Monday 31 October 2011

දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? - A Chess move in a Draughts game


ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.

ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි.

මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.

එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං මට මතක නෑ.

අනික තමයි දාම් සංගමය.

දාම් කියන්නේ මං පුංචි කාලේ ඉඳලාම ටික ටික දැන ගෙන හිටිය බෝඩ් ගේම් එකක්.

චෙස් කියන බෝඩ් ගේම් එක දන්නවා නේද? චෙස් තමයි ඉතිං රට ෆොරිජින් පොෂ් ගේම, ඔය මකරා වගේ අය කැමති.

අපි නොදන්න චෙස් කිව්වලු!

දාම් කියන්නේ ගං චෙස්, වල් චෙස් නැත්තං ලෝකල් චෙස් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්.

අපේ ආච්චී ලා ගේ ගෙදර තිබුණා දාම් බෝඩ් එකක්. ඇත්තටම කියනවා නං ඒක ඩුවල් පර්පස් එකක්. ඒකේ එක පැත්තක දාම් පෙත. අනිත් පැත්තේ පංචි පෙත.

දන්නවනේ අර කවඩි බෙල්ලෝ හයදෙනෙක් හොල්ලලා බිමට දාලා එන ලකුණු අනුව කොටුවෙන් කොටුවට පැනලා දිනුම් කණුවට යන ගේම් එක?

අපේ ආච්චී, අම්මා, පුංචි අම්මලා හෙම වැඩියෙන් කැමති පංචි දාන්නයි. මගේ හිත ගියේ නං පංචි සෙල්ලමට නොවෙයි, දාම් අදින්නයි.

අපේ අම්මගේ තාත්තා, අපි එයාට කිව්වේ සීයා කියලා නෙමෙයි ආතා කියලයි, තමයි දාම් වලට සූරයා. දාම් ඇදලා ආතාව පරද්දන්න බැරි හින්දා තමයි ආච්චී, අම්මා, පුංචිලා පංචි දාන්න වැඩියෙන් කැමති.

ඇයි මේ ගේම් දෙකම තියෙන්නේ එක බෝඩ් එකේ දෙපැත්තේ නේ. බහුතරයේ කැමැත්තෙන් පංචි දාද්දී ආතාටත් එන්න වෙනවා ඒකට එකතුවෙන්න.

පංචි කියන්නේ ලක් එක අනුව දිනන ගේමක් නිසා ආතා ට දාම් ඇදිල්ලේ දී වගේ දිනන්න බෑ. ඒ නිසා ආතා වැඩියෙන් කැමති දාං අදින්නයි.

මේ දාම් බෝඩ් එකත් අසමසම එකක්. දාම් ඉත්තෝ සෙට් දෙකක් ඉන්නවානේ ප්ලේයර්ස් ලා දෙන්නට. සාමාන්‍යයෙන් මේ එක සෙට් එකක් සුදු පාටයි, අනික කළු පාටයි. ආතා ගේ සෙට් එකේ සේරම සුදු ඉත්තෝ වෙනුට තිබුණේ මෝර මාළු කටු. ඇත්තම කියනවානම් මොර මාළුවාගේ කොඳු ඇට පෙලේ කටු!

ඔව්, මෝරා කියන්නේ කෙලවල්ලා, ඇටවල්ලා, හුරුල්ලා වගේ නෙමේ කොන්දක් තියෙන මාළුවෙක්!

කොහොම හරි ඉතිං මං ආතා එක්ක දාම් අදින්න පටන් ගත්තා. මේ කාලේ මං පහේ පන්තියේ විතර ඉන්න ඇති.

එදා ඉඳලා, අවුරුද්දකට දෙපාරක්වත් පාසල් නිවාඩු කාලේ අපි ගමේ ගිහින් ඉන්න කොට එක දිගට හැමදාම එක පාරක් හරි දාං ඇදලා, ඇදලා, මං අන්තිමේදී හතේ පන්තියේ විතර ඉඳිද්දී එක දවසක් ආතාව පැරුද්දුවා.

ඒ සංසිද්ධිය සිද්ධ වුනේ මෙහෙමයි.

මං වගේ පොඩි එකෙක් එක්ක දාං අදින එක ආතා වගේ කෙනෙකුට මහ කම්මැලි වැඩක් වෙන්න ඇතිනේ! මේ කියන දවසේ දාං අදින ගමන් ආතා මා එක්ක කතාවට පැටලුනා. එදා ආතා මා එක්ක කිව්වේ කෝට් එක හොයන්න ගිය කතන්දරේ ද, බූරුවා ගහපු කතන්දරේ ද මට මතක නෑ. ආතා ජෝන් මහත්තයාව මට්ටු කරපු කතාව නං මට කිව්වේ අම්මා. ආතා පේන අහපු හැටි මට කිව්වේ පුංචි අම්මා.

ඒ මොකක් වුනත්, කතාවෙන් කතාවෙන් මං ආතාට දාම් පෙතේ හදපු ට්‍රැප් එක ආතා නියම වෙලාවට දැක්කේ නෑ. මං ආතාගේ ඉත්තෝ පහක් එක දිගට කැපුවා.

ඊ ලඟට ආතා ට මගේ මිස්ටේක් එකක් මිස් වුණා. මං දාං ගියා.

ආතා පැරදුණා!

-කතන්දරකාරයා

ප/ලි:
අභීත ගේ කැරැක්ටර් සැටිෆිකේට් කතාව මං දැන ගත්තේ කතාබස් වැඩසටහනේ ඕඩියෝ ට්‍රැක් එක අහන වෙලේයි.

අන්න අහනවනං අන්න ඇසිය යුතුම වැඩසටහනක්.

මං නං ඕඩියෝ ට්‍රැක් එක ඩවුං ලෝඩ් කරලා තියාගත්තා.

මොකද කියනව නං ඒ රේඩියෝ ඉන්ටර්වීව් එකේ අභීතගේ කතාවේ මටත් කැරැක්ටර් සැටිෆිකේට් එකක් තියෙනවා!

ඉස්කෝලෙන් ගත්තු සැටිෆිකේට් එක නං මට කිසිම පල ප්‍රයෝජනයක් ගන්න තියා කවදාකවත් ෆයිල් එකෙන් එලියට ගත්තු එකක් නෙමේ.

බලමු අභීත මට දුන්නු සැටිෆිකේට් එකෙන්වත් ප්‍රයෝජනයක් තියෙයිද, කොහොම වෙයිද කියලා.

ප/ප/ලි
සැප්තැම්බර් මාසයේ සිට මා ඇරඹූ අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා කයි-කතන්දර පල කරන වැඩ පිළිවෙල ලබන මස සිට අත් හිටුවන බව කණගාටුවෙන් දැනුම් දෙමි.

සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර පල කෙරෙනු ඇත. ඒවා කයි-කතන්දර වීමටද ඉඩ තිබේ. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ද පල කෙරෙනු ඇත.

මේ දක්වා දැක්වූ ඔබේ සහයෝගයට ස්තුතියි.

(image: http://www.tradgames.org.uk/games/Draughts.htm)

Sunday 30 October 2011

මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් - Such is life!


උපන් දිනෙන්, උපන් දිනේ ගෙවිල ගිහිං, අපිත් ටික ටික නාකි වෙනව. දෙමව්පියන් ගේ මරණයේ දුක අත්විඳින්න වෙනව. තව ටික කාලෙකින් අපේ දරුවන්ටත් ඔය දුක එන එකත් වලක්වන්න බෑ.

පහුගිය දවස්වල යාළුවෝ දෙතුන් දෙනෙකු ගේ ම අම්මල තාත්තල නැතිවුණා.ඒ වගේ වෙලාවලදී මළ ගෙදරට මල්වඩමක් ගෙනියන වැඩේ සෙට් කළේ අපේ යාළුවෙක්. පොර ගේ නම ජයරත්න.

දෙතුන් පාරක් ඔය සිද්ධිය වුණාට පස්සේ තමයි අපේ කෙනෙකුට මතක් වුනේ ඔය මාතෘකාවට දාලා තියෙන "මල් නම් ජයරත්න, ජයරත්න නම් මල්!" කියන අතීත ආවර්ජනා පාඨය.

ඒක ඉස්සර රේඩියෝ ඇඩ්වර්ටීස්මන්ට් එකක ගිය එකක්. මං දන්න දන්න තරමින් ඒක "දීලීප පොඩි පුතු" ගේ තාත්තා ගේ නිර්මාණයක්. පොර ඒ දවස්වල හිටිය ගීත රචකයෙක් වගේම ගුවන් විදුලි වෙළඳ සේවා වැඩ සටහන්වල නිවේදකයෙක්.

මෙතන ජයරත්න කියන්නේ ජයරත්න මල් ශාලාවටයි. පහුගයි කාලේ දශක දෙකක් විතර නැගලා ගිය බිස්නස් එකක්. හැබැයි, දැන් අවුරුදු දෙකක විතර කාලේ ඉඳලා ඒ ගොල්ලන් ගේ බිස්නස් බැහැලා මගෙ හිතේ. චන්දෙ කාලෙට විතරයි පොඩි බෝනස් එකක් වත් හම්බ වෙන්නේ.

ඔය වෙළඳ දැන්වීමේ එහෙම කිව්වට, අපිට නං ඉස්සර පොඩි කාලේ ඉඳලාම මල් කිව්වාම මතක් වෙන්නේ පන්සල් යෑමයි.

මෙන්න මගේ බෑයා පොඩි කාලේ කියපු ඇම්ඇස් ප්‍රනාන්දු ගේ "රස ආහර කවලා.." සින්දුවේ කොටසක්.

".....වත්තෙ මල් පිපෙන්නේ නෑ
ගෙදර සිරියාවක් නෑ
පන්සල් යන්නට බෑ....."

ඒ දවස්වල අපේ ගෙදර වටේ වත්තේ පොල් ගස් යට නිකං ඔහේ හැදෙනවා සපත්තු මල් කියලා ජාතියක්. හරිම ලස්සනයි. ඒවා ඉගුල්ලුවාම පේනවා ලූණු ගෙඩිවගේ ජාතියක් කියලා.

අපේ එක ක්‍රීඩාවක් තමයි ඒ දවස් වල ගල් කැටවලින් ඈත ඉඳල ඒ මල්වලට ඔට්ටුවට ගහන එන.

දැන් නං එහෙම නෑ. මල්වලට හරිම ආදරෙයි!

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක දාන්නෙත් අපේ වත්තේ කැලේට වගේ වැවිලා තියෙන මල් ජාති ටිකක් පෙන්නන්නයි.

මෙන්න එහෙනම් ඒ මල් ජාති.





















-කතන්දරකාරයා

ප/ලි:
එක කහ පාට මලක් තියෙනවා. තරමක් ලස්සනයි.


ටික දවසකට පස්සේ මෙන්න මෙහෙමයි ඒකේ ස්වරූපය. වේළිලා, පරඬැල් වෙලා ගිහින්.


ඉන් පස්සේ පොඩි සුළඟකට අහුවුනත් මෙන්න මේකයි වෙන්නේ.


මල් නම් ජයරත්න, ජයරත්න නම් මල්!

Saturday 29 October 2011

දැන්වීමයි-දිග ඒවා කෙටිකර දෙනු ලැබේ : Too long? Let me shorten it for you


ඉස්සර කාන්තා සඟරාවක් තිබුණා "ශ්‍රී" සඟරාව කියලා. දැන් නං දෙවෙනි ආත්මෙනුත් යන්න ගිහිල්ලා මයෙ හිතේ. අපේ අම්මා ඒ කාලේ ශ්‍රී සඟරාව එකතු කරලා තියෙනවා පොත් පෙට්ටියක්ම පුරෝලා.

මට මතක හැටියට, මේ සඟරාවේ තිබුණු එක විශේෂාංගයක් තමයි "මහ දිග කතාව".

ඕක "මහ දිග කතාව" කිව්වට මොකද සාමාන්‍ය කෙටිකතාවක්. සඟරාවේ තිබුණු අනිත් ලිපි එක්ක බැලුවාම, පිටු ගානක් දිගට යන හින්දයි මේ මහදිග කතාව කියලා නම වැටිලා තිබුනේ!

ඕනෑම මහදිග කතාවක් කෙටියෙන් කියන්න පුළුවන්.

ඒකට හොඳම ක්‍රමය තමයි කවි. විශේෂයෙන්ම අර -හයිකු- වගේ කෙටි කවි.

මෙන්න ඒ වගේ මහදිග කතා කෙටියෙන් කියවෙන කවි දෙකක්.

රිවර්ස් ඉංජිනියරිං දන්න අයට ඕන්නං මේ කෙටි කවි අනුකලනය කරලා අදාල මහදිග කතා ලියා ගන්නත් පුළුවන් වේවි. මෙන්න පලමුවෙනි කවිය.

1. ඒක දිග කතාවක්

ලෝකය කුරිරුය
කටුකය රුදුරුය

නිදහස අහිමිව
සිව් අවුරුදු සිර දඬුවමක් නියමව

හැම අතම අසහනය

... ...

අල්විස් පොකුණේ වතුර සීතලය
මල් පෙති සිනිඳුය
ලෝකය සොඳුරුය෴



මෙන්න දෙවෙනි එක.

2. සසර

පැතුම් සුන්විය
සිතුම් බොඳවිය
පියුම් පරවිය
සුසුම් හිමිවිය෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න කෙටි දේවල් දිග් කරගන්න ඕනෑ අයට මගෙන් උදව්වක්.

කෙටි කතන්දර දිග කරන හැටි මෙතනින් බලන්න.
නොදන්න දෙමලේ - නැවත කියවීම

(image: http://www.today-i-want.com/2011/06/mini-midi-maxi.html)

Friday 28 October 2011

බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම් - Lessons learnt in the Sinhala Blogsphere


දැන් ඉතිං කතන්දර 500 ක් ලියලා දාලා, පොර සේ, විවේකෙන් ඉන්න නිසා, මට හිතුනා පොඩි පොර ටෝක්ස් ටිකක් දෙන්න.

මුලින්ම එකක් කියන්න ඕනෑ. කතන්දර 500 ක් දැම්මාය කියල අමුතුවෙන් පොරක් වෙන්න දෙයක් මගේ තිබුණේ නෑ.

මං පොඩි කාලේ ඉඳලාම පොරක්!

දැන් මෙන්න 2009 ජූලි 11 දින ඇරඹුණු මගේ අවුරුදු දෙකයි මාස තුනයි සති දෙකක් වයසැති බ්ලොග් ජීවිතයේ දී මං ඉගෙන ගත්තු හොඳ හොඳ පාඩම් කීපයක්.

1. අනුන් ගේ දුකේ දී හිත උණුවෙන හොඳ මිනිස්සු මේ බ්ලොග් ලෝකේ ඉන්නවා-I

මගේ තාත්තා ගේ අසනීප වුණු වෙලේ, මට ලෝකේ හැම පැත්තෙන්ම පණිවිඩ ගලාගෙන ආවා තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරලා.

ඒවායෙන් මට අමතක නොවෙන එක තමයි තිස්ස දොඩංගොඩ කියන හිත හොඳ මනුස්සයා ගෙන් ලැබුණු මේ පණිවිඩය.

http://kathandara.blogspot.com/2010/04/blog-post_18.html?showComment=1271847607676#c8543242532756802621

කිසිදාක දැකලා, මුණ ගැහලා කතා කරළා නැති, ආරූඪ නමකින් විතරක් දන්න කෙනෙකුට උදව් කරන්න මෙහෙම හිතෙන්නේ (පුණ්‍ය කටයුතුවලට වෙන් කරන්න) සල්ලි තියෙන හින්දම විතරක් නෙමේ. පින්බර හිතකුත් තියෙන හින්දයි.

ඊලඟට මගේ තාත්තා ගේ මරණය සිදුවෙච්ච වෙලාවේ, ශෝකය පල කරලා මට එවපු පණිවිඩ සිය ගණනත් මට කිසිදා අමතක වෙන්නේ නෑ. අහල පහල හිටපු කීප දෙනෙක් මළ ගෙදරටත් ආවා.

තාත්තා මැරෙනවා කියන්නේ මට විතරක් නෙමේ, මගේ දුවටයි පුතාටයි මුහුණ දෙන්න වෙන සිදුවීමක් බව කොච්චර දන්නවා වුනත්, හිතේ ඇතිවුනු දුක නිවා ගන්න ඒ සේරම දේවල් උපකාරී වුණා.


2. අනුන් ගේ දුකේ දී හිත උණුවෙන හොඳ මිනිස්සු මේ බ්ලොග් ලෝකේ ඉන්නවා-II

ඉලන්දාරියා ගේ සිද්ධියේ දී බ්ලොග් ලියන කියවන අති බහුතරය, ඒ කොල්ලා ගේ කේස් එක ගොඩ දාන්න සල්ලි හොයන්න දායක වෙච්ච හැටිත් ආශ්චර්යජනකයි!

එතනින් නතර නොවී ඒ එකතු කරපු සල්ලි, ඒ වගේම පුණ්‍යකර්මයකට යොදා ගන්න බවත් ලඟදී ආරංචි වුණා.


3. සිංහල බ්ලොග් අවකාශය සමාජයේ නිවරදි හරස් කඩක්

බ්ලොග් අවකාශයේ සැරිසරන්නේ සාමාන්‍ය සාක්‍ෂරතාවය සහ පරිගණක සාක්‍ෂරතාවය තියෙන අය බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. එහෙම වුණාට, අපි පොදු සමාජයට වඩා උසස් මනසකින් යුතු සුවිශේෂී පිරිසක් කියලා හඳුන්වාගන්න නම් බෑ මේ කපේට.

විභාග පාස් කරලා විශ්ව විද්‍යාලෙට ගියා කියලා, එතන ඉන්න උං හරි විශ්ව විද්‍යාලයෙන් පිටවෙන උං හරි අමුතු බුද්ධිමතුන් වෙන්නේ නෑනේ.

ඒ වගේම තමයි බ්ලොග් අවකාශයේ සැරිසරණ පිරිසත්. බුද්ධිමතුන් මෙන්ම මන්දබුද්ධිකලාත්, ඥාණවන්තයින් මෙන්ම මහදැණමුත්තලාත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තන් මෙන්ම සියල්ල දත්තෝත්, සිංහයෝ මෙන්ම සිංහවෙස් ගත් සිඟාලයෝත් ඔය සේරම කෂ්ටිය අඩු වැඩි වශයෙන් මෙතන ඉන්නවා.

ඒ කියන්නේ සිංහල බ්ලොග් අවකාශයත්, බාහිර සමාජයේ නිවරදි හරස්කඩක් කියන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
ඊයේ ට යෙදුනු කතන්දර බ්ලොග් එක ලියන මනුස්සයා ගේ උපන් දිනය සහ 500 වෙනි කතන්දරේ වෙනුවෙන් සුභ පැතූ සැමට මගේ ස්තුතිය!

Thursday 27 October 2011

පන්සීයයි, මල කෙලියයි නොහොත් දෙමගුල! - Five hundred posts as a B'day present


මතකද නන්ද කුමාරයා?

පොර ගේ දෙමගුලක් ම එකම දවසේ යෙදිලා තිබුණා. ජනපද කල්‍යාණි සමග විවාහ වීම යි, කිඹුල්වත් පුරයේ රජකමට පත්වීමයි.

ඕකට තමයි කියන්නේ දෙමගුල කියලා.

අපේ යාළුවෙක් හිටියා, එයාට මුලින් ලැබුණු පුතාත්, ඊලඟ අවුරුද්දේ ලැබුණු දුවත් දෙන්නාම ඉපදුනේ අවුරුද්දේ එක දවසේ. ඉතිං ගෙදර බර්ත් ඩේ පාටි එකයි තියෙන්නේ ළමයි දෙන්නටම. අපිත් ගියා ඉස්සර ඒ ගොල්ලෝ අහල පහල ඉන්න කාලේ තෑගි දෙකක් අරං බර්ත්ඩේ පාටියට.

ළමයි දෙන්නා ගේ උපන්දින එක දවසට ආවේ ප්ලෑන් කරලා හෙම නෙමේ. ස්වාභාවික දරු උපත් ඒ දෙකම.

තව සමහරු කරන්නේ හොඳ දවසක් බලලා එදාට සිසේරියන් එකක් දාගන්නවා. ඒවා නම් මහ අජූව වැඩ.

ඒත් මාත් කෙරුවා ඒ ටිකම. එහෙම කරපු නිසා අද මගේ බ්ලොග් එකේ සුපිරිම දවස වුනා!

මගේ බ්ලොගයේ අදට යෙදෙන දෙමගුල මෙන්න මෙහෙමයි.

එකක් තමයි, අද මේ කතන්දර බ්ලොගය සඳහා කතන්දර ලියන මිනිසා ගේ උපන් දිනය වීම.

දෙවැනි කාරණය තමයි මේ ලියවෙන්නේ කතන්දර බ්ලොගයේ 500 වැනි කතන්දරය වීම.

මුල් කාරණය හැමදාම මං දැනං හිටිය එකක් නේ. ඒක මට වෙනස් කරන්න බැරි දවසක්.

මේ අවුරුද්දේ අගෝස්තුවේ විතර මට තේරුණා, කතන්දර 500 ක් වෙන්න තව ටිකයි දුර යන්න තියෙන්නේ කියලා. ඒක මගේ උපන් දිනේ දවසටම දාගත්තොත් මරු නේද කියලත් හිතුණා. ඒ වගේ පිස්සු අදහස් එන එක පුදුමයක් නෙමේ. පිස්සු නැත්තං කතන්දර 500 ක් ලියයිද?

හොඳ වෙලාවට පරණ කවි පොතක් ලැබුණා කැම්පස් කාලේ ලියපු කවි තියෙන. සාහිත්‍ය මාසයත් ආවා. ඉතිං සිසේරියන් එකකින් නැකතට ළමයාව ගන්නවා වගේ හරියටම උපන් දිනය දවසටම 500 වෙනි කතන්දරේ දාන්න සෙට් කරගන්න පුළුවන් වුණා!

සිංහල බ්ලොග් අවකාශයේ මීට පෙර සටහන් 500 ක් තැබුවෙකු සිටියේ නම් ඒ බියෝන්ඩ් ද ෆ්‍රේම් විතරයි, මං දන්න විදියට.

නියගය දරුණු වෙලා ඇල දොල ගංගා හිඳිලා ලූල්ලු වඳ වෙලා නිසා අද කණයෙකුට පිනුම් ගහන්න පුළුවන් වෙලා!

කාටද ආඩම්බර?

මට මෙවේලේ මතක් වෙනවා මගේ දෙමව්පියන්ව. තාත්තා මිය ගියේ මගේ මේ බ්ලොග් කරුමාන්තේ ගැන හාංකවිසියක් වත් නොදැන. අම්මා නම් දන්නවා දැන්.

ඊලඟට මගේ ප්‍රිය බිරිඳ, දුව සහ පුතා. කතන්දර 500 සඳහා සෑහෙන කාලයක් ගෙදරදීත් ගත කරන්න මං හොරා ගත්තේ ඒ ගොල්ලන්ගෙන්. විශේෂයෙන්ම හාමිනේ ගේ සහයෝගය - කියල වැඩක් නෑ!

මගේ කතන්දරවලට වස්තු බීජ සපයපු සැම දෙනාමත් මට සිහිවෙනවා. දැන් මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුව දෙසීය පන්නලා. ලියන ගානටත් වැඩියෙන් එකතු වෙනවා, සතියට දෙක තුනක්ම.

ඒ මොනවා වුනත් මේ කතා ලියන්නේ ඒවා කියවන්න අය ඉන්න හින්දයි. කමෙන්ට් කරන අය ඉන්න හින්දයි. නැත්තං ඉතිං වලක් හාරල වලට කියල එතන උණ පඳුරක් හිටෝනවනේ!

කතන්දර කියවන, ප්‍රතිචාර දක්වන, මට ඊ-මේල් එවන, ඔබ සැමට මගේ ආචාරය.

-කතන්දරකාරයා

ප/ලි:
එක දවසේ දෙමගුලක් තිබුණු නන්ද කුමාරයා ඒ මගුල් දෙකම දාලා තව්තිසාවේ සුරදූතියක් එක්ක තුන්වෙනි මගුලක් කරගන්න ගිහින් තිබුණු දෙමගුලත් නැතිවුණ බවත් අමතක කරන්න හොඳ නෑ!

Wednesday 26 October 2011

අනේ කතන්දර ඔයා කළු වෙලා! - Sri Lankan Bruce Wills



මේ කතන්දරේ කියලත් බැරි නොකියත් බැරි එකක් නිසා ටික දවසක් අල්ල අල්ල හිටියා ලියන්නේ නැතුව.

ඊලඟට ලියන්න පටන් ගත්තු වෙලෙත් ආයෙ හිත වෙනස් වෙලා, මේ කතන්දරේ ට පොඩි පෙරවදනක් වගේ සලකන්න පුළුවන් කතෘ අඥාත කතන්දරේ විතරයි ලිව්වේ.

මේ කතන්දරේ නොලියා ඉන්න හිතුවේ අපේ ආදරණීය ඇනෝවා ට මගේ නාසිසිසම් රෝග ලක්‍ෂණයක් නොපෙන්නා ඉන්න නං නෙමේ.

මොකද, මංතුමාව සවුත්තු වෙලා යන කතන්දරයක් මංතුමා ම ලිව්වත් ඇනෝවා කියන්නේ එක්කෝ කොහොමද නාසිසිස්ට් කෙනෙකු ට මෙහෙම වෙන්නේ, නැත්තං මූට නාසිසිසම් මදිවට ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකක් තියෙනවා, ඒක ඕවර් කම්පන්සේට් කරනවා වගේ බයිල මිස වෙන දෙයක් නෙමේ නේ!

මට වෙන්ඩ කතන්දරවල කිසිම හිඟයක් නැතත්, ඉතිං අන්තිමේදී හිතුණා, ඕ.පු., ඔන්න ඔහේ ලියල දානව කියලා!

මෙන්න කතන්දරේ!

ඔන්න මං මේ ලඟදි දවසක පන්සල් ගියා.

ලඟදි කිව්වට මයෙ හිතේ මීට මාස හතරකට විතර විතර කලින් තිබුණු වෙසක් දවසේ වෙන්න ඕනෑ. අපේ අම්මා සහ මිතුරියන් පිරිස වගේ හැම පෝයටම පන්සල් යන කාලේ එන්නේ ඉතිං තව පහුවෙලා නේ. පොඩි පෙරහුරුවක් විදියට මේ කාලේ වෙසක් එකට, කටිනෙට වගේ තෝරාගත් දවස් කිහිපයක දී පන්සල් යනවා.

මං යන මේ පන්සලට නාලන්ද පියතිලකලා හෝ වෙනත් සිංහල බෞද්ධ තලිබාන් ලා එන්නේ නැති නිසා පිළියන්දල නිව් රත්න ටේලර්ස් එකෙන් මහපු සුදු කළිසමයි, මං අර ජොක්කු ගත්තු ටවුමේ කඩෙන්ම ගත්ත සුදු කමිසෙයි තමයි තමයි ඇඳන් ගියේ බයක් සැකක් නැතුව.

කොල්ලන්ට අවවාදයක්. සුදු කලිසම ඇන්දොත් සුදු ජොකෙක් අඳින්න මතක තියාගන්න. මැයි දින පෙළපාලිවලට අඳිනජොක්කු එපා!

වෙසක් එකට සිල් අරගෙන ඉන්න සිල් ඇත්තන්ට දානේ බෙදලා හමාර වෙලා, මංතුමාත් ගිහි දානේ ඩිංගක් රස බැළුවා.

"එලෝළු ජීවිතෙත් නරකම නෑ, ළමයිනේ, සෝයා මීට්, ගැට පොලොස් හෙම මිරිසට උයලා තියෙනවා නං!" කියලා කියන්න පුළුවන් සැක නැතුව.

එදා සිල් අරගෙන හිටිය පුතු පැටියා ගේ සිල් පවාරණය වෙන්න තව පැයක් විතර තියෙන නිසා (පොඩි එකා තාම බාගේ ටිකට් නේ, තුනට සිල් මුදෝනවා!) මං ටිකක් පන්සල් වත්තේ සක්කලං කෙරුවා.

පන්සල් වත්තේ එක කොනක අපේ ගමේ ආදි ශිෂ්‍ය සංගමයකින් පොඩි කූඩු රාජයෙක් හදලා. ඒකේ බලුප් හයි කරන වැඩ දිහා පොඩ්ඩක් බලං ඉන්න කොට මෙන්න බොලේ කවුද පොරක් මගේ ලඟට පිටිපස්සෙන් ඇවිත් උරහිස්සට තට්ටුවක් දැම්මා.

"හලෝ මේ කතන්දරකුමාර නේද?"

"ඔව්! මං කතන්දරකාරයා තමයි."

"ආ! මගේ නම සුබසිංහ මතකද මන්දා?"

මට "කතන්දර කුමාර" කියලා ඇමතුව හින්දා අනිවා ඩෙෆා මේ පොර මං ඉස්කෝලේ යන කාලේ දන්න කියන කෙනෙක් වෙන්න ඕනෑ. හැබැයි සුබසිංහ කෙනෙක් නං හිටියේ නෑ මගේ පන්තිවල.

මාව අඳුණාගත්ත හින්දා මට හිතුණා පොර අපේ මලයා ගේ යාළුවෙක් වෙන්න ඉඩ තියෙනවා නේද කියලා.

"සුභසිංහ, නම නං අහල පුරුදුයි. සෙන්ට්‍රල් එකේ අපේ මල්ලී එක්ක නේද ඉගෙන ගත්තේ?" මං සේරම උපකල්පන මත පදනම් වෙලා ඇහැව්වා.

වැඩේ කිරිගහට ඇන්න වගේ හරි.

"ආ ඔය මතක තියෙන්නේ! පොර කිව්වා හැබැයි මට නං කතන්දරව අඳුණාගන්න ටිකක් වෙලා ගියා."

"දැන් මං ඒ ඉස්කෝලෙන් අයින් වෙලා කොයි කාලෙද? මං උත්තර දුන්නා, දැන් ඉතිං ඉගෙන ගෙන ඉවරවෙලා, ජොබ් කරලා, කසාද බැඳලා, ළමයි හදලා, අපි හැමෝම වයසට යනවානේ ටික ටික. මේ සුභසිංහගේත් නළල ඇවිල්ලා, මහත්වෙලා තියෙන්නේ!"

දන්නවනේ? නළල එනවා කියන්නේ ඉස්සරහින් තට්ටේ පෑදීගෙන එනවාය කියන එකයි. මහත්වෙලා කියන්නේ පොඩියට වුනත් බඩක් ඇවිත් කියන එකයි. ඕවා ඉස්කෝලේ යන කාලේ තියෙන රෝග ලක්‍ෂණ නෙමේනේ. ඉතිං කාළෙකට පස්සේ මුණ ගැහුණාම කියන එක හරි ලේසියි.

සුභසිංහ ට ඒ කතාව ඇහුණද නෑහුණාද මන්දා. පොර දුකෙන් වගේ මා දිහා බලලා කියපි මෙහෙම.

"කතන්දර මේ අවුරුදු විස්සකට විතර පස්සේ මාව අඳුණා ගත්තට මට නං කතන්දරව අඳුණාගන්න බැරිවුනා නේ. හැබැයි ඒ නළල නිසා නං නෙමේ...."

".....ඇත්තටම ඔයා දැන් කළු වෙලා නේ, කතන්දර! මට මතකයි ඉස්සර ඉස්කෝලේ යන කාලේ කතන්දර නිකං -සුද්දා- වගේ නේ හිටියේ."

මට හිකිස් ගාලා හිනා ගියා.

පොර හරි හමන් "සුද්දෙක්ව" කවදාකවත් දැකලා නෑ වගේ...!!!

"ඔව් ඔව්, ඒ දවස්වලත් මං හැරී පොටර් වගේ නේ. සමහරු තාමත් මට කියනවා මං බ්‍රැඩ් පිට් වගේ ය කියලා!" මං සුභසිංහ ට කිව්වා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය බ්‍රැඩ් පිට් කතාව නං බොරුවක් හොඳේ. හාමිනේ නං මට රැවටෙන්නේ බෲස් විල්ස් කියලයි!

මොකද මගේත් එක ඇහැක් අනිත් එකට වැඩිය පොඩ්ඩක් පුංචියි. නිකං වින්කින් වගෙයි පේන්නේ.

(image: http://cheezburger.com/jibe/lolz/View/1353215232)

Tuesday 25 October 2011

බූට් කාලා තියෙනවාද? - Never give up hopes!


චොකලට් කන්න කවුද අකමැති? කන නොකන එක තම තමන්ගේ කැමැත්ත අනුවයි.

ඒත් බූට් කෑම නං එපා වෙන දෙයක්. අනික බූට් කන්න ලැබෙන්නේ තමන් ගේ කැමැත්තම මත නොවෙයි. අනුන් ගේ නොකැමැත්තම මතයි!

හැබැයි, බූට් කෑවා කියලා, බලාපොරොත්තු අතහරින්න නම් නරකයි. කීප් ඔන් මාචින් සෝල්ජර්!

මෙන්න මං පේරාදෙනියේ දෙවෙනි අවුරුද්දේ දී ලියපු තවත් කවියක්.

තනිකමේ ගීතය

කුරිරු නියඟය රුදුරු විලසින්
තෙතමනය ලොව සිඳින්නට පෙර
පුරා වසරක් එපිට දිනයක
සිහින් සිරිපොද වැටුණ මතකයි

නැවුම් දිය බිඳු ගත ගැටෙන සඳ
සියුම් හැඟුමින් සිත පිරීලා
සුළං පහරක පුළුං විලසින්
සිහින ලොවකට ගියා මතකයි

එදා පොද වැසි වැටුණු දින සිට
මෙදා ගිනිගෙන දැවෙන දින තෙක්
නිදාගෙන ඇත වැසි කුමාරිය
පුරා වසරක් එක ලෙසින්

නිවා සියොළඟ දැවෙන දාහය
පොවා ජීවන නිමල පානය
සදා දිවියට මිහිර වෙන දෙන
අමා වැසි නුදුරෙම වසින්෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
චොකලට් කන්න අකමැති අයත් ඉන්නවා, දැනුයි මතක් වුනේ. ඒ තමයි රත්නායක මහත්තයා සහ රමණී මැඩම් දෙපොල.

(image: http://www.chocolate.com/products/chocolate-boot/)

Monday 24 October 2011

සුදු සරොං සහ මැයි දින ජොක්කු - May day, May day, May day!


මං පොඩි කාලේ ජොක්කු ඇන්දේ නැති වුණාට, කණිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා සෙන්ට්‍රල් එකට ගිහින් කාලෙකට පස්සේ තාත්තා මහල දුන්නු වවුල් ජොකෙක් හෙවත් ලන්කට් එකක් අඳින්න පටන් ගත්තා.

ඉස්සර මට මතකයි ටවුමේ රෙදි කඩවල්වල එලියේම මේ රෙඩි මේඩ් වවුල් ජොක්කු මිටි ගණං එල්ලා තියෙනවා. ඒත් මං ඇන්දේ ගෙදර මහපු වවුල් ජොක්කු තමයි.

තවත් කාලයක් ගියාම නං වෙයාවෙල් වගේ ෆැක්ටරිවල මහපු ජොක්කු කඩෙන් අරං අඳින්න පුළුවන් වුනා.

වෙයාවෙල් වගේ ජොක්කු සාමාන්‍යයෙන් සුදු පාටයි. හැබැයි ගමේ පොරවල් ඇඳපු වවුල් ජොක්කු සාමාන්‍යයෙන් වෛර්ණයි.

ඒ දවස්වල "පමුණුව" කියලා ගමක් ගැන අපි අහලාවත් නොතිබුණාට මේ වවුල් ජොක්කු මහන්නත් ඇත්තේ කට් පීසස් වලින් ම තමයි මයෙ හිතේ. මේ ගැන චමින්දත් කියා තිබුණා.

ලන්කට් වවුල්ලු විතරක් නෙමේ අද කාලේ ජොක්කුත් තියෙනවා වෛවර්ණ, ඊස්ට්මන් වර්ණ, සමනල වර්ණ. ඒ වගේ ජොක්කුන් ට මගේ මිතුරෙක් නමක් දැම්මා "මැයි දින ජොක්කු" කියලා.

ඒ කතාව වුනේ පස්තාච්චි කාලේ තායිලන්තයේ දී යි.

සාමාන්‍යයෙන් කාන්තාවන් නං යට ඇඳුම් හෝදලා එළියේ වනන්නේ නෑ නොවැ. වැනුවත් ටිකක් හැංගෙන්න වගේ තමයි වනන්නේ.

ඒ ප්‍රශ්ණ අපිට තියෙනවා යැ.

මං තායිලන්තෙට ගිය ගමන්ම වගේ රන්සිට් ටවුමට ගිහින් ගෙනාවා ඇපල් ලකුණ දරණ වෛවර්ණ ජොක්කු හතේ සෙට් එකක්. රතු දෙකයි, නිල් දෙකයි, කොල දෙකයි, සුදු එකයි. සතියේ දවස් හතට අඳින්න පුළුවන්.

මේ ඇපල් ලකුණ දරණ ජොක්කු හොඳය කියලා මට රෙකමන්ඩ් කලේ රත්නායක මහත්තයා යි. පොර ගෙනත් තිබුණා ජොක්කු දොලහක සෙට් එකක්. අවුරුද්දේ මාස දොලහට අඳින්න පුළුවන් නේ!

ඉතිං මං එක සති අන්තෙක ඔය ජොක්කු හය දෙනෙක් විතර හෝදලා කාමරේ පස්සේ දොරෙන් එලියේ තියෙන පොඩි බැල්කනි කෑල්ලේ මං ඇදගෙන තිබුණු වැලේ වනලා තියෙනවා.

ඕක දැකපු මගේ වෙනත් මිතුරෙකුට මතක් වෙලා තියෙන්නේ ලංකාවේ මැයි දිනය රුස්වීමක්. මොකද, රතු, නිල් කොල කොඩි සේරම දාලා නේ!

මං එදා ඉඳලා කලේ යුනිවසිටියේ ලොන්ඩ්‍රියට රෙදි දාන්න පටන් ගත්තා. ඒක ගාස්තු කෑලි ගානට නෙමේ මාසෙකට නියමිත ගාණක්. ඉතිං ජොක්කු විතරක් නෙමේ සොක්ස් පවා ලොන්ඩ්‍ර්‍රියට තමයි දැම්මේ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න අපි පොඩි කාලේ අපේ ගමේ අවුරුදු උත්සවයක් තිබුණා. මේක තිබුනේ මං ඒ කාලේ ගිය ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ.

උදේ වරුවේ ගම හරහා දිවීම, ලිස්සන ගහ වගේ දේවල් තිබිලා හවස් වෙනකොට පටන් ගත්තා ස්ටේජ් එකේ තරග.

සාමාන්‍යයෙන් තියෙන අවුරුදු කුමාරී තරගයට අමතරව මෙදා පාර තිබුණා අවුරුදු කුමාරයා තරගයකුත්.

අවුරුදු කුමාරයා තරගයට ඉන්න අය අඳින්න ඕනෑ සරම සහ කමිසය.

මේකට අපේ ගමේ සහ අහල ගම්වලින් තරුණයෝ පස් දෙනෙක් විතර ඉදිරිපත් වෙලා හිටියා. තුල්හිරිය, වේටෙක්ස් පිජාමා සරොං, ටෙට්රන් කොට්න් ලා පාට කමිස ඇඳගෙන.

එකෙක් විතරක් හිටියා සුදු සරමක් සහ සුදු කමිසයක් ඇඳගෙන.

දැන් ඉතිං තරගකාරයෝ ටික වේදිකාවේ. නිවේදකයා එක එකා එක්ක කතාකරලා කියනවා, දැන් වේදිකාව වටේ රවුමක් ගිහින් ප්‍රේක්‍ෂක ජනතාවට ආචාර කරන්න කියලා.

අර සුදු සරොම්කාරයා රවුම ගිහින් තුන් පැත්තටම ආයුබෝං කියලා ආපහු අනිත් උන් හිටිය පේලියට යන්න අපිට පස්ස හරෝපු වෙලේ තමයි අපි දැක්කේ මූ සුදු සරමට යටින් ඇඳලා ඉන්නේ තද රතු පාට ජොකෙක් ය කියලා. ඒක නියමෙට කැපිලා පේනවා, වස ලැජ්ජාවයි! අන්ඩර්ග්‍රවුන්ඩ් චේ ගුවේරාකාරයෙක් මැයි දිනේට යන්න ලැහැත්ති වෙලා වගේ.

ඔය සිද්ධිය මට තාමත් සුදු කලිසමක් අඳින හැමදාම මතක් වෙනවා.

-කතන්දරකාරයා

ප/ලි:
ඉතිං මේ අවවාදය පිරිමි පක්‍ෂයටයි!

සුදු සරමක් හෝ සුදු කලිසමක් අඳින කොට යටින් සුදු ජොකෙක් ගහන්න අමතක කරන්න එපා.

(image: http://www.bigstockphoto.com/image-20157977/stock-photo-underwear-hanging-to-dry)

Sunday 23 October 2011

බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)


කාලෙකට ඉස්සර මං පෙම් කිරීමට උපදෙස් මාලාවක් ලියන්න ගත්තා. ඒකේ කොටස් තුනක් ලිව්වා මට මතක විදියට.

1. මං හොඳ වෙන්න බලන කෙනෙක්

2. කොල්ලන්ට පොඩි උපදෙසක්

3. පෙම් කිරීමට උපදෙස්

ඉන් පස්සේ බැඳපු අයට මල් කඩන්න උපදෙස් දෙන ලිපියක් ලිව්වා. ඒක නං නොබැඳපු අයත් කියෙව්වා ද කොහෙද?

අද මේ ලිපිය ලියන්න හේතුව මේකයි. දැන් ඔය විටින් විට ඔය ඊ-මේල්වලින් අපිට එනවානේ විවිධ උපදෙස්? අපේ සමහරු ඉන්නවා උං, තමන් කියවන්නත් කලින් අනිත් අයට ඒක ෆෝවර්ඩ් කරලා ඉවරයි.

මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක.

නමුත් මේ ලඟදී ආපු එකක තිබුණු සමහර කරුණු මගේ හිතට අල්ලලා ගියා. මොකද ඒ සමහර ඒවා අත් දුටුවයි සත්තකයි නිසා.

ඉතිං, ඒ ඊ-මේල් එකේ කොටස් මට ඕනෑ විදියට කපලා කොටලා, වෙනස්කරලා, මගේ අනුවර්තිත සංස්කරණයක් තමයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට දාන්නේ.

මෙන්න බැඳපු උන්ට උපදෙස්. පිරිමි ඇසකින් ලියන්නේ. කාන්තා පක්‍ෂය ඇය වෙනුවට ඔහු යොදා කියවන්න.

1. ඇය ලස්සනයි කියා ඔබට හිතේ නම් ඒ බව ඇයට පවසන්න.
(මම මේක නිතරම කරනවා!)

2. මං ඔයාට ආදරෙයි කියා දවසකට එක් වරක් වත් කියන්න.
(එවිට එවැනිම ප්‍රතිචාර ලැබෙනු ඇත!)

3. උයන්න පිහන්න, අස්-පස් කරන්න උදව් වෙන්න.
(කතන්දරකාරයාට මේ සම්බන්ධයෙන් දියුණු වීමට අවකාශ බොහෝය!)

4. ඇයව වෙනස් කරන්නට යෑමට වඩා ඔබ තවත් හොඳ විමට කාලය වැය කරන්න.
(මං තවත් හොඳ වෙන්නයි නිතරම බලන්නේ කියා ද කියන්න.)

5. උදේ පාන්දර නැගිට, ඇයට තේ කෝප්පයක් සාදා ඇඳ ලඟටම ගෙනත් දෙන්න.
(සතියේ දින පහම කරමි. හැකි සෑම දිනකම රාත්‍රියේ ද තේ සාදා කොම්පීටරය අසලටම ගෙනැවිත් දෙමි!)

6. සමහර දේවල් එකට කරන්න. සමහර දේවල් තනියෙන් කරන්න.
(මේ කියන්නේ බැන්දා වුනත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු බවයි. හැම දේටම ඇඟිලි ගහන්න යන්න එපා! ලියුං, ඊ-මේල් බලන්න යන්න එපා. දෙන්නාට ඊ-මේල් ලිපින දෙකක් තිබිය යුතුයි. අපේ යාළු කපල් එකක් ඉන්නවා දෙන්නාටම එක ඊ-මේල් ලිපිනය, මල වාතයක් ඒක!)

7. රැකියාව, වෟත්තිමය ජීවිතය වැදගත්, නමුත් පවුල තමයි ප්‍රධාන.
(මේ ගැන මං වෙනම කතන්දරයක් ලියන්නම්.)

8. ඇය ගේ ඉගෙනීමේ, රැකියාවේ, විනෝදාංශ, ගෙදරදොර වැඩ, ඉවුම් පිහුම් නිතරම අගය කරන්න, ප්‍රසංශා කරන්න.
(කතන්දර හාමිනේ හදන කෑම නම් ඇත්තටම සුපිරිය!)

9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
(විහිළු සපයන්න!)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න හොඳම එක.

10. රණ්ඩු වෙන කොට නිරුවතින් රණ්ඩු වෙන්න. ටික වෙලාවකින් රණ්ඩුව අවසාන වෙනු ඇත.
(නෝ කමෙන්ට්ස්!)

(image: http://www.hat.net/album/asia/india/10_temples_and_gods/20_ranakpur/detail039.htm)

Saturday 22 October 2011

මගේ උණහපුළු පැටියා - My cute little Slender Loris


උණහපුළුවාට උගේ පැටියා රත්තරං ය කියලා කියනවනේ. කොච්චර කැතවුණත් තමන් ගේ දේ තමන්ට ලොකුයි. ඒක අර ඇනෝ කියන නාසිසිසම් ද මොකක්ද වුණත් මට නං ලොකු ප්‍රශ්ණයක් නෑ ඒ ගැන.

මෙන්න මං සෙකන්ඩ් ඉයර් එකේදී ලියපු හොඳම කවිය.

හොඳම කියන්නේ මගේ අනිත් කවිවලට සාපේක්‍ෂව මිස වෙනත් අර්ථයකින් නෙමේ.

එහෙම ගත්තොත් මේ ලෝකේ නිරපේක්‍ෂ දේවල් කියලා ජාතියක් තියෙනවායැ. සේරම සාපේක්‍ෂයි!

මේ කවිය මගේ හිතට ආවේ ෆර්ස්ට් ඉයර් එකේ මැද හරියේ විතර. අන්තිමේදී තටමලා, තටමලා මේක මේ විදියටවත් එලියට ගත්තේ සෙකන්ඩ් ඉයර් එකේත් මාස දෙක තුනක් ගියාට පස්සෙයි.

එහෙම වද විඳලා වදපු උණුහපුළු පැටියා මෙන්න!

පුදුමය

ඔබ දුටු සඳ
සතුටින් පිරී ගිය සිත
නිශ්ක්‍රීය වී ඇත

මම ද මා?

මා දුටු සඳ
නැගුණු මදහස මුවට
වියලිළා ගොස් ය අද

ඔබ ද ඔබ?෴


-කතන්දරකාරයා

ප/ලි
ඔය කවිය ලියවිලා ඉවර වුණු වෙලාවේ මගේ හිතට දැණුනු සතුට නං කියලා ඉවරකරන්න බෑ.

තව දවස් කීපයකින් කතන්දර බ්ලොග් එකේ සතුටුදායක පොඩි සැතපුම් කණුවක් එනවා. කතන්දර ලියන පොරගේත් සතුටුදායක පොඩි සංසිද්ධියක් එනවා.

ඒ දවස පහුවුණාම කියන්නං, එදා පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ මේ කවිය ලියලා ඉවරවුණු වෙලාවේද, නැත්තම් ලඟදීම එන සංසිද්ධිවලදී ද සතුට වැඩිය දැනුනේ කියලා!

(image: http://www.zimbio.com/pictures/1hCA2ynwNk0/Two+baby+Loris+Given+Health+Check+Veterinary/XE90fhx2HLN)

Friday 21 October 2011

කහ ඇඹරීම - එනම් - ජොක්කු නොඇඳ බයිසිකල් පැදීම හොඳද? නරකද? (බැඳපු කාන්තාවන් මේ කතන්දරේ කියවූවාට කමක් නෑ) : Riding bikes without undies?


මං ටවුමේ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වුණු සංසිද්ධිය ගැන ලියපු කතන්දරේ මාතෘකාවේ ම දැම්මා ඒ කතන්දරේ කාන්තා පක්‍ෂය බලන්න එපා කියලා.

එහෙම කලේ මගේ සයිස් එක ගෑණු දැනගන්න එක වලක්වන්න නං නෙමේ.

මගේ කමිස, ටී ෂර්ට්, කලිසං සයිස් ඒකේ දාලා තිබුනේ ලඟදී එන මගේ උපන් දිනේට තෑගි තෝරන්න ලේසි වෙන්නයි. නමුත් අර කියපු කන්සියුමර් වෝනින් එක දැම්මේ අවංකවම කාන්තා සුභ සිද්ධිය වෙනුවෙනුයි.

එදා එහෙම කළාට, මේ පෙරේදා ලියපු වවුල් ජොක්කු සහ ගොනා කානුවේ කතන්දරේ දී නම් කෙල්ලන්ට බලන්න එපා කියල පාරිභෝගික අවවාදයක් දාන්න බැරිවුණා. ඉතිං, ඒක කියවන්න ආපු අපේ කාන්තා පක්‍ෂයේ අය, චීයා, නෝ කමෙන්ට්ස්, no comments ආදී ප්‍රතිචාර දක්වලා තිබුණා.

(මේ කතන්දරේ කියවා මතකය අවුස්සා ගත් චමින්ද කෙනෙක් ඉංගිරිසියෙන් ලියූ සටහනක සිංහල පරිවර්තනය කියවා බලන්න).

ජොක්කු ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණක් නෙමේ. බ්ලොග් තියෙන්නේ ඒවට තමයි. මොකද, ඉරිදා පත්තරවල තීරු ලිපිවලින් පුළුවනි යෑ මේවා ලියන්න.

යට ඇඳුමක් ඇඳන් "පරම්පරා කුට්ටම" රැකගන්න එක පිරිමි අපි කාගෙ-කාගේත් යුතුකමක්. ඉන්ෂුවරන්ස් ගත්තත් වැඩක් තියේවියැ, ඇසට්ස් ඩැමේජ් වුනොත්?

ඉස්සර අපේ මුතුන් මිත්තෝ සම්පත් සුරකින්නත්, විළි වසා ගන්නත් ඇන්දේ හොඳ දේශීය අමුඩ. අමුඩ ලේන්සු තාමත් භාවිතයේ තියෙනවා.

නමුත්, මහ වෙදන ලා තියා ජීවක ලා කිව්වත්, දැන් ඉතිං අපි අමුඩ ගහන්න යන්නේ නෑ. ඉස්කෝලේ යන කාලේ අඳින්න පටන් ගත්තු ජොක්කුම ගහනවා මිසක් දිගටම.

ඒත් මට පේන්නේ පිරිමි හුඟ දෙනෙක් ජොකා ගහලා ඉන්නවාට වඩා, නොගහා ඉන්න කැමතියි වගේ!

මෙන්න ඒ ගැන මට මතක් වෙන කතාවක්.

අපේ අංකල් කෙනෙක් ඉන්නවා පොර හැමදාම ෆැක්ටරිවල තමයි වැඩ කරන්නේ. කාලයක් පදිංචිව හිටියේත් වැඩකරපු ෆැක්ටරියට කිලෝ මීටර් දෙක තුනක් දුරින් ඇනෙක්සියකයි. වැඩට ගියේ බයිසිකලයක් පැදගෙනයි.

මං සති අන්තයේ දවසක පොර ගේ ගෙදර ගිහින් ඉන්න කොට පොරට හදිසියේම ෆැක්ටරියට එන්න කියලා පණිවිඩයක් ආවා.

පොර හොඳට කූල් එකේ සරම ගහගෙන පොතක් බලමිණුයි හිටියේ. එක පාරටම හෝදලා තිබුණු කලිසමක් ගත්තා, සරම යටින් දාලා ඇඳ ගත්තා, සයිකලේට නැග්ගා, තත්පර ගානක් ඇතුලත පොර ෆැක්ටරියට යන්න පිටත් වුණා.

මට තේරුණා පොර ඒ ගියේ අනිවා ඩෙෆා ජොකෙක් නැතුවය කියලා. මොකද මේ මං ජොක්කු අඳින ලොකු කාලේ වෙච්ච සිද්ධියක් නේ!

පස්සේ දවසක වෙන කතාවක පැටලිලා ඉන්න ගමන් පොර කිව්වා, ඒ වගේ වෙලාවලට ජොක්කු ගහන්න කරදර වෙන්නේ නෑ කියලා.

මං හිතන්නේ නිකං ගෙදර ඉන්න කොට සරමට යටින් ජොකෙක් නොගහා හිටියට, අහල පහල කඩේට යනකොට ජොක්කු නොගැහැව්වාට (මතකනේ මේ ගැන හොයන්න පත් කරන්න ගිය කාලෝ ෆොන්සේකා බලකාය?) ඔය සයිකල් පදින වැඩේ දී නං ජොකෙක් නොඇඳ ඉන්න එක හොඳ වැඩක් නෙමේ.

ඔය විදියට ජොක්කු නැතුව සයිකල් පදිනවාට "කහ අඹරණවා"ය කියලා කියන්නේ නිකමටයැ?

ජොක්කු නෙගහා ඉඳීම පිරිමි අතර කොච්චර ප්‍රියතම දෙයක්ද කියන එක තේරෙන්නේ මේ සඳහා පාවිච්චි කෙරෙන වචන ප්‍රමාණය බැලුවහමයි.

1. ගොනා කානුවේ යෑම (කතන්දර)
2. සිවිල් පිට යෑම (කතන්දර, බුද්ධි)
3. අමුවෙන් යෑම (හිස් අහස)
4. කොමාන්ඩෝ ඉඳීම (සපතේරු උන්නැහේ)
5. ඇතා උඩ යෑම (ඕනයා, රාජ්)
6. ෆ්‍රී වීල් එකේ යෑම (දුමී)
7. ෆී ඇන්ඩ් ඊසි (මංතුමා ගේ යෝජනාවක්. කාන්තා පක්‍ෂයට ටැපලෙන්නටත් ඉඩ ඇත!)
8. ටූ වීල් එකේ යෑම (තවත් මංතුමාගේම යෝජනාවක්)

තවත් මේ වගේ තත්කාලීන ජනශ්‍රැතියේ පවතින වචන තියෙනවා නම් ලියලා යන්නකො, ඒවා අපේ කෝෂ්ඨාගාරවලට දාගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
තවත් ජොක්කු කතන්දරයක් ලබන සඳුදා බලාපොරොත්තු වන්න.

ප/ප/ලි:
කෝෂ්ඨාගාරය = වදන් කොසුව = vocabulary

(image: http://symptomaticthoughtpattern.wordpress.com/2008/06/08/naked-cyclists/)

Thursday 20 October 2011

ලන්කට් ගැන ඇවිස්සුනු චමින්ද ගේ මතකය - Chaminda gets nostalgic about Lankets (පාරිභෝගික අවවාදය: මෙය පිරිමි කතාවකි)


මං ලියපු ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව ගොනා කානුවේ කියන කතන්දරය කියවපු හුඟ දෙනෙකුගේ අතීත මතකයන් අවදිවෙලා තිබුණු බව පෙනුනා දාල තිබුණ ප්‍රතිචාර වලින්. එක් පාඨකයෙක් ඉංගිරිසියෙනුත් කමෙන්ටුවක් දාලා ගිහින්.

මට හිතුනා ඒකේ සිංහලානුවාදයක් දාන්න.
ලංකට් යන වචනයෙන් එක්තරා වයස් සීමාවක චමින්දලා ගේ මතකය බොහෝ ඇවිස්සෙනු ඇත. බොඩිය යන වචනයෙන් තවත් යුගයක මල්කාන්ති ලා ගේ මතකයද එලෙසම අවදි වෙනු ඇතැයි මම සිතමි.

ලංකට් යන වචනයේ නිරුක්තිය තව දුරටත් අභිරහසක්ව පවතී. එය ධෛර්යසම්පන්න වාග්විද්‍යා ආචාර්ය උපාධි ශිෂ්‍යයෙක් විසින් විසඳිය යුතු ප්‍රශ්ණයක් සේ පෙනේ.

ලන්කට් යනු අතිශය වර්ණවත් ඇඳුම් විශේෂයක් බව කිව යුතුය. ඒවා මසනු ලැබුවේ කෑලි රෙදි වලිනි. සරොම්, කමිස ඇතුළු අන් ඇඳුම් මසා ඉතිරිවන රෙදි කැබලිවලින් ටේලර් ලා ලන්කට් මැසූහ. එනිසා ඒවා ටෙක්නිකලර් හෙවත් වෛවර්ණව නිපදවී තිබෙනු දක්නා ලදී.

සමහර ලන්කට් කෑලි රෙදිවලින් අල්ලි-ක්‍රමයට කෙතරම් විචිත්‍රව මසා තිබුනේ ද යත් ඒවා පන්සල් අසල එල්වා තිබූ කුඩා කොඩි සිහි කළේය.

රෙදි වැලක එල්ලා තිබෙන ලන්කට් ද අතිශය දීප්තිමත් දර්ශනයක් වේ.

ලන්කටයක් ඇඳීමේ සහ ගැලවීමේ විධික්‍රමය ඒවා මසන රෙදි මෙන්ම වෛවර්ණ වේ. ලන්කටය ඇඳීමේදී, ඔබට මුලින් සරම බුරුල් කර, සරමේ වාටිය දත්වලින් අල්ලා, ලන්කටය එක කකුලක ලා (ලන්කටයක ඇත්තේ එක කකුලක් පමණි), ඉන්පසු, එහි අනිත් පස දෙපළුවේ ඇති පටි දෙක බැගින් ගලපා ගැට ගැසිය යුතුය.

බොහෝ විට මේ ගැට ලේසියෙන් ගලවාගත නොහැකි තරමටම තද වේ. ගැට ගැසුණු පටි බේරුම් ඇරීමට ලන්කට් අඳින්නෝ සමහර විටෙක ඉච්ඡාභංගත්වය ඇති කරවන තරමේ කාලයක් ගත කරති.

සමහර විටෙක මෙම පටි කැඩි යන අතර, ආයාකටු භාවිතයෙන් ලන්කටය තාවකාලිකව බැඳ ගැනීමට සිදුවේ.

ඩීඇස්අයි සහ බීඇෆ්අයි යට ඇඳුම් වෙළදපොළට ඒමට පෙර කාලයේ වෙලෝනා කොම්පැනිය විසින් බැනියම් රෙද්දෙන් මසන ලද ලන්කට් වර්ගයක් අළෙවිකරන ලදී. ඒ ලන්කට් විශේෂය සම්ප්‍රදායානුකූල ලන්කට් මෝස්තරයේ එකක් නොවිණි. එහි පටි නොතිබුණු අතර එක කකුලක් විවෘත වී නොතිබුණි. ඒවා බොහෝ දුරට අද භාවිතා වෙන යට ඇඳුම් ආකාරයේ ම විය.

~කතෘ අඥාතයි~
-කතන්දරකාරයා

ප/ලි:
තවත් ජොක්කු කතන්දර දෙකහමාරක් තියෙනව මේ සීරිස් එකේ. එකක් සිකුරාදා උදේ, අනික සඳුදා උදේ ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට්කරලයි තියෙන්නේ.

රේන් රේන් ගෝ එවේ - Come again another day!


ඔය රැවුලත් ඕනෑ, කැඳත් ඕනෑ කියන කතාව නං මහ විහිළුවක්. ඔය දෙකම නැතුවත් ඉන්න පුළුවනි අපූරුවට. මාත් ඉඳලා, හිටලා රැවුල සේරම කපලා දානවා. කැඳ නං බීපු කාලයක් මතක නෑ.

ඉතිං රැවුල ද කැඳ ද කියන කැඳ බොන රැවුලන් ගේ උභතෝකෝටිකය මට නං මහ ඉටිගෙඩියක් නෙමෙයි.

හැබැයි වැස්ස ඒ වගේ නෙමේ.

වහින වෙලාවට ඒක මහ වාතයක්. හැබැයි වහින්නෙම නැත්තං ඒක ඊටත් වඩා වාතයක්!

මෙන්න වැස්ස ගැන මං ලියපු කවියක්.

වැස්ස ගැන කවි දෙකක්

යලට කුඹුර වපුරන්නට
යසට වතුර නාගන්නට
හොඳට සැපට නිදියන්නට
වැහැපං! බැහැ ඉවසන්නට

ග්‍රවුන්ඩ් එකම වෙට් වෙනවා
පිච් එක ඩිස්ට්‍රක්ට් වෙනවා
ක්‍රිකට් තරග ඩල් වෙනවා
වැස්සොත් අපි වැනසෙනවා෴


-කතන්දරකාරයා

ප/ලි:
මං පොඩි කාලේ ඉඳලාම හිතන දෙයක් තමයි වැස්ස අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවනි නම් කොච්චර හොඳද කියන එක.

එහෙම නං මං හැමදාම මහ රෑ දොලහෙන් පස්සේ පැයක් විතර වහින්න සෙට් කර ගන්නවා.

දවල් වරුවේ වැස්ස තහනම්!

(image: http://www.nikkiemcdade.com/subFiles/2DExamples.html)

Wednesday 19 October 2011

ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව "ගොනා කානුවේ"! - Batman Jocks


ඇනෝනිමස් ආතල් බ්ලොගය සංවිධානය කළ 2011 සිංහල බ්ලොග් අවකාශයේ මහා කක්කා සම්මාන උළෙලේ ජොකා සම්මානය හා රුපියල් 25,000ක මුදල් ත්‍යාගය දිනාගත් කතන්දරය. (16/12/2011)
http://anonymousaya.blogspot.com/2011/12/2011.html



බොරු කියන්නේ මොකටද, මං පොඩි කාලේ පාසල් යන කොට ජොක්කු නං ඇන්දේ නෑ, කෙලින්ම සිවිල් පිට තමයි ගියේ!

මේක නිවරදිව කියනවා නං මගේ අම්මා මට ජොක්කු ඇන්දුවේ නෑ. අන්දන්න මට ජොක්කු තිබුනෙත් නෑ.

මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ඒ දවස්වල පාසල් නිල ඇඳුමක් තිබුනේ නැති නිසා, ඉස්කෝලේ ගිය මුල් අවුරුදු දෙක ම ඇන්දේ පොප්ලින් වලින් මහපු ඉලාස්ටික් කලිසම් විතරයි යටට. ඒවා අම්මා මහපුවා. උඩට ඇන්ද කමිසත් ගෙදර අම්මා මහපුවා.

මේ සමහර කමිස වල අත් නැහැ, ඒ මදිවට සමනල්ලු ඇප්ලික් කරලා තිබුණා. දෙකේ පන්තියේ දී මට මතකයි කොල්ලෙක් මට විහිළු කරනවා බ්ලවුස් අඳිනවා කියලා!

ඇත්තටම කියනවා නං බ්ලවුස් පතරොම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි අම්මා අපිට කමිස මැහැව්වේ.

හැබැයි මං කවදාකවත්, කොල්ලෝ කිචේ දානවා, මට මේවා අඳින්න බෑ කියලා ගෙදර වලි දාලා දෙමව්පියන්ට කරදර කෙරුවේ නං නෑ. කට්ට කාගෙන තියෙන දෙයක් ඇඳගෙන පාසල් ගියා.

ඒ හින්දා තමයි මට දැන් වුනත් පුළුවන්, ඇනෝවා මට නාසිසිසම් කියා කිච කරද්දීත් කූල් එකේ ඉන්න.

පළමුවන වසරේ ඉඳිද්දී අපේ පන්තියේ කෙල්ලෙක් ගවුමට යටින් යට ඇඳුමක් අඳින්නේ නැතුව ඇවිල්ලා දවසක් වෙච්ච දේ මං මීට කලින් කියලා තියෙනවා නේ, මතකද මන්දා?

ගවුම් අඳින කෙල්ලන්ට එහෙම නීති තිබුණා වුණාට, මං තුනේ පන්තියේ වගේ ඉඳලා පොප්ලින්-ඉලාස්ටික් කලිසම් වෙනුවට ඩ්‍රිල් රෙදිවලින් ටේලර් ෂොප් එකෙන් මහපු කලිසම් ඇන්දත් ජොක්කු ගැහැව්වේ නං නෑ.

මේ කාලේ වෙන කොට මං ඇන්දේ අත් කොට සාමාන්‍ය කමිස. ඒවාත් ගෙදර මහපුවා. හැබැයි ඒ තාත්තා ගේ වැඩ. ඒ නිසා බ්ලවුස් කතාව ආවේ නෑ.

හැබැයි ඒත් කලිසමයි, කමිසෙයි විතරයි. නෝ ජොක්කු.

ඔන්න පහේ පන්තියේ තරග විභාගෙන් පාස් වෙලා, හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යන්න පටන් ගත්තා.

දැන් අපේ පන්තියේ කොල්ලෝ බහුතරය ජොක්කු අඳිනවා.

මේ සේරම වවුල් ජොක්කු, එහෙම නැත්තං ලන්කට්!

ජොක්කු ගහන, නොගහන කොල්ලන් කවුද කියලා තේරෙන්නේ වූ කරන්න ටොයිලට් ගියාමයි. ජොක්කු නැත්තෝ කලිසමේ බොත්තම් (මේ කාලේ සිප් තිබුනේ නෑ, මට මතක විදියට) විතරක් ගලෝලා වූ කරනවා.

වවුල් ජොක්කු අර සමහර බිකිනි වගේ එක පැත්තකින් ගැට දෙකක් ගහන්න ඕනෑ ඒවා නිසාත්, අද කාලේ ජොක්කුන් වගේ මේවායේ ඉලාස්ටික් නොතිබුණු නිසාත්, ජොක්කු ගහන කොල්ලන්ට චූ කරන්න කලින් මුලින්ම කලිසම උඩින්ම ගලවන්න වෙනවා ගැට ලෙහන්න. ඊටත් පස්සෙයි වූ කරන්න පුළුවන් වෙන්නේ.

මේ හේතුව නිසා ජොක්කු අඳින නොඅඳින අය ටක් ගාලා කැපී පේනවා.

මේකේ නරකම වැඩේ මේකයි.

ජොක්කු අඳින්නේ නැති උන්ට අඳින උන් කිච කරන්නේ "ඔන්න ගොනා කානුවේ!" කියලයි.

මාත් ඉතිං "ගොනා කානුවේ" දා ගෙන තවත් අවුරුද්දක් විතරම ඉස්කෝලේ ගියා. ඊටත් පස්සේ තමයි තාත්තා මට ජොකෙක් මහලා දුන්නේ.

ඒකත් අර "වවුල්" වර්ගයේ ලන්කට් එකක්.

ඒකේ පිහිටෙන් මං ගොනා කානුවෙන් ගොඩට අරං හරි පාරට දා ගත්තා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව පලකරන්නේ මෙය කියවන වැඩිහිටි පිරිමින් ටික දෙනෙකුට හෝ අතීතකාමයේ ගිලෙමින් සතුටක් ලබන්නට හැකි වේ යැයි සිතාය.

උපන් දිනයේ සිට ජොක්කු ඇඳි අය සොරි.කොම් බලන්න.

මෙන්න තවත් ජොක්කු ගැන කතන්දර.
1. සරොම් අස්සේ ජොකා බලකාය
2. ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
3. ජොලි සීයගෙ කතන්දරේ

(image: http://www.switched.com/2008/07/10/buzzing-cell-phone-turns-out-to-be-live-bat-in-bra/)

Tuesday 18 October 2011

කියවන්න නෙමේ බලන්න - Life sukz!


කියවලා නොවේ සමස්තයක් විදියට නිරීක්‍ෂණය කරලා තේරුම් ගත යුතු සංයුක්ත කවි වර්ගයට දාන්න පුළුවන් මං ලියපු ජීවිතය කියන කවිය ගැන කයි-කතන්දරේ මං අද උදේ දැම්මා.

මේ සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්න.

මං සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියලා ආට් සර්කල් බිත්ති පුවරුවේ දාපු ඒ එකම එක කවිය දැකපු ඒ දවස්වල අපේ ඉංජිනේරු පීඨයේ හිටිය කෂ්ටිය මං හිතන්නේ මං ලියපු අනිත් සේරම කවිවලින් ලබපු සමස්ත වින්දනයට වඩා වැඩි වින්දනයක් ඒ එක කවියෙන් ලැබුවා!

ඉතිං මං ආයේ පාරක් ලිව්වා ඒ වගේ සංයුක්ත කවියක්. ඒකේ මාතෘකාවත් "ජීවිතය".

මෙන්න බලන්න ඒක

ජීවිතය




































-කතන්දරකාරයා

ප/ලි
මේ දෙවෙනි "ජීවිතය" කවිය ගැන මොකද හිතෙන්නේ?

හැම ජීවිතයක්ම එක වගේ නෑ නේද? හොඳ වෙලාවට!!!

(image: http://lolzombie.com/4085/inbox-full-life-empty/)

මොනවද බං මේ විකාර? - What the hell is this?


ඉස්සර අපේ තාත්තා මොකක් හරි වැදගත් යමක් කියන්න යන සමහර වෙලාවලදී කියන දෙයක් තියෙනවා.

"හොඳ විශ්වාස ඇත්තක් කියන්නද?"

ඔය ප්‍රශ්ණෙ ඇහැව්වහම කවුරුවත්ම එපා කියන්නේ නෑ. හැබැයි තාත්තා උත්තරයක් දෙනකම් ඉන්නේ නෑ එයා ගේ කතාව පටන්ගන්න.

මං මේ කරන්න යන්නේත් අන්න ඒ වගේ දෙයක්.

හොඳ විශ්වාස ඇත්තක් කියන්නද?

අපේ රටේ සිංහල කවි ලියන අය දාස් ගණනාවක් ඉන්නවා. ඒත් කවි කියවන අය ගණන, අර කවි ලියන අය ගණනට වඩා අඩුයි!

තමන් කවි ලියන්නේ නැති, කවදාකවත් ලියලාවත් නැති, ඒත් වෙනත් කෙනෙක් ලියපු කවියක් කියවලා රස විඳින්න පුළුවන් අය ඉන්නේ ටික දෙනයි.

ඒ ටික දෙනාගෙන් බහුතරයක් මේ බ්ලොග් එක බලන එක කොච්චර ජොලියක් ද?

ඒ වගේම ජොලියක් තමයි, තමන් ලියපු කවියක් දැකලා, ඒකෙන් කාව්‍ය රසයම නොවෙතත් වෙනිං මොකක් හෝ වින්දනයක් ලබා ගන්න අය නිසා කවිය ලියපු කෙනාට ඇතිවෙන ජොලිය!

මං පේරාදෙනියේ ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ පල කළ මේ කවියෙන් මට ලැබුනේ අන්න ඒ දෙවෙනි ආකාරයේ සතුටක්.

මෙන්න ඒ කවිය.

ජීවිතය

දුක
දුක
දුක
දුක
දුක
දුක
සැනසුම
දුක
දුක
දුක, දුක, දුක... ...෴


-කතන්දරකාරයා

ප/ලි:
මේ කවිය ලියවුනේ කවිය කියවා නොව සමස්ත රූපයක් විදියට නිරීක්‍ෂණය කරලා රස විඳිය යුතු සංයුක්ත කවි කියන වර්ගයේ කවියක් නිර්මාණය කරන්න ගත්තු වෑයමක සරල ප්‍රථිපලයක් විදියටයි.

සංයුක්ත කවි ගැන මං මුලින්ම දැන ගත්තේ අජිත් තිලකසේන ගේ "මල් වැනි ගල්" කියන පොතෙන්.

(image: http://boondionline.blogspot.com/2009/01/blog-post_29.html)

Monday 17 October 2011

තායිලන්තයේ සිට අගුණකොළපැලැස්ස දක්වා - From Thailand with love


කාලෙකට ඉස්සර කතන්දර හාමිනේ යි, මායි ගියා ඉන්දියාට පොඩි පහේ ට්‍රිප් එකක්. මං අර බැංකුකාරයෝ ලෝක අමාරුකාරයෝ කතන්දරේ ලිව්වේ ඒ ට්‍රිප් එකට ලේස්ති වෙන කාලේ වෙච්ච බැංකු අකලංචියක් ගැණයි.

රට යනකොට බැංකු යන්නේ ඩොලර් ගන්නනේ. ඉතිං අපි ඩොලර් අරං ගිහින් එහේදී ඉන්දියානු රුපියල්වලට මාරු කළා.

ඒකෙනුත් ඉතිං බැංකුකාරයින් ට තමයි වාසිය. කෙලින්ම ඉන්දියන් රුපියල් අරං ගියා නං බැංකු කොමිෂන් ගෙවන්න වෙන්නේ එකපාරයි.

ඒ දවස්වල ඉන්දියන් රුපියලක් ලංකාවේ රුපියල් එකයි පනහක් වගේ මට මතක හැටියට. ඉතිං අපි දෙන්නා ඉන්දියන් සාරි, විසිතුරු බඩු ගන්න හිතෙන හැම පාරම කෙරුවේ උන් ගේ මිල එකහමාරෙන් බෙදලා බලන එකයි. එතකොට විතරයි අපේ හිතෙන් මිල ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නේ.

ඉන්දියාවේදීත් එහෙම නම් ලංකාවේ රුපියලට වඩා මුදලේ වටිනාකම සෑහෙන්න වැඩි බටහිර රටකට ගියොත් අනිවා ඩෙෆා රුපියල් ෂොක් එක එනවා. ඒ කියන්නේ ඒ රටේ බඩුවල මිල, සීයෙන්, දෙසීයෙන් වැඩි කළාම, අපිට කලන්තේ දානවා.

ඕකේ අනිත් පැත්තට තමයි සුද්දෝ ලංකාවට ආපුවාම. උන්ට නං නිකං සුද්දෝ වගේ වියදම් කරන්න පුළුවනි!

පස්තාච්චි කුපාඩි වැඩේට අපි තායිලන්තේ තියෙන ආසියානු තාක්‍ෂණික ආයතනයට ගිය කාලෙත් ඔය රුපියල් ෂොක් එක ටිකක් විතර ආවා. ඒකෙන් ගැලවෙන්න ලැබුනේ එහෙමත් දෙයකදී තමයි. එවායින් ලොකුම දේ ලංකාවට ලියුම් යැවීම.

එහේ ඉදං ලංකාවට එයාමේල් ලියුමක් යවන්න ඒ කාලේ ලංකාවෙන් එහාට යවන ගානට වඩා සල්ලි යනවා. කොහොමටත් ලංකාවෙන් පිට ගිහින් ඉන්න කොට හෝම්සික්නස් එන නිසා මුලදී නිතරම ලියුම් යවන්න ඕනෑ වෙනවනේ!

එහේ යද්දීම අපිට ලැබුණු උපදේශයක් තමයි ලංකාවේ තැපැල් මුද්දර ටිකක් අරං යන්නය කියන එක. ඒකට හේතුව තමයි, නිතරම ලංකාවට යන අය ඉන්න නිසා ඒ අය අතේ ලියුං එවන්න පුළුවන් වීම ලංකාවේදී තැපැල් කරන්න.

සාමාන්‍යයෙන් කවුරු හරි ලංකාවට යනකොට අපි හැමෝම කරන්නේ ලියුං ලියලා, කවරවල දාලා ලංකාවෙන් ගෙනත් තියෙන මුද්දර ගහල ඒ යන අයට දෙන එක.

වියදමත් අඩුයි, අනික දවස් දෙක තුනකින් ලියුම ලංකාවේ ලිපිනයට ලැබෙනවා.

හැබැයි ඉතිං ඒ විදියට ලියුං යවලා මං දැන් තායිලන්තේ ඉන්නේ කියලා අපි ලියන කතාව විශ්වාස කරවන්න තමයි ටිකක් අමාරු.

ඔන්න ඉතිං අපේ පොරක් දවසක් ලියුමක් ලියලා එදා ලංකාවට යන පුද්ගලයාට දෙන්න ගියා. පොර යනකොට, මෑන් එයාපෝට් යන්න පිටත්වෙලා. ඉතිං මොකෝ කරන්නේ? මේ ලියුමත් හදිස්සි එකක්. කැම්පස් එක ඇතුලේම තියෙන පෝස්ට් ඔෆිස් එකට ගිහින් සල්ලි සල්ලි කියා නොබලා තායි මුද්දර ගහලා තැපැල් කළා!

දැන් ඉතිං පොර ලියුමට උත්තරයක් එනකං බලං ඉන්නවා.

ටික දවසකට පස්සේ දවසක තමන් ගේ ලියුං පෙට්ටිය බැලින්නම් මෙන්න අර තැපැල් කරපු ලියුම ආපහු ඇවිත්. උඩින් ගහලා තියෙනවා මෙන්න මෙහෙම.

COUNTRY NOT FOUND

පොර බැලුවා ලිපිනය.

S.P.B. Raja
125, Main Street
Angunakolapelessa

අහන්නත් දෙයක් යෑ? අගුණකොලපැලැස්සට යන ප්ලේන් එකක් හොයා ගන්න බැරිවෙන්නැති මේ ලියුම එයාමේල් එකේ යවන්න.

-කතන්දරකාරයා

ප/ලි:
හෆොයි ප/ලිය දාන්න අමතක වෙලා, දැනුයි නේ දැක්කේ. ස්තුතියි කැන්ඩියන්.

(image: http://www.flickr.com/photos/22955235@N00/440453309/sizes/o/in/photostream/)

Sunday 16 October 2011

බොම්බිලි කරවල උයන්න ගොස් ඇණ ගත්තෙමි! Bombay Duck, What the?


බිරින්දෑ නෑගම් ගිය අල්ල පනල්ලේ පරිප්පු කාපු හැටි ගැන මං ලියපු කතන්දරේ ඊලඟට එදා හදපු බීන්ස් විත් පීනට්ස් රෙසිපිය සහ බීෆ් කතන්දර ස්ටයිල් දක්වා ඇදිලා ගියා.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කියන්න යන්නේ ඊලඟට මං බොම්බිලි හදන්න ගිහිල්ලා ඇන ගත්තු හැටියි!

බොම්බිලි කරවල පැකට් එකක් කඩෙන් ගෙනල්ල ගෙදර තිබුණ දැන් මාසෙක විතර ඉඳල. හාමිනේ හදන පාටක් නැති හින්ද මට හිතුන පොඩි "ට්‍රයල් ඇන්ඩ් එරර්" පාරක් දාල බලන්න.

මේ ගැන බස් එකේ දැම්මාම "මගේ මරණය" හොයලා දුන්නා මෙන්න මේ වෙබ් පිටුව.

http://www.indobase.com/recipes/details/bombay-duck.php

ඒක තමයි මං හිතන්නේ මට වරදින්න පටන් ගත්තු තැන.

හාමිනේගෙන් මුලින්ම ආඥාව ආවා.

"කතී ඔයා බොම්බිලි හදනවා නං ගේ ඇතුලේ නෙමේ එළියේ හදන්න!"

මං කුස්සියේ නිසි බලධරයා හිටිය කාලය ඉවරයිනේ. ඉතිං මං කෙරුවේ සේරම අඩුම කුඩුම ටික අරගෙන කුස්සියේ දොරෙන් පිට වෙලා යාලත්ත කෑල්ලට යන එකයි.




මුලින්ම කරෝල කෑලි ටික තව පොඩියට කපන්න කියල හැදුවත් පස්සේ ඔන්නොහෙ ඕනැ නෑ කියල හිතුණා.

රෙසිපියේ තිබුණු විදියට කරෝල ටික මුලින් බැද ගත්ත.


මේක නං අනවශ්‍ය දෙයක් මට හිතෙන්නේ. අනික මං අතින් පොඩ්ඩක් විතර කර වුණාද මන්දා?



ඊලඟට මිරිස් දාලා ලොකු ලූණූ සහ සුදු ලූණු ටික තෙම්පරාදු කළා. තක්කලි ටික එකතු කළා. අන්තිමේදී කරෝල කෑළි ටික දැම්මා.




තක්කලි ඉස්මයි, ලූණූ ඉස්මයි වලින් තමයි කරෝල එක හැදුනේ.

මෙන්න අවසන් දර්ශනය.


ලස්සනට තිබුණට රහ නං නං අජූතයි!

කාට හරි කියන්න ඇහැක්ද මට වැරදුනේ කොතනද කියලා?

-කතන්දරකාරයා

ප/ලි:
මට නං හිතෙන්නේම මේක රෙසිපියේ හෝ කුක් ගේ හෝ වැරුද්දක් නොව, බොම්බිලියා ගේ වැරැද්ද බවයි!


(image: http://www.bollywoodworld.com/photos/)