙ. එක දවසක් මම මොකක් හරි නෝටි වැඩක් කරලා මාව හිටෝල තිබ්බා ටීචගෙ මේසෙ ලඟ. මාව පැය ගානක් ඒ විදියට තිබ්බා කිසිම තෙතමනයක් නැතුව. කොහොමහරි ඉස්කොලේ ඇරුනට පස්සෙ මම ගෙදර ගියා නෝමල් එකේ.

පහුවෙනිදා උදේම පන්තියට ගියා විතරයි අපේ ටීචර් මගෙ ඇඟට ගොඩ වුනා.

"උඹ මගෙ රුපියල් විස්සක් හොරකම් කළා නේද? උඹ තමයි මේ වැඩේ කරන්න ඉන්නෙ. උඹ තමයි මගෙ මෙසේ ලඟ හිටගෙන හිටියෙ" කියලා.

මගේ ඔළුව රත් වුනා ඒ කතාව ඇහුවාම.

ටීචර් දිගින් දිගටම මගෙන් ඇහුවා මම ද ගත්තේ කියලා. මමත් දිගින් දිගටම කිව්වා ගත්තෙ නැහැ කියලා.

මම කොල්ලො එක්ක ගහ ගත්තට හොරකම් කරලා නැහැ. ඒත් ටීචර් මාව සැක කරන එක නැවැත්තුවෙ නැහැ.

ඒ ගමන එයා අළුත් විජ්ජාවක් කරන්න ගත්තා හොරාව අල්ලන්න.

ටීචර් පන්තියේ ඉන්න ළමයි ඔක්කොටම එක සමාන දිග ඉරට්ට ගානෙ බෙදුවා. ඊට පස්සේ කිව්වා හොරාගේ ඉරට්ට දිග වෙනවා කියලා.

ඒ විජ්ජාවේ අරමුණ තමයි හොරා තමන්ගෙ ඉරට්ට කඩන එක දිග වැඩි වෙන නිසා. කොහොම හරි කවුරුවත් තමුන්ගෙ ඉරට්ට කඩලා තිබුනෙ නැහැ. ටීචර් ගෙ ඒ ව්‍යායාමය අසාර්ථකයි.

දැන් ටීචර්ට මල පැනලා ඉන්නෙ. එයා ඒක මගෙ ඇඟට දාන්නමයි කල්පනාව. අන්තිමේදි ටීචර් මේ වැඩේ ලොකු සර්ට කම්ප්ලේන් කළා.

ලොකු සර් ආවා. ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කලා.

"උඹ මේ සල්ලි ගත්තද?"

"නැහැ"

"උඹ මේ සල්ලි දැක්කද?"

"නැහැ"

ලොකු සර් ආයි අහනවා.

"උඹ මේ සල්ලි ගත්තද?"

මං ආයිත් කිව්ව "නැහැ" කියලා.

ලොකු සර් ආයි අහනවා: "උඹ මේ සල්ලි ගත්තද?"

ඒ ගමන මටත් මල පැන්නා.

මම කිව්වා "ලොකු සර්, මම මේ සල්ලි දැක්කෙත් නැහැ, ගත්තෙත් නැහැ" කියලා.

ඒ කියලා ඉවර වෙන්න හම්බුවුනෙ නැහැ ලොකු සර් මගෙ කම්මුලට තඩි පහරක් එල්ල කලා. මට ඒ වෙලවේ නොකල වරදකට ගුටි කාපු එකට පොඩි දුකක් ඇති වුනා. ඒත් මං ඇඬුවේ නැහැ.

ඒත් ඉස්කොලෙ ඇරිලා ගෙදර යනකොට, ගුටි කාපු එක මතක් වෙලා මං ගෙදරට යනකම්ම ඇඬුවා.

මගේ යාළුවො මාව ගේ ලඟට යනකම්ම සැනසුවා මට අද වගේ මතකයි.

========රසික නානායක්කාර ගේ කතන්දරය නිමයි============================

මං ඊයෙ කතන්දරේ ලිව්ව වගේ නපුරු ගුරුවරුන්ගෙන් ගැලවෙන්නම බෑ. ගුටි කතන්න වරදක් කරන්නම ඕනෙ නෑනෙ. මගේ ඇඟෙන් ලේ එන්න වේවැල් පාරක් වැදුනෙ මගේ වරදකට නෙමේ. ටර්පන්ටයින් කාරය මගේ බඩෙන් ඇදල, නොකළ දේකට මාව වරදකරු කරල මට නින්දා කළෙත් ඒ වගේමයි.

සමහර විට, රසික නානායක්කාරයි මායි දෙන්නම ඉස්සර ආත්මෙ පව් කරලා ඇති මෙහෙම නොකළ වරදවල් වලට අහුවෙන්න.

මේ කතන්දරේ ඉවර කරන්නංකො හොඳ මාත්‍රාවකින්.

මං දෙකේ පන්තියෙ හිටපු කාලෙ ගැණ ලියපු බ්ලේඩ් තල කතන්දරේ මන්තරකාරි ටීචර් ගෙ නැතිවුනේ රුපියල් දෙකයි. ඒකෙ වටිනාකම කියන්න මං ලොතරුයියක මිලත් ලිව්ව.ඕක දැකල අපේ කෂ්ටිය ලැහැත්ති වුනා මගෙ වයස හොයන්න.

රසික නානායක්කාර ලියල එවල තියෙන කතාවෙ නැති වෙලා තියෙන්නෙ රුපියල් විස්සක්. දැං හොයන්නකො රසික නානායක්කාර ගෙ වයස!

කතන්දරකාරයා

8 comments:

  1. මානසික අසහන කාරයෝ!

    මේවගේ සිද්ධි සම්බන්ධයෙන් මගේ ප්‍රතිචාර මම කලින් ලිපි වලට දක්වලා තියනවා.

    ReplyDelete
  2. හරිම දුක් බරයි . . හෆොයි මෙහෙමත් ගුරුවරු . . . මගේ ඔෆිස් එකේ යාලුවෝ එක්ක මම ඉස්සර රන්ඩු කලා ටීචර්ස්ලා බහුතරයක් හොඳ අය කියලා . . .මම පරාද වෙන්නද යන්නේ . . ?

    ReplyDelete
  3. කතන්දර ගුරුවරුන්ගෙන් හොඳටම බැට කාල තියෙනව වගේ නේද? කතන්දර කීයක් නම් කීවද නපුරු ගුරුචරු ගැනම...

    ReplyDelete
  4. කතන්දරෙ මගෙ තොල් කලුයි සිගරට් බිලා වගෙයි පොඩි කාලෙ.. මිස් කෙනෙක් දවසක් මාව පන්තියෙදි චාටර් කරා.." ඇත්ත කියනවා සිගරට් බොනවා නෙද..? " කෙල්ලොත් ඉස්සරාහා.. අපෙ අයියව ගෙන්නලා හෙන විකාරයක් කරා....මම කරෙ බොහොම නිශ්ශබ්දව හිනා වෙවි හිටපු එක.. සර් ලා මිස්ලා ට තරහා ගිහිල්ලා ගැහැව්වා. මම හිනාවෙන එක නැවැත්තුවා.. ටික දවසකින් එක හැමොටම අමතක උනා
    ගුරුවරු කියන්නෙත් පරිපුර්ණ අය නෙමෙයි. එයාලටත් වැරදෙනවා කියනදෙ හින්දා , මම ත් හොරෙන් බීඩියක් දෙකක් බිලා තිබුණ හින්දත් මම සද්ද නැතුව හිටියා....හික්... හික්...

    ReplyDelete
  5. මේ වගේ ළමා පීඩක ගුරුවරුන් තාමත් ඉන්නවා නේ.

    ReplyDelete
  6. මමත් කෑව ඔහොම සීන් එකක් මෙන්න ඒක

    http://uvindubt.wordpress.com/2010/04/23/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A-%E0%B6%91%E0%B6%9A%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A/

    ReplyDelete
  7. 25 අඊයො ...

    ReplyDelete
  8. කාලකණ්ණි ගුරුවරු කියන්නෙ මුන්ට තමා ........

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.