tag:blogger.com,1999:blog-7847857311904881032.post2944776503632519842..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි) - Comradery or Decadency?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-7847857311904881032.post-14566129128864798642014-07-14T22:10:58.568+05:302014-07-14T22:10:58.568+05:30දැනට ජුන්නොන්ට සහ වහාම සින්නොන්ට නම් කාඩ් එකෙන්ම ක...දැනට ජුන්නොන්ට සහ වහාම සින්නොන්ට නම් කාඩ් එකෙන්ම කතා කරනවා.. ඊට ලොකු උන් සහ පොඩි උන් ඉතින් අයියලා මල්ලිලා තමයි...
අර උඩ කවුද කියල තිබ්බ වගේ සමහර එවුන් ඉන්නවා මචං ලෙවල් එකට ගත්තම කරේ නගින්න එන..
ඒක ඉතින් මල්ලි කියල කතා කරාම නිකන්ම අඩු වෙලා යනවා..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24070620199030481602012-07-17T13:12:09.038+05:302012-07-17T13:12:09.038+05:30මං කොම්පස් ගිය කාලේ ඔය අය්යමල්ලි කතාව තිබුනේ නැහැන...මං කොම්පස් ගිය කාලේ ඔය අය්යමල්ලි කතාව තිබුනේ නැහැනේ.,..
ලොකු පින්තූරේ අනුව බැලුවහම පසුගමනයක් තමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59069045313693821972012-02-27T23:24:26.454+05:302012-02-27T23:24:26.454+05:30පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය
...පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්රශ්නයකි.
බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.

read more
http://andarademala.blogspot.com/2012/02/blog-post.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54297636665423803562011-11-29T23:54:49.977+05:302011-11-29T23:54:49.977+05:30මම පේරාදෙනියෙ පශු වෛද්‍ය පීඨයේ. අපේ පැකල්ටි එකේ නම...මම පේරාදෙනියෙ පශු වෛද්‍ය පීඨයේ. අපේ පැකල්ටි එකේ නම් ඉන්නෙ මචංලා විතරයි. කෙල්ලො නම් අක්කලා, නංගිලා. අපි නම් අපිට බැච් 4ක් සීනියර් අයටත් කාර්ඩ් කියලා තමයි කථා කලේ. හැබැයි ඉතින් ඔය පුස්ථකාලෙ ඇර අනිත් තැන් වලදි දකින්න නොලැබෙන, පාඩම් කරනවා ඇරෙන්න වෙන කිසි දෙයක් නොකරන එවුන් ඉතින් අපිත් එක්ක වැඩිය සෙට් වෙන්නෙ නෑනෙ. උන් නම් මල්ලිලා, අයියලා. ඇත්තම කියනව නම් අපේ පැකල්ටි එකේ නම් සින්නෙක්ට කාර්ඩ් එක කියලා කතාකරනවා කියන්නෙ ඒ ජුන්නයි, සින්නයි සෑහෙන සමීපයි කියන එක.වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9691648137161342742011-11-28T18:42:48.530+05:302011-11-28T18:42:48.530+05:30@මම-ඔව් ඔව්...
;)@මම-ඔව් ඔව්...
;)kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45249070668849949602011-11-28T08:04:46.911+05:302011-11-28T08:04:46.911+05:30I was in Pera (Engineering) from 1998. We also tal...I was in Pera (Engineering) from 1998. We also talked to our seniors as " Ayya" and juniors as " Malli". Im not sure when it was started.
But I also think, 1988/89 is a turning point, that might have change some practices.

-From TokyoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87735772591824916342011-11-28T07:35:33.590+05:302011-11-28T07:35:33.590+05:30විසිතුරුට දැන් විශෙෂ වරප්‍රසා ද ලැබෙයිදෝ? නාකි මටත...විසිතුරුට දැන් විශෙෂ වරප්‍රසා ද ලැබෙයිදෝ? නාකි මටත් ඔහෙ කියන්න දෙයිද? නාකි කතා කියන කොට මට හම්බ වුනා තම දරුවන් බලන්න නිවාඩුවට ආපු නුවර පදිංචි කෙනෙක්. එයා මම සැක කරන ඔය දෙන්නා ගිය ඉස්කෝලෙන් *පිටවෙලා* තියෙන්නේ 1949 දීයි!JChttp://www.ahangama.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51246150453222808742011-11-28T05:53:01.497+05:302011-11-28T05:53:01.497+05:30කතන්දර, ඔයා ගිය කොළඹ ස්කෝලෙටම තමයි මමත් ගියේ. මම අ...කතන්දර, ඔයා ගිය කොළඹ ස්කෝලෙටම තමයි මමත් ගියේ. මම අවුට් වුනේ 2009.

අපේ ස්කෝලෙ උඩ බැච් වල අයට අයියා කියලා තමයි කතා කරන්නෙ. නමුත් ඔය ලොකු සීන් දෙන එකක් ඒකෙ නෑ. ගොඩක් ෆිට් නම් ඉතින් මචන් තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43481347957509676912011-11-28T04:56:55.723+05:302011-11-28T04:56:55.723+05:30කසු
හොද සමීක්ෂණයක්
තව වැඩි දියුණු කරන්න පුළුවන්,...කසු
හොද සමීක්ෂණයක්
තව වැඩි දියුණු කරන්න පුළුවන්,university enter වුනු year එක ඇතුලත් කරන්න.
එතකොට මාමලා, සීයල , ආච්චිලා ..ආදී සියලු නෑකම් සහ seniors/juniors track කරන්න පුළුවනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56248096751596539632011-11-28T02:04:13.931+05:302011-11-28T02:04:13.931+05:30මගේ ඡන්දේ මචං කියන්නයි. ඒක දෙමළ මචං කියලා ගත්තොත් ...මගේ ඡන්දේ මචං කියන්නයි. ඒක දෙමළ මචං කියලා ගත්තොත් මස්සිනා වගේ සමානත්වය පෙන්නුම් කරනවා. ඉංග්‍රීසි m'chum (my chum) කියන එක හැටියට ගත්තොත් ගෑනු-පිරිමි භෙදය නැතිව කියන්න පුළුවන්. මම ඒක එහෙම කරනවා දැකලාත් තියෙනවා.JChttp://www.lovatasinhala.com/liyanna.phpnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55214558442792671322011-11-28T01:47:32.888+05:302011-11-28T01:47:32.888+05:30රැග් කිරීම (ඇමරිකාවේ hazing) විශෙෂවූ සමාජයකට භාර ග...රැග් කිරීම (ඇමරිකාවේ hazing) විශෙෂවූ සමාජයකට භාර ගැනීම සඳහා කරන initiation (සං: දීක්ෂ) කිරීමක්. අපි පේරාදෙණියේ, අපි කොළඹ, අපේ බැච් එක, එයා අයියා / අක්කා කෙනෙක් ආදී වශයෙන් කියන්නෙත් තමන්ගේ වර්ගයේ අයගේ සම්මුතියේ ආරක්ෂාව ලබාගන්නයි.

මම හිතනවා අපි හිතෙන් සමාජ අට්ටාලයක් හදාගෙන අනික් හැම දෙනාටම එක්කෝ අපට සමානව හෝ ඉහලින් හෝ පහලින් ඒ අට්ටාලයේ තැන් නියම කරනවා කියලා. මිතුරාගේ හතුරා මගෙත් හතුරා ආදී වශයෙන් කොටස් කර ගත්තහම ලේසියි. වැඩිය හිතන්නේ නැතිව තමන්ගේ ආරක්ෂිත ස්ථානය තබා ගන්න.

මම ඉස්සර කියෙව්වා Tom Brown's School Days කියන පොත. මගේ හිතේ ඒක චිත්‍ර පටියක් ලෙසත් ආවා. ඒකේ කියනවා එංගලන්තයේ ඉහල පංතියේ Eton, Rugby වගේ විද්‍යාලවලට (Public Schools) ඇතුලත් වන අයව දරුනු ලෙස රැග් කරනවා. ඒක නිකම් මානසික හා ශාරීරික පීඩා විඳගන්න ඇති හැකියාව ඒ විශෙෂ වූ සමාජයට ඇතුලත් වීමට සුදුසු කමක් කියලා පෙන්වන්නයි. ඉස්සර පේරාදෙණියේ හර / kultur කියලා දෙපිල වෙලා හිටියා. low / law දෙක වෙන් කරලා උච්චාරණ කරන්න පුළුවන්ද වගේ ඒවා අනුව මේ පිල් දෙක බෙදුනා.

අමෙරිකානුවන් අතර ගැවසෙන්නට අවශ්‍ය වන ව්‍යාපාරයක් කරන මට පෙනෙනවා හෙළයා ඔවුන්ට වැඩියෙන් කණ්ඩායම් වෙනවා කියා. ඒක හීනමානයක් නිසා දෝ? ටෙලිෆෝන් එකෙන් අමුත්තෙක් කතා කළ පමණින් අපට කියන්න පුළුවන් ඒ සිංහලයෙක්ද කියා. නමුත් මුල් වතාවේ දී කතාව යන්නේ ඉංග්‍රීසියෙන්. ඒ අතර හොයා ගන්නවා මොන ඉස්කෝලෙටද ගියේ, මොන විශ්වවිද්‍යාලයටද ගියේ, ගෑණි-මිනිහා කව්ද, මොන කුළයේද ආදී දේවල්. හරියටම ගැලපෙන්න ඕනේ සිංහලෙන් කතාව පටන් ගන්න, මචං ලෙවල් එකට එන්න. මම මේ කරන එකට කියන්නේ 'Cow The Moo' ටෙස්ට් එක කියලායි. ඒක පාස් වුනේ නැත්නම් තමන් කියන දේ අනිකුන් අහන්න හිතන්නේ වත් නෑ.JChttp://www.lovatasinhala.com/liyanna.phpnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85279690453631963362011-11-28T01:18:33.715+05:302011-11-28T01:18:33.715+05:30කතන්දරගේ 'අයිය - මල්ලි' කෙළිය නැගලා යනවා.
...කතන්දරගේ 'අයිය - මල්ලි' කෙළිය නැගලා යනවා.

ඔය වගේ තව කෙළියක් තමයි බලෙන් 'සර්, මැඩම්" කියලා කියවාගන්න එකයි (විශේෂයෙන්ම වැඩපොලවල්වල්) සහ 'ඔබතුමා - ඔබතුමී" සීන් එක (විශේෂයෙන්ම "චැට් ඇන්ඩ් ලයිව්" එකේ).

මේකත් සන්ඩේ එක්ස්ට්‍රා ස්පැෂල් එකකට හොඳ මාතෘකාවක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13706545122325268292011-11-27T23:54:52.951+05:302011-11-27T23:54:52.951+05:30@ චතූ
මොකක්?
කම්මලේ..?
හොස්ටල් ද?@ චතූ
මොකක්?
කම්මලේ..?
හොස්ටල් ද?මමhttps://www.blogger.com/profile/17666394403800172063noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39181593982649038812011-11-27T23:00:09.211+05:302011-11-27T23:00:09.211+05:30@මම-හයියෝ....!!!
කම්මලේම තමා.... :DDDD
අනික් තැන්ව...@මම-හයියෝ....!!!
කම්මලේම තමා.... :DDDD
අනික් තැන්වල කම්මලට වඩා දරුනු විදියට තිබුන...
මස්කඩේ නම් නෑ ඕං...
ඒත් වෙන වෙන කස්ටිය මස්කඩේ කස්ටියව බයිට් කරනව නේහ් රැග් කිය කියා...kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83987058910344711222011-11-27T21:38:38.251+05:302011-11-27T21:38:38.251+05:30අපෙත් නංගි මල්ලි තමා යන්නෙ.. ඒත් චුට්ටක් ෆිට් වෙච්...අපෙත් නංගි මල්ලි තමා යන්නෙ.. ඒත් චුට්ටක් ෆිට් වෙච්ච ගමන් මචං තමයි.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67195229009645156522011-11-27T21:34:38.238+05:302011-11-27T21:34:38.238+05:30කබාය ඉරිලා ඊට කමන් නෑ, මා දැන් මහළු වියේ. . .
රදළ...කබාය ඉරිලා ඊට කමන් නෑ, මා දැන් මහළු වියේ. . .

රදළ පැලැන්තියේ කෙනෙක් (පොඩි කුමාරිහාමි) ලියන්න ඇරයුම් කළ නිසා මම ඇමරිකාවේ ඉඳන් ලියනවා. පේරාදෙණියට හැතැප්ම දෙකකට එහායින් ළමා කාලය ගත කලත් ඒ ලස්සන පරිසරයේ ඉගෙනගන්න මට වාසනාව තිබුනේ නෑ. මම කතාකරන්නේ 1960 ගණන් ගැනයි. අපි වලේ සෙල්ලම් (සරච්චන්ද්‍ර කාලේ) බැලුවේ වැටෙන් පැනලා ගිහිනුයි. (සරච්චන්ද්‍ර ඇසුරෙන් මට තව අත්දැකීම් තියෙනවා). ධනපාල (මහාචාර්ය්ය --පාල ගේ සහෝ) මචං එන්න විජේවර්ධන එකේ දානෙට කිව්වහම ඒ පුන්‍ය කර්මයට සහභාගී වෙලා තියෙනවා. ඊට ඉහලින් වුන දේ තමයි අවුරුදු 14දී 20ස්සේ සිසුවිය හා අතර සිදුවූ සිද්ධියක් නිසා උන්මත්තක වූ හෙයින් අවුරුදු විස්සක් පමණ ලස්සන අය ලස්සන / අවලස්සන කියා නොපෙනුනු එක.

අවුරුදු දෙකක් කටුබැද්දේ බැද්ද සුද්ද කරලා විශ්ව විද්‍යාල හදන්න ඉස්සර වෙලා ජේ.ටී.ඕ. හදාරන්න උතසහ කළත් ඔළුව තිබුනේ තව තැනක නිසා හැසිරීම අශොභනයි කියලා එලියට දැම්මා. එතන අපේ බැච් එකේ අයව රැග් කරලා පූර්ණ වරම් ලැබුනාට ටික දිනකට පස්සේ එකෙක් අපේ රෙසිඩෙන්ශල් හෝල් එකට ඇවිත් රැග් කළා කියා ලැබුනු ආරංචියෙන් සෝදිසියෙන් ඉඳලා ඌව අල්ලලා ඔලුවෙන් බාගයක් බූ ගාලා ගෙදර ඇරියා මට මතකයි.

ඔය රැග් කිරිල්ල තවමත් තියෙනවා නම් ඒක වැරදියි. ඒ වෙනුවට අයියලා අක්කලා සංවිධාන වෙලා අළුතින් එන අයට කැම්පස් එකේ තැන් පෙන්නලා ඒ කරන ගමන් ඒකේ අළුත් පරණ සිරිත් විරිත් උගන්වනවා නම් අර මල්ලිලා නංගිලාට කොයි තරම් සන්තෝෂයක් ඇතිවෙයිද? ඔය අමන දේ මගේ බැච් එකේ එවුන් කරලා එකෙකුට සිහි මද වෙලා ගමේ ඉන්නවා කියලා හිතාගෙන බයිසිකලේ හොයන්න පටන් ගත්තා. ඉතිං අපි ඒ (මල්ලිව?) දොස්තර ලඟට අරගෙන ගියා. එයා බී කොම්ප්ලෙක්ස් ඉන්ජෙක්ශන් එකක් දීලා පියවි ලෝකෙට ගෙනාවා.

මෙහේ ඉන්න කැලෑ සුබයිර් කියන තැනැත්තී (http://sites.google.com/site/calazubair/) ලියලා තියෙනවා ලිපියක් පේරාදෙණියේ ඉන්නවා කියලා රැගර්ස් කියලා සීනියර්ස් සමූහයක් අළුතින් එන අයට හරියට සිංහල කතා කරන්න බල කරන ජාති වාදී, කඩුවට විරුද්ධ පිරිසක් ගැන.
http://studentorgs.utexas.edu/salsa/proceedings/2011/04TLF54-Zubair.pdf
මම එයාට කතා කරලා ඇහුවා මම කැමතියි ඔයා කියන කඩුවට විරුද්ධ අය සමග කතා කරන්න, මමත් ඒ වගේ පිස්සෙක් කියලා. එයා කිව්වා එයා ඒ ළමයින් සමග කළ සාකච්ඡාවල් රහස්‍ය නිසා මට ඒ අය හඳුන්වලා දෙන්න බෑ කියලා. දැන් මම කතා කළොත් එයා මාව මග අරිනවා. හා හා! මේ ගැන විස්තරයක් කව්රුන්ටවත් කියන්න පුළුවන්ද?

මම මේ සිංහල ලිව්වේ වෙන විදිහකටයි. ඒ කියන්නේ දෙරුව හෙළ කියන ක්‍රමයටයි. මේ දෙපොලෙන් ඒවා කියවා බලාගන්න. (මයික්‍රොසොෆ්ට්) ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකෙන් ඒවා හරියට පෙන්වන්නේ නෑ.
http://www.ahangama.com/ (WordPress blog)
http://www.ahangama.com/sing/
http://www.lovatasinhala.com/ (ෆයර්ෆොක්ස් එකේ නම් සිංහල අකුරු පෙනෙන්න පිටු මාරු කළ යුතුයි)

මෙන්න ලතින් අකුරු සිංහල: menna laþin akuru síhala

කවිරුත් මේ ගැන හොඳ නරක කතා කරන්න කැමති වෙයි දෝ? යොනිකේත (සංස්කෘතෙන් කෙත කියන්නේ ආසා කරනවා කියන එකයි) අය නම් මේකට ජම්ම වෛරයි.JC Ahangamahttp://www.lovatasinhala.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4189059884654114122011-11-27T18:54:35.750+05:302011-11-27T18:54:35.750+05:30කසු, පොඩි ඌනපූරණයක්,
මම රැග් එක ගැන විශේෂයෙන් කිව්...කසු, පොඩි ඌනපූරණයක්,
මම රැග් එක ගැන විශේෂයෙන් කිව්වේ මචන් හෝ කාඩ් භාවිතයේ සිට අයිය මල්ලි ලෙසට කැම්පස් ඇමතීම වෙනස් වීමට රැග් එක ඇති නැති වීම සහ රැග් එක ක්‍රියාත්මක වූ ආකාරය බල පෑ බවට මම අදහස් කරන නිසාත් ඉහත කොමෙන්ටු කිහිපයක රැග් පිළිබඳව දරුණු වාග් ප්‍රහාර පළවූ නිසාත් ය. නැතුව මුල් මාතෘකාවෙන් බැහැර වීමට මම අදහස් නොකලෙමි.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75854540252595182112011-11-27T17:53:38.278+05:302011-11-27T17:53:38.278+05:30@කකා,
මම හිතන්නෙ එහෙම වෙන්නෙ ඉස්සරකාලෙ ඉඳන්ම අපේ ...@කකා,

මම හිතන්නෙ එහෙම වෙන්නෙ ඉස්සරකාලෙ ඉඳන්ම අපේ අයට පුරුදුවෙලා තියෙන ඇමතීමෙ රටාව නිසා කියලයි.. අපේ අය ඉතිං ජාති නෑ කම නිසා කවදාවත් නොදැකපු කෙනෙකුට වුනත් නැන්දෙ, මාමෙ, අයියෙ, අක්කෙ කියන්න පුරුදුවෙලානෙ තියෙන්නෙ.. සමහර උදවියට එහෙම නොකියා නමින් විතරක් ඇමතීම නුහුරු ඇති.. අර මකරා කියන්නැහේ ඒක ඉතිං එක එක්කෙනාගෙ Communication Protocol වල වෙනස නෙවෙයිද..!?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36362487999427589002011-11-27T17:43:40.158+05:302011-11-27T17:43:40.158+05:30@ මම
මේකයි වැඩේ සයිබර් ලෝකෙයේ දී හමුවන එකම වැඩේ කර...@ මම
මේකයි වැඩේ සයිබර් ලෝකෙයේ දී හමුවන එකම වැඩේ කරන අයගේ වයස උපකල්පනය කරමින් ඒ අය නෑකම් සෙවීම කියන්නේම කාලයක් ගත කරන්න ඕනෑ වැඩක් නේ?

ඇයි අපි එහෙම කරන්න පෙලඹෙන්නේ?

ඇයි වයසේ අඩු වැඩිකම නිර්ණායකයක් කරගන්නේ?

මං දැකලා තියෙනවා සමහරු ඔන්ලයින් ලියන කොට අක්කේ හරි මල්ලී හරි වගේ මුලින් කියලා ඊලඟට අනේ අක්කේ කිව්වට නංගි දන්නේ නෑ වගේ කතාත් ලියනවා.

ඒ සේරම නැතුව දන්න නම කිව්ව නම් ඉවරයි නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7365650963890993662011-11-27T17:35:28.946+05:302011-11-27T17:35:28.946+05:30@ කතන්දර,
සමාවෙන්න..බ්ලොග් ලෝකයට මම තාම අලුත්,
ම...@ කතන්දර,
සමාවෙන්න..බ්ලොග් ලෝකයට මම තාම අලුත්,
මේකේ තියෙන සාමාන්‍ය සිරිත් විරිත් වලට පිටින් යනවා නං තරහ අවසර...
වැඩිහිටියෙක් කියලා දැන දැන නම කියලා කථා කරන 1 මට ටිකක් අමාරු දෙයක්
(ඒ මගේ අමුතු හැදියාවක් වත් අවතක්සේරුවක් නොවන වග කරුණාවෙන් සලකන්න)
එක මගේ පුරුද්දක්
ඔං එහෙනං මීට පස්සේ මං කසු කියන්නං............මමhttps://www.blogger.com/profile/17666394403800172063noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73410577751691190612011-11-27T17:21:54.631+05:302011-11-27T17:21:54.631+05:30@ All
මේ ප්‍රශ්ණයේම අනිත් විහිළුව තමයි මෙතනදී මට ග...@ All
මේ ප්‍රශ්ණයේම අනිත් විහිළුව තමයි මෙතනදී මට ගෝඩොනියා කියන බ්ලොග්කරු සහ මම කියන බ්ලොග්කාරිය මාමා යැයි කීම.

එයින් හැගෙන්නේ අනවශ්‍ය බාල්දු වීමක් බවයි මගේ අදහස.

බ්ලොග් ලියන අපි සැම සමානයෝ. මට කතන්දරකාරයා කීමට අකුරු ටයිප් නොවෙන්නේ (දිව නොනැමෙන්නේ) අමුතු හැදියාවක් නිසාද? තමන් ගැනම ඇති අවතක්සේරුවක් නිසාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43369746896410809262011-11-27T17:10:31.524+05:302011-11-27T17:10:31.524+05:30@ ඕනයා
ඔගේ නං පද පෙරලුම් දෙයියෙක්!@ ඕනයා
ඔගේ නං පද පෙරලුම් දෙයියෙක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15524268955511934342011-11-27T17:08:19.800+05:302011-11-27T17:08:19.800+05:30@පොකු,
// අනේ දැන් ඉතින් ඔය ඔස්ට්‍රේලියාවේ, ඇමරික...@පොකු,

// අනේ දැන් ඉතින් ඔය ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එංගලන්තයේ එහෙම උපාධි තියන අයත් ඇවිත් මොනවා හරි කියන්ටකෝ. නැත්නම් ඉතින් ලැජ්ජාවේ බෑ //

මේ පෝස්ට් එක පේරා අයට විතරයි කියලා කකා මුලින්ම කිවුවනේ.. ඒක නිසා මමනං මේක කියෙවුවෙවත් නෑ.. ඉතිං කොහොමද මොනාහරි කියන්නෙ..!? :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26229661908627662742011-11-27T17:07:40.584+05:302011-11-27T17:07:40.584+05:30@ All
Thanks guys!
මෙතන මගේ කේස් එක වුනේ කැම්පස් ...@ All
Thanks guys!

මෙතන මගේ කේස් එක වුනේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ නිකං බාලාංශ පන්තිවලදීත් අපි නොකරපු විදියට නංගී, මල්ලී, අයියා, අක්කා ලෙවල් එකට පල්ලම් බැස තිබීමයි.

මගේ අදහස අනුව ඒක පසුගාමීත්වයක්. එක තැන එක දේ කරන අපි සමානයෝ, අනවශ්‍ය අයියා කෑලි වලින් වෙන්නේ නොහොඳක්.

මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේවත්, ඊලඟට ගිය මධ්‍යමහා විද්‍යාලයේවත්, ඊටත් පස්සේ ගිය කොලඹ ඉස්කෝලේවත් ඒ ජෝක් කෑලි තිබුනේ නෑ. මට හොඳට මතකයි මං නමේ පන්තියේ ඉන්න කාලේ ඒ ඉස්කෝලේ දොලහේ පන්තියේ හිටියා අද ඉතා ජනප්‍රිය නළු බට්ටෝ දෙන්නෙක්. අපි කවුරුත් උන්ව නමින් මිසක එදත් හැඳින්නුවේ නෑ. අදත් නෑ.

පේරාදෙනියේදීත් සිද්ධිය එහෙමයි. නම මිසක අයියා මල්ලී කෑලි තිබුනේ නෑ.

ඔය උඩින් හොඳ ලිපියක ලිපියනයක් තිේරනවා බලන්න අද ප්‍රොෆෙෂනල් සමාජයටත් ඔය අයියා මල්ලී කෑලි ගිහින් අලවෙලා තියෙන හැටි ගැන.

අවසාන වශයෙන් කිව යුත්තේ මං මේ ලිපිය ලිව්වේ රුග් එක ගැන නෙමෙයි.

ඒ බට කැලේට වෙන දවසක ගිනි තියන්නයි හිටියේ.

සැටඩේ ස්පැෂල් දාපු එකෙන් මං 2011 අප්‍රියෙල් 24 දා සිට මාස හතක් තිස්සේ කොරගෙන ආපු සන්ඩේ ස්පැෂල් එකටත් කෙලවුණා. මේක පස්සේ දවසක සන්ඩේ ස්පැෂල් ගොඩට ඇදලා දාන්න ඕනෑ!

Thanks once again.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7184529110960167432011-11-27T16:47:16.560+05:302011-11-27T16:47:16.560+05:30හිනා කපන යන්තරය, චිලි මෝල්ට්, ෆ්‍රිජ් එක, පාන්දර ද...හිනා කපන යන්තරය, චිලි මෝල්ට්, ෆ්‍රිජ් එක, පාන්දර දෙකට ඇඳුම් පිටින් නාපු එක, නාල අක්බාර් 3rd floor එකේ balcony එකේ ඉඳන් සීතලේ ගැහි ගැහි සින්නන්ගේ තෙල අහගෙන ඉන්න එක, ඔය වගේ දහසකුත් එකක් දේවල් මතක් වෙද්දී නම් රැග් නැති වේගෙන යන එක ගැන දුකක් ඇතිවෙනවා.
රැග් වීම ගැන වත් රැග් කිරීම ගැන වත් අද වෙනකම් මට නම් කිසිම දුකක් නැහැ. සුන්දර මතකයන් ටිකක් විතරයි ඉතුරු.
කොහෙද මේ පාහර කාලකන්නි ටිකක් තමුන් ගේ වෙන වෙන ඔනෙකම් පිරිමහගන්න ගිහින් දැන් සින්නෙක් ජුන්නෙක් එක්ක වචනයක් කතා කරොත් පන්ති තහනම් වෙන තැනට යනකම් ඇවිත් නේ.
අපේ කාලේ රැග් වීම බොහොම normal විදිහට ගියේ. ඒ වෙනකොටත් රැග් තහනම් කරලා තිබුණු නිසා රැග් කරන එකා දැනගෙන හිටිය තමුන් ගේ ආරක්ෂාව සලසා ගන්න. රැග් කරලා අහු උනොත් ඌ බේරගන්න strike කරන්නේ නැහැ කියල කල් ඇතුවම warn කරලා තිබුනේ.
කෙනෙකුට රැග් නොවී ඉන්න ඕනෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉන්න පුළුවන්. උන් ට පස්සේ බැච් එක එක්ක එකතුවෙන්නත් කිසි බාධාවක් උනේ නැහැ. එකම කොන්දේසිය ඊළඟ අවුරුද්දේ රැග් කරන්න අවසර නැති වීම විතරයි.
කවුරුවත් කාටවත් ගැහුවේ නැහැ රැග් එක මුල් කරගෙන. කොටින්ම ඇඟට අතවත් නොතැබීම රැග් එකේ රීතියක්.
එක එක maniya කාරයෝ ඕව misuse කරන්න ගිහින් තමයි අද තියෙන තැනට රැග් එක ඇවිත් තියෙන්නේ. රැග් නාමෙන් මිනි මරනවා (වරප්‍රගාෂ් සිද්දිය), පාරවල් දිගට ගහ ගන්නවා, කොටින් ම අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇත්තටම කණගාටුයි.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.com